අරුණි ශපීරෝ‍ වෙතින්

අනෙකාගේ දේපල අයිතියට ගෞරව කිරීමේ හැදියාව

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2018

කියවන්න ලියන්න දැන සිටියාට දේශපාලන සාක්ෂරතාව ගල් යුගයේ තරමින් ඇතැයි දක්වන කාටූනයක්, ගල් යුගයේ තරමින් දේශපාලන සාක්ෂරතාව ඇති අයත් බෙදා ගනිද්දී සිනා නොවී සිටිය හැකිද?

ලංකාව තුල බහුලව දකින්නට ලැබෙන්නේ එකම පැත්තක අදහස් පොදිබැඳගෙන විරුද්ධවාදීන් ලෙසින් පෙනී සිටින අය පමණි. අනෙක් පැත්තේ අදහස් මොනවාදැයි කියා හෝ දැනසිටින්නේ ඉතාමත් අල්පයකි.

යුක්ති සහගත හැදියාව ගැන ඕනෑම සමාජයක පවතින රීති වලට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒවා ඇරඹුනේ කුමන කාලයේ දී දැයි හෝ කියන්නට නොහැකි තරම් ඈත අතීතයක සිට ඒවා පැවත එන බව පමණක් පෙනී යයි.

ඒ යුක්ති සහගත හැදියාව ගැන පවතින රීති මෙසේ දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පැවත එන්නේ මිනිසා ඒ සදාචාර අගැයුම් පිළිපදින ලද නිසයි. ඒ අගැයුම් පිළිපැදීම කැමැත්තෙන් අනුගමනය කළ හෙයින් ඒවායෙන් සංකීර්ණ පරිසිද්ධිමය පද්ධති හදන්නට හැකියාව ලැබිණ.

එහි දී වැදගත් පරිසිද්ධි රඳා පවතින්නේ පවතින අගැයුම් මත මිසෙක, ඒවායෙන් ඇතිවන පරිසිද්ධිමය ප්‍රතිවිපාක ගැන ඇති දැනුමක් නිසා නොවන බවත් පෙනී යයි. එනම්, ඒ ඒ අවස්ථාවේ දී අයෙකුගේ හැදියාව තීන්දු කරන්නේ, රීති පිළිපැදීම නිසා ඇතිවෙන ප්‍රතිඵලය ගැන තමන්ට ඇති පෞද්ගලික වූ අත්දැකීමක් නිසා නොවේ. රීතිය පිළිපැදීම නිසා ඇතිවෙන ප්‍රතිඵල ගැන ඇති විශ්වාසයක් නිසයි.

අගැයුම් වලින් සිද්ධවෙන ක්‍රියාව ගැන නොදැන, අගැයුම් පිළිපදින හැදියාව පෙන්වන්නේ එසේ හැසිරෙන ඔවුන් මේ ලැබෙනවා යැයි සැලකෙන ප්‍රතිඵලය පරම අගයකින් පවතින ලෙසින් පිළිගෙන ඇති බවයි.

අපිට දායාද වී ඇති සදාචාර අගැයුම් ක්‍රමය යනු වෙනත් අගැයුම් පිළිපැදීම නිසා දායාද වූවකි. එය ඉලක්කය නොවීය. එය බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයයි.

වෙනත් පවතින අගැයුමක් නිසා මේ අගය තවත් අගයක් හා ගැටීම එක අනුෂංගයකි. එහෙම නැත්නම් පිළිගත් අගැයුම නිසා තවත් අගැයුමක් පිළිගන්නට සිද්ධ විය හැකියි. ඒ, අගයන් දෙක අතර තාර්කික සබඳතාවයක් පැවතීම නිසා නොවේ. එසේ ලැබී ඇත්තේ, අරමුණ නොවූ පරිසිද්ධි නිසා හටගන්නා ලද නොසිතූ අනුෂංගයන් ක්‍රියාවට නංවන්නට සිද්ධ වීම නිසයි.

මෙයාකාරයෙන් විවිධ අගයන්, ඒවා ඇතිකරන පරිසිද්ධි නිසා ඇතිවන ප්‍රතිඵලයන් මත එකිනෙකට බැඳී පවතින අවස්ථා ගණනාවක් මිනිසා හමුවට එයි. ඒවා එකිනෙකට පරස්පර විරෝධී ලෙසින් පෙනුනද, එහි දී අප නොදකින කාරණයක් ඇත. ඒවා එකිනෙක මත රඳා පවතී. එකක් අනුගමනය කිරීම නිසා පමණින් අනික අනුගමනය ද සිද්ධ වේ.

ශිෂ්ටාචාරය යැයි අප සලකන්න රඳා පවතින්නේ විවිධ විෂම පුද්ගලයන් එකිනෙකා හා කටයුතු කරන්නට හැඩගැසී ඇති ආකාරයයි. කැමැත්තෙන් එකිනෙකා හා කටයුතු කරන තත්වයක් ඇතිවෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ දේපල පෞද්ගලික යැයි පිළිගන්නට ඉදිරිපත් වෙන්නේ නම් පමණි. මෙය වර්තමානයේ අවබෝධයෙන් හෝ ඒ ගැන විචාරාත්මක දැනුමකින් තොරව පවතින, ඉලක්කය නොවූ, බලාපොරොත්තු නොවූ, ප්‍රතිඵලයයි.

ඉඳහිටෙක මගේ ඉතිරි මුදල් දෙන්න යැයි කියා හඬනඟන්නට හෝ මගේ කොපි රයිට් උල්ලංඝණය කරන්න එපා යැයි හඬනඟන්නට උග්‍ර වාමාංශිකයා පවා ඉදිරිපත් වෙන්නේ පොදු දේපල අගයන ඔවුන්ටත් නොදැනීම ඔවුන් පෞද්ගලික දේපල අයිතියේ වැඩි අගැයුමක් ඇතැයි පිළිගැනීම නිසයි.

ඒකීය පුද්ගලයන් තුල පවතින විවිධ අසමාන හැදියාවන් හැඩගැසී ඇත්තේ ද, යම් සමස්ත ක්‍රමයක් වර්ධනය වී ඇත්තේ ද, යම් ආකාරයක රීති සමූහයක් අනුගමනය නිසාවෙන් කියා පැහැදිලි කරගන්නට අසමත් වීම නිසා ඉහත වැනි අවස්ථාවන් අතර සම්බන්ධය ද පහදා ගන්නට හැකියාව නැති වී යයි.

කරන කියන දේවල් හෙවත් ‘හැදියාව’ නැත්නම් ‘පරිචය’ ගැන කතාබහ කරද්දී මිනිසා ඒවා සදාචාර අගැයුම් ලෙසින් හැටියට දක්වති. ඉතින් ඒ නිසා, සියළු පුද්ගලයන්ගේ ක්‍රියා කටයුතු වලට මගපෙන්වීම පිණිස අගැයුම් පද්ධතියක් හදන්නට හැකි යැයි ද මේ අය විශ්වාස කරති.

සමාජයක් පදනම්ව ඇති අගැයුම් දිගින් දිගටම එසේම පවතීවි යැයි උපකල්පනයෙන් යුතුව, යම් ඉලක්කයක් කරා යන්නට මගපෙන්වන පද්ධතියක් හදන්නට මොවුන් යෝජනා කරති. ඒත් සමාජයේ පැවැත්මට නැතිවම බැරි අගැයුම පිළිගන්නට සිද්ධවෙනවාය යන්න නොසලකා හැර ඔවුන් අගැයුම් වැඩි දියුණු කරන්නට හා වෙනස් කරන්නට උත්සාහ ගනිති.

දියුණු කරන්නට හදන තත්වය වෙනුවෙන් තර්ක කරද්දී, සමස්ත ක්‍රමය රඳා පවතින පදනම කඩා බිඳ දමන්නේය යන්නටත් තමන් තර්ක කරන බව ඔවුන්ට පෙනෙන්නේ නැත. අගයන් සහිත ප්‍රස්තුත වලින් හෙතෙම තර්ක කළ යුතු බව ඔහුට වැටහෙන්නේ නැත. අතාර්කික වූ ප්‍රස්තුත වලින් තර්ක කරද්දී අගැයුම් නැති නිගමන කරා එළඹෙන බවත් එවැන්නෙකුට වැටහෙන්නේ නැත.

යම් හැදියාවක් සදාචාර අගැයුමක් තුලින් මගපෙන්වීමක් ලැබෙන්නේ ඒ අගැයුම කුමක්දැයි වටහාගෙන ඇත්නම් පමණි. දේපල පිළිබඳ රීති නොදන්නේ නම්, ඒ ගැන හැදුණු නීති කැඩුවේ නැති වුවත් අනෙකාගේ දේපල අයිතියට ගෞරව කිරීමේ හැදියාවක් ඇති නොවේ. අනෙකාගේ දේපල අයිතියට ගෞරව නොකරද්දී, අගැයුම් ගැටීම් තුලින් අත්විඳින්නට ලැබෙන අනුෂංගික ප්‍රතිඵල හඳුනාගන්නට ද එවැන්නා අපොහොසත් වෙයි.

පෞද්ගලික දේපල අයිතිය යනු සදාචාර අගැයුමක් වෙන්නේ ඇයිදැයි විචාරය කරන මහජන සංවාදයක් මෙතෙක් ලංකාවේ සිංහලෙන් සිද්ධ වූවායි කියන සාධකයක් මා කොතැනක හෝ දැක නැත්තෙමි. ඉඩම් අයිතිය සීමා කරමින් පෞද්ගලික දේපල රජයට පවරා ගත් පාලන සමයේ එවැනි සංවාද වලට ඉඩ නුදුන්නේ ද? රජය විසින් නොමිලේ බෙදූ අධ්‍යාපනයෙන් සිංහලයාව ඔහුගේ සදාචාර අගැයුම් පදනම ගැන විචාරාත්මකව විමසීමෙන් අයින් කර තැබුවාද? තවමත් ඔහුව එයින් අයින්කර දමා ඇත්නම් ඒ ඇයි?

යුක්තියේ පදනම ගැන කතා නොකර, යුක්තිය ගැන සංවාදයට යෑම විහිළුවකි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on පෙබරවාරි 23, 2018 at 12:50 පෙ.ව.

    සදාචාෙය් පදනම පුද්ගලික ෙද්ෙපාල. තමාෙග් පුද්ගලික ෙද්ෙපාල අාරක්ෂාව වෙග්ම අෙනකාෙග් පුද්ගලික ෙද්ෙපාල අයිතිය පිලිගැනීම සදාචාරයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: