අරුණි ශපීරෝ‍ වෙතින්

නාට්සි ජර්මනිය සහ සෝවියට් රුසියාව හවුලේ ඝාතන කළ හැටි

Posted in Uncategorized by arunishapiro on මැයි 30, 2017

1939 නාට්සි-සෝවියට් ගිවිසුම තුලින් පෝලන්තයේ ජනතාව මරා දමන්නට දෙපැත්තම සමත් වූවා පමණක් නොව අනතුරුව රුසියාවේ විසූ ජර්මන් අයව ද රටෙන් පිටුවහල් කරන්නට එම ගිවිසුමෙන් මාර්ගයක් පාදා ගැනිණ.

ඒ වෙද්දී කොමින්ටර්න් හෙවත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ වූ බොහෝ විදෙස් රටවලින් විප්ලවයට එක්වී සිටි අයව ඝාතනය කර, ගුලාග් කඳවුරු වලට ගාල් කර හෝ රටෙන් පිටුවහල් කර තිබිණ. විදෙස් ජාතිකයන්ට එසේ දඬුවම් දෙන බලය සෝවියට් දේශය තමනට පවරා ගත්තේ දීර්ඝ කාලයක් රටේ ඉන්නට නම් බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත යුතු යැයි කියායි. පක්ෂයේ අයට පක්ෂයේ විනය කැඩුවා යැයි දඬුවම් දිය හැකිවිණ. යුගොස්ලාව් (වර්තමාන සර්බියා-කොරේෂියා), ඔස්ට්‍රියා, හංගේරියාව, ප්‍රංශය, ඉතාලිය යනාදී බොහෝ රටවලින් ආ කොමියුනිස්ට් අයව මර්ධනයට එයින් හැකිවිණ.

කොමියුනිස්ට් විප්ලවයට එකතුවන්නට පැමිණි සිටි ජර්මන් ජාතිකයන් රාශියක් ස්ටාලින්ගේ රුසියාවේ විසූහ. ඔවුන් ෆැසිස්ට් විරෝධීන් යැයි කියාගත් අයයි. අත් අඩංගුවට ගැනීම 1933 දී ඇරඹිණ. රුසියාවෙන් ඔවුන්ව පෝලන්ත, ලිතුවේනියා, හෝ ෆින්ලන්ත මායිම් වලට ගෙන ගොස් එහි දී ජර්මන් රජයට බාර දෙන ලදි. සමහර අයව ගෙස්ටාපෝ රහස් පොලීසියට බාර දෙන ලද්දේ ඔවුන් යුදෙව් බව දැන සිටිය දී ම ය. එසේම ඔවුන් ඝාතකාගාර කඳවුරු වල දී මිය යන බව දැන සිටිය දී ම ය.

හිට්ලර් සහ ස්ටාලින් පෝලන්තය බෙදාගත් පසුව, සෝවියට් සිර කඳවුරක සිට ජර්මන් සිරකඳවුරකට සිරකරුවෙක් යැවීම පහසු විය. නාට්සි-සෝවියට් ගිවිසුම ගැන හොඳ හිත පෙන්වීම සඳහා 1939 සිට 1941 දක්වා ජර්මන් කොමියුනිස්ට්ලා 200-300 අතර සංඛ්‍යාවක් ගෙස්ටාපෝ වෙතට බාර දී ඇත. ඔස්ට්‍රියන් කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ සාමාජිකයෙක් වූ ෆ්‍රෑන්ස් කොරිට්ශෝනර් රතු වෙළඳ යුනියන් ජාත්‍යන්තරයේ නිලධාරියෙක් ද විය. එහෙත් පක්ෂ ශුද්ධ මෙහෙයුමක දී ඔහුව උතුරට ගෙන ගොස්, ලුබ්ලින් වල දී ගෙස්ටාපෝ වෙතට බාර දී, අනතුරුව ඔවුන් වියෙනා වෙතට යවා 1941 ජූනි 7 වැනිදා අවුස්විෂ්ට් ඝාතකාගාර කඳවුරේ දී හේ ජීවිතක්ෂයට පත්විය.

යුදෙව්වන් බව දැන දැනම, ඔවුන් කොමියුනිස්ට් විප්ලවය පතුරවන්නට සිය රටවල් තුල සංවිධාන හදා ඒ වෙනුවෙන් කැප වී සිටිය බැව් දැන දැනම, ඒත් පක්ෂය ඇතුලත බල අරගරලය දිනන්නට සහ ජර්මන්-සෝවියට් සබඳතා ආරක්ෂා කරගන්නට ඔවුන් පාවා දුන්හ. එසේ ඔවුන් හිට්ලර්ගේ හමුදාවට බාරදෙන ලද්දේ ඔවුන් ගැන එකතු කරන ලද තොරතුරු ලිපිගොනුවක් ද සමඟ විය.

පලස්තීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ලෙස 1929 සිට 1931 දක්වා කටයුතු කළ ජොසෆ් බර්ගර් ද අත් අඩංගුවට ගෙන සිර කඳවුරකට ගාල් කරන ලදි. එක පැත්තකින් සුප්‍රසිද්ධ විදේශීය යුදෙව්වන් වෙතින් සහාය ලබාගන්නා ගමන් අනෙක් පැත්තෙන් රුසියන් පක්ෂයේ යුදෙව් අංශය මුළුමනින්ම විනාශ කර දමන ලදි.

ඇමෙරිකාවේ යුදෙව් ශ්‍රමිකයන්ගේ කමිටුවේ ලේකම් වූ ජාක් පැට් නමැති වෛද්‍යවරයා 1945-46 හේමන්තයේ දී පෝලන්තයට ගියේ නාට්සි අපරාධ ගැන සොයා බලන්නටයි. ආපසු ඇමෙරිකාවට පැමිණෙන ඔහු සෝවියට් දේශයට පළා ගිය යුදෙව්වන් ගැන ලිපි දෙකක් ලිවීය. ඔහුට අනුව පිටුවහල් කිරීමේ දී, සිර කඳවුරු වල දී, බලහත්කාරයෙන් වැඩගත් ජනපද වල දී, පෝලන්ත යුදෙව්වන් ලක්ෂ හතරක් මිය යන ලදි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙද්දී සෝවියට් දේශය හැදරා පෝලන්ත පුරවැසිකම ලබාගන්නට එක් ලක්ෂ පනස් දහසක යුදෙව්වන් මායිම් හරහා ගියහ.

1930 ගණන් මුල දී ෆින්ලන්තයෙන් 12,000 ක පිරිසක් කරේලියා නම් පළාතේ පදිංචියට පැමිණ සිටියේ සමාජවාදී සිහිනය සැබෑ කරගන්නටයි. ඔවුන් සමඟ ඇමෙරිකාවෙන් පැමිණි ෆින්ලන්ත සම්භවයෙන් යුතු 500 ක් ද එක්වූහ. ඔවුන් බොහොමය 1929 දී කොටස් වෙළඳපොල කඩා වැටීම නිසා දුෂ්කර ආර්ථික තත්වයකට වැටී සිටි ෆිනිෂ් ශ්‍රමිකයන්ගේ ඇමෙරිකන් සංගමයේ සාමාජිකයන් වූහ. ඇම්ටොර්ග් නමින් වූ සෝවියට් දැන්වීම් ආයතනය ඔවුන්ට රස්සා, හොඳ වේතන, නිවාස, සහ නිව් යෝර්ක් නගරයේ සිට ලෙනින්ග්‍රෑඩ් දක්වා නොමිලේ ප්‍රවාහනය සැපයූහ. ඔවුන්ගේ සියළු වස්තු සම්පත් රැගෙන එන්න යැයි ඔවුනට දැන්විණ.

ඔවුන් සෝවියට් දේශයට පය ගැසූ සැනින් ඔවුන්ගේ යන්ත්‍ර, උපකරණ සහ තැන්පතු රාජ සන්තක කරන ලදි. පාස්පෝට් බාර දෙන්නට සිද්ධ විණ. දරුණු දේශගුණික වනාන්තර පෙදෙසක ඔවුන්ව සිර කඳවුරු වල රඳවන ලදි. 1939 වෙද්දී ෆින්ලන්ත සම්භවයෙන් යුතු 20,000 කට නොඅඩු පිරිසක් එසේ සිරකඳවුරු වල සේවය කළහ.

රට ගොඩ නඟන්නට ආපහු එන්න යැයි කියූ ස්ටාලින්ව විශ්වාස කළ ආර්මේනියා සම්භවයෙන් යුතු 3,500 ක් ද ආර්මේනියන් සමාජවාදී උතෝපියාවක බලාපොරොත්තු පොදි බැඳන් මාසෙයි වරායෙන් රොස්සියා නම් නැවට නැඟ්ගහ. ඒ 1947 සැප්තැම්බරයේ දී ය. කළු මුහුදට නැව එද්දීම රජයේ නිලධාරීන්ගේ හැසිරීම් වෙනස් වූ ආකාරය දැක තමන් උප්පරවැටියකට හසු වූ බව බොහෝ දෙනෙක් වටහා ගත්හ. තතු ලොවට සඟවන්නට සමත් වූ බැවින් 1948 දී ඇමෙරිකාවෙන් ගිය ආර්මේනියන් අය 200 ට ද අත්වූයේ ද ඒ ඉරණම මයි. මේවායෙන් ජීවිත බේරාගෙන රුසියාවෙන් ගැලවෙන්නට සමත් වනුයේ පවුල් 60 ක් පමණි.

යුද සිරකරුවන් ගැන වූ 1929 ජීනීවා ප්‍රඥප්තිය සෝවියට් දේශය අපරානුමත කර නොතිබිණ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඔවුන් මිලියන 3-4 අතර සංඛ්‍යාවක ජර්මන් සිරකරුවන් රඳවා ගෙන සිටියහ. 1947 දී 1,003,974 ක් ආපසු යවන ලදැයි සහ විවිධ සිර කඳවුරු වල 890,532 ක් සිටිනවා යැයි මොලටොව් ප්‍රකාශ කළේය. 1950 වෙද්දී ආපසු යැවීම් නිමා කර ඇතැයි සෝවියට් යුනියනය දැන්වූවත්, 1950 මැයි 8 වැනිදා ලක්සම්බර්ග් වැසියන් අඩුම වශයෙන් දෙදාහක් තවමත් නිදහස් කර නැතැයි ලක්සම්බර්ග් රජය කියා සිටියහ.

ගුලාග් සිර කඳවුරු කොතරම් දුරකට කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිළිබිඹු කළාදැයි කිවහොත් සිරකරුවන් අතර කියමනක් විය: රටක් නියෝජනය කරන කෙනෙක් නැත්නම් එහෙම රටක් ලෝකෙ නැහැ.

පෝලන්තය ආක්‍රමණයෙන් පසුව “මේ එහෙනම් මිහිමත ඉන්න දූෂිතයා වෙන්නැති?” යැයි හිට්ලර් කියද්දී “ආ මේ එහෙනම් ශ්‍රමිකයන්ගේ මහා ඝාතකයා?” යැයි ස්ටාලින් කියමින් දෙදෙනා ආචාර කරගැනීමේ කාටූනය විකිපීඩියාවෙන්. එය Evening Standard පුවත්පතේ පළවෙන ලද්දකි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Sunil Silva said, on මැයි 30, 2017 at 9:00 පෙ.ව.

    oya thin USA wala idan unta kade yana ekane karanne.ai ewa witharak ? Americawa Vietnam,Korea,Afgan,Iraq,Syria wala karapu mineemarum ganath liyannako pakshagraahee nowee.

    • arunishapiro said, on මැයි 31, 2017 at 7:44 පෙ.ව.

      Sunil Silva,

      ඔයා ඉතින් ඇමෙරිකාව එකතු වෙච්ච තැනේ පටන් වියට්නාම්, කොරියා, ඇෆ්ගනිස්තාන්, ඉරාක්, සිරියා තත්වය දන්නවානේ. මම ලියන්නම් සෝවියට් සහ රුසියාව ඒවට එකතු වෙච්ච ආකාරය ගැන 😀

  2. chanaka said, on මැයි 30, 2017 at 10:31 පෙ.ව.

    නොදත් කරුනු දැන ගැනීමට ලබා දුන් අවස්ථාවට ස්තූතියි..

  3. Transylvania said, on මැයි 30, 2017 at 1:31 ප.ව.

    A Misfit

    When Stalin forced me to worship his idol
    I turned my back on him
    Then his men said I was a saboteur, enemy of the people
    I was given five years in a labor camp

    When Hitler deported Jews
    I refused to spit on them
    NAZI s told that I was a traitor
    Then punished me with a whip

    I was banished
    Wherever I went
    I was a misfit
    Because I got a mind of my own

    I became tired
    Worshiping cult personality
    While others paid their homage
    I was speechless and became blind

    When they said turn to Right
    Everybody turned except me
    When they said turn to Left
    Everybody obeyed except me

    They knew I had a problem
    I was closely monitored and segregated
    They rejected me like an epidemic
    Always pointed their finger at me

    They took my freedom
    They took my loved ones
    But they couldn’t take my pride

    Ruwan M Jayatunge

    • arunishapiro said, on මැයි 31, 2017 at 7:49 පෙ.ව.

      Transylvania,

      මේ කවි පංතිය වැරදියි. මේ අදහස් හිට්ලර්ගේ සමාජයෙන් හෝ ස්ටාලින්ගේ සමාජයෙන් දකින්නට බැරි ඒවා. ඒ සමාජ දෙකේම වැසියන් කුරිරු මතවාදය පිළිගත් අය. ඒක ක්‍රියාත්මක කරන්න ස්ටාලින්/හිට්ලර් වැනි අය අවශ්‍ය බව නොදැකීම ඔවුන්ගේ ඛේදවාචකය වුණා. ලංකාවේ බහුතරය වගේම එදා ස්ටාලින්/හිට්ලර් අකමැති වූ අයත් ඉල්ලා සිටියේ මේ වැඩ බැරි පාලකයා පලවා හැර වැඩ පුළුවන් පාලකයෙක් පත්කරගන්න කියා මිසෙක කුරිරු මතවාදය වෙනස් කරන්න කියා නෙමෙයි.

      නිදහස ඉල්ලන්නට පෙර නිදහස කියන්නේ කුමක්දැයි දැන සිටින්න අවශ්‍යයයි. මේ කවියේ කියැවෙන සේ ම, ලංකාවේ බහුතර ජනතාව සහ ලෝකයේ බොහෝ අය දැනුදු නිදහස කියමින් ඉල්ලා සිටින්නේ අනෙකාගේ වෙහෙසේ ඵලදාවට අයිතිය කියත හැකි ක්‍රමය ලේ හැලීමෙන් තොරව ක්‍රියාත්මක කරන නායකයෙක් හොයා දෙන්න කියා පමණයි.

      වෙනෙකෙකුගේ වෙහෙසේ ඵලදාවට අයිති කියන්න ඉල්ලා සිටින තාක් කල් අයෙකුට ඇති Pride එක ගැන මොන කතා ද!

      තවත් විදියකින් කිව්වොත්, කවි පංතියෙන් කියැවෙන්නේ මිනිස් ස්වභාවයෙන් කරන්න බැරි දෙයක් සහ ලෝක ස්වභාවයට අනුව සිද්ධ නොවන දෙයක් කරන්න ජගතෙක් සොය සොයා සිටීමයි.

  4. Manoj said, on මැයි 31, 2017 at 12:58 පෙ.ව.

    නාට්සි ජර්මනිය දෙවැනි ලෝක යුද්ධය අවසානයත් එක්ක බිඳ වැටුනත් සෝවියට් දේශයයේ මර්ධනයන් තවත් කාලයක් පුරාවටම තිබ්බා/තියෙනවා නේද ?
    සෝවියට් ප්‍රචාරණයන් හිට්ලර් විසින් “ජෝසෆ් ගොබෙල්ස්‌” යොදාගෙන කරන ලද ප්‍රචාරණයන්ට වඩා ඉදිරියෙන් තියෙන්න ඇති කියලා මම හිතනවා.හිට්ලර් විසින් ආර්ය ජර්මන් අධිරාජ්‍යක් වෙනුවෙන් සෘජුව පෙනි සිටින විට ඊට ඉඳුරාම වෙනස් මාර්ගයක් කියා පෙන්වමින් සෝවියට් දේශය ගමන් කර තිබෙන්නේත් නාට්සි පාලකයින් ගිය මාවතට සමාන්තර මාර්ගයක වගේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: