අරුණි ශපීරෝ‍ වෙතින්

උදාවී ඇත්තේ කොරියන් කෙටේරි ඝාතන යුගයේ අවසානය ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2018

2001 වසරේ දී ස්ටීවන් පින්කර් නමැති මනෝවිද්‍යාඥයා ලියූ පොතේ නම “අපේ ස්වභාවයේ වැඩියෙන් හොඳ දේව දූතකයන්: ප්‍රචණ්ඩත්වය අඩු වී ඇත්තේ මන්ද” යන්නයි. ඔහු ඒ පොත සම්බන්ධයෙන් පැවැත්වූ දේශනයක් අහන්නට එදා දවසක මටත් අවස්ථාවක් පෑදුන. පොතක් අරන් ඒකට එයාගෙ අත්සනත් ඉල්ලගෙන තමයි ගෙදර ආවේ. දත්ත සහ තොරතුරු රැසකින් පිරුණ පොත ඔප්පු කළේ එන්න එන්නම ලෝකයේ අපරාධ සහ මිනීමැරුම් අඩුවී යන බවයි.

උතුරු සහ දකුණු කොරියාවේ පාලකයන් දෙදෙනා රටවල් දෙක මැද තියෙන යුද්ධ සේනාංක නොමැතිව පවත්වාගෙන යන කලාපයේ දී සාමකාමීව හමුවූ බව අද අහන්නට ලැබුණ.

මේ කලාපයේ තමයි කොරියානු කෙටේරි ඝාතන සිද්ධිය වූයේ. පන්මුන්ජොම් කෙටේරි ඝාතන සිද්ධිය යැයි ද එය නම් වෙනව.

උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ එකඟත්වයෙන් මේ හමුදා සේනාංක නොමැති කලාපයක් පවත්වාගෙන යන්නෙ. එය අවි රැගත් අය සීමිතව සිටින කලාපයක්. එහි “ආපසු හැරී එන්නට නොහැකි පාලම” නමින් වූ ස්ථානය අසල අඩි සීයක (මීටර් 30 ක) පොප්ලර් වර්ගයේ ගසක් නිසයි මේ සිද්ධිය ඇතිවෙන්නෙ. දකුණු කොරියාවේ තියන ඇමෙරිකන් හමුදා මුරපළට උතුරු කොරියන් මුරපළ නොපෙනී යන තරමට අතු විහිදිලා යනව. 1976 අගොස්තු 18 දින ගහේ අතු කප්පාදු කරන්න ගියාම ඒක කිම් ඉල් සුන් පැළ කරපු ගහක් යැයි කපන්න අවසර නැහැයි කියා කියද්දි ඒක අහන්නෙ නැතිව කපන්න යද්දි තමයි ගැටුම ඇතිවෙන්නෙ.

කලාපයට තුවක්කු ගෙන්න බැරි නිසා කෙටේරි අරන් ආපු උතුරු කොරියන් සොල්දාදුවන් රැසකින් පහර කා ඇමෙරිකන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් මිය යනව.

මේ කෙටේරි ඝාතන සිද්ධියට ප්‍රතිචාරයක් හැටියට ඇමෙරිකාව විශාල හමුදා බලයක් පෙන්වල පොප්ලර් ගහ කපන්න ගෙනියන යුද මෙහෙයුමට වැටුණු නම තමයි ‘ඔපරේෂන් පෝල් බන්යන්’. ඒත් ඒ නිසා එදා ඇමෙරිකන්-උතුරු කොරියන් යුද්ධයක් හටගත්තෙ නෑ. ගහ කැපුවට පස්සේ එතැන මිය ගිය අය වෙනුවෙන් සමරුවකුත් හැදෙනව.

අවසර අරගෙන මෙහා පැත්තට අද පය ගැහුව උතුරු කොරියන් පාලකයා, නුදුරු දිනයක ඇමෙරිකන් ජනාධිපතිවත් හමුවිය හැකියාව ගැන කතාබහ වෙද්දී, ලෝකයේ ප්‍රචණ්ඩත්වය අඩුවෙලා බව පිළිනොගෙන ඉන්නේ කෙසේද?!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. indumathie adikari said, on අප්‍රේල් 27, 2018 at 8:26 ප.ව.

    දිගටම ඔබේ ලිපි කියෙව්වෙමි .කියවමි .ඒවා අගෙයි !


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: