අරුණි ශපීරෝ‍ වෙතින්

රාජකීය බහාමියන් පොට්කේක් දැක්කෙමි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 19, 2018

මේ ‘බල්ලට ගිය’ චීන අවුරුද්දේ නොදැන සිටි බලු වර්ගයක් ගැන දැනගන්න ලැබුණ. කඩියා සහ ටොමියා ගැන අපි අහල තියනව. ආචාර්ය දොන් පීටර් පියතුමා ලිව්ව ටොරී නමැති අමල්ගෙ බල්ලා ගැනත් අපි කියවල තියනව. ඒත් ආහාරයක නමින් හැඳින්වෙන බලු වර්ගයක් ලෝකෙ ඉන්නව කියල අහල තියනවද? මේ ‘බූල් බල්ලො’ නෙමෙයි, දඩාවතේ හැදෙන අය.

පොට්කේක් නමෙන් හැඳින්වෙන්නෙ බහාමාස් දූපත් සහ ඒ ළඟ පිහිටන ටර්ක්ස් ඇන්ඩ් කේකෝ දූපත්වල වාසය කරන දඩාවතේ හැදෙන සුනඛයන්වයි. උන්ට ඒ නම වැටිල තියෙන්නෙ බාහාමා වැසියන් බත් සහ පීස් උයල ඉතිරි වෙන දංකුඩ (පොට්කේක්) මේ දඩාවතේ හැදෙන බල්ලන්ට කන්න දාපු නිසාලු.

බත් සහ පීස් දාල උයපු පිඟානක් සයිඩ් ඩිෂ් හැටියට ආහාර ඇනවුම් කරද්දි ගන්න පුළුවන්.

රෝයල් බහාමාස් පොට්කේක් නම සුනඛවර්ගීකරණයෙ 9 වැනි කාණ්ඩය යටතෙ ඒ වර්ගයේ සුනඛයන් හඳුන්වන නිල නම හැටියට බහාමාස් දූපත තුල භාවිතා වෙනව. දඩාවතේ හැදෙන හැම බල්ලෙකුගෙම පෙනුම එක වගෙයි. ඒ කියන්නෙ මේ රාජකීය බහාමියන් පොට්කේක් බල්ලන්ගෙ පෙනුමත් ලංකාවේ පාරවල් අයිනෙ ඉන්න බල්ලන් වගේමයි, වැඩි වෙනසක් නැහැ. බලු පරිනාමයට ඉඩ දුන්නම එහෙම වෙන්නැති.

ඇමෙරිකාවේ බල්ලො හිඟයක් තියනව. අත්හැරලා දාන බල්ලන්ව හදාගන්න පවුල් හොයල දෙන මධ්‍යස්ථාන බොහොමයක දැන් උන්ව දෙන්න අය නැතිකමෙන් ජීවිතක්ෂයට පත්කරන සංඛ්‍යාව ගොඩක් අඩුවෙලා ගිහින්. අවුරුද්දකට මිලියන 8 ක් පමණ බල්ලන් ඇමෙරිකාවට අවශ්‍යයයි හදාගන්න හොයන අයට. ඉතින්, සුභ සාධන සංගමයක් කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරයේ වැසියන්ට හදාගන්න යවන්න මේ පොට්කේක් දාහක් ප්ලේන් එකකින් ප්‍රවාහනයට සූදානම් කරල. ප්ලේන් එක පිටත්වෙන්න කළින් එතැනට එන්න සමත් වුන 1001 වැනියාට ද ගමනට එකතු වෙන්න වාසනාව පෑදිල.

නෑසෝ හි මේ බල්ලො 5000-8000 ත් අතර සංඛ්‍යාවක් ඉන්නව කිව්වට මම දැනට දැක්කෙ 3 දෙනෙක් විතරයි. ලංකාවෙ වගෙ පාරවල් අයිනෙ වැතිරිලා හිටියෙ නෑ. මුහුදු වෙරළෙ හිටියෙත් නෑ. පාක් එකක් ළඟ තමයි ඉන්නව දැක්කෙ මම බස් එකේ යද්දී. පිංතූරයක් ගන්න හැකිවුණොත් එකතු කරන්නම්. හිතෙන් ඔය ලංකාවෙ පාර අයිනක ඉන්න බල්ලෙක් මවාගන්න දැනට.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. sunilrdblog said, on අප්‍රේල් 19, 2018 at 9:28 පෙ.ව.

    ලංකාවේ පාරවල් අයිනෙ වැතිරි සිටින බල්ලන් හරියටම අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේමයි. එවුන්ට ඇති වැඩක් නැහැ. නමුත් පාරවල් වල ගමන් කරන වාහන සහ මගීන්ට බුර බුරා පස්සෙන් පන්නා ගෙන යති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: