අරුණි ශපීරෝ‍ වෙතින්

ක්‍රේසි ග්ලෝරියා

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 25, 2017

16806987_1608262592523225_655533163946920007_n වොෂිංටන් අගනුවර දී හඳුනාගත් අපූරු චරිතයක් තමයි ක්‍රේසි ග්ලෝරියා හෙවත් ග්ලෝරියා ඇල්වාරේස්. නමට අමුණා ඇති සබැඳියෙන් ඇයගේ Facebook පිටුවට යන්නට ඔබටත් හැකියි. ගුවාතමාලාවේ උපන් ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබඳව සහ දේශපාලන විද්‍යාව ගැන වූ උපාධිධාරිණියකි. ලතින් ඇමෙරිකාවේ දේශපාලනඥයන් හිර වී සිටින 21 වැනි සියවසේ සමාජවාදය ගැන සිය ලතින් ඇමෙරිකා වැසියන්ටත් සෙසු ලෝකයටත් දැනගත හැකි ආකාරයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සඳහා ඇය දේශන, විඩියෝ, රේඩියෝ, පොත් යනාදි විවිධ මාධ්‍ය භාවිතා කරන්නීය.

ඇය ලෝක අවධානයට පත්වූයේ 2014 දී ස්පාඤ්ඤයේ පැවැති තරුණ පාර්ලිමේන්තුවක දී පැවැත්වූ කතාවක් සමාජ අඩවි තුලින් ක්ෂණිකව ලොව හැම අත පැතිර යාම නිසයි. ජනතාවට තොරතුරු බෙදන්නට දන්නවා කියාගත් ප්‍රධාන මාධ්‍ය අපක්ෂපාතීව එය කරන්නට අපොහොසත් වෙද්දී වෙළඳපොල විසින්ම ඊට හැකියාව පාදාගැනීම සැලසුම් ක්‍රමය පරදවා ඕපපාතික ක්‍රමය සැමවිටම ජයගන්නා බව පෙන්වයි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට තුඩු දුන්නා යැයි සැලකෙන ‘ජනප්‍රියවාදය’, අද යුරෝපීය රටවල පමණක් නොව කැනඩාවේ ද ඇති වී තිබෙන තත්වයක් යැයි සැලකෙන්න, ලතින් ඇමෙරිකන් කලාපයේ පැවතීම ඇය හෙළා දකිමින් ඒ ගැන ලතින් ඇමෙරිකන් රටවල් පුරා දේශන පවත්වන ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටින්නීය. 2016 දී ඇය තම අදහස් දක්වන්නට ඇලෙක්ස් කයිසර් නමැති චිලේ ජාතිකයා සමඟ “ජනප්‍රියවාදියාගේ ප්‍රෝඩාව: අපේ රටවල් විනාශ වී ඇත්තේ ඇයි සහ ඒවා බේරාගන්නේ කෙසේද” නමින් පොතක් නිකුත් කළාය. මෙවසරේ නිකුත් කළ ඇයගේ කෘතිය “ප්‍රගතිශීලිවාදියෙකුට කතා කරන්නේ කෙසේද” නමින් වේ.

ලිබටේරියන් දැක්ම ලතින් ඇමෙරිකාවේ පතුරවන්නට ඇප කැප වී සිටින ඇය 31 වියැති ලතින් ඇමෙරිකන් රූමතියකි. ඇයගේ රසික රසිකාවියන් බොහොමයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සිටින බව දකින්නට ලැබුණි. අපි හමුවූයේ දේශන පැවැත්වෙමින් තිබිය දී හිස් වූ කොරිඩෝවක දී ය. මාධ්‍ය කැමරා ඇය වෙතින් වෙනතක ගියේ නැත. ලතින් කාන්තාවන්ට ආවේණික සුහදශීලී ගති ලක්ෂණ වලින් හෙබි ඇය ආකර්ශණීය ලෙසින් ඉංග්‍රීසි බස ද හුරුවන්නට දැන සිටියාය. ඒත් දේශනයකින් පසුව ශාලාවෙන් ඉවතට ආ ඇයව වටකරගත් තරුණ සිසු කැල තමන් දන්නා කැඩිච්ච ස්පාඤ්ඤ වචන දෙක තුනකින් ඇය හා කතා කරන්නට ගත් උත්සාහය දිහා බලාගෙන සිටිය දී, ලිබටේරියන් දැක්ම ජනතාව අතරට ගෙන යන්නට ඇය සැබැවින්ම සුදුස්සෙක් යැයි පැහැදිලි වුණි.

ලතින් ඇමෙරිකාවේ උපන් මානව හිතවාදීන් යැයි ලෝකය සලකන ඒත් තම රටවැසියන්ගේම කුරිරු ඝාතකයන් වූ චේ ගුවේරා, චෑවේස්, කැස්ත්‍රෝලා යනාදීන් වෙනුවට අද අහන්නට ලැබෙන්නේ ජීවිතය, නිවහල්බව සහ දේපල ආරක්ෂාව ගැන කියන ග්ලෝරියා වැනි අයව නම් තව දුරටත් පරපෝෂිතයන් නොවී ලතින් ඇමෙරිකාවේ රටවල අනාගතය සැබැවින්ම සශ්‍රීක වනු ඇතැයි සිතීම කිසිසේත්ම සිහින මැවීමක් නොවේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: