අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවිතය සුන්දර ඕපපාතික සහයෝගය නිසයි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2016

img_6014

ඉහත සිරස්තලය නමින් ලිපියක් ලියන ලද්දේ ඩොනල්ඩ් ජේ. බෝර්ඩෝ විසිනි. එහි ආර්නෝල්ඩ් ක්ලින්ග් ලියූ නවතම පොතෙන් “ප්‍රාගුණ්‍යය සහ වෙළඳාම: අර්ථ ශාස්ත්‍රයට නැවත හඳුන්වාදීමක්” (2016) මෙම කොටස බෝර්ඩෝ උපුටා දක්වයි:

නූතන ආර්ථිකයේ කිසිවෙක් ස්වයංපෝෂිත නොවේ. ඒ වෙනුවට ජනතාව විශේෂ ප්‍රාගුණ්‍යනයෙන් යුතු වෙති. ඔබ වෙහසන ශ්‍රමයෙන් ඔබේ පරිභෝජනයට ගතහැකි යමක් නිෂ්පාදනය වීම බොහෝවිට සිද්ධ වෙනු නැත. ඒත් ඊටත් වඩා වැදගත් ලක්ෂණය නම් ඔබ පරිභෝජනයට ගන්නා සියළු දේවල් අතර ඔබට තනිව නිෂ්පාදනය කරගත නොහැකි යමක් තිබීමයි. ඔබේ එදිනෙදා ජීවිතය රඳන්නේ මිලියන සිය ගණනකින් වූ අනෙකුත් ජනතාවගේ සහයෝගය මතයි.

භාෂාවක් නොමැති වූවා නම් වර්තමාන තත්වයට එන්නට මිනිස් සමාජයට හැකිවේදැයි යන්න හිතාගත නොහැකි සේ ම, විශේෂ ප්‍රාගුණ්‍යනය සහ වෙළඳාම නොමැතිව අද තත්වයට එන්නට හැකිවේදැයි යන්න ද හිතාගත නොහැකියි. තවදුරටත්, සමාජයට තවත් ඉදිරියට වර්ධනය වෙන්නට නම්, විශේෂ ප්‍රාගුණ්‍යනය රටාවන් සහ වෙළඳාම තව දුරටත් පරිනාමය විය යුතුයි.

ප්‍රතිජෛවක නොමැති ආහාර හොයන අයට, ඒ ගැන යමක් ආණ්ඩුවක් කරන තුරු බලා නොසිට, ඒවා නැති මිනිස් ආහාර පමණක් නොව සුනඛ ආහාර ද පිරිනමන්නට ප්‍රාගුණ්‍යයක් පෙන්වන්නේ පුද්ගලික ව්‍යවසායකයන්ය.

මිනිසා දැන් මාංශ භක්ෂයෙන් අයින් වෙනවා, පරිනාමයේ ඊ ළඟ හිනිපෙත්ත එයයි, කියා පසුගිය දිනයක හිතවතෙක් මට කියා සිටියේය. ඔහු ලෝක වෙළඳපොලේ මස්මාංශ අලෙවියේ දත්ත දන්නවා ද යැයි මා ඇසුවෙමි. මස්මාංශ නොමැති ආහාර බොහොමයක් සහ එවැනි ආහාර සඳහා පමණක් වූ අවන්හල් අද වෙළඳපොලේ බහුල වූවත්, ලෝක වෙළඳපොලේ මස්මාංශ අලෙවිය වසරෙන් වසර ඉහළ ගිහින් බැව් දත්ත පෙන්වන බැව් මා ඔහුට කියා සිටියෙමි. මස්මාංශ අනුභවය අප්‍රිය කළ අය ඉතිහාසයේ සිටියහ. විශේෂයෙන්ම, ඝර්ම කලාපීය රටවල වාසය නොකළ ඔවුනට එතරම් තෝරාගැනීම් අතීතයේ දී නොතිබිණ. අද එයට හැකියාව පෑදී ඇත්තේ, ඉතා පහසුවෙන් මස්මාංශ කෑමෙන් අයින් වී එහෙත් පෝෂණය අඩුවක් නොමැතිව ජීවත්වෙන්නට හැකියාව පාදා දී ඇත්තේ සහයෝගයෙන් එකිනෙකා හා කටයුතු කරන්නට මාර්ගය පාදා දෙන වෙළඳාමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: