අරුණි ශපීරෝ‍ වෙතින්

සෝවියට් කතාව (2008)

Posted in Uncategorized by arunishapiro on ජූනි 13, 2017

මෙය යුරෝපීය පාර්ලිමේන්තුවේ UEN කණ්ඩායමේ අනුග්‍රහයෙන් නිර්මාණය කරන ලද වාර්තාකරණයකි. ලැට්වියන් ජාතික එඩ්වින්ස් ස්නෝර් ලියා අධ්‍යක්ෂණය කරන ලදි. සෝවියට් කොමියුනිස්ට්වාදය සහ 1941 වසරට පෙර සිද්ධ වූ සෝවියට්-ජර්මන් ඒකාබද්ධ කටයුතු ගැන මෙහි සවිස්තරව හෙළිදරව් කරයි. ස්නෝර් දේශපාලන විද්‍යා පශ්චාත් උපාධියක් ලැබුවෙකි. වසර 10 ක් පුරා මේ සඳහා තොරතුරු එකතු කරන ලද්දෙකි. වසර දෙකක දී රුසියාවේ, යුක්රේනයේ, ලැට්වියාවේ, ජර්මනියේ, ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ සහ බෙල්ජියමේ දී මෙහි දර්ශන හේ රූගත කරන ලදි.

2008 මැයි මාසයේ දී එය යුරෝපීය පාර්ලිමේන්තුවේ දී මුලින්ම තිරගත විය. අනතුරුව එහි කිහිප වතාවක්ම ප්‍රදර්ශනය කරන ලදි. එය ජාතික රූපවාහිනී මඟින් රටවල් 10 ක පමණ පෙන්වා ඇති අතර සිනමා උත්සව වල දී සම්භාවනීය සම්මාන ද දිනාගත් වාර්තාකරණයකි.

පසුගිය බ්ලොග් සටහන් තුලින් මම ඉදිරිපත් කළ විස්තර බොහොමයක් මේ වාර්තාකරණයෙන් ඔබට දකින්නට සහ අහන්නට පුළුවනි.

නාට්සි ජර්මනියෙන් පසුව ඒ දේශයන් තුල නාට්සි ක්‍රියාකලාපය හෙළා දකින ලද වුවත්, රුසියාවේ එවැනිම වූ සෝවියට් ක්‍රියාකලාපය අද වනතුරු එහි කිසිවෙක් අර ලෙසින්ම හෙළා දැක නැති බව මේ වාර්තාකරණයේ තර්කයයි. ස්ටාලින්ගේ මරණයෙන් පසු පසු සෝවියට් පාලකයන් ඇයිද කිව නොහැකි වූ උන්මාද යුගයක් අවසන් කළ ලෙසකින් කටයුතු කළහ. උදාහරණයක් හැටියට ලෙනින්ගේ මිනීපෙට්ටියට ‘කරගැසූ’ ඇනස්ටාස් ඉවානොවිච් මිකොයාන් ස්ටාලින්, කෘශ්නෙව්, සහ බ්‍රෙෂ්නෙව් සමඟ පාලනයේ යෙදුනෙකි. ඔහු කියුබන් මිසයිල අර්බූදයේ කියුබාවටත් ඇමෙරිකාවටත් සිය පුතා වූ සර්ගෝ සමඟින් පැමිණියෙකි. එසේම, ජෝන් කෙනඩිගේ අවමංගල්‍ය උත්සවයටත් සහභාගී වූවෙකි. කෘශ්නෙව් මෙන්ම ඔහු ද ස්ටාලින්ගේ පාලනය ගැන සටහන් තබන ලද්දේ තෝරාගත් කොටස් පමණකි.

විසිවැනි සියවසේ ඉතා වැදගත් එසේම ඉතා විශාල වූ කොටසක් අමතක කර දමමින්, නොසලකා හරිමින් සහ වෙනස් විදියකට නැවත ලියමින් ප්‍රදානය කරන ලද ඉතිහාසයක් අපි ඉගෙන ගෙන ඇති බව මෙය සියළු පුද්ගලයන්ට මතක් කර දෙයි.

නාට්සි සහ සෝවියට් ක්‍රම දෙකේ දේශපාලන සහ දාර්ශනික සමානකම් ගැන මෙම වාර්තාකරණයෙන් දැකිය හැකියි. එසේම නාට්සීන්ගේ හොලකෝස්ට් වෑයමට සෝවියට් දේශය උදව් කළ ආකාරය ද මෙයින් පෙන්වයි.

මෙම චිත්‍රපටිය හෑල්ලු කරන්නට රුසියාව උත්සාහ කළ ද, එහි සඳහන් කරුණු අසත්‍ය යැයි නිශ්ප්‍රභා කරන්නට ඔවුනට නොහැකියාව ඉතා වැදගත් වූවකි. මේ කරුණු නිවැරදි යැයි තව තවත් සාක්ෂි ඉදිරියේ දී හෙළිදරව් වීම වළක්වන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත.

ප්‍රධාන ජනමාධ්‍ය වෙතින් බලාපොරොත්තු නොවී, ලෝකයේ අල්පයක් වූ සිංහල බසින් කතා කරන ජනතාව අතට ද මෙවැනි දුලබ තොරතුරු ගෙනියන්නට මා වැනි ගෘහණියකට අවස්ථාව පෑදී ඇති ලෝකයක අද අපි ජීවත්වෙන නිසා ද සෝවියට් රුසියාවේ කුරිරු ඉතිහාසය තව දුරටත් ලොවෙන් වසන් කරනු නොහැකියි.

මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ මේ සෝවියට් කතාව නැරඹිය යුතුයි. ඉතිහාසය, දේශපාලනය, නීතිය හදාරන සිසු/සිසුවියෙක් නම් එය නොවරදවාම නැරඹිය යුතුයි. ඕනෑම දේශපාලන තනතුරක් හොබවන අයෙක් වේ නම් එයා ද මෙය නැරඹිය යුතුමයි.

දුකින් දොම්නසින් හද කම්පා කරන ඡායාරූප සහ දර්ශන සහිතයි. මේ කුරිරු ක්‍රියා ගැන ගැන මිනිස් හිතක් පපුවක් ඇති ඕනෑම අයෙක් කම්පා විය යුතුයි. ඉතිහාසය දැන ගැනීමෙන් නැවත එවැනිම වැරදි කිරීම වළක්වාගත හැකි යැයි කියද්දී අදහස් කරන්නේ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගැනීමයි. සමාජයේ ආරක්ෂාවට කියමින් මෙවැනි නායකයන්ට පාලන බලය අල්ලා ගැනීමට ඉඩ නොදීමට හැකියාව ඇත්තේ සැබෑ මිනිස් දයාව හඳුනන අයට පමණි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. chanaka said, on ජූනි 13, 2017 at 7:49 පෙ.ව.

    වටින දෙයක්…. මට ඔයාලාගේ ඔය සංවිධානය ගැන දැනගන්න ආසයි….විස්තර සපයන්න..

    චානක


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: