අරුණි ශපීරෝ‍ වෙතින්

බෙයිජින් නගරයේ සාම්ප්‍රදායික යෝගට් බීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 5, 2016

IMG_5419

බෙයිජින් නගරයේ බොහෝ අතුරු පාරවල් හි සිල්ලර කඩ ඉදිරියේ දකින්නට ලැබෙන යෝගට් බීම ලාඔ බෙයිජින් සුආන් නායි (lao Beijing suan nai)/ නායි ලාඔ (Nai lao)/ සුආන් නායි (suan nai) යනාදී නම් වලින් හැඳින්වේ. එය බෙයිජින් හි සුලබව දකින්නට ලැබෙන ජනප්‍රිය සාම්ප්‍රදායික යෝගට් බීම වර්ගයකි. සුදු පැහැති කුඩා මැටි බෝතල් උඩ සුදු සහ නිල් පැහැති චීන භාෂාවෙන් ලියන ලද විස්තර අඩංගු ආවරණ ඇත.

කිරි වලට වියළි මිදි සහ කජු වර්ග දෙකක් එකතු කරන හදන මෙය ලාඕ ටොන්ග් (lao tong) නම් බැරලයකට බහාලනු ලබයි. ඒ බැරලයේ මැද්දේ කිරි රත්කරන්නට අවශ්‍ය රස්නය සපයන කුටියක් ඇත. රත් වූ කිරි සහ කජු මිශ්‍රණයට ඇලෙන හාල් වලින් හැදූ හාල් වයින් වත්කර ඊට මී පැණි හෝ සීනි එකතු කර හනිකට පෙරා කුඩා බෝතල් පනහක පමණ අසුරනු ලබයි. ඒ බෝතල් අනතුරුව බැරලයේ ඇතුලත තවත් කුටියක අසුරා පැය භාගයක් පමණ එහි රස්නයෙන් උයා පසුව නිවෙන්නට හරියි.

සීතකරණයේ නොදමන මේ බෝතල් කඩය ඉදිරියේ කුඩා පෙට්ටි උඩ වෙනම විකුණන්නට තැබෙයි. ඒ ඒ කඩේ අනුව මිල යාන්තමෙන් වෙනස් වුව ද සාමාන්‍යයෙන් ඉන් එකක් ¥ 3 හෝ 4 ක් පමණි. එතැනම හිටගෙන බොන පුද්ගලයන් බෝතලය ආපසු බාර දී යන හැටි දැක්කෙමි. ඒ, ස්ට්‍රෝ එක ඒ මතින් හිල්කර යෝගට් බීම පානයෙන් අවසන මැටි බෝතල් නම් ආපහු බාර දීමෙන් ¥ එකක් ඉතිරි කරගත හැකි නිසයි. ¥ එකක් අඩුවෙන් මිලට ගත හැකි, ප්ලාස්ටික් බෝතලයක බහාලූ යෝගට් පානය බීමෙන් අනතුරුව ඒ සඳහා තබා ඇති කුණු කූඩයකට විසි කර දමා යා හැකියි.

ඒවා මිල දී ගත් විගස එතැනම හිටගෙන බොන අය මිසෙක කිසිම තැනක දී බෝතල් (ප්ලාස්ටික් හෝ මැටි) වෙනතක රැගෙන ගිය කිසිවෙක් මම නොදැක්කෙමි. ඒ, මෙම පානය වැඩිකල් තබාගන්නට නොහැකි නිසා දැයි නොදන්නෙමි.

සුවිසල් නගරයක් වූ බෙයිජින් හි හැම අත ඇවිදින අයෙකුට බඩගින්න මෙන්ම පිපාසය ද එකවර නිවාගත හැකි මෙය, කිරි හා යෝගට් අතරමැද වූ, කජු හා මී පැණි රස යාන්තමෙන් හඳුනාගන්නට හැකි වූ, සහල් වයින් තිබේදැයි හරියටම කියන්නට නොහැකි වූ, ගුණයෙන් පිරි රසැති පානයක් ලෙස මට දැනුණි.

One Response

Subscribe to comments with RSS.

  1. රාජ් said, on සැප්තැම්බර් 6, 2016 at 3:12 පෙ.ව.

    රසවත්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: