අරුණි ශපීරෝ‍ වෙතින්

විප්ලවය ගිලින්නේ ඔවුන්ගේ දෙමව්පියන්ව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 3, 2016

වාමාංශික විප්ලවයන් යනු යමක් පෙන්වා වෙනකක් සපයන ලෝක ඉතිහාසයේ විශාලතම රැවටිල්ලයි. වෙඩිහඬට රුචි විද්වතුන්ට එය ද, ධනවාදී-විරෝධී උතෝපියාවන් පොරොන්දු වූ සමාජයෙන් කොන් වූ ජනතාවට ඒ වෙනුවට දේශපාලන සිරකඳවුරු ද ලැබේ.

ප්‍රංශ විප්ලවයේ දී පුවත්පත්කලාවේදියෙක් නිරීක්ෂණය කරන ලද්දේ “විප්ලවය ගිලින්නේ එහි දරුවන්” කියායි. එහි කොටසක් පමණක් නිවැරදියි. සත්‍ය ලෝකයේ විප්ලවය ගිලින්නේ ඔවුන්ගේ දෙමව්පියන්වයි. විශේෂයෙන්ම, ඉතිහාසමය වශයෙන් වාමාංශික විප්ලව ගිලින්නේ ඒවා ගෙනා වාමාංශික විද්වතුන්වමයි. මෙහි දී “වාමාංශික” හැටියට මම අදහස් කරන්නේ රටක ආණ්ඩුවක බලය යොදාගෙන සමාජයක් හැඩගස්වන්නට අරමුණු කරගත් විප්ලවයන්. විප්ලවය ගෙනෙන්නට අර අඳිනා අයට රුචි වූ ආකාරයෙන් සමාජය හැඩගස්වන්නට ඔවුන් “යුක්තිය” ඔවුනට කැමති ආකාරයෙන් යොදා ගනිති.

එවැනි ප්‍රතිසංස්කරණවාදී විප්ලවයන් හි දී දැනමුත්තන් කටගැස්මක් පමණකි. ඉතිහාසය පෙන්වන්නේ ප්‍රතිසංස්කරණවාදී විප්ලවයන් කෙළින්ම ප්‍රධාන ආහාරයට ගිය බවයි: එනම් සමාජයෙන් කොන් කරන ලද සහ සුළු ජාතිකයන්ව, විප්ලවයට වැඩියෙන්ම හිතෛෂී ලෙසින් සහාය දුන් අයව.

විසිවැනි සියවසේ වාමාංශික විප්ලව සියල්ලම මේ රටාව අනුගමනය කර ඇත: උතෝපීය විද්වතුන්ගේ වින්නඹුවෙන්, බලය ඉතා ඉක්මණින් අල්ලා ගත් දේශපාලන ව්‍යවසායකයන් හුදී ජනයාගේ පහත්ම ආශාවන් ඉලක්ක කර ගනිති. ඉතාමත් ‘ශිෂ්ට’ යැයි සැලකෙන තැන්වල දී පවා, “ඕනෑම දෙයකට ඉඩ ලැබුණ” වයිමාර් ජර්මනියේ හෝ 1950 ගණන් වල “ජනප්‍රිය තරු වලට සෙල්ලම් පිටියක්” වූ කියුබාවේ ද, අලුතින් බලයට පත් වූ අය සතුටින් ඒ දැනමුත්තන්ව සහ ඔවුන්ගේ “විකෘති” මිත්‍රයන්ව අත්අඩංගුවට ගෙන, වදහිංසා පමුණවා, ළඟම ඇති ලයිට් කණුවේ එල්ලා දැමූහ.

නැවත නැවත සිද්ධ වීම ඛේදනීයයි. විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයට ප්‍රීති ඝෝෂා කරන බදු මුදලින් ස්ථිර පත්වීම් ලබාගත් රැඩිකල් අයට. කටවහගෙන මිය යන්නට කියා බුරුතු පිටින් දේශපාලන සිරකඳවුරු වලට පැටවූ අය ගැන, “විද්වතුන් 46,000 ක් පණ පිටින් වැළලුවා,” යැයි මාඕ ආඩම්බරයෙන් කියා සිටියේය. පොල් පොට්ගේ රැඩිකල් කොමියුනිස්ට් ව්‍යාපාරය විද්වතුන් දහස් ගණනින් වෙඩි තබා මැරූහ. ඇස් කණ්ණාඩි පැළඳි ඕනෑම අයෙක් දැනමුත්තෙක් හැටියට සැලකුණි. තතු නොදන්නා අය “කූල්” රෙජිමයක් හැටියට සලකන ෆිඩෙල් කැස්ත්‍රෝ පවා සමරිසියන්ට දේශපාලන සිරකඳවුරු පිහිටුවන ලදි. වසර පනහක් තිස්සේ සෝවියට් යුනියනය සමරිසි බව නීති විරෝධී කරන ලද්දේ අද ඉන්නා පූටින්ට වඩා ඉතා දැඩි කෲරත්වයකිනි.

උපහාසාත්මක වනුයේ විශ්ව විද්‍යාල සිසුන් අතර ඉතා ජනප්‍රිය තරුවක් වූ රැඩිකල් චේ ගුවේරා ද, ඔහු අතිශයින් පිළිකුල් කළ සමරිසියන්ට ඔහු විසින්ම සතුටින් වෙඩිතැබීමයි. ඒ ඔවුන්ගේ ආශාව විකෘති වූයේ එය අධ්‍යාත්මීය වශයෙන් මලකඩ කෑ ධනවාදයේ නිෂ්පාදිතයක් නිසා යැයි කියමින් සමරිසියන්ට වදහිංසා දුන් කඳවුරු රටපුරා ඉදිකරන්නට ෆිඩෙල්ට සහාය වෙමිනි.

ඇයි ප්‍රතිසංස්කරණවාදී විප්ලව කැමත්තෙන් වාමාංශිකයන්ගේම හදවතට ළං වූ, වාමාංශික විද්වතුන්ව සහ ඔවුන්ගේම ඉතාමත් “අනතුරට භාජනය විය හැකි කණ්ඩායම්” යන දෙකොට්ඨාශයටම වෙඩි තබා මරන්නේ? බලය සතුව එයටම වූ තර්කයක් ඇති බැවිනි. ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ ඕනෑම ආණ්ඩුවකට තමන්ට වැදෙන පහර ගැන නිති විමසිල්ලෙන් සිටින්නට සිද්ධ වේ. එයින් කියැවෙන්නේ එවැනි ආණ්ඩුවක් මහජනයාගේ පහත්ම ආශාවන්ට ඔවුන්ගේ සිත් අද්දවා තබන බවයි. මහජනයා සමරිසියන්ට, යුදෙව්වන්ට, දැනමුත්තන්ට ද්වේෂ කරන්නේ ද, එවිට ආණ්ඩුව තමනට දැනුම් දුන්න කරනු ලබයි. සමරිසියන්ව, යුදෙව්වන්ව, දැනමුත්තන්ව ගුලාග් වලට පුරවයි. මහජනතාවගේ පහත්ම ආශාවන් විසින් ද්වේශ කරන්නේ මොනවාට ද, සර්වබලධාරී ආණ්ඩුව ද ඒවාටම ද්වේශ කරයි.

ඇයි විද්වතුන් මේ භයංකාර වූ රටාව ගැන මෙතරම් අන්ධ වී සිටින්නේ? මේ පාර එය වෙනස් වේවි යැයි සිතීමයි. විශ්ව විද්‍යාල රැඩිකල්වාදීන් සහ ඔවුන්ගේ දේශපාලනඥයන් මෙවර එසේ නොකරනු ඇතැයි සිතීමයි. ඒත් ඉතිහාසය යම් මාර්ගෝපදේශයක් පෙන්වන්නේ නම්, ඔවුන් එසේ නොකරනු ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ විප්ලවය ඔවුන් වෙතින් උදුරා ගැනෙනු ඇත. දේශපාලන ව්‍යවසායකයන් එය ඔවුන්ගේ බියකරුම වූ සිහිනය බවට හරවනු ඇත. එනම්, විද්වත්-විරෝධී, සමරිසි-විරෝධී, ජාතිවාදී, සහ යුදෙව්-විරෝධී වූවකට. විප්ලවයේ උපත්තිය කොතරම් පූජනීය වූවත් අන්තිමට එන්නේ එතැනට බව ඉතිහාසය දක්වයි.

මෙය පෙන්වා දීමෙන් කිසිත් සතුටක් ලැබෙන්නේ නැත. රැඩිකල් වාමාංශිකයන් ලයිට් කණු වලින් එල්ලෙනවා දැකීමට හෝ චේ ගේ කාර්යාලයේ දී වෙඩි තබා මරා දැමෙනවා දකින්නට අප කිසිවෙකුට උවමනාවක් නැත. අපි ප්‍රාර්ථනා කරන්නේ ප්‍රචණ්ඩත්වය උසිගන්වන ප්‍රතිසංස්කරණවාදීන් තමන් සෙල්ලම් කරන ගින්නට මීට වඩා වැඩි ගෞරවයක් දක්වනු ඇතැයි කියායි. ඔවුන් ඉතිහාසය තව ටිකක් හදාරනු ඇතැයි කියායි. ඇයි, හැම විටම, හැම තැනම, අසීමිත බලයැති ආණ්ඩුව නම් කොටියා පිට නැඟී යාම කොතරම් අනතුරුදායකදැයි අවබෝධ කරගනු ඇතැයි කියායි.

මහජනතාව තුල වූ කොටියා ලිහා දමා පාලනය කරත හැකි යැයි වාමාංශිකයන් සිතති. එය නොහැකියි. ඇත්තෙන්ම මුලින්ම එල්ලා දැමෙන්නේ ඔවුන්ව. එය දකුණේ සහ වමේ ඉන්නා අපි සැම දෙනාටම දුක උපදවන්නකි.

Peter St. Onge ලියූ Revolutions Eat Their Parents පරිවර්තනයයි. තමන්ගේම මෑත ඉතිහාසය නොසලකා හරිමින් යල්පැන ගිය කුරිරු වාමාංශික අදහස් වෙනුවෙන් යළි යළිත් පෙනී සිටින මගේම හිත මිතුරන් දකිද්දී ඇතිවූ දුක අඩු කරගන්නට මෙය පරිවර්තනය කළෙමි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 3, 2016 at 12:46 ප.ව.

    බොහෝ මතවාද හා සත්‍යයන් සර්වකාලීන නැති බව ඉතිහාසය කියාදෙන පාඩමක් කියලයි මට හිතෙන්නෙ

    • arunishapiro said, on ඔක්තෝබර් 3, 2016 at 5:28 ප.ව.

      mppgunasinghe,

      මතවාදයන් කෙසේ වෙතත් සත්‍යයන් නම් සර්වකාලීනයි. ග්‍රහලෝකයක් යම් හේතුවක් නිසා නැති වී ගියත් ගුරුත්වාකර්ෂණය අසත්‍යයක් වෙන්නේ නැහැනෙ. මිනිස් ස්වභාවයත් එහෙමයි. මිනිස් හැදියාවන් වෙනස් වූවාට, කවදා හෝ දිනයක මිනිසා වඳ වී ගියත්, මිනිස් ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඉතිහාසය පෙන්වා දෙන්නේ වාමාංශිකයන් වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවය වෙනස් කරන්නට යළි යළිත් උත්සාහ ගන්නා නිසා යළි යළිත් අපිට දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්වයන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: