අරුණි ශපීරෝ‍ වෙතින්

කවුරු දිනුවත් වෙනසක් නොවන ප්‍රංශ මැතිවරණය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 23, 2017

අද ප්‍රංශයේ මැතිවරණයෙන් දිනූ ජයග්‍රාහයකන් දෙදෙනා අතර ජනාධිපතිවරණය තව සති දෙකකින්, එනම් මැයි 7 වැනිදා පැවැත්වේ. මරීන් ල පෙන් පරදවා ජනාධිපති තනතුර ලබාගන්නට එමැනුඑල් මැක්‍රෝන් සමත්වෙනු ඇති බව දැනට පෙනී යන්නයි.

මැක්‍රෝන් 2006 සිට 2009 දක්වා සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකු විය. 2009 සිට 2016 දක්වා කාලය තුල තමන් ස්වාධීන යැයි මැක්‍රෝන් කියා සිටියේය. මෙවර ජනාධිපතිවරණයට එකතු වෙද්දී හේ, ඉදිරියට! යන අර්ථය ගෙනෙන En Marche! නමින් අලුත් දේශපාලන පක්ෂයක් හැදීය. එහි වම හා දකුණ දෙපැත්තම අඩංගු වෙනවා යැයි හේ කීය.

මැක්‍රෝන් යුරෝපීය යුනියනය පවත්වාගෙන යන්නට දැඩි ලෙසින් පෙනී සිටින්නෙකි. මායිම් හරහා දිවෙන සංක්‍රමණය ජාතික මට්ටමෙන් පාලනය විය යුතු නැතැයි හේ කියා සිටියි. එසේම, ප්‍රංශයේ ආරක්ෂක ප්‍රතිපත්ති වලින් මුස්ලිම් අයට වෙනස් ලෙසින් සැලකෙන බව ද හේ කියා සිටියි. මෙහි දී පමණක් හේ මරීන් ල පෙන් හා ඍජුවම වෙනස් මගක ගමන් කරයි.

රොත්ස්චයිල්ඩ් බැංකුවල සේවය කරන ලද මැක්‍රෝන් ආයෝජන බැංකුකරුවෙකි. ජනාධිපති අලාන්ඩේගේ ආර්ථික උපදේශක මෙන්ම ඇමතිවරයෙක් ද වූවත් අද ජයග්‍රහණය තෙක් චන්දයකින් තේරීපත් නොවූවෙකි. වයස 39 කින් යුතු අතර ඔහුට වඩා වයස 25 කින් වැඩිමහල් වූ සිය පාසැල් ගුරුවරිය සමඟ විවාහ වී සිටියි. දැනට ඇති 33% න් 25% දක්වා සමාගම් බදු අඩු කරමින් ව්‍යාපාර වලට හිතවාදී පරිසරයක් ප්‍රංශයේ ඇති කරනවා යැයි හේ කියයි.

මැක්‍රෝන්ගේ යෝජනා අනුව සමහර අඩු වේතන ලබන අය සමහර සුබ සාධන ලබන්නට තව දුරටත් සුදුසු නොවෙනු ඇත. එසේම, ආරක්ෂාව සඳහා දළ ජාතික නිෂ්පාදතියෙන් දැනට වෙන්කර ඇති 1.8%, 2% ක් දක්වා ඉහළ දමන්නට හේ යෝජනා කරයි. සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාඩ් විසින් රසායන අවි යොදාගත්තේ යැයි හෙළිවුවහොත් ජාත්‍යන්තර හමුදා මැදිහත්වීමකට මැක්‍රෝන් සහාය පළකර සිටියේය. එය එක්සත් ජාතීන් යටතේ සිද්ධ විය යුතු යැයි ද හේ කියා සිටියේය.

අලුතින් සිරගෙවල් පහළොස්දාහක් ද, අලුතින් පොලිස් නිලධාරීන් දහදාහක් ද බඳවා ගැනීමට මැක්‍රෝන් යෝජනා කරයි.

මැක්‍රෝන් නිර්බාධ වෙළඳපොලක් වෙනුවෙන් පෙනී සිටින බවක් හඟවමින් එසේම විසල් රජයක ප්‍රතිපත්ති වෙනුවෙන් ද පෙනී සිටින්නෙකි. දෙකම එකවර කරන්නට බැරි බව නොදකින්නෙකි.

දෙවරක් දික්කසාද වූ, ප්‍රියාදරයෙක් සමඟ සහවාසයේ සිටින මරීන් ල පෙන් තමාගේ නායකත්වය තාත්තාගේ නායකත්වයෙන් වෙනස් යැයි හඟවන්නට දැඩි උත්සාහයක් ගත්ත ද, ප්‍රංශ වැසියන් බහුතරය එය විශ්වාස නොකළ බව චන්ද ප්‍රතිඵල වලින් පෙනී යයි. ඇයට ප්‍රංශයෙන් මුස්ලිම් අයව නෙරපන්නට වුවමනායි. නේටෝ වලින් සහ යුරෝපීය යුනියනයෙන් ද ප්‍රංශය අයින් කරගන්නට අවශ්‍යයයි. එසේම යුරෝව අත්හැර පරණ ෆ්‍රෑන්ක් මුදල් වෙතට යන්නට ද කැමතියි.

මරීන් ල පෙන් ද පොලිස් බලය වැඩි කරන්නට පෙනී සිටියි. පොලිස් ප්‍රචණ්ඩත්වය හෙළා දකින උද්ඝෝෂණ සියල්ලම තහනම් කරන්න යැයි ඇය රජයෙන් ඉල්ලා සිටියාය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිඳන ලද හිස උස්සා ගත් කැප්ටන් ඇමෙරිකා චරිතය රඟ පෑ ක්‍රිස් එවන්ස් නිරුවත්ව සිටින චිත්‍රය වැන්නකින් ඇයව නිරූපනය වුවහොත් එය ප්‍රංශ විශ්ව විද්‍යාලයක දී ප්‍රදර්ශනයේ තියන්නට ජනාධිපතිනිය වූවහොත් ඇයගෙන් ඉඩක් ලැබේවි යැයි සිතිය නොහැකියි.

මුස්ලිම් හිස් ආවරණ සහ යුදෙව් හිස් ආවරණ වැනි ආගමික සංකේත නිරූපනය ද තහනම් කළ යුතු යැයි ල පෙන් කියයි. රජය ආගමක පැත්තක් ගැනීමට වඩා එහා ගිය පුරවැසියා නිරාගමික කිරීමක් කරා යෑමට ඇය කැමැත්ත දක්වයි.

ආරක්ෂණවාදය ‘ස්මාට්’ විදියට කළ හැකි යැයි ඇය තරයේම විශ්වාස කරයි. පිටරටෙන් එන භාණ්ඩ වලට තීරු බදු ගැසීමෙන් ප්‍රංශ රස්සාවල් ආරක්ෂා කරගත හැකි ඇය කියන්නේ ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ එය එසේ නොවන බව 1850 දී ලොවට පෙන්වා දුන් ප්‍රංශ ජාතික ෆෙඩ්රික් බැස්ටියාට් අමතක කර දමමිනි.

ල පෙන්ට විසල් රජය වෙනස් කරන්නට කිසිම උවමනාවක් නැත. රටට දරාගත නොහැකි රාජ්‍ය අංශයේ වේතන තව වැඩි කරන්නට, තව වැඩියෙන් රජයේ රස්සා හදන්නට සහ කුඩා පරිමාණයේ ප්‍රංශ ව්‍යාපාර වලට ණය දෙන්නට ඇයට අවශ්‍යයයි.

ඉතින්, රටට යහපතක් සිද්ධ වෙන ප්‍රතිපත්ති අතින් ඔවුන් දෙදෙනා අතර වැඩි වෙනස්කම් නැති හෙයින් මැයි 7 වැනිදා කවුරු දිනුවත් ප්‍රංශයේ ලොකු වෙනසක් සිද්ධ වේ යැයි අපේක්ෂා කළ නොහැකියි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. එල ද බ්‍රා මෙන්ඩ said, on අප්‍රේල් 23, 2017 at 8:26 ප.ව.

    හොද ලිපියක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: