අරුණි ශපීරෝ‍ වෙතින්

ඵෛතිහාසික වෙළඳපොල චතුරශ්‍රය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 10, 2016

IMG_1184

ටෙක්සාස්හි සැන් ඇන්ටෝනියෝ පැත්ත මේ දිනවල ලංකාවේ දේශගුණය මෙනි. හෝටලයේ වැලෙට් සහ අවන්හලේ වේටර් කිව්වේ මෙවර අගෝස්තු මාසය සාමාන්‍යයට වඩා උණුසුම් බවයි. ගඳපාන, වද මල් හා කැනාස් වැනි ලංකාවේ වැවෙන මල් වර්ග මග දෙපස නොමඳව දකින්නට ලැබේ. හේමන්තයේ දී ද ඔවුනට ඇත්තේ හිම කබා නැතිව කොට කලිසම් හැඳගෙන යා හැකි කාලගුණයකි.

සැන් ඇන්ටෝනියෝ හි වසර 300 ක පමණ ඉතිහාසය එය වෙළඳපොල නගරයක් බව කියාපාන්නකි. මුල් ස්පාඤ්ඤ දේශාටකයන් 1718 දී කඳවුරු බැඳගෙන ප්‍රෙසිඩියෝ නම් වූ හමුදා මූලස්ථාන පටන් ගත් දා පටන් සැන් ඇන්ටෝනියෝ හි පොල ද පටන් ගන්නා ලදි.

සැන් ඇන්ටෝනියෝ වෙන්නට පෙර මේ පැත්තේ වාසය කරන ලද්දේ පයායා නමින් වූ ස්වදේශීන් වෙති. දඩයම් හා ඵලවැල අහුලා ගැනීමෙන් ජීවත් වූ ගෝත්‍රික කණ්ඩායමක් වූ මේ අය මිටියාවතේ වූ පිකාන් (pecan) කජු වර්ගය සිය මූලික ආහාරය කරගෙන තිබුණහ. ඒ නිසා ඔවුන් පිකාන් ඵලදාව අනුව තැනින් තැන සංක්‍රමණය ද වූහ.

1691 ජූනි 13 වැනිදා පයායෝ ස්වදේශීන් ගැන සටහනක් සිය දිනපොතට එකතු කරන ස්පාඤ්ඤ ෆ්‍රැන්සිස්කන් නිකායේ පාදිලිවරයා ලියා තබන්නේ ඔවුන් ස්පාඤ්ඤයන්ට හිතවත් වූ බවයි. එහෙත් ඔවුනොවුන්ගේ කණ්ඩායම් අතර සටන්කාමී හා යුදකාමී හැදියාව දැක් වූ බවයි. ගෝත්‍රිකයන් අතර දකින්නට වූ යුද නැටුම්, ඔවුන් හැඳගෙන සිටි මුවහම් ඇඳුම්, සහ අශ්වයන් හා කාන්තාවන් හොරකමට ලැදියාව ගැන ඔහු සටහන් තැබීය. එසේම පයායා ස්වදේශීන් ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්නටත්, ස්පාඤ්ඤ ඇඳුම් පැළඳුම් අඳින්නටත් ප්‍රිය කළ බව සටහන් කළේය.

පයායා ස්වදේශීන් ඇන්ටෝනියෝ ඩ ඔලිවාරෙස් නම් ෆ්‍රැන්සිස්කන් පාදිලිවරයා හා මිතුරු වීම, පසුකාලයක දී ඇලමෝ බවට පත්වෙන වැලේරෝ මිෂනාරී ස්ථානය පිහිටුවීමට හේතු විය. පයායා ස්වදේශීන්ව කතෝලික භක්තියන් බවට හරවා, ස්පාඤ්ඤ සංස්කෘතිය හඳුන්වා දෙමින් ස්පාඤ්ඤ බසින් කතාබහ, වෙළඳ කුසලතා සහ නිර්මාණ හැකියාවන් උගන්වන්නට මිෂනාරියෙන් පටන් ගැනිණ.

පයායා ස්වදේශීන් සත්ව හම් වලින් හැදූ ඇඳුම්, පන්කොල වර්ග වලින් හැදූ තොප්පි හා මළු සහ පිහි කිනිසි වැනි නිෂ්පාදන ස්පාඤ්ඤ ජාතිකයන්ට විකුණන්නට පටන් ගත්හ. ස්පාඤ්ඤයන් වෙතින් ඔවුන් තුවක්කු, ගවයන් හා අශ්වයන් මිල දී ගත්හ. මිෂනාරිය ඇතුලත ගෝත්‍රික කණ්ඩායමට නායකයන් තෝරාපත් කරගන්නා ක්‍රමයෙන් යුතු වූ ස්වයං-ආණ්ඩු ක්‍රමයක් පැවතිණ.

ඇපාචි හා කොමන්චෝ උතුරු පෙදෙස් වලින් සංක්‍රමණය වූ ස්වදේශීන්ය. ඔවුන් අතර වූ ගෝත්‍රික කණ්ඩායම් ස්පාඤ්ඤ වෙතින් සේ ම, ස්පාඤ්ඤ ආභාෂයෙන් සරු ජීවිත ගෙවන පයායා ස්වදේශීන්ගේ ද වස්තු කොල්ල කන්නට රිසි වූවන් සිටියහ. මිෂනාරිය හමුදා බලකොටුවක් බවට පත් වෙන්නේ ස්වදේශීන්ගේ දේපල ආරක්ෂාව පිණිසයි.

මෙක්සිකෝවෙන් උතුරට ඇදෙන ලද ජනතාව සහ ස්පාඤ්ඤයෙන් පැමිණි ජනගහණය අනුව සලකද්දී මුලින් සිට මෙහි වාසය කරන ලද ස්වදේශී ජනගහණය එතරම් සැලකිය යුතු සංඛ්‍යාවක් නොවේ.

යුරෝපයෙන් ආ නුහුරු නුපුරුදු ජනතාව ඇසුරට පත්වීමත් සමඟ 18 වැනි සියවස අග දී මිෂනාරියේ වාසය කළ පයායා ස්වදේශීන් අතර බෝවෙන රෝග පැතිරී යන ලදි.

2013 දත්ත අනුව සැන් ඇන්ටෝනියෝ නගරයේ ස්පාඤ්ඤ-මෙක්සිකන් සම්භවයෙන් යුතු ජනගහණය තවමත් වැඩි (63%) ජනගහණයයි. පසුව ඇදී එන ජර්මන්, බ්‍රිතාන්‍ය, අයර්ලන්ත යනාදී යුරෝපීය සම්භවයෙන් යුතු වූවන් ජනගහණයෙන් 26% ක් පමණ යුතු වෙති. කළු අය 7% ක් ද, ආසියානුවන් 2% ක් ද සහ ස්වදේශීන් 0.1% ක් ද වෙති.

සැන් ඇන්ටෝනියෝ හි එළිමහනේ සියල්ලන්ටම ගණුදෙනු කළ හැකි පොලක් පටන් ගෙන ඇත්තේ 1830 දී ය. එය පැවැත්වුනු තැනින් මඳක් ඈතකට ගෙනිහින්, (1730 දී ස්පාඤ්ඤ රජු විසින් ස්පාඤ්ඤයෙන් ආ පදිංචිකරුවන්ට පාවිච්චියට හා විනෝදයට කියා තෑගි කරන ලද ඉඩමක) 1892 දී පටන් අද දක්වා පැවතෙන වෙළඳපොල චතුරශ්‍රය දකින්නට පුළුවනි.

මේ ඵෛතිහාසික වෙළඳපොලේ ගණුදෙනු කරන්නට යන්නේ නම් සහ සැන් ඇන්ටෝනියෝ පළාතේ වාසයට කැමැත්තේ නම් ස්පාඤ්ඤ බසින් කතා කිරීමේ හැකියාව වර්තමානයේ දී ද වැඩියෙන් ඵලදායක වේ. මේ ඵෛතිහාසික වෙළඳපොල හරියට ලංකාවේ පිටකොටුව වැනි බව කිව යුතුමය.

13895314_10154257915645851_7769226075492555599_n

13932716_10154257915710851_3259877584713596985_n

IMG_1182

IMG_4658

3 Responses

Subscribe to comments with RSS.

  1. දුකා said, on අගෝස්තු 11, 2016 at 4:27 පෙ.ව.

    තව ෆොටෝ ටිකක් දාන්න තිබ්බා අක්කේ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: