අරුණි ශපීරෝ‍ වෙතින්

කඩචෝරු වීදිය සහ නයිට් මාකට්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 19, 2016

img_5874

කඩචෝරු විතරක් නෙමෙයි හැබැයි මෙතැන දී ගන්න පුළුවන්. ඕනම විච්චූර්ණ බඩුවක් ලාබෙටම ගන්න ලැබෙන්නෙ මෙතැන දී. පිටකොටුවේ ගියා වගේ තමයි. කැප්ටන් ඇමෙරිකාගේ පලිහත් විකුණන්නට දාලා තිබුණ!!!

වොන්ෆූජින්ග් -Wangfujing වීදියෙන් ඇතුලට යන අතුරුපාරක පිහිටන මෙය දහවල් කාලයේ දී පටන් අරන් මැදියම් රැය පහුවෙනකම් විවෘත වෙලා තියනව. වැඩියෙන්ම සෙනඟ ගැවසෙන්නේ රෑට. දවසේ වැඩ ඇරිලා එන එකතු වෙන නිසා වෙන්නැති, තදබදයට එහාට මෙහාට තල්ලු වෙනවා මිසක් කොතන ද තියෙන්නේ කියල දන්නේ නැත්නම් බඩුවක් දිහා බලන්නවත් අවස්ථාවක් ලැබෙන්නෙ නැති තරම් සෙනඟක් ඉන්නව.

කේවල් කිරීමේ සම්ප්‍රදාය ආහාර පාන මිල දී ගනිද්දී නැහැ. ඒවා කියන මිලට විකිණෙන හැටි අපි බලාගෙන හිටිය. විදේශිකයන්ට එක ගාණකුත් චීන්නුන්ට තව ගාණකුත් අය කළේ නැහැ. සංචාරක ස්ථාන බලන්න යද්දී ඇතුල්වීමේ ටිකට්වලටත් එහෙමයිනෙ. සමහර කෑම නම් ගෝනුස්සෝ, කුඩා නයි, පසඟිල්ලන් වැනි චීන්නුන්ට ප්‍රණීත ආහාර!!! ඒවායෙ ඡායාරූප ගන්න චීන අයත් හිටියට ඒවා මිල දී ගන්න කෙනෙක්ව දැක්කේ නැහැ. අනිත් කෑම ඇතුලේ මොනව ද තියෙන්නෙ කියල දැනගන්න කිසිම විදියක් නැහැ. ඌරු මූණ දාලා තියෙන්නේ ඇතුලට ඌරු මස් දාපු මූන්කේක් වලට බව දැනගත්තේ අන්තර්ජාලයෙන්. තම්බපු බඩඉරිඟු කරල් නම් ලංකාවේ අය කන එකම තමයි, ඇමෙරිකන් අය මෙහෙ සත්ව ආහාර සඳහා යොදාගන්න වර්ගය. කෘතිම පොල් කට්ටක දාල සීතල කරපු පොල් රසැති ජෙලටින් කෑමේ නම දන්නේ නැති වුනාට පොඩ්ඩක් වත් ඉතුරු නොකර කෑව. දවල් රස්නයෙන් පොඩි විරාමයක් ලැබුණ.

චීන නොදන්න අයට කඩකාරයා අතේ තියන කැල්කියුලේටරයෙන් ගාණ පෙන්වනව. කෑම කඩවල හැරෙන්නට, අනික් තැන්වල දී ඒ කැල්කියුලේටරය ඉල්ලා ගෙන අපි අඩු ගාණක් ගහල කේවල් කරන්න පටන් ගන්නව. අවසානයේ දෙන්න එකඟ වෙන ගාණට බඩුව ලැබෙනව. ගාණ වැඩි නම් එතැනින් යන්න හදන විට ඔවුන් ආපහු කතාකරන්නේ ඊටත් වඩා අඩු මිලකට බඩුව දෙන්න පුළුවන් නම් විතරයි. ආපහු කතා නොකළොත් ඒ කියන්නේ අඩුම මිල දැනටත් ඉදිරිපත් කරපු බවයි.

චීනයේ විවිධ පැතිවලින් එන අයට එකිනෙකාගේ බස් හුරුව හඳුනාගන්න තරමක් අපහසුයිලු. තායිවානයේ චීන බෙයිජින් අයට පහසුවෙන් තේරුම්ගන්නට හැකිවුනාට තායිවාන් අයට මොකක් ද කිව්වෙ කියල ටිකක් කල්පනා කරන්න වෙනවලු. බටහිර පළාත්වල වාසය කරන චීන අයට, විශේෂයෙන්ම ටිබෙට් පැත්තට ළං වෙද්දී, හොංකොං චීන්නු බස හසුරුවන ආකාරය වටහාගන්න පහසු නැතිලු.

ඔව්, නැහැ යන උත්තර දෙක පමණක් තියන ප්‍රශ්නයක් ඇහැව්වම චීනා මිනිත්තු දෙකක් විතර මොනවාදෝ දොඩවන හැටි නම් චීන භාෂාවේ අපූරු ලක්ෂණයක්!!!

කඩචෝරුවක් කෑවත් නැතත්, බඩුවක් ගත්තත් නැතත් මේ කඩචෝරු වීදියට දවල් කාලයේ ද, නයිට් මාකට් කියල හැඳින්වෙන ඒකටම රාත්‍රියේ ද ගොඩවැදිල යන එකනම් සංචාරකයෙකු ලබාගත යුතු අත්දැකීමක්. චීන්නුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යද්දී KFC, මැක්ඩොනල්ඩ් හා 85° බේකරි කැෆේ යනාදියට ගොඩවෙන අය වැඩිවෙලා මෙවැනි වීදිවල ආහාර විකිණෙන එක අඩුවෙනව. බෙයිජින් නගරයේ තිබුණ අනිත් නයිට් මාකට් වැහිල ගිහින් දැන් ඉතිරිවෙලා ඇත්තේ මෙය පමණයි.

img_5875

img_5876

img_5878

img_5879

img_5880

img_5881

img_5882

img_5888

img_5889

4 Responses

Subscribe to comments with RSS.

  1. Hannadige Asanka said, on සැප්තැම්බර් 19, 2016 at 8:58 පෙ.ව.

    Thanks aruni…

  2. රාජ් said, on සැප්තැම්බර් 21, 2016 at 5:12 පෙ.ව.

    ගෝනුස්සෙක් කාල බලන්න එපැයි!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: