අරුණි ශපීරෝ‍ වෙතින්

මූන්කේක් උත්සවය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2016

img_6012

මෙම උත්සවය, නෙළාගත් අස්වැන්න සඳහා කඳුකරයේ දෙවියන්ට ස්තූති පුද කිරීම වෙනුවෙන් පටන් ගන්නා ලද්දකි. ‘සිසිරයේ-මැද උත්සවය’ සහ තවත් නම් බොහොමයකින් යුතු මෙය ‘මූන් ෆෙස්ටිවල්’ නමින් ද හැඳින්වෙයි. චීන හන් කැලැන්ඩරයට අනුව අට වැනි මාසයේ 15 වැනි දිනයේ දී පැවැත්වේ. දෙවියන්ට ස්තූති කිරීම නිල වශයෙන් අනුමත නැති අද චීනයේ මෙය සිය දෙමව්පියන් සහ නෑඳෑයන් බලන්නට යන නිවාඩුවක් බවට හැරී ඇත.

මූන් කේක් හැදීමත් ඒවා එකිනෙකා හා හුවමාරු කරගැනීමත් මේ උත්සවයේ ලක්ෂණයක් හැටියට සැලකේ. මෙහි රවුම් හැඩය සංකේතවත් කරන්නේ සම්පූර්ණ බව සහ නැවත හමුවීමයි. මේවා හැදීම සහ හුවමාරු කරගෙන කෑම නිසා පවුලේ අය අතර එකමුතුව තහවුරු වෙන බව කියැවේ. අද මූන් කේක් හදන අය අඩු වී ඒවා කඩෙන් මිල දී ගෙන හුවමාරු කරගන්නා අය වැඩි වී ඇත. තෑගි පිණිස නෑගම් ගෙන යෑම සඳහා මේ දිනවල හැම බේකරියකම සහ ප්‍රසිද්ධ අවන්හලකම පාහේ මූන් කේක් විකුණති. ලස්සන සැරසිලි වැටුණු පෙට්ටිවල දුසිම් ගණනින් අසුරන ලද කේක් පෙට්ටි මිල දී ගෙන ඒ සඳහාම රැගෙන එන සූට්කේස් වල පුරවාගන්නා අය මම දුටුවෙමි.

ලුණු දැමූ තාරා බිත්තර හෝ බිත්තර කහ මදයෙන් පිටත අලංකාර වෙන මූන් කේක් ප්‍රේස්ටිය ඇතුලත සාමාන්‍යයෙන් සීනි මිශ්‍ර නෙළුම් අල පේස්ට් ඝන තට්ටුවකින් පුරවා ඇත. එහි මතුපිට දැක්වෙන රටා අතර ‘දීර්ඝායුෂ’ නැත්නම් ‘සුසංවාදය’ යනාදිය කියැවෙන චීන අක්ෂර ද, ඇතුලත පුරවා ඇත්තේ කුමකින් ද යන්නත්, ප්‍රසිද්ධ කඩයක් නම් එහි නම ද ලියැවේ. නෙළුම් අල වලට අමතරව සාම්ප්‍රදායික පිරවුම් වනුයේ රතු බෝංචි ඇට, මුං ඇට, ජුජුබේ පේස්ට්, හෝතෝන් සහ විස්තීරියා මල් රසයන් වෙති. සාම්ප්‍රදායික නොවන ඇපල්, පෙයාර්ස්, අඹ හා අන්නාසි රසයෙන් ද යුතු මූන් කේක් දැන් චීන වෙළඳපොලේ දී දකින්නට ලැබේ.

පුරාවෘත්තයකට අනුව හන් චීන්නු, රහසිගත පණිවුඩ ඇතුලට දමා විප්ලව කරන දිනය දන්වන මූන් කේක් බෙදාහැර ඇත. වර්තමානයේ දී සමහරු මේ නිසා මූන් කේක් ඇතුලට අනාගත සෞභාග්‍ය ගැන කියැවෙන පණිවුඩ දමති.

බේකරියේ දී ඌරු මූණකින් යුතු මූන් කේක් ද දකින්නට ලැබුණි. සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ ගුවාන්ඩොන්ග් ප්‍රාන්තයෙන් එන කැන්ටොනීස් ස්ටැයිල් මූන් කේක් එවැනි සත්ව හැඩයෙන් වලින් පිටත නිමැවෙන අතර ඌරු, කුකුල්, තාරා මස් සහ බිත්තර වලින් ඒවායෙහි ඇතුලත පිරවෙන බවයි.

හාගන්-ඩාස් අයිස්ක්‍රීම් නිෂ්පාදකයන් අයිස් ක්‍රීම් මූන් කේක් ද මෑත කාලයක දී නිපදවා ඇත.

මූන් කේක් එකක් කුඩා වුවත් එහි අඩංගු කැලරි ප්‍රමාණය ඉහළ නිසා ඒවා කන අයට වඩා හුවමාරු කරගෙන තොග ගණනින් කුණුවලට විසි කරන අය අද වැඩි වී ඇතැයි කියැවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: