අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයෙක් වනුයේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 5, 2017

මහජන අවශ්‍යතා සපුරාලන්නට රජයේ මැදිහත්වීම් නැතිව නොහැකි යැයි සිතන මිනිසුන් ලොව සිටිති. ලෝක ඉතිහාසයේ සෑම අවස්ථාවක දී ම ඕනෑම තරාතිරමක අයෙකුට ලබාගත හැකි ලෙසකින් සහ ඉහළ ප්‍රමිතියකින් මිනිස් අවශ්‍යතා සපුරාලන ලද්දේ රජයේ මැදිහත්වීම් නැති හෝ අවම අවස්ථාවල දී බව නොදකින්නේ සහ එය අවබෝධයට කිසිම උත්සාහයක් නොගන්නේ ඉහත කියූ අයයි. ඒ නිසා තවත් කාලයක් යන තුරු සියල්ලන්ටම සාධාරණ ලෙසින් බෙදන්නට වෙර දරණ නොයෙකුත් උත්සාහයන්ට මොවුන් සැලසුම් හදමින් සිටිති.

සිඟාලෝවාද සූත්‍රයෙන් පමණක් සෑහීමකට පත් නොවී, මාක්ස්වාදය ඇතුළු වාමාංශික මතවාදයෙන් පමණක් සෑහීමකට පත් නොවී, සිංහලෙන් කියවන්නා ලෝකයේ නන් දෙසින් එන අනෙකුත් අදහස් ගැන ද විමසා බලන්නට බිය යුතු නොවේ.

මේ වර්තමානයේ ලිබටේරියන් යැයි කියාගන්නා අයගේ අදහස් වෙති.

සමාජයක සෑම තරාතිරමක වූ අයෙකුගේම ඕනෑම අවශ්‍යතාවයක් සපුරාලන්නට හැකියාව ඇත්තේ ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයන්ට පමණි.

ඉතින්, ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයෙක් වෙන්නට නම්, ඊට අවශ්‍ය ගුණාංග මොනවා ද?

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයා කොම්පැණියේ දීර්ඝ කාලීන යහපත වෙනුවෙන් කටයුතු කරන්නේ පරිසිද්ධි, යථාර්ථය සහ බුද්ධිමය විචාරය මත පදනම් වූ තීරණ ගැනීමෙනි.

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයා පාරිභෝගිකයන් සමඟ, සැපයුම්කරුවන් සමඟ දෙපැත්තේම යහපත උදෙසා දෙපැත්තම ජයගන්නා සබඳතාවයන් ගොඩනඟා ගන්නේ වෙළඳපොලේ අගයට අගයක් හුවමාරු කරගනිමිනි.

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයා සේවකයන්ගේ ඵලදායීත්වය අගයන ආකාරයකින් ඔවුන්ව පරිපාලනය කරයි, වගකිව යුතු සහ වගකීමෙන් කටයුතු කරන ලෙසින් ඔවුන්ට වැඩ පවරයි, ස්වාධීන චින්තනය ධෛර්යමත් කරයි, කණ්ඩායමක් ලෙසින් සේවය සහ එකිනෙකා අතර ගෞරවය සාධනය කරයි.

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයා ව්‍යාපාර සබඳතා පවත්වන්නේ අවංකත්වය, උදාරත්වය (integrity), මත පදනම් වූ එකඟතා, පොරොන්දු සහ ගිවිසුම් ඉටුකිරීමෙනි.

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයා වෙළඳපොලේ ඇති අනෙක් ව්‍යාපාරවලට ගෞරව කරමින් තරඟ කරන්නේ පාරිභෝගිකයන්ට ඉහළ අගයක් ඇති දේ අඩු වැයෙන් සපයමිනි.

ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයෙක් නොකරන දේවල් මොනවා ද?

තමන්ගේ තරඟකරුවන්ට හානිදායක ලෙසින් වෙළඳපොල තරඟයට බාධා කරන රජයේ ප්‍රතිපත්ති වලට සහාය දීමෙන් හෝ ඒවා යොදාගැනීමෙන් වාසියක් සොයා නොයයි.

ව්‍යාපාරයේ පැවැත්ම හෝ සාර්ථකත්වය උදෙසා රජයේ සහනාධාර හෝ ගලවාගැනීම් හොයන්නේ හෝ ලබාගන්නේ නැත.

තීරණ ගනිද්දී යථාර්ථයේ පරිසිද්ධීන් මඟහරින්නේ නැත.

ව්‍යාපාරයේ දීර්ඝ කාලීන යහපත පරදුවට තබමින් කෙටි කාලීන ලාබ සොයා යමින්, පාරිභෝගිකයන්ට සහ සැපයුම්කරුවන්ට වංකකම් කරමින්, වංචා කරමින් වාසි ගන්නේ නැත.

රාජ්‍ය සහාය නොමැතිව ලංකාවේ ව්‍යාපාර ජය අත්කරගත් ව්‍යවසායකයන් ගැන මෑතක දී ෆේස්බුක් අඩවි අතර යාන්තමෙන් පටන් ගත් සංවාද දැක්කෙමි. හැමදාම දියුණු වෙමින් සිටින තත්වයෙන් මිදෙන්නට නම් තව දුරටත් වැඩ වර්ජන, උද්ඝෝෂණ හා පෙළපාලි යමින් නොසිට මේ අදහස් ගැන සංවාදයක් අපි පටන් ගත යුතුයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: