අරුණි ශපීරෝ‍ වෙතින්

ඇලේට හදන ඇල්ටෙයා බිල්ඩිම සහ නවීන සෝපාන

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 10, 2017

යම් වැඩපිළිවෙලකට අවශ්‍ය වූ සහාය ලබාගැනීම සඳහා සෝපානයේ ගමන නවතින්න කළින් තම සැලසුම ඉදිරිපත් කිරීමට තමයි “එලිවේටර් පිච්” කියල කියන්නෙ. ලෝකයේ මුල්ම එලිවේටර් පිච් එක ඉදිරිපත් කරලා තියෙනවා කියන්නේ සෝපානයක් වැඩි දියුණු කළ එලීෂා ඕටිස්.

මේ ඇමෙරිකන් නවෝත්පාදකයා 1853 දී නිව් යෝර්ක් ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ දී නරඹන්නන් ඉදිරියේ සෝපානයේ කඹය කපා දැම්මත් බිමට නොවැටෙන විදියට බ්‍රේක් තියනවා කියල ඔප්පු කරල පෙන්වන්නට සමත් වූණා.

ඉහළට පහළට මිනිස්සු ගෙනියන්න ආරක්ෂිත ක්‍රමයක් ලැබුණ නිසා උස ගොඩනැඟිලි ඉදිකිරීම ලෝකෙ හැම තැනම පැතිරිලා යනව.

ලෝකය පුරා ගොඩනැඟිලි අහස් කුස සිඹිමින් ඉහළ ගියත් තවමත් පාවිච්චි වෙන්නේ ඕටිස් සොයාගත් මේ ක්‍රමයට හැදෙන සෝපාන.

2003 දී එක සෝපානයක් වෙනුවට සෝපාන දෙකක් එකම මාර්ගයේ ඉහළට පහළට යැවීම පටන් ගෙන තියනව. ඒත් කේබල් යොදා ගැනීම තව දුරටත් සිද්ධ වෙනව.

මේ වසරේ දී ජර්මනියේ රොට්වේල් හි පිහිටි ටෙස්ට් ටවර් එකක මල්ටි කියල සෝපානයක් අත්හදා බලන්නට යනව. මේක ජර්මන් සෝපාන කොම්පැණියක් වූ තිසන්කෘප් කළ නවෝත්පාදනයක්. මෙතෙක් උඩට හා පහළට පමණක් ගමන් කළ සෝපාන හරහට ද යවන අත්හදා බැලීමක්. කේබල් නැතිව විතරක් නෙමෙයි, එකම මාර්ගයක සෝපාන ගණනාවක් එකවර ක්‍රියාකරන විදියට.

ඇලේට හදන ඇල්ටෙයා ගොඩනැඟිල්ලට දාන්නේ නම් ඕටිස් සෝපාන කියල ලංකාවේ පුවත්පත් වලින් කියෙව්ව. වෙළඳපොලට මල්ටි ආවම ගොඩනැඟිලි තවත් උසට හැදේවි ද, නැත්නම් හරහට යන සෝපාන නිසා අමුතු හැඩ වලින් ගොඩනැඟිලි වැඩියෙන් ඉදිවේවි ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: