අරුණි ශපීරෝ‍ වෙතින්

ජැනිස් ඉයන් සංගීත සන්ධ්‍යාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2018

බේස්බෝල් කැප් එක පිටුපස්සට හරවා දාගත්, දෑස් පියාගත් තරුණයා වමතින් සංගීතය සපයමින් දකුණත ඔසවා පහලට ගෙනෙද්දී අවට සිටි සියල්ලන්ම නටමින් උන්මාදයට පත් වූයේ මෑත කාලයේ දී ය. වයස 16 දී සංගීත වෘත්තිය අරඹන ඔහු වයස 22 දී එක රාත්‍රියකට ඩොලර් 250,000 ක් උපයන තරම් ‘සුපර් ස්ටාර්’ මට්ටමකට පිවිසියේය. වයස 24 වෙද්දී ඔහුගේ වත්කම ඩොලර් මිලියන 28 ක් වූවා යැයි ෆෝර්බ්ස් සඟරාව ඇස්තමේන්තු කරන ලදි. මැඩෝනා සහ කෝල්ඩ්ප්ලේ වැනි ‘සුපිරි තරු’ ඔහු හා එක්වී සංගීත නිර්මාණ හදන්නට කැමති වූහ. ඒත් දින කිහිපයකට පෙර, වයස 28 දී මේ Avicii නමින් වූ කලාකරුවා සියදිවිනසා ගන්නා ලදි. අන්තිම නරක අපාය හෙවත් අවීචිය නමෙන් සිය වේදිකා නාමය යොදාගැනීම නිසා ඔහුගේ ස්වයං අන්තරාවලෝකනය ගැන අපිට යමක් හිතාගන්නට ලැබෙනවා ද?

ඊට වඩා වෙනස් කතාවක් දිගහැරිය ගායිකාවක් මෙන්ම අපූරු සංගීතය සපයන්නියක් ද වූ ජැනිස් ඉයන් පැවැත්වූ සංගීත ප්‍රසංගයක් නරඹන්නට පසුගියදා මට අවස්ථාවක් පෑදිණ.

ගිටාර් එක උස්සාගත් ‘ආච්චි’ වේදිකාවට එද්දී සභාවේ වැඩිපුර සිටියේ වයස්ගත අයයි. පෙනුම කෙසේ වෙතත්, ඔවුන්ව ඔවුන්ගේ ගැටවර වයසට යළි එක්කන් යන්නට ඇය පහසුවෙන් සමත් වූවා කිව්වොත් නිවැරදියි.

හද පිනවන අපූරු ගිටාර් වාදනය පැතිර යද්දී ඇයගේ කොට ඇඟිලි වල වයසට යද්දී ඇතිවන ආතරයිටිස් නැත්දැයි මට සිතුණි. ඇගේ කටහඬ එතරම් වෙනසකට භාජනය වී නැතැයි ඇය තුරුණු වියේ දී ගැයූ ගී අසා ඇති අය එකඟ වූහ.

පුංචි සංදියේ එක් පුරහඳ දිනයක සිය තට්ටුමහල් නිවාසයේ ජනේලයක් අසල ගිටාරයකට තට්ටු කරමින් ඇය සිතුවිලි ගොන්නක පැටලී සිටියාය. මැදියම් රැයේ වටපිටාවෙන් ඇහෙන නිව් ජර්සි නගරයේ සද්ද බද්ද පසුබිම් කරගෙන ඇය තම ගිටාරයේ තනු අල්ලනට පුහුණු වීම සාමාන්‍යයක් විය. ඒත් මේ ගිම්හාන රාත්‍රියේ ගලා ආ පුරහඳ එළිය ඇයගේ සිතුවිලි නොසන්සුන් කර තිබිණ. ඇය හිර වී ඉන්නේ තමන් අයිති විය යුතු ලෝකයේ නොවෙතැයි කියා ඇයට එදා තදින් දැනිණ. ඇයගේ ලෝකයේ වැසියන් පෘතුවියට පැමිණ ඇයව එහි කැන්ඳා ගෙන යතැයි මේ පුංචි කෙල්ල ප්‍රාර්ථනා කරන්නට පටන් ගත්තාය.

ඇය දැන්‍ 67 වියැති ගැහැණියකි. ලොව සුපතල පුද්‍ගලයන් ඇසුරු කරන ලද්දියකි. ලොව බොහෝ තැන් දුටු තැනැත්තියකි. තමා මෙන්ම මෙලොවට ගැලපෙන්නේ නැතැයි කියා සිතන, ඒ තමන් අයිති වූ ලෝකයෙන් ඇවිත් තමාව එහි රැගෙන යාවි යැයි පතන, තව බොහෝ පුද්ගලයන් ලොව සිටිනා බව දැනගත් අයෙකි.

ඇයගේ ජීවන ගමනේ සෙවනැල්ලක් මෙන් ඇයගේ මව සිටියා යැයි ඇය සතුටින් සිහිකරන්නීය. රාත්‍රී කාලයේ සමාජ ශාලා තුල ගිටාර් ගහමින් සිංදු කියන්නට යද්දී මෙන්ම පිට පළාත්වල සංදර්ශන සඳහා යද්දී ද, ඇගේ මව ඇය හා එක්වූයේ මඟ පෙන්වන්නියක් මිසෙක මුරකාරියක් ලෙසින් නොවේ යැයි ඇය සිනාසෙමින් කීවාය.

ඇමෙරිකන් ජනතාවට ඔවුන්ගේ සමාජය ගැන වෙනස් ලෙසකින් සිතා බලන්නට අදහස් ඉදිරිපත් කළ දක්ෂ ගායිකාවක් හැටියට ජැනිස් ඉයන් වැදගත් තැනක් ගන්නීය.

මෙතරම් කාලාන්තරයක් පුරා සංගීතයෙන් සහ ගායනයෙන් ප්‍රේක්ෂකයන් පිනවන්නට සමත් වූව ද, එක රාත්‍රියක දී ඩොලර් 10,000 කටත් අඩුවෙන් උපයන්නට සමත් ඇයගේ මුළු වත්කම ඩොලර් මිලියනක් පමණ යැයි සැලකේ.

සංගීතයත්, ගායනයත් අතරමැද දී ප්‍රේක්ෂකයන් පිනවන්නට ඇයගේ ජීවිතයෙන් බිඳක් බෙදා ගත්තේ තමන් “වෙළඳ භාණ්ඩයක්” බව සියල්ලන්ටම මතක් කරවමිනි. ශාලාවෙන් පිටත විකුණන්නට තබා ඇති ඇයම ලියූ ඇයගේ චරිතපදානය, ඇය ලියූ විද්‍යා ප්‍රබන්ධය, ඇයගේ සංගීත තැටි ගැන කිහිප වරක්ම විහිළු පිරි කතන්දර වලින් සභාවට කියන්නට ඇය සමත් වූවාය.

“මුදල්. කොච්චර ලස්සන දෙයක් ද. එය නැත්නම්, අපිට සංගීත සංදර්ශන පවත්වන්න බැහැ. අපිට රෙකෝඩ් නිෂ්පාදනය කරන්න බැහැ. අපිට ගෙදර ඉඳල සිංදු ලියන්න බැහැ. මුදල් … කොතරම් ප්‍රීතිමත් දැයක් ද.” –ජැනිස් ඉයන්

ඉඳහිටෙක ලංකාවේ අය අතර මහළු වයසේ කලාකරුවන් රකින්නට රජය විසින් යම් පියවරක් ගන්නට උවමනා යැයි සංවාදය ඇතිවෙන හැටි දැක ඇත්තෙමි. දේශපාලනයේ වමාංශික පැත්තට නැඹුරු ජැනිස් ඉයන් වෙතින් පවා ලාංකික කලාකරුවාට ලැබෙන ආදර්ශය නම් සිය කුසලතාවය ජන ගී වුවත් තමන්ව වෙළඳ භාණ්ඩයක් හැටියට දක්වමින් තම කුසලතාවය අලෙවියට ලැජ්ජා නොවිය යුතුය යන්නයි.

3 Responses

Subscribe to comments with RSS.

  1. Gihan Sameera said, on අප්‍රේල් 29, 2018 at 9:44 ප.ව.

    Aruni, quick question (not related to this post though): What are your thoughts on jury duty being mandatory? Isn’t it a pure form slavery?

    • arunishapiro said, on අප්‍රේල් 30, 2018 at 8:46 ප.ව.

      I don’t think jury duty should be mandatory. I believe there’s enough jurors to be found among those who understand how important their contribution would be for the justice system. People should have the choice to vote or not vote, serve as jurors or not. I’m not sure if I would go as far as calling it a “pure form of slavery”.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )