අරුණි ශපීරෝ‍ වෙතින්

නීතියට පිටු පෑ ඇමෙරිකන් දේශපාලනඥයන්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 4, 2016

200px-us10dollarbill-series_2004a

ඇමෙරිකාවේ ඩොලර් දහයේ නෝට්ටුවේ ඉන්නෙ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්. ඔහු ඇමෙරිකන් භාණ්ඩාගාරයේ පළමු ලේකම්. ඇමෙරිකන් නිදහස් අරගලයේ දී හමුදා තුනක් මෙහෙයවපු කෙනෙක්. එයා තමයි ෆෙඩරිල්ස්ට් පේපර්ස් කියන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්දැයි කියල ජනතාවට කියා දෙන්න ලිපි පෙල සකස් කරපු සමකර්තෘ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න සම්මන්ත්‍රණයේ සංවිධානය කරන සෑහෙන බරකට කර ගැහැව්ව අයෙක්. ජාතික හමුදාවක අණදෙණ නිලධාරියා වගේම නිව් යෝර්ක් බැංකුව ද පිහිටුවන ලද්දේ ඔහු. නිව් යෝර්ක් මහජන නියෝජිතයෙක් ලෙසින් සේවය කළා පමණක් නොව නිව් යෝර්ක් පෝස්ට් කියන පුවත්පතේ ද නිර්මාතෘවරයෙක්.

ඒත් සමාජයේ යහපතට කියල නීති ගෙනාවට, නීතියට වඩා සම්මතය කඩකරන්න අකමැති වූ හැමිල්ටන් 1804 දී අද අපි හරිම මෝඩයි කියල හිතන දෙයක් කරනව. ඒ කාලේ හිටපු උප ජනාධිපති වූ එරන් බර් (Aaron Burr) එක්ක හැමවිටම කටකැඩෙන කතා කියාගත්ත. බර් ගැන කියපු කට කැඩිච්ච කතාවක් වැරදියි කියල පිළිගන්න අකමැති වෙච්ච නිසා, බර් අභියෝග කරනවා හැමිල්ටන්ට ද්වන්ධ සටනකට.

චාරිත්‍රානුකූල වූ පිළිවෙත් අනුගමනය කරමින් ද්වන්ධ සටන් (duel) ඇමෙරිකන් නිර්මාණයක් නෙමෙයි. යුරෝපයේ උපත ලබා යුරෝපීයයන් සමඟ ඇමෙරිකාවට ආපු දෙයක්. ඒ වගේම 19 සියවසේ මුල් කාලයේ හිමිහිට නැතිවෙලා යමින් පැවති සිරිතක්. උදාහරණයක් හැටියට තමන්ගෙ සහෝදරියන්ට අත දිග හැරලා තඩි බාන අයියලා වුනත්, පිට අයෙක් තම සහෝදරියක් ගැන නරක කතාවක් කිව්වොත්, සමාව ඉල්ලලා ඒක අයින් කරගත්තේ නැත්නම්, වෙඩි තියාගෙන මැරෙන්න ඉදිරිපත් වෙනව.

හැමිල්ටන්ගේ වාසස්ථානය පැවති සහ ඔහු මහජන නියෝජිතයෙක් වූ ද නිව් යෝර්ක් ප්‍රාන්තයේ ද්වන්ධ සටන් ඒ වෙද්දීත් නීතියෙන් තහනම් කරල තිබ්බෙ. ඒ විතරක් නෙමෙයි හැමිල්ටන්ගේ පුතෙක් පවා ද්වන්ධ සටන් නිසා ඒ වෙද්දී ද මිය ගිහින්.

බර්ගේ අභියෝගය බාරගන්න හැමිල්ටන් තමන් ද්වන්ධ සටන් චාරිත්‍රය ගැන එකඟ නොවන කාරණා 5 ක් සහිත ලිපියක් යවනව. ඒත් ලෝකයේ ගෞරවනීය මිනිසුන් එතෙක් ක්‍රියාකළ හැටියට චාරිත්‍රයට හිස නොනමා ඉන්නට නොහැකි යැයි කියමින් තමනට විකල්පයක් නැතැයි කියා ඔහු ද්වන්ධ සටනට ඉදිරිපත් වෙනව.

බර් අතින් වෙඩි කන හැමිල්ටන් ඊ ළඟ දවසේ මිය ගියා.

හෙන්රි ක්ලේ ද්වන්ධ සටනක යෙදී තියෙනව. ජෝන් ඇඩම්ස් ජනාධිපතිව සිටිය දී ජේම්ස් මොන්රෝ ඔහුට අභියෝග කරන්න ගිහින් අන්තිම මොහොතේ දී අභියෝගය ඉවත් කරගෙන තියනව. ඇමෙරිකන් ඩොලර් විස්සේ නෝට්ටුවේ ඉන්න ඇන්ඩෲ ජැක්සන් කොපමණ ද්වන්ධ සටන්වල යෙදුනා ද කිව්වොත්, ඇඟ ඇතුලේ තිබ්බ වෙඩි උණ්ඩ නිසා එයා ඇවිදින කොට ටීක් බෝල බෑග් එකක් හෙලවෙන සද්දෙ ඇහෙනවා කියල කියැවෙනව.

මහා වීරයෙක් හැටියට ලෝක ජනාදරයට පත්වෙලා ඉන්න ඒබ්‍රහැම් ලින්කන් ද ද්වන්ධ සටනක අභියෝගය බාරගෙන තියනව. හැබැයි එයා නම් ද්වන්ධ සටන සිද්ධ වෙන්නේ නැති ගාණට කොන්දේසි දාලා ඒකෙන් ගැලවෙනව!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: