අරුණි ශපීරෝ‍ වෙතින්

අපි යනකොට මල් සුවඳයි!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 25, 2017

මේක මෙහෙ වෙළඳපොලේ නැඟලා යන අලුත්ම නිෂ්පාදනයක්. ගොඩක් අය අතරෙ හුවමාරු වූ නත්තල් තෑගි වලට එකතුවෙච්ච බව කියන්න ඕන.

ඉස්සර දවසක අනතුරුදායක ගෑස් වැඩපොළක් ගැන ගැන ලියපු මේ සටහන මතක ඇතිනෙ. උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වගේ නෙමෙයි හැමෝම. සාමාන්‍ය මිනිස්සු නිතිපතා යන්න ඕන මේ වැඩේට. ඉතින් වැඩේ පටන් ගන්න කළින් කොමොඩ් එකේ වතුරට සැරයක් දෙකක් ස්ප්‍රේ කරලා වැඩේ පටන් ගන්න විතරයි තියෙන්නෙ. මල් සුවඳක් මිසෙක වෙන ගන්ධයක් පළාතේ නැහැ. ඒකෙන් කරන්නෙ වතුරෙන් උඩට ගඳ ඒම වැළැක්වීමයි. වතුර බාල්දියක් අරන් යන්න වෙන ටොයිලට් එකක දී ඉතින් මේකෙන් වැඩක් වෙන්නෙ නෑ.

නැචුරල් එසෙන්ෂල් ඔයිල් වලින් හදලා තියෙන මෙයින් ටොයිලට් එකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නවාතැන්පලක් හවුලේ බෙදාගන්න අයට, කාමර ගොඩකට පොදු වැසිකිළි තියෙන නේවාසිකාගාර වල දී සහ ඒ වගේම කන්තෝරුවක දී එහෙම අනිත් අයට කරන සෑහෙන සේවයක් තමයි මෙය භාවිතය.

මේ ස්ප්‍රේ එක අති සාර්ථක බව අත්හදා බැලුවට පස්සෙ තමයි සටහන එකතු කරන්නෙ. සාද සමයේ බොන එක ගැනත් ලියපු මේ සටහන මතක ඇතිනෙ. ඒත්, ටොයිලට් එකට දාන වමනෙ ගඳත් මේකෙන් නවත්වනවාදැයි අත්හදා බලන්න කෙනෙක් තවම නම් හමුවුනේ නෑ.

ඉස්සර කාලේ රජවරුන්ටත් නැති පහසුකම් අද සාමාන්‍ය අපිට!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. ravi said, on ජනවාරි 9, 2018 at 4:23 පෙ.ව.

    What the hell are you eating? flower petals?…:)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: