අරුණි ශපීරෝ‍ වෙතින්

පැරණි මාලිගා අසල ඇති දැවැන්ත කල්දේරම්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 6, 2016

img_5356

චීනයේ සිට එකතු කරන තවත් සටහනක්. මන්දිර හා මාලිගා අසල හෝ ඒවායේ මැද මිදුල තුල දැවැන්ත හිස් කල්දේරම් බහුලව දකින්නට ලැබේ. ඒවා මාලිගාවට ගෙනෙන තෑගි දමන්නට යැයි මා සිතුවෙමි. එහෙත් එය පැරණිතම ගිනි නිවන උත්සාහයක් බව දැනගත්තෙමි. තඹ හෝ පිත්තල වලින් හැදූ මේ කල්දේරම් භාවිතා කර ඇත්තේ හදිසි ගින්නක් නිවන්නට ගන්නා වතුර පුරවා තබන්නටයි.

හේමන්තයේ දී මේ කල්දේරම් පොරෝනයන් (කුවිල්ට්) වලින් වසා තැබෙන අතර, දරුණු සීතලක් පැතිර යද්දී මිදෙන බැවින් වළක්වා ගන්නට ඒවා යටින් ගිනිමැළ ගසා රත් කරන ලදැයි ද කියැවේ.

මාලිගා කෞතුකාගාරය නොහොත් ‘තහනම් නගරය’ ඇතුලේ මෙවැනි කල්දේරම් 308 ක් තිබේ. ඒවා අතර ඉතා අබලන් තත්වයේ සිට අදත් භාවිතා කරත හැකි තත්වයෙන් ද ඇති කල්දේරම් දකින්නට හැකියි.

පින්තූරයට එකතු කරන කල්දේරම් දෙක දැක්කේ බෙයිජින් නගරයේ වයඹ දිග පිහිටා ඇති ගිම්හාන මාලිගාව ඉදිරියේ දී ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: