අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාවේ සිසු සිසුවියන් “අර්ථ ශාස්ත්‍රය එක දවසින්” විමසති

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 2, 2017

img_6306

ඇමෙරිකාවේ පිහිටන අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපන පදනම විසින් සම්පාදිත “අර්ථ ශාස්ත්‍රය එක දවසින්” වැඩසටහන සිංහල බසට පරිවර්තනය කළේ බොහෝ කලකට පෙරයි. එය මෙහි දකුණත අමුණා තැබුවෙමි. එයින් වැඩක් ගන්නට ලැබුනේ පසුගිය දා ලංකාවට පැමිණි අවස්ථාවේ දී ය.

අකුර නිර්මාතෘ ධනිෂ්ක නවින් මල්ලිගේ ආරාධනයක් පරිදි, තඹරු විජේසේකර මල්ලිත් මමත් මොරවැව පිහිටන මහදිවුල්වැව පාසැලට මෙම වැඩසටහන ගෙන ගියෙමු. එහි දී අපි අත්වින්ඳේ දැනුම බෙදාගැනීමෙන් ලැබූ අතිශය සුන්දර සතුටකි.

නිදහස් වෙළඳපොලේ ආචාර ධාර්මීය සිද්ධාන්ත සහ මානුෂීය අගැයුම් හඳුන්වා දෙන මෙම වැඩ සටහන අපි ඉදිරිපත් කරද්දී, සිසු සිසුවියන් ඊට කොතරම් උනන්දුවක් දැක්වූවා ද කියතොත් පාසැල් විවේක කාලය ගන්නට යැයි ඔවුන්ට බලකරන්නට අපිට සිද්ධ වුණි. මිල දී ගැනීමෙන්, විකිණීමෙන්, එකමුතුව පැන්සල් හදන්නට ඔවුන් ඉතා යුහුසුළු වූහ. ආණ්ඩුවේ අලුත් වැඩසටහන් සඳහා සියල්ලන්ටම බද්දක් ගෙවන්නට සිද්ධ වෙනවා යැයි කියද්දී, මේ දුෂ්කර ගම්මානයේ වීනිත දරු දැරියන් අතරින් එකා මෙන් ඊට අකැමත්ත දක්වන ප්‍රතිචාරයක් ශාලාව පුරා පැතිර ගියේය.

අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපන පදනම සම්පාදනය කරන ලද, ලෙනාර්ඩ් රීඩ්ගේ සම්භාවනීය ඉදිරිපත් කිරීම වන ‘මම, පැන්සල’ හි සිංහල පරිවර්තනයේ කඩදාසි මුද්‍රණය ද මෙහි දී අපි පාසැල් සිසු සිසුවියන් අතර බෙදා දුන්නෙමු. එහි ලංකාව ගැන සඳහන් වී ඇති ආකාරය ඇසීමෙන් අප සියල්ලන්ටම විශේෂ ආඩම්බරයක් දැනුනු බව කිව යුතුමයි. වරින් වර ශාලාවට පැමිණ අපේ වැඩසටහනට සවන් දුන් ගුරුවරුන් ද අපිට ස්තූති කරමින් කියා සිටියේ මෙවැනි සරල ආකාරයකින් නිර්බාධ වෙළඳපොල ක්‍රියාකරන ආකාරය ඔවුන් පවා වටහා ගත්තේ මුල්වරට බවයි.

ඇමෙරිකාවේ පිහිටන බැස්ටියාට් සංගමය මේ වැඩසටහන ස්පාඤ්ඤ බසට ද පරිවර්තනය කර ඇත. දැන් ලතින් ඇමෙරිකාව පුරා මෙවැනි වැඩසටහන් පැවැත්වේ. මේ සරල සංකල්පයක අපූර්ව බලය ගැන එක උදාහරණයක් පමණි: එනම්, නිදහස් සමාජයක ආචාර ධාර්මීය සිද්ධාන්ත සහ මානුෂීය අගැයුම් උත්පාදනය කරනු සඳහා ‘අර්ථ ශාස්ත්‍රය එක දවසින්’ වැනි ප්‍රායෝගික නිෂ්පාදන විවෘතව, ගාස්තුවක් නොමැතිව, සියල්ලන්ටම ලබාගත හැකි ආකරයෙන් ඉදිරිපත් කිරීමයි.

ලංකාවේ අනෙකුත් පාසැල් වලටත් මෙම වැඩ සටහන රැගෙන යන්නට උවමනාවක් ඇත්නම් අපේ සහාය ඊට හැකි ආකාරයකින් ලබාදෙන්නට අපි උත්සාහ කරන්නෙමු. ද්‍රවිඩ බසින් ද ලබාදෙන්න කටයුතු කරන්න යැයි ඉල්ලීමක් ඉන්සටග්‍රෑම් තුලින් දැක්කෙමි. අනාගතයේ දවසක ඒ ඉල්ලීම ඉටුවේවා යැයි මගේ ප්‍රාර්ථනයයි.

මේ ගැන Fee.org හි ඉංග්‍රීසියෙන් පළ වූ සටහන පහත සබැඳියෙන් කියවත හැකියි.

https://fee.org/resources/students-in-sri-lanka-explore-economics-in-one-day/

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: