අරුණි ශපීරෝ‍ වෙතින්

පිටරටට පටවන වරකා

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 22, 2018

මගේ නිවහන පිහිටන්නෙ ඇමෙරිකාවේ වෙරළබඩ කුඩා ගමක බව මෙහි යන එන ඇත්තෝ දැන සිටිය ද නැවතත් එය මතක් කරන්නේ මේ සටහන වෙනුවෙනි. මෙහි අප්‍රිකානු සහ ආසියානු සම්භවයක් ඇති ජනතාව බෙහෙවින් හිඟ වෙති. ගිම්හානයට එන සංචාරක අය හැරෙන්නට ඉන්දීය සම්භවයෙන් යුතු අය ද අපේ ගමේ පදිංචියක් ඇතැයි දකින්නට නැත. ආසන්නතම ලාංකික උප්පත්තියක් ඇති අය සිටිනුයේ අල්ලපු ප්‍රාන්තයේය, ඒ කිලෝමීටර් 54 කට වැඩි දුරකයි.

ඉතින් අද කඩේට ගොඩ වැදෙද්දී අපේ පුංචි ගමේ සුපර්මාකට් එකට වියළි වරකා පැකට් ඇවිත්. වරකා මොනවාදැයි කියාවත් නොදන්නා බහුතර පාරිභෝගිකයන් සිටින පරිසරයක එය අලෙවියට තිබෙන හැටි දැකීම නිසා මසිතට දැඩි සතුටක් දැනිණ. ඒ ඉතින් හැමදාම තියන බඩජාරිකම නිසාම නම් නොවේ.

එය මෙහි කඩ රාක්කයෙ දකින්නට ලැබුණෙ නිර්බාධ වෙළඳාමට ඉඩක් ලැබී ඇති නිසයි. එනම් දුරු රටක හැදෙන ඵලදාවක් මෙසේ හෝ රසවිඳින්නට හැකියාව පෑදී ඇත.

මෙම වියළි වරකා පැකට් එකේ මිල ඇමෙරිකන් ඩොලර් 4.29 කි. වෙන වැට්, අලෙවි යනාදී බදු වර්ග අපේ පළාතේ නැත. වියළි යැයි කිව්වාට ඒවා වෙනත් එවැනි පළතුරු සේ ම ඇත්තේ (චිප්ස් වගේ නොවන) මෘදු බවකිනි. නැවුම් මදුළු නොවූවත්, වරකා රසයෙන් මගේ රස නහර පිනා ගිය බව කිව යුතුමයි.

ඇමෙරිකාවේ සුපිරි සුපර්මාකට් එකක් හැටියට සැලකෙන, ප්‍රධාන නගරයන්හි පිහිටන, වෙග්මන්ස් වැනි තැනකට යන්නේ නම් මෙසේ පැකට් කරන ලද වරකා මෙන්ම ඇමෙරිකන් ආහාර රසයට විවිධාකාරයෙන් පිළියෙල කරන ලද කොස් අඩංගු ආහාර පැකට් ද මිල දී ගත හැකියි. දීර්ඝ කාලයක් තිස්සේ චීන සහ ඉන්දීය සිල්ලර කඩවල විකුණන ටින් කළ කොස් වලට වැඩියෙන් මේ ඇසුරුම් සහ පිළියෙල කිරීම් සිත් ගන්නා සේ ම අලුත් රසවින්ඳනයකට කරන ආරාධනයකි.

වියළි වරකා බහාලූ කවරයේ පිටුපස සඳහන් තොරතුරු දකිද්දී නම් මහා හයියෙන් හිනා නොවී සිටිය නොහැකි විය. මේවා උගන්ඩාවේ හෝ ශ්‍රී ලංකාවේ වරකා යැයි සඳහන්ය. හිනා වූයෙ එය දැකීම නිසා නොවේ. එහි සඳහන් ආනයන, අපනයන අතරමැදියෙක් නොමැතිව මගේ අතටම එය ගෙනැවිත් දුන්නා යන සඳහනයි. ඒක බොරු සාධකයක් නොවේ, ඒත් දැනට වරකා සඳහා මෙරට විශාල වෙළඳපොලක් නැති බැවින් මේවා අලෙවියට සහ වෙළඳාමට තරඟ කරන ආනයන අපනයන විශාල කොම්පැණි නැත.

වරකා සඳහා කර්මාන්ත කෘෂිකර්මයක් ඇත්තේ නම් සහ ආනයන අපනයන අතරමැදියන් බිහි වුවහොත් වියළි වරකා පැකට් මීටත් වඩා අඩු මිලකට මට ලැබේ. යම්කිසි අමාත්‍යාංශයක් වරකා අලෙවිය දියුණුවට පිණිස කටයුතු නොකළොත් මේ වියළි වරකා පැකට් මෙහි පැමිණි ලෙසින් අනෙකුත් වරකා ආශ්‍රිත නිෂ්පාදනයන් ද මෙහි එනු නිසැකය. කොහොල්ලෑ සමඟ හැල හැල්පෙන්නට සිදුනොවන නැවුම් ඉදුණ වරකා මදුළු අතට ලැබෙන දවස එවිට වැඩි ඈතක නොවේ. නැවුම් වරකා දමා ‘මෆින්ස්’ හදන්නට ද මට පුළුවන් වෙනු නිසැකයි.

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on දෙසැම්බර් 22, 2018 at 6:22 ප.ව.

    ඇට්ලන්ටා පැත්තේ කොහොල්ලෑ වැගිරෙන වරකා ගෙඩි පිටින් හෝ වරකා බෑ ලෙසින් නැවුම්වම ලබා ගැනීමට ෆාමර්ස් මාකටිවල තිබෙනවා. ගෙන්වන්නෙ තායිලන්තයෙන් බව සඳහන්. එහෙත් මෙවැනි වරකා පැකට් දකින්ට ලැබුණෙ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: