අරුණි ශපීරෝ‍ වෙතින්

ගිම්හාන මාලිගාව

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 14, 2016

img_5335

බෙයිජින් නගරයේ වයඹ දිග කෙළවරේ පිහිටන ගිම්හාන මාලිගාව බලන්නට අපි ගියේ පරිසර දූෂණයෙන් බිහිවූ ධූමය නගරය වෙළාගෙන සිටි උදෑසනක. ඒත් මාලිගාව වැඩියෙන්ම ලස්සනට පෙනෙන සහ දුර වැඩි පැත්තෙන් හිමින් හිමින් ඇවිදගෙන එද්දී නිල් අහස එළියට බැස්ස.

චීනයේ ඵෛතිහාසික තැන්වල පැරණි කොටස් මොනවා ද අලුතෙන් එකතු කරපු කොටස් මොනවා ද යන්න පැහැදිලි නැතිකම ඉතිහාසය දැනගන්නට කැමති අයට ලොකු අඩුපාඩුවක්. 1966 සිට 1976 දක්වා දශකයේ මාඕ ගෙනා මහා කම්කරු සංස්කෘතික විප්ලවයේ දී මේවා ගැන හදාරපු විද්‍යාර්ථීන්ව වගාබිම් වලට දක්කපු නිසාත්, විප්ලවයට නුසුදුසු සාම්ප්‍රදායික යැයි තීරණය කරපු දැය විනාශකර දැමූ නිසාත්, තවමත් පවතින්නේ කොමියුනිස්ට් පක්ෂයේ මතය අනුව පමණක් ලියැවෙන කෘති නිසාත්, මෙවැනි ඵෛතිහාසික තැන් ගැන ලියන සහ ඒවායේ සත්‍ය තොරතුරු හදාරන විද්‍යාර්ථීන් බිහිවෙන්න තව කොච්චර කාලයක් යාවි දැයි කියන්න බැහැ.

එක පරම්පරාවක දී රටකට කරන්න පුළුවන් හානිය ගැන යාන්තමින් හෝ අදහසක් මෝදු කරගන්නට යම් අයෙකුට හැකි ද, එහෙම අයට නම් සමාජවාදයෙන් කරත හැකි හානිය ගැන ඉපදෙන හැම පරම්පරාවක්ම දැනුවත් කළ යුතු යැයි කියාත් අනිවාර්යෙන්ම වැටහෙනව.

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් 1860 දී මාලිගාවේ කොටස් විනාශ කළා කියලත් ඒවා 1988 දී නැවත හැදූ බවත් මාලිගාව ඉදිරිපිට ඉතා පැහැදිලිව කියවන්න ඉංග්‍රීසියෙන් සහ චීන බසින් දෙකෙන්ම දාලා තියෙනව. ඒත් මාඕ ගේ මහා කම්කරු සංස්කෘතික විප්ලවයේ දී මෙහි කොතරම් හානියක් සිද්ධ වූවාදැයි දැනගන්නට කිසිත් හැකියාවක් නැහැ.

එම්ප්‍රදෝරුවන්ව සහ රජ පරම්පරා මකා දමන්නට වෙහෙස වූ කොමියුනිස්ට් විප්ලවයෙන් පසුව නැවතත් අද චීනයට අර අතුගා දමන්නට හැදූ අයගේම සුන්බුන් පෙන්වා දේශීය සහ විදේශීය සංචාරකයන්ගෙන් මුදල් ආදායමක් උපයන්නට සිද්ධ වී තිබීම එක අතකින් දෛවයේ සරදමක් වැනියි.

තරුණ චීන්නු ස්මාට් ෆෝන් වලින් හැම පැත්තටම හැරි හැරි සෙල්ෆි ගහන ආකාරය සහ සෙල්ෆි ස්ටික්ස් අරන් ඇවිදින ආකාරය ඇමෙරිකාවේ සංචාරක ස්ථානයකට දෙවෙනි නැහැ. මගේ ජීවිත කාලයේ දී ම ශ්‍රම කඳවුරු වල දී මිලියන ගණනින් හාමතෙන් මිය ගිය ජනතාවක් සිටි රටේ ඊ ළඟ පරම්පරාව තුරුණු වියට එද්දී තමන්ගේ ඵෛතිහාසික ස්ථාන දැකබලා ගන්නට සංචාරයේ යන්නට තරම් හැකියාව ලබා තිබීම ගැන මට දැනුනේ සෑහෙන සතුටක්. ඒත් සැන් ඇන්ටෝනියෝ නගරයේ ද ඇලමෝ ගිහින් විලියම් ට්‍රැවිස් “ටෙක්සාස් හි ජනතාව සහ ලෝකයේ සියළු ඇමෙරිකන්කාරයන්ට” ලියූ ලියුම කියවද්දී දැනෙන නිදහස වෙනුවෙන් කැපවීමේ උත්කෘෂ්ට හැඟීම උපදින්න නොහැකි විදියට චීන්නු වෙතින් ඔවුන්ගේ ඉතිහාසයෙන් උදුරාගෙන කියල නම් සෑහෙන්න දුකක් හිතුණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: