අරුණි ශපීරෝ‍ වෙතින්

පාරිතෝෂිකය, දඬුවම සහ සමාජය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2017

සමාජශීලී ලාලසය දිරිමත් කරනු සඳහා පාරිතෝෂිකය වැදගත් වෙයි. අනාශ්‍රේය හැදියාව අධෛර්ය කරන්නට දඬුවම වැදගත් වෙයි. ඉතින් ඒ නිසා, ප්‍රතිඵලයට වැඩියෙන් අපි බලන්නේ පරමාර්ථය දිහා. පරමාර්ථය තමයි අපි දක්වන ප්‍රසාදය සහ අප්‍රසාදය උනන්දු කරවන්නේ.78 ධනාත්මක අභිප්‍රායකින් එන උපකාරය පමණක් තෑග්ගක් හිමිවීමට සුදුසු යැයි අපි විශ්වාස කරන්නේ මේ නිසයි. එසේම, ඍනාත්මක අභිප්‍රායකින් එන හානිකර ක්‍රියාවකට පමණක් දඬුවම් ලැබිය යුතු යැයි අපි සිතන්නේ ද මේ නිසයි.79

සමාජශීලී ජීවීන් හැටියට ඇති අපේ පැවැත්ම නිසා, අපි දඬුවම තුලින් බලාපොරොත්තු වෙන්නේ අපිට කිසිසේත්ම නොලැබිය යුතු යැයි දකින ද්වේෂය සහ අපි ‘ඉල්ලන් කන’ අවස්ථාවල දී හැරෙන්නට අපිට අත්විඳින්නට ලැබෙන ද්වේෂය මට්ටු කළ යුතු යැයි කියායි. මේ සඳහා ස්වභාව ධර්මයෙන් මාර්ගෝපදේශයක් ලැබී ඇත.80 (ඒත් අපි උද්ධච්ච වෙමින් එය අපේ විචාරයෙන් ලබාගත් ලෙසින් හැසිරෙමු).81

අනුන්ගේ හදවත් තුලට එබී බලන්නට අපිට නොහැකි බව අපි පිළිගනිමු. ඒ නිසා නරක අභිප්‍රායයන් ඇති සියල්ලන්වම සැක කරමින් ඔවුන්ට දඬුවම් කරනවා වෙනුවට, අපි දඬුවම් කරන්නේ හානියක් කරන අරමුණකින් යුතු වූ ඔවුන්ගේ ක්‍රියාවන්ට පමණි.82 එකිනෙකාව මංකොල්ලය හා මිනීමරා ගැනීමේ උත්ප්‍රාය මර්ධනය කරගන්නට හැකිනම් හොරුන්ට සහ මිනීමරුවන්ට ද සාමයෙන් එකට ජීවත්විය හැකියි.83 ජනතාව එකිනෙකාට හානිකර ගැනීමෙන් වැළැක්වීමට ගෙනෙන රීතී වලට අපි යුක්තිය යැයි කියමු. යුක්තිය නැතිව කිසිම සමාජයකට පැවැත්මක් නැහැ. යුක්තිය ආරක්ෂා කරගන්නට අප තුල සහජ ආශයක් ඉතාමත් දැඩි ලෙසකින් පිහිටා ඇත්තේ ඒ නිසයි.84

සවිඥානය
ඒත් ඒ අරමුණ වෙනුවෙන් මේ නීති සහ දඬුවම් වලටත් වඩා ඉතා වැඩියෙන් කාර්යක්ෂම වූවක් ස්වභාව ධර්මයෙන්ම අපිට ලැබී ඇත. එය සවිඥානය නම් වේ. අපි අනිත් පුද්ගලයන්ගේ ක්‍රියාවන් විනිශ්චය කරමු. එසේම අපි අපේ ක්‍රියාවන් ද විනිශ්චය කරමු.85 තමන් ගැනම තීන්දු දෙන ඒ තමන් නැමති විනිසුරුවා ඉතා දරුණු විවේචකයෙකි. අනිත් අය අපිව ප්‍රශංසා කළාට ප්‍රමාණවත් නැත: අප තුල ඒ ප්‍රශංසාව ලැබීමට සුදුස්සෙක් යැයි සිතට දැනිය යුතු අවශ්‍යතාවයක් පිහිටා තිබේ.86

සවිඥානය බලවත් සමාජ කාර්යයක් කරයි. අපි පමණට වඩා වැඩියෙන් අප ගැනම ඇල්වී ගැල්වී සිටීමෙන් සහ අනෙක් අයව නිතර අමතක වී යාමෙන් අපව වළක්වන්නේ අපේම සවිඥානයයි. මුළු චීනයම දෙදරවන ලද භූමිකම්පාවකට වඩා අපට අපේ සුළැඟිල්ල අහිමි වීම වැඩියෙන් දැනෙන්නකි. ඒත් අපේ සුළැඟිල්ල අත්හැරියොත් ඒ භූමිකම්පාව නවත්වා විශාල සංඛ්‍යාවක දුරස්ථ ජීවිත ගලවාගත හැකියාවක් ඇත්නම් එය කළ යුතු යැයි අපේ සවිඥානය අපිට කියයි. ස්වභාව ධර්මයට සියළු ජනතාව වැදගත්. සවිඥානය අපිට දෙන්නේ ඒ දැක්මෙන් කොටසකි. අපේ පුද්ගලික වාසිය උදෙසා අනික් අයට හානි කිරීමෙන් වැළකීමට අපිව පොළඹවන්නේ එයයි.87

රීති හදමින් ඒවා අනුගමනයට අපේ නැඹුරුවීම තවත් ප්‍රයෝජනවත් සහජ ආශයකි. අපේ ක්‍රියාවන් අනෙක් අයට බලපාන්නේ සහ ඔවුන්ගේ ක්‍රියාවන් අපිට බලපාන්නේ කෙසේදැයි අපි දකිමු. ක්‍රම ක්‍රමයෙන් අපි අදහස් වර්ධනය කරගන්නේ සුදුසු හා නුසුදුසු ක්‍රියාවන් මොනවාදැයි තෝරා බේරා ගන්නටයි. මේ ආචාර ධර්ම රීති අපිට දෙන්නේ සෑම අවස්ථාවක දී ම අලුතින් හිතන්නට අවශ්‍ය නොවී, සමාජයේ හැසිරිය යුත්තේ කෙසේදැයි ඉක්මණින් තීරණය කරන මගපෙන්වීමකි. විවිධ සමාජවල එකිනෙකට ටිකක් වෙනස් සම්මුති තියෙන්නට පුළුවනි. ඒත් ඒ හැම ක්‍රමයක්ම සමාජ සුබසාධනය සඳහා පෙනී නොසිටියේ නම් ඒ සම්මුති වැඩිකල් නොගිහින් වඳ වී යනු ඇත. අපි මේ රීති පිළිපදින්නේ සදොස් යැයි කොනහන සවිඥානයකින් ගැලවෙන්නට වුවත්, ඒ තුලින් අපි සමාජයේ හොඳ යහපත්බව ප්‍රවර්ධනයට සහාය වෙන්නන් බවට පත්වෙමු.88

ආචාර ධර්ම සමාජ මනෝවිද්‍යාවක් හැටියට ස්මිත් සැලකීය. ක්‍රියාවන්හි සමහර රීති සමාජය හොඳින් ක්‍රියාකරවන්නට යොමු කරවයි. ඒවා පිළිපදින විට සමාජයක් සමෘද්ධිමත් වේ. ඒවා පිළිපදින්නේ නැති විට, සමාජයක් විනාශ වේ. ස්මිත් ලියන්නේ ඩාවින්ට සියවසකට පෙර. එහෙත් ඔහු පරිනාමීය දැක්මක් ඉදිරිපත් කරන්නට උත්සාහ කරයි: ස්වභාව ධර්මය අපිට සවිඥානය සහ ආචාර ධර්ම ලබා දී ඇත්තේ අපේ පැවැත්ම ආරක්ෂා කරගන්නටයි.

ආචාර ධර්ම සහ මුදල්
ධනවතුන් ද, ඔවුන් අදහස් නොකරම, සෙසු අපේ යහපත සාධනය කරති. ඔවුන් ඉල්ලන සමාජ තත්වයන් හා සුඛෝපභෝගීත්වයන් හදන්නට සියළු ජනතාවට ඔවුන් රස්සා නිර්මාණය කරති. එය විශිෂ්ට සාමානකරණයකි. ධනවත්කමෙන් ලැබෙනවා යැයි කියන යහපත මුලාවක් විය හැකියි, ඒත් ධනවස්තු සොයා යන පුද්ගලයන්ව ඒ අරමුණ සඳහා ඉමහත් සේ වෙහෙසෙන්නට පොළඹවයි. එයින් කර්මාන්ත පමණක් නොව, විද්‍යාව, කලාව සහ විද්වත් ජීවිතය ද, දියුණු වේ.89

පෘතුවිය එහි ජීවින් අතර සියල්ල එක හා සමාන ප්‍රමාණ වලින් බෙදා තිබී ඇත්නම්, ජීවිතයේ අවශ්‍යතාවන්ටත් එක හා සමාන ලෙසකින්ම බෙදාහැරීම සඳහා අදිසි හස්තය විසින් [ධනවත් අයවත්] එයාකාරයෙන්ම දක්කනු ලබයි.90

78 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, I ඛන්ඩය, III සහ IV පරිච්ඡේද
79 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, I ඛන්ඩය, IV පරිච්ඡේදය
80 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, I ඛන්ඩය, V පරිච්ඡේදය, 77 පිටුව, 10 වගන්තිය
81 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, II ඛන්ඩය, III පරිච්ඡේදය
82 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, III ඛන්ඩය, I සහ II පරිච්ඡේද
83 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, II ඛන්ඩය, III පරිච්ඡේදය, 86 පිටුව, 3 වගන්තිය
84 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, II කොටස, II ඛන්ඩය, I පරිච්ඡේදය
85 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, III කොටස, I පරිච්ඡේදය
86 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, III කොටස, II පරිච්ඡේදය
87 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, III කොටස, III පරිච්ඡේදය
88 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, III කොටස, IV පරිච්ඡේදය, 159 පිටුව, 7-8 වගන්ති
89 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, IV කොටස, I පරිච්ඡේදය
90 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, IV කොටස, I පරිච්ඡේදය, 184-5 පිටු, 10 වගන්තිය

—-මෙය ද කළින් සටහනේ සඳහන් කළ සංක්ෂිප්ත පොතේ පරිවර්තනයයි–

අදිසි හස්තය ගැන මම කළින් ලියූ සටහනක් මෙතැනින් කියවන්නට පුළුවනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: