අරුණි ශපීරෝ‍ වෙතින්

ඇල්ෆ්‍රඩ් අයි. ඩුපොන්ට් ගොඩනැඟිල්ල

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2018

තට්ටු 17 කින් යුතුව 1939 දී ඉදිකළ ඇල්ෆ්‍රඩ් අයි. ඩුපොන්ට් ගොඩනැඟිල්ල, මහා අවපාතයෙන් පසුව ආර්ථිකය යළි පියවි තත්වයට එන බව දක්වමින් මයාමි නගරයේ ඉදි වූ ස්කයිස්කේපර් හෙවත් ප්‍රථම අහස්කුස සිඹින ගොඩනැඟිල්ල විය.

1930 ගණන් හි දී ඇමෙරිකන් ගොඩනැඟිලි ඉදිකිරීමේ දී “කලාපීය” බවක් විශේෂ ලෙසින් හුවාදක්වන්නට ගත් මෙහෙයුමක් පැවති බව මේ ගැන සොයද්දී දැනගන්නට ලැබිණ. ගොඩනැඟිල්ලේ “නූතන” යැයි සැලකෙන ලද හැඩරුව, එය නිර්මාණයට යොදාගත් අමුද්‍රව්‍ය සහ එහි ඇතුලත ඇති විශේෂ ලක්ෂණ සියල්ල මේ මෙහෙයුමේ ලක්ෂණ වලින් යුතුය.

මහා අවපාතයෙන් ගැලවෙන්නට යැයි කියමින් රජය විසින් බරපැන දරමින් රැකියා අවස්ථා ලබාදුන් ව්‍යාපෘති අතරෙන් එකක් හැටියට මේ බිල්ඩිම සැලකේ. එනම්, මහජන මුදල් වැය කරමින් මහා අවපාතය තවත් දීර්ඝ කළ තවත් රාජ්‍ය වෑයමකි. පොදු ජනතාවට සෙත සලසන නාමයෙන් රජය හා එකතු වූ සමහර ව්‍යවසායකයන්ට විශේෂ ලෙසින් සලකන ලද අවස්ථාවක් යැයි ඉතිහාසය මෙහි දී සාක්ෂි දරයි.

මෙම බිල්ඩිමේ තට්ටු දෙකක් දෙවැනි ලෝක යුද්ධයේ දී නාවුක හමුදාවේ බලඇණියක මූලස්ථානය කර ගැනිණ. කිසිදා ගිල්වන්නට නොහැකි යන අර්ථයෙන් “U.S.S. Neversink” යැයි එවක එය හැඳින්විණ.

දක්ෂ කලාත්මක හැකියාවන් යොදවා තනන ලද්දකි. එහි ඇතුලත දොර ජනේල, කුළුණු සහ සිවිලිම සරසා ඇත්තේ මේ පළාතට විශේෂ සංක්‍රමණිකයන් සේ ම, එහි විසූ සෙමිනෝල් ස්වදේශීන්ගේ එදිනෙදා ජීවිත විදහා පාන රටාවලිනි. එසේම පළාතට විශේෂ වූ තුරු ලතා, අන්නාසි, වද මල්, පොල් ගස්, පාම් ගස්, මුහුදු ලිහිණියන්, කොක්කු, ෆ්ලැමින්ගෝ, පෙලිකන් යනාදී පක්ෂීන් නිරූපනය කරන චිත්‍ර හැම අත පිරී පවතී.

1939 දී බිල්ඩිම ඉදිකරන්නට ඩොලර් මිලියන 2.5 ක් වැය කර ඇත. එම ස්ථානයේ පිහිටන ලද මහාමි නගරයේ සුප්‍රසිද්ධ ගොඩනැඟිල්ලක් හැටියට සැලකුණු හැල්සියන් හෝටලය කඩා දමා එතැන ඉදිකළ මේ ගොඩනැඟිල්ල ඇල්ෆ්‍රඩ් අයි. ඩූපොන්ට් සිහිකරනු පිණිස ඔහුගේ නමින් හඳුන්වා, ඩූපොන්ට් මෙහෙයවන ලද ෆ්ලොරීඩා ජාතික බැංකුවේ මූලස්ථානය බවට පත් විය.

එකළ අලුත් අදහසක් හැටියට සැලකෙන ලද, පළමු තට්ටුවේ විවිධ කඩ පවත්වාගෙන යද්දී, බැංකුවක් දෙවැනි තට්ටුවකට ගෙන යෑම මෙහි විශේෂ ලක්ෂණයකි. බැංකුව පිහිටි දෙවැනි තට්ටුවට යන පඩිපෙළ නඟිද්දී, මහා අවපාතය සිහිකරන්නට බිත්තියේ ලියා ඇති “ඔබ සුවසෙන් සිටිනවා ද?” නොහොත් Are you ok? යන්න කියැවිය හැකියි. පඩිපෙළ නැඟ්ඟාට පසුව එන දෙවැනි තට්ටුව බැංකුවට ඇතුල් වන ප්‍රවේශය වෙයි. එහි විසිතුරු ලෙසින් තනන ලද දැවැන්ත යකඩ ගේට්ටුවක් ඇත. බැංකුවේ කැෂියර්ලා ගණුදෙනු කරන ජනේල නිර්මාණය වී ඇත්තේ ද රටා වැටුණු යකඩ වැට වලිනි.

ඒ ෆ්ලොරීඩා ජාතික බැංකුව පිහිටන ලද තට්ටුව වර්තමානයේ විශේෂ උත්සව සඳහා කුලියට ගත හැකියි. එදා කැෂියර්ලා බැංකු ගණුදෙනු කරන ලද යකඩ ජනේල අද මත්පැන් හා සෝඩා ලබාගත හැකි “ඕපන් බාර්” බවට හැරී ඇත. ඉහළට ඇදෙන බිත්ති හා කැටයම් කුළුණු පින්තූර ගැනීමට සහ ලයිට් ෂෝ දමන්නට කදිම පසුබමික් සපයයි. සිවිලිම ඉතා ඉහළින් ගසා ඇති බැවින්, වර්තමාන විවාහ මංගල්‍යයක දී අයෙකුට ඩ්‍රෝන් යවමින් ඡායාරූපකරණයට හැකියාව පාදා දේ. දැවැන්ත ජනේල තුලින් මයාමි නගරයේ සිරි අසිරිය රාත්‍රියේ පවත්වන උත්සවයක් නම් ඊට විශේෂ ආස්වාදයක් ද එකතු කරනු ලබයි.

මෙය අද ඵෛතිහාසික ස්ථානයක් හැටියට රජයේ දායකත්වය ලබන පෞද්ගලික වූ පදනමක නඩත්තුව යටතේ පවතින ගොඩනැඟිල්ලකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: