අරුණි ශපීරෝ‍ වෙතින්

හොල්මන්වලට ඇතුල්වීමට ඉඩනොදීම සඳහා …

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 24, 2016

img_5719

සෑම පැරණි ගොඩනැඟිල්ලක දී ම පාහේ දකින්නට ලැබුණු මෙය කුමක්දැයි මා කළ අනුමානය නිවැරදි විය. දොරෙන් ඇතුල්වෙද්දී පනින්නට අවශ්‍ය කෙටි බැම්මක් තිබෙන්නේ හොල්මන්, භූතයන් ඇතුලට ඒම වළක්වන්නටයි. හොල්මන්වලට හා භූතයන්ට දණහිස් නැතැයි චීන්නු විශ්වාස කරති. බැම්මෙන් පනින්නට නවන්නට හැකි දණහිස් නැති නිසා උන්ට ගෙදරට ඇතුල් වෙන්නට නොහැකි යැයි ද චීන්නු විශ්වාස කරති.

තහනම් නගරයේ, ගිම්හාන මාලිගාවේ, කුලීනයන්ගේ මන්දිරවල දී පමණක් නොව නගරයේ අවන්හල් හා ගෙවල්වලටත් ඇතුල්වෙන දොරටු වල මෙවැනි කෙටි බැම්මක් දකින්නට ලැබේ.

ඇතුල් වූ වහාම වමට හෝ දකුණට හැරී යා යුතු ලෙසකින් යම් බාධකයක් තැබීමත් මෙවැනි අද්භූත විශ්වාසයන් ඇති අය තවමත් පිළිපදිති. ඒ යම් හෙයකින් ඇතුලට රිංගාගත්තේ නම් හොල්මන් භූතයන් නොමඟ යවන්නටලු.

හොල්මන් වලට බිය නැති කුඩා දැරියක් ඒ බැම්මක් මත සිටගෙන මෙසේ ඡායාරූපයකට පෙනී සිටින හොඳම ඉරියව්ව කුමක්දැයි සෙවීය.

img_5704

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 24, 2016 at 7:58 පෙ.ව.

    ලංකාවෙත් සාම්ප්‍රදායික ගම්මානවල ඉදරි දොරටුවේ “එලිපත්ත” නමින් හැඳින් වු මෙවැනි කොටසක් තිබුණා. ඒත් එහි ප්‍රයේජනය කුමක්ද යන්න කිසිවකු දැන සිටි බවක් දැනගන්නට බැරි වුනා. සමහර විට ඔබ පෙන්වා දෙන චීන විශ්වාසයම විය හැකියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: