අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනිසියුලාවේ රහසිගත බිට්කොයින් ආර්ථිකය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 29, 2016

Money

බදු ගෙවීමෙන් වැළකීම, අපරාධ කරන්නට යොදා ගැනීම, ඒ නිසා අපේ ආරක්ෂාව අඩුවීම, ඒ නිසා අපිව වැඩියෙන් දුප්පත් කරවීම යනාදි කරුණු හේතු දක්වා සල්ලි නෝට්ටු ක්‍රමයෙන් රටවැසියන් අයින් කළ යුතු යැයි පොතක් ලියන ලද්දේ කෙනත් එස්. රොගොෆ් නමැති හාවඩ් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්යවරයෙකි. ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානියෙකි. මෙතෙක් කාලයක් වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රට්ටු අතර සල්ලි මුදල් ගණුදෙනු අවම කරන්නට උත්සාහ ගත් ලෝකයේ විවිධ රටවල නායකයන්ට දැන් එළිපිටම එහි නියැළෙන හැකියාව සල්ලි මුදලේ සාපය (The Curse of Cash) නමැති එම පොත තුලින් පාදා දී ඇත.

ඉතින් සිය බැංකු ගිණුමේ මුදල් ATM එකකින් කෑෂ් හැටියට ගනිද්දී බද්දක් පනවන්නට සූදානමක් අද යුරෝපීය යුනියනයේ කතාබස් වේ. ඒ සල්ලි මුදල් නොහොත් කෑෂ් ළඟ තබාගැනීම සහ එයින් ගණුදෙනු කිරීම අධෛර්මත් කරවනු සඳහායි. ජංගම හා තැන්පතු ගිණුම් විස්තර පුද්ගලික බැංකු විසින් මහ බැංකුවට දන්වන බැවින් මුදල් සංචාලනයට (manipulation) පහසු ඉඩකඩක් මහ බැංකුවට පෑදේ.

ඇමෙරිකන් මහ බැංකුව (ෆෙඩරල් රිසව්) විසින් පහසු මුදල්/අඩු පොලී නිකුත් කරන ප්‍රතිපත්තිය ගැන මහජනතාවගේ කෝපය, ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට හේතු වූවා යැයි ඊයේ පෙරේදා කියන ලද්දේ හිටපු ඩලාස් ෆෙඩරල් රිසව් බැංකු සභාපතිවරයෙක් වූ රිචඩ් ෆිෂර් ය. ඒ දේශනයට සවන් දුන් බැංකුකරුවන් මුදල් කප්පාදුව ගැන දත්ත ද, ඇමෙරිකාවේ මහජනතාවට ඒ ගැන වැඩි වැටහීමක් ඇතැයි සිතිය නොහැකියි.

ෆියාට් මුදල් රහසිගතව හැසිරවීමෙන්, මහ බැංකුව නිකුත් කරන මුදල් සැපයුම වැඩි කිරීමෙන් රටවැසියන් අතර ආර්ථික අසමානතාවයන් වැඩිවේ. මෙය සිද්ධ වෙන්නේ මුදල් සැපයුම වැඩි කරන්නට මහ බැංකුව ගෙනෙන අලුත් මුදල් මුලින්ම ලැබෙන්නේ මහ බැංකුව දන්නා හඳුනන ලොකු සහ වැඩි ගණුදෙනු ඇති හවුල්කාරයන්ට බැවිනි. සෙසු සමාජයේ වැසියන්ට කළින් ක්‍රය ශක්තිය නොහොත් මිලට ගැනීමේ හැකියාව ඒ අයට වැඩිවේ. එයින් ඔවුන්ගේ ජීවන මට්ටම් ඉහළ දමාගන්නට තල්ලුවක් ලැබේ.

මහ බැංකුවේ මුදල් සැපයුම ඒ අයගෙන් පසුව මැද පංතියට හා දවසේ ආදායම් උපයන අයට එද්දී, ආර්ථිකය උද්ධමනයට හසු වී හමාරයි. ඉතින් මහ බැංකුව මුදල් සැපයුම වැඩිකරන හැම අවස්ථාවක දී ම, සාමාන්‍ය රටවැසියාගේ ජීවන මට්ටම පහළ බසියි. කෙනත් රොගොෆ් වැනි අය සාමාන්‍ය රටවැසියාට ඒ ගැන පැහැදිලි කරන පොත් නොලියති.

උගෝ චෑවෙස් 2003 දී ස්ථාවර විනිමය අනුපාතිකයක් ස්ථාපිත කළේය. මේ වෙද්දී කළුකඩේ එක ඇමෙරිකන් ඩොලරයක මිල බොලිවාර් තුන්දහසකි. එය තව දින කිහිපයක දී තවත් වෙනස් වෙනු ඇත. එදා ගණන් කර බැලූ නෝට්ටු මෙදා තරාදියෙන් කිරා බලන්නට කඩකාරයන්ට සිද්ධ වී ඇත. කඩවල බඩු රාක්ක හිස් වී, පාසැල් දරුවන් බඩගින්න නිසා ක්ලාන්ත වෙන සිද්ධීන් අහන්නට ලැබේ. පහසුකම් අඩුවීම නිසා ඉස්පිරිතාලයේ දී අලුත උපන් දරුවන් කාඩ්බෝඩ් පෙට්ටිවල පේලියට බහාලූ පින්තූර ලෝක මාධ්‍ය වලින් දකින්නට ලැබුණි. වෙනිසියුලාවේ වැසියන් බොහොමයක් අද රජය විසින් මාසිකව බෙදන (ඩොලර් 9 ක් පමණ) සමෘද්ධියකින් ජීවත් වෙන්නට වෙර දරති.

බඩු ගන්නට කියා කොලොම්බියාවට ඇදෙන වෙනිසියුලාවේ වැසියන් එන්න එන්නම වැඩිවීම නිසා, දැන් වෙනිසියුලානුවන්ව පිටුවහල් කරන්නට කොලොම්බියාව පටන් ගෙන ඇත.

එහෙත් ආර්ථික අර්බූදයෙන් අස්වැසිල්ලක් ගන්නට සමත් වී සිටින පිරිසක් වෙනිසියුලාවේම රහසිගතව ජීවත්වෙති. ඔවුන් බිට්කොයින් මුදල් උපයන අයයි. බිට්කොයින් සඳහා මිල පාලනයක් නැත.

නොනැවතී දුවන පරිගණක වලින් බිට්කොයින් කනින්නට වෙනිසියුලානුවන්ට හැකියාව ලැබෙන්නේ වෙනිසියුලාවේ රජය තවමත් ඉතා අඩු මුදලකට විදුලි බලය සපයන නිසයි. හිටිවන ඇණ හිටන විදුලි සැපයුමෙන් නොව කාර්මික කලාපයන් ආශ්‍රිතව සිය පරිගණක මෙහෙයවන මේ බිට්කොයින් උපයන අය අඩුවැයකට මිල පාලනයකින් යුතු භාණ්ඩයක් (විදුලි බලය) ලාබයක් උපයන භාණ්ඩයක් (බිට්කොයින්) බවට පත්කරගන්නට සමත් වී සිටිති.

වෙනිසියුලාවේ බොහෝ බිට්කොයින් උපයන්නන් දිනකට ඩොලර් 1,200 ක් පමණ උපයන බව කියැවේ. අන්තර්ජාලයෙන් බිට්කොයින් වලින් ගෙවමින් තෑගි කාඩ් ලබාගෙන ඒවායෙන් ඇමෙරිකාවේ ඇමසොන් ප්‍රයිම් පෑන්ට්‍රි වැනි සේවාවකින් ආහාර ආනයනට, බෙහෙත් සහ වෙනත් ඇමෙරිකන් භාණ්ඩ ෆ්ලෝරීඩාව හරහා ගෙන්වා ගන්නට ඔවුන් විවිධ උපක්‍රම තුලින් හැකියාව ලැබ සිටිති.

මේ බිට්කොයින් උපයන අය තම පරිගණක ඇත්තේ කොතැනදැයි සඟවාගෙන ඉන්නට මහත් පරිශ්‍රමයක් දරති. රටේ රහසිගත පොලිස් සේවාව නොහොත් සර්විසියෝ බොලිවෙරියානෝ ඩ ඉන්ටෙලිජෙන්සියා නැසියොනාල් (SEBIN) නිලධාරීන් ඔවුන්ව අල්ලා ගතහොත් අත්අඩංගුවට ගන්නේ යැයි කියා හෝ අපරාධ නඩු පවරන්නේ යැයි කියා හෝ ඔවුන් සතු මුදල් බලෙන් පැහරගැනීමට උත්සාහ කරන නිසා ඔවුන් එසේ සැඟවී ඉන්නට වෙහෙසෙති.

වෙනිසියුලාව තුල බිට්කොයින් පරිහරණයට ජනතාව එකතුවෙද්දී හුවමාරුව, විකිණීම සහ තොරතුරු බෙදාගැනීම, බිට්කොයින් වෙනිසියුලා වැනි ෆේස්බුක් සමාජ තුලින් රහසිගතව කරන්නට එහි නියැළෙන අය පටන් ගෙන තිබේ. බිට්කොයින් ගැන ප්‍රසිද්ධියේ කතා කරන අන්තර්ජාල අඩවියක් තිබුණ ද, අනෙක් රටවල මාධ්‍ය සල්ලි මුදල් ගැන කියන්නා සේ වෙනිසියුලාවේ රාජ්‍ය මාධ්‍ය දක්වන්නේ බිට්කොයින් යනු සයිබර් අපරාධකාරයන්ගේ අතකොළුවක් හැටියටයි.

වෙනිසියුලාවේ බිට්කොයින් ගැන තොරතුරු මෙම ඉංග්‍රීසි ලිපිය ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: