අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් පෙර සිරිතක් උත්සවාකාරයෙන් මෙසේ සමරන ලදි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 24, 2016

අද ඇමෙරිකාවේ Thanksgiving Day හෙවත් ස්තූති පුද කිරීමේ දිනයයි. අනෙක් බොහෝ ඇමෙරිකන් තොරතුරු මෙන්ම මෙම උත්සවය ගැන විස්තර ද, විසල් රාජ්‍ය රිසි වූවන් අතින් පාසැල් හා ප්‍රධාන ජනමාධ්‍ය තුලින් බෙදන ලද්දේ වෙනස් කතාවකි. අන්තර්ජාලය තුලින් විකල්ප මාධ්‍ය බිහිවෙද්දී මෙහි ඇත්ත කතාව බෙදා ගන්නට අපිට හැකියාව ලැබිණ.

නිදහස් මිනිසුන් අතර නිදහස් ගණුදෙනු තුලින් ඉතා සුළු කාලයක දී ලෝකයේ මිනිසුන් භුක්ති විඳින්නට සමත් වී සිටින සමෘද්ධිය වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්නට ඇමෙරිකන් විය යුතු නැත. සතුටු ස්තූතිවන්ත දිනයක් ඔබ සැමට!!!

අරුණි ශපීරෝ‍ වෙතින්

1620 දී Mayflower නැමති නෞකාවෙන් ඇමෙරිකාවට ගොඩ බැසි pilgrims නැමති යුරෝපීයයන් කොට්ඨාශයක් මැසචූසෙට්ස් ප්‍රාන්තයේ ප්ලිමත් නම් උපනිවේෂයක් පිහිටුවා ගත්හ. හේමන්තයට මුහුණ දුන් උපනිවේෂයේ වාසීන් අතරින් බාගයක් මිය ගියහ.

කොලනියේ හෙවත් උපනිවේෂයේ ආණ්ඩුකාරයා වූ විලියම් බ්‍රැඩ්ෆෝර්ඩ් ලියන History of the Plymouth Plantation නොහොත් ‘ප්ලිමත් වතුයායේ ඉතිහාසය’ යන්නේ සඳහන් වන්නේ ප්‍රිල්ග්‍රිම් වැසියන් සාගතයෙන් පෙළුණු බවයි. දූෂණ, සංකූලය (confusion) හා අසතුට ඔවුන් අතර පැතිර තිබිණ.

වසන්තයේ හා ගිම්හානයේ දී අනුභවයට සරිලන තරම් ඵලදාව වැවෙන්නට ඉඩක් නොදී රැයේ දී මෙන් මහ දවාලේ දී ද බෝග වගාවන් වලින් වැඩි කොටසක් සොරා ගත්තවුන් වැඩියෙන් සිටියහ. සාගතය හා මරණය ඔවුන් ලුහුබැඳ ආහ. 1621 සහ 1622 දී පවත්වන ලද අස්වනු උත්සව වලින් ඔවුන් සියල්ලන්ගේ ම බඩගින්න නිවුනේ කෙටි කාලයකට පමණි. එම අස්වනු උත්සව මරණයට නියමිත වූ අයෙකුගේ අන්තිම භෝජනයක් වැනි යැයි බ්‍රැඩ්ෆෝර්ඩ් සටහන් තබයි.

නුහුරු දේශගුණයක, නුහුරු පසක, නිසි ඵලදාවක් ලබාගන්නේ මොනවායෙන් දැයි ඔවුන් දැන සිටියේ නැත. සාගතයෙන් ගැලවෙන්නට ඔවුන් ස්වදේශී ඉන්දියානුවන් වවන තිරිඟු වගාව පටන් ගත්හ. ඇමෙරිකාවට…

View original post 535 more words

2 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on නොවැම්බර් 26, 2016 at 1:09 පෙ.ව.

    කෝ අපට පාත්තයො?

    • arunishapiro said, on නොවැම්බර් 28, 2016 at 6:25 ප.ව.

      රාජ්,

      ‘ක්‍රිස්මස් ගූස්’ කියල කියන පාත්තයෝ (geese) කන්නෙ නත්තලට, මේ කළුකුම් (turkey). දේශීය නැත්නම් “වල්” (wild) කළුකුම් ඇමෙරිකාවට ආවේණික පක්ෂියෙක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: