අරුණි ශපීරෝ‍ වෙතින්

මා හට ආර්ථික නිදහස බලපාන්නේ කෙසේද? – තෑගි දිනත හැකි රචනා තරඟයක්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 12, 2017

සෑම සියළු වැසියෙකුටම තිරසාර සමෘද්ධිමත් ජීවිතයක් සාක්ෂාත් කරගැනීම සඳහා ලැබිය යුතු ආර්ථික නිදහස උදෙසා කැපවී සිටින, ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ඇඩ්වකාටා ආයතනය විසින් ඉදිරිපත් කරන රචනා තරඟය ගැන ඔබට දැනුම් දීමට මෙම සටහන ලියමි.

මේ රචනා තරගය වයස 16-24 ත් අතර වූ, පාසැල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත වූවකි. සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මීට සහභාගී විය හැකියි.

රචනා බාරගැනීම අප්‍රේල් 15 වැනිදා විවෘත වෙයි. ඇඩ්වකාටා ආයතනයේ තරඟය ගැන විස්තර සහිත වෙබ් අඩවියට පිවිස එහි කියා ඇති පරිද්දෙන් ඔවුන් වෙත රචනා යැවිය යුතුයි.

ජූනි මස 15 වැනි දිනය ඔවුන් වෙත රචනා යැවිය හැකි අවසන් දිනයයි.

ජූනි මස 25 වැනි දා අවසන් වටය සඳහා තෝරාගත් රචනා විනිශ්චය පටන් ගැනේ.

ජූලි මස 15 වැනිදා ජයග්‍රහාකයන්/ජයග්‍රාහිකාවන් කවුදැයි කියා දැනුම් දෙනු ලැබේ.

මාතෘකාව: “මා හට ආර්ථික නිදහස බලපාන්නේ කෙසේද?”

පාසැල් සිසුන් සඳහා ප්‍රදානය කරනු ලබන ත්‍යාග:
පළමු ස්ථානයට රුපියල් 50,000
දෙවැනි ස්ථානයට රුපියල් 30,000
තෙවැනි ස්ථානයට රුපියල් 15,000 සහ
සහභාගීත්වය සඳහා සහතික ප්‍රදානය කරනු ලබයි.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ප්‍රදානය කරනු ලබන ත්‍යාග:
පළමු ස්ථානයට රුපියල් 100,000
දෙවැනි ස්ථානයට රුපියල් 50,000
කුසලතා සම්මාන දෙකක් රුපියල් 20,000 බැගින් සහ
සහභාගීත්වය සඳහා සහතික ප්‍රදානය කරනු ලබයි.

තරඟයට සහභාගී වෙන අය අතරින් තෝරාගන්නා සිසු සිසුවියන්ට කොළඹ පැවැත්වෙන නායකත්ව සමුළුවක් සඳහා සහභාගීවීමේ අවස්ථාව මෙන්ම සංවිධාකයන් විසින් සියළු වියදම් දරන ඉන්දියාවේ පැවත්වෙන කලාපීය නායකත්ව කඳවුරක් සඳහා සහභාගීවීමේ අවස්ථාවට ද ඉඩ පෑදෙනු ඇත.

වැඩි විස්තර සඳහා එම අඩවිය වෙත මෙතැනින් පිවිසෙන්න.

තරඟයට ඉදිරිපත්වෙන ඔබ සියල්ලන්ටම ජයෙන් ජය පතමි!!!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: