අරුණි ශපීරෝ‍ වෙතින්

රජයේ මුදල් වෙනුවට අතින් ලියූ නෝට්ටු

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 22, 2016

මුදල් ලොව බිහි වූයේ මිනිසුන් අතර ගණුදෙනු පහසු කරන්නට බව රජයට අමතක වී ඇති අවස්ථාවක දැනගන්නට ලැබෙන ප්‍රවෘත්තියක්.

රෑ දොළහට ක්‍රියාත්මක වන පරිද්දෙන් ගෙනන ලද නීතිය නිසා අද සල්ලි මුදල් අර්බූදයකට මුහුණ පා සිටින ඉන්දියාවේ, මියන්මාර් මායිම ආසන්නයේ පිහිටන පිටිසරබද මිසොරාම් හි කාව්බන්ග් ගමේ වැසියන් එදිනෙදා මුල්‍ය කටයුතු පිරිමසා ගන්නට ‘කඩදාසි කූපන්’ භාවිතාය පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

මුදල් නෝට්ටු හිඟ අර්බූදය සමනය වී අලුත් මුදල් ලැබෙන තෙක් කඩදාසිවල ලියන ලද පොරොන්දු නෝට්ටු වලින් ගණුදෙනු කිරීමට එහි සිල්ලර කඩයක අයිතිකරු වූ පීසී ලාල්මච්චුනා තම ගමේ වැසියන්ට ඒත්තු ගන්වන්නට සමත් වී ඇත.

රැපියල් සීයේ හා පනහේ සල්ලි මුදල් හිඟය නිසා, එහෙම නොකළොත් බඩු මිල දී ගන්නට හෝ විකුණන්නට කිසිත් සේ නොහැකි යැයි හේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට කියන ලදි.

ඔහුගේ යෝජනාව අනුව, කඩකරුවන් සහ එළවළු වෙළෙන්ඳන් පසුගිය සෙනසුරාදා සිට අතින් මුදලේ ගණන ලියූ කඩදාසි කෑලි මුදල් වෙනුවට බාරගන්නට පටන් ගෙන තිබේ. පාරිභෝගිකයන් ද කැමැත්තෙන් ඊට සහභාගී වී සිටිති. කඩදාසියේ ගණන සහ එය නිකුත් කළ අයගේ අත්සන ඇත.

වෙළෙන්ඳන් නොමැති වීදි කඩ පවතින මේ ගම්පළාතේ වැසියන් කඩ එළිපත්තේ ඇති එළවළු හෝ පළතුරු තෝරාගෙන, එතැන සඳහන් මිල ගණන් අනුව මුදල් බෝතලයකට දමා බඩු රැගෙන යන්නට හුරු වී සිටින අයයි. ඉතුරු සල්ලි ද ඔවුන් ඒ බෝතලයෙන්ම අරගනිති.

කුඩා ගමක් නිසා, ගමේ අය සියල්ලන්ම හඳුනන නිසා කිසිවෙක් අනෙකාගේ දාඩිය මහන්සියෙන් උපයන ලද්දට වංචා නොකරන්නේ යැයි ගමේ අයෙක් කියයි.

ප්‍රවෘත්තිය ගත්තේ මෙතැනින්.

2 Responses

Subscribe to comments with RSS.

  1. Lakmal Kandevidane said, on නොවැම්බර් 22, 2016 at 10:42 ප.ව.

    ලංකාවෙත් ඔහොම කඩයක් ගැන පත්තරවල ගියා සාදාරණ ස්ටෝස් කියල

    • arunishapiro said, on නොවැම්බර් 24, 2016 at 8:43 පෙ.ව.

      Lakmal Kandevidane,

      ඔව් මාත් අහල තියෙනව මහියංගන පැත්තෙ සාධාරණ මුදලාලි ගැන. අවුරුදු 5-6 කට කළින් සමාජ වෙබ් අඩවි වලින් ගොඩක් ෂෙයාර් වුනා එයා ගැන. එයාගෙ කඩේට එන මිනිස්සුන්ට බඩු කිරාගෙන සල්ලි දාලා යන්න ඉඩදෙනවා කියලත්, වෙසක් කාලෙට භූමිතෙල් දන්සැලක් පවත්වනවා කියලත්. එයා ගම් පළාතේ පන්සල් බොහොමයක ලයිට් බිල් පවා ගෙවනවාලු.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: