අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ පුරෝගාමියෙක් ද? එහෙනම් මෙන්න කදිම අවස්ථාවක්!

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 10, 2018

කුසලතා සතු වූ ද, දියුණුවට දැඩි ආශාවකින් නළියන්නා වූ ද සහ ඊට මුහුණ දිය හැකියාවෙන් යුතු වූ ද තරුණ වයසේ අනගි පුද්ගලයන් ලොව නන් දෙසින් සොයා ගැනීමේ වෑයමක් Pioneer නොහොත් පුරෝගාමීන් නමින් එළිබැස ඇත.

ඔබ දියුණුවට දැඩි ආශාවකින් නළියන අයෙක් වේ නම් ක්ෂේත්‍රය කුමක් වුවත් එහි දී ඔබ කරගෙන යන ව්‍යාපෘතිය ඉදිරිපත් කරමින් ඔවුන් පවත්වන තරඟයට සහභාගී විය යුතුයි. ඔබ වෙහෙසෙන වෑයම තෝරාගැනුනොත් එම ව්‍යාපෘතියට නොව එය කරන පුද්ගලයා හෙවත් ඔබ වෙනුවෙන් ආයෝජනය කිරීම මෙම සංවිධානයේ අරමුණයි. එනම් මෙම ව්‍යාපෘතිය වෙනස් වූවත් ඔවුන්ගේ සහාය නැවතෙන්නේ නැත.

මූලික වශයෙන් තරඟය දිනන පුරෝගාමීන්ට ඇමෙරිකන් ඩොලර් පන්දාහක් සමඟ කැලිෆෝර්නියාවේ සිලිකොන් මිටියාවතට ගිහින් එන්නට ගුවන්ගමන් ටිකට්පතක් ද ලැබේ. අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අගෝස්තු 19 වැනිදා පැසිෆික් වේලාවෙන් රාත්‍රි දොළහටයි.

එම වෙබ් අඩවියේ සඳහන් අන්දමට ඕනෑම ක්ෂේත්‍රයකින් සිදුවන වෑයමක් සඳහා තරඟයට සහභාගී විය හැකියි. එම වෑයම වැදගත් යැයි අනෙක් අයැදුම්කරුවන්ට හඟිස්සවීමට අවශ්‍යයයි. සෑම සතියක දී ම සහභාගීවන අයෙක් අය විසින් තරඟකරුවාගේ ජයග්‍රහණය සඳහා කළ යුතු දේ සහ උවදෙස් ලබා දීමත් සිද්ධ වේ. වෑයම අපූරු තරමට තරඟකරුවාගේ ලකුණු ද ඉහළ යයි. සෑම මාසයක දී ම ඉහළින්ම සිටින අයැදුම්කරුවන් නව පුරෝගාමීන් බවට පත්වේ.

සෑම මාසයක දී ම දිනුම් ලබන පුරෝගාමීන් අතරින් කිහිපදෙනෙක් පමණක් අලුත් කොම්පැණි ආරම්භ කරාවි යැයි අපේක්ෂා කරන සංවිධානය එසේ ආරම්භ කළහොත් ඊ ළඟ වසර 8 තුල පටන් ගන්නා ඕනෑම කොම්පැණියකින් 3% ක් ඔවුන්ගේ අයිතියට තබාගන්නා බව කියා සිටියි. එසේම ඔවුන් විසින් තවත් ඩොලර් විසිදාහක් සමඟ එම කොම්පැණිවල 5% ක අයිතියක් ද පවරාගැනීමේ අවස්ථාවක් ද ඉදිරිපත් කරයි.

පුරෝගාමියෙක් හැටියට තරඟයෙන් දිනන අයට විවිධ අංශවලින් සාර්ථකත්වයක් අත්කරගත් ලෝකයේ විශේෂඥයන් වෙතින් උපදෙස් ලබාගත හැකියාව ද ලැබේ.

පයනියර් සංවිධානයේ වෙබ් අඩවියේ විශේෂඥයෙක් හැටියට සඳහන් සකු(න්තලා) පණ්ඩිතරත්න ට්විටර් පණිවිඩයකින් මෙසේ සුබ පතන්නීය, “වෘත්තීය සඳහා දෙන සෑම මුදල් ආධාරයක්ම විද්‍යාව වේගවත් කරන මාර්ගයට සහාය වේ -@pioneerfdotapp හි එළිබැසීමට සුබ පැතුම්.”

මෙම පුරෝගාමී වෑයම් විද්‍යා සහ නව තාක්ෂණයට සීමා වූවක් නොවේ. කලා අංශයන් වෙතින් ඉදිරිපත් විය හැකියි. සුද්දන්ට තරු පෙන්වන අරමුණින් (සිංහල පුවත්පත් වාර්තාවල සේ) වෑයම් නොකර තමන් තරු සේ බැබළෙන්නට වෑයම් කරන ලංකාවේ අයත් මේ පුරෝගාමීන් අතරට එකතුවන්නට සිය කුසලතා ඉදිරිපත් කරනු ඇතැයි පතමි.

One Response

Subscribe to comments with RSS.

  1. Nuwan said, on අගෝස්තු 12, 2018 at 11:20 පෙ.ව.

    සුද්දන්ට තරු පෙන්වන අරමුණින් වැයම් නොකර… well said Aruni.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: