අරුණි ශපීරෝ‍ වෙතින්

නිහඬ තීන්දුව දෙන්නේ පාරිභෝගිකයායි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 6, 2016

aida_002-750x400

ලංකාවේ “උසාවිය නිහඬයි” චිත්‍රපටිය තිරගත වීම වාරණය වෙද්දී බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලපෑම් නිසා ‘අයිඩා’ (එල්ටන් ජෝන් සහ ටිම් රයිස් ලියූ සංගීතමය) නාට්‍ය දර්ශනය රඟදැක්වීම ඇණහිටුවන ලදි. ඒ බ්‍රිස්ටල් නාට්‍යයේ ඊජිප්තු සහ අප්‍රිකානු චරිත බොහොමය සුදුහමැති නළු නිළියන් විසින් රඟපෑම වැරදි යැයි ද, සුදු හමැති අය රඟන නාට්‍යයෙන් සත්‍යය ඉතිහාසය ‘සුදු කිරීමක්’ සිද්ධ වෙතැයි විරෝධය පාන ශිෂ්‍යයන් කියා සිටිති.

වෙළඳපොල භාණ්ඩ සඳහා නියාමන රිසි වූවන් අතර කලා කෘතියක් වෙළඳපොල භාණ්ඩයක් නොවේ යැයි සිතන අය ද සිටිති. මුදල් යටකර නිෂ්පාදනයටත් මුදලක් ගෙවා ගන්නටත් සිද්ධ වූවද කලා කෘතියක් යනු වෙළඳපොල භාණ්ඩයකට වඩා ඉහළ තත්වයක පවතින්නක් යැයි ඔවුන්ගේ විශ්වාසයයි.

නිදහස් වෙළඳපොලට ඉඩ නොලැබෙන වාතාවරණය තුල වාරණ බහුලයි. ධනපතියන්ගේ අයිතිය “අතිරික්ත ලාබය” යැයි ලේබල් කරමින් ඒවා තමන් තීන්දු කරන ජනතාවට බෙදන්නට පොරකන “දානපති පාලකයන්” පත්කරගන්නා සමාජවාදී රටවැසියන් සමහර වාරණ වල දී උරණ වෙති. කරකියා ගන්නට බැරි වූ කල “එහෙනම් වෙන ජනතාවක් පත්කරගන්න,” යැයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ද කියා සිටියේ සමාජවාදී පාලකයන් පැනවූ වාරණයක දී ය.

ලංකාවේ ආදායම් උපයන ජනතාව අතර වාහන පර්මිට් ලැබෙන්නේ සුළු කොට්ඨාශයකට පමණකි. එය වාරණයක් ලෙස සමාජවාදීන් දකින්නේ නැත. දේශපාලනයට හේත්තු වී ආදායම් උපයන අය සහ දේශපාලනයට කිසිත් ලෙසකින් සම්බන්ධයක් නොවී ආදායම් උපයා ධනවත් වෙන්නට සමත් වූවා අතර කිසිත් වෙනසක් සමාජවාදීන් දකින්නේ නැත.

Mr. Smith Goes to Washington (1939) දී ඇමෙරිකන් කොංග්‍රසයේ දූෂණ ගැන යැයි කියමින් හොලිවුඩ් නිපැදවූ චිත්‍රපටියකි. චිත්‍රපටියට ප්‍රේක්ෂකයන් කැමති වුවද කොංග්‍රසයේ බොහෝ දෙනෙක් අකමැති වූහ. ඔවුන් චිත්‍රපටිය තහනම් කරන්නට විවිධාකාර අදහස් ගෙනහැර පෑහ. ඇමෙරිකාවේ කීර්තිය පළුදු වේයැයි එය යුරෝපයේ තිරගත වීම නවත්වන්නට ද උත්සාහ කළහ. ඒත්, චිත්‍රපටිය තහනම් වූයේ හිට්ලර්ගේ ජර්මනියේ, මුසොලිනිගේ ඉතාලියේ, ෆ්‍රැන්කෝගේ ස්පාඤ්ඤයේ සහ ස්ටාලින්ගේ සෝවියට් දේශයේ ය. කලා කෘතීන්ට වාරණ තිබීම වාමාංශික/කොමියුනිස්ට් රටවල දී වැඩියෙන් දකින්නට ලැබෙන්නේ ඇයි කියා නිකමට හිතා බලන්න. ක්‍රමය ප්‍රචණ්ඩත්වය වූ විට ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාලනය නොහැකියි.

නිදහස් වෙළඳපොල ඉල්ලා සිටින්නා ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන්නෙකි. වැඩවසම් යුගයේ රදළයන් අද නැත. අද ඉන්නේ දේශපාලන බලයෙන් ධනවතුන් වූ අය සහ ස්වෝත්සාහයෙන් ධනවතුන් වූවන්. ස්වෝත්සාහයෙන් ධනවත් වෙන්නට නම් පාරිභෝගිකයන් ඉල්ලා සිටින්න, පාරිභෝගිකයා සත්‍යය යැයි දකින්න නිෂ්පාදනයට හැකියාව තිබිය යුතුයි.

මයිකල් මුවර් වෙළඳපොල අසත්‍යයන් සිය චිත්‍රපටි තුලින් දක්වද්දී වාරණයක් අවශ්‍ය යැයි අපි ඉල්ලන්නේ නැත. මුවර්ගේ අසත්‍යයන් සත්‍යය සේ දකින යම් පාරිභෝගිකයන් වෙත්ද ඔවුන් එයට මුදල් දී ලබාගන්නා නිදහස අපි ඉඩදෙමු. දම්පාට පාට, රූට්ස්, A Beautiful Mind, The Bridge on the River Kwai යනාදී චිත්‍රපටි සත්‍යය කතන්දර එසේම දිගහැරී ඇතැයි විචාරයට හැකියාව ඇති අපි සලකන්නේ නැත. එහෙත් අසත්‍යය වූ පමණින් ඒවා වාරණය කළ යුතු යැයි අපි කියන්නේ ද නැත.

පාරිභෝගිකයාට කැමැත්ත අකමැත්ත තීරණය කරන්න ඉඩ දෙන්න යැයි ඉල්ලා සිටින ගමන්, රැවිටිල්ලට හසු නොවෙන ලෙසින් පාරිභෝගිකයාව දැනුවත් කරන නිදහස ද අපි ඉල්ලා සිටිමු. අනුන් හදන නාට්‍යයට තමන් අකමැති නම් අනුන්ගේ වෙහෙසේ ඵලදාව නවත්වනවා වෙනුවට තමන් ඊජිප්තු සහ අප්‍රිකානු නළු නිළියන් යොදාගෙන නාට්‍යයක් නිෂ්පාදනය කර තමන් කැමති කතන්දරය පිරිනමන්න යැයි බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ සිසුන්ට අපි කියමු. අපි කැමති සත්‍යයන් පමණක් සත්‍යය හැටියට ඉදිරිපත් කරන්නට ප්‍රචණ්ඩත්වයේ වරප්‍රසාදය අපි ඉල්ලා සිටින්නේ නැත.

බංකොළොත් පාරේ ගමන් ගත් වෙනිසියුලාවේ සමාජවාදී ආණ්ඩුවට සහාය පතන්නට හොලිවුඩ් සිට ගිය අය අතර ෂෝන් පෙන්, ඩැනී ග්ලවර්, ඔලිවර් ස්ටෝන් සහ මයිකල් මුවර් යනාදීන් සිටිති. ඒත් ඊයේ පෙරේදා ජේමි ෆොක්ස් (වත්කම $ මිලියන 80) සහ ලුකාස් හාස් (වත්කම $ මිලියන 12) කරාකස් හි ජනාධිපති මාලිගාවට ගිය විට වෙනිසියුලාවේ ජනතාව වෙතින් ඔවුනට ලැබුණේ සුහද ප්‍රතිචාරයක් නොවේ. කන්න අඳින්න හා බෙහෙත් නැතිව පීඩා විඳින බහුතර ජනතාවට, එපා වී තිබිය දී පවා සමාජවාදී ආණ්ඩුවක් ගෙදර යවා ගන්නට නොහැකි වුණත් බඩුව හොඳදැයි නරකදැයි ගැන අන්තිමේ දී කොහොමත් තීන්දුව දෙන්නේ ප්‍රේක්ෂකයා = පාරිභෝගිකයා මිසෙක රජයක් හෝ උසාවියක් නොවේ.

One Response

Subscribe to comments with RSS.

  1. Des said, on ඔක්තෝබර් 7, 2016 at 3:39 ප.ව.

    Very good article


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: