අරුණි ශපීරෝ‍ වෙතින්

වසන්ත සුළඟ මෙහෙයුම හෙවත් පැරීසියේ යුදෙව් සංහාරය

Posted in Uncategorized by arunishapiro on ජූනි 30, 2017

1942 ජූලි 16 සහ 17 වැනි දිනයන් හි වසන්ත සුළඟ මෙහෙයුම නොහොත් වෙල් දිව් (Vel’ d’Hiv) නමින් අද හැඳින්වෙන පැරීසියේ යුදෙව්වන් ගාල් කර ජීවිතක්ෂයට යැවීම සිද්ධ විණ. ඔවුන් අල්ලා ගෙන ගියේ නාට්සීන් නොව පැරීසියේම පොලීසිය විසිනි. ඒ නිසා ඔවුන්ගේ අවසානය දක්වාම ඒ පැරීසියේ උපන් දරුවන් සහ ඔවුන්ගේ යුදෙව් දෙමව්පියන් ප්‍රංශ පොලීසිය තමන් ආරක්ෂා කරාවි යැයි විශ්වාසයෙන් සිටියහ.

වෙලඩ්‍රෝම් කියන්නේ ගෘහස්ථ බයිසිකල් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනයකි. මෙය හේමන්තයේ වෙලඩ්‍රෝම් හැටියට හැඳින්වූ තැනයි. ගෙවල් වලින් රාත්‍රියේ ගාල් කරගත් යුදෙව්වන් බහුතරය රඳවා තැබෙන්නේ එහිය. මෙහෙයුම රාත්‍රියේ සිද්ධ වෙන්නේ ‘ලැජ්ජාවෙන්’ ගැලවීම සඳහා ය. ප්‍රංශය ලෝකයට පෙන්වූයේ ඔවුන් නාට්සීන් හා එකතුව වැඩ නොකරනවා කියායි.

නාට්සීන්ගේ දැක්මට සහාය දුන් ප්‍රංශ මිලීෂීයාව මේ ගාල් කිරීමට පුරෝගාමී වූවා යැයි සැලකේ. නාට්සීන්ට සහාය වූ එවැනි සංවිධාන කිහිපයක් ප්‍රංශයේ විය.

යුදෙව්වන් 13,152 ක් අත් අඩංගුවට ගත් බවට නිල වාර්තා පවතී. ඒ අතරින් 4,051 ක් දරුවන් වූහ. යුදෙව් පිරිමින්ව අත් අඩංගුවට ගැනේ යැයි කටකතා පැතිර යාම නිසා ඔවුන් සැඟවුන බව කියැවේ. ඒ නිසා අල්ලා ගත් පිරිමි සංඛ්‍යාව අඩු වූහ. කාන්තාවන් සහ දරුවන් තමනට ප්‍රංශ පොලීසියෙන් කිසිදු හානි නොවේ යැයි ගෙවල් වල රැඳී සිටි බැවින් ඔවුන් පහසුවෙන් ගාල් කරන්නට හැකිවිණ.

වයස 16 ට අඩු දරුවන් ගාල් කළා යැයි ප්‍රංශ පොලීසියට දෝෂාරෝපණය එල්ල වූවද, ඒ නියෝගය නිකුත් කරන ලද්දේ පියෙර් ලවාල් නම් ප්‍රංශයේ අගමැතිවරයෙක් ද වූවෙකි. ඔහුගේ විද්වත් දැනුම අනුව දෙමව්පියන් සමඟ දරුවන් ද මරණ කඳවුරුවලට එකට යැවීම ‘මානුෂික’ ක්‍රියාකලාපය විය. එසේම ප්‍රංශ නිලධාරීන් මෙහෙයුම සංවිධානය කරද්දී විදේශයන්හි ඉපදුන යුදෙව්වන් පමණක් ගාල් කරන්නට සැලසුම් කළහ. ප්‍රංශයේ වාසය කළ විදෙස් යුදෙව්වන් තුරන් කිරීම ගැන තමන් සතුටු වේ යැයි ලවාල් විසින් ඇමෙරිකන් රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙක් සමඟ කියන ලදි. ඒත් සැලසුම් හදන්නට දන්නවා කියාගන්නා ආණ්ඩු හැමදාම එසේ නොදන්නා බව ක්‍රියාවෙන් පෙන්වීම එහි දී ද දකින්නට ලැබිණ. මරුමුවට යැවූ දරුවන් සියල්ලන්ම වාගේ ප්‍රංශයේම උපන් වැසියන් වූහ.

බයිසිකල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඔවුන්ව රඳවා තැබෙන ලද්දේ ඉතා අමානුෂික වූ තත්වයන් යටතේ ය. ආහාර සහ වතුර මෙන්ම වැසිකිළි හෝ ස්නාන පහසුකම් ද නොමැති විය. අනතුරුව හරක් ප්‍රවාහනය කරන දුම්රිය පෙට්ටි වලින් ඔවුන්ව අවුශ්විට්ස් කරා යවන ලදි.

1942 වසරේ දී ප්‍රංශයෙන් අවුශ්විට්ස් වෙත යවන ලද යුදෙව් සංඛ්‍යාව 42,000 කි. ඒ අය අතරින් යුද්ධය නිමා වී ආපහු ප්‍රංශයට පැමිණෙන්නේ 811 දෙනෙක් පමණි.

1995 ජූලි 16 වැනි දා ප්‍රංශ ජනාධිපති ජාක් චිරාක් රජය සම්බන්ධ වී කළ ඒ අපරාධය ගැන ප්‍රසිද්ධියේ සමාව ඇයදීය. ප්‍රංශ පාසැල් ඉතිහාස පෙළ පොත් වලින් ප්‍රංශයේ දරුවන්ට මේ ගැන උගන්වන්නේ නැත. ගින්නක් නිසා දැවී ගිය වෙලඩ්‍රෝම් එක පිහිටන ස්ථානයේ අද රජයේ අමාත්‍යාංශ ගොඩනැඟිල්ලක් පිහිටයි. මේ ගැන දැනුවත් කරන ඵලකයක් එතැන දිස්වේ. 2017 දී මරීන් ල පෙන් එම සිද්ධියට ප්‍රංශයේ කිසිත් වගකීමක් නැතැයි කියා සිටියාය. මෙම සිද්ධිය ප්‍රංශයේ දීර්ඝ ඉතිහාසයේ ඉතා සුළු සිද්ධියක් වුවත් එය ප්‍රංශ වැසියන්ට නිදහස, සාමානාත්මතාවය සහ සහෝදරත්වය පෙරදැරි කරගෙන කළ විප්ලවය ගැන යළි සිතා බලන්නට පොළඹවන්නකි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on ජූනි 30, 2017 at 12:28 ප.ව.

    Harima lassanai wagema dukai. Thanks.

  2. Manoj said, on ජූලි 3, 2017 at 7:02 පෙ.ව.

    උඩින් පෙන්නුවේ නැති උනාට ජර්මනියට විරුද්ධව කටයුතු කරපු යුදෙව් විරෝධි යුරෝපා රටවල් තවත් තිබ්බා නේද ?

    • arunishapiro said, on ජූලි 3, 2017 at 8:23 පෙ.ව.

      Manoj,

      උඩින් පෙන්නුවේ නැති වුනාට යුදෙව් විරෝධය යුරෝපීය රටවල අදත් දකින්න තියෙනව. යුදෙව්වන් ගැන සටහන් පේලියක් ලිව්ව, මේ සබැඳියෙන් ගිහින් ඒවා කියවන්න හැකියි. හිට්ලර්ගේ විප්ලවයට හෛයිඩෙගර් ආත්මයක් සපන්න කළින් ඉඳල යුරෝපීය රටවල එය දකින්න තිබ්බ. ඒ අය අතර විතරක් පවතිනවා වෙනුවට පොවන ලද හෛයිඩෙගර් දර්ශනය හිට්ලර් අතින් සියල්ලන්ගේම මනස් විකෘති කරන්න බලපෑව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: