අරුණි ශපීරෝ‍ වෙතින්

ලින්ඩන් බී. ජොන්සන්ගේ LBJ ජනාධිපති පුස්තකාලය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2019

ඔස්ටින්, ටෙක්සාස් (නගරය මුලින්, ප්‍රාන්තය පසුව) හි පිහිටන ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපති පුස්තකාලය නැරඹීමට අප ගියේ අහල පහලක එය පැවති නිසාත්, කිසිදිනෙක ඇමෙරිකන් ජනාධිපති පුස්තකාලයක් දැක නොතිබි නිසාත්ය.

මුලින්ම කිව යුත්තේ එය කාලය සහ මුදල් නාස්තියක් බවයි. අලුත් යමක් ඉගෙන ගන්නට හැකි කිසිවක් එහි වූයේ නැත. එසේම එහි පැවති තොරතුරු විකිපීඩියාවටත් වඩා අඩු විය.

ජනාධිපති පුස්තකාල හැදෙන්නට පෙර ඇමෙරිකාවේ ජනාධිපතිවරු සහ ඔවුන්ගේ උරුමක්කාරයන්, ජනාධිපතිව සිටියදී භාවිතා කළ පොතපත සහ ජනාධිපති තනතුරේ සිටියදී ලියූ ලිපි සියල්ල වාරය අවසන්ව ගෙදර යද්දී, විවිධ තැන්වලට යැවූහ. ජාතික ලේඛනාගාරයේ, ඉතිහාසය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ සමිති සංගම්, සහ පෞද්ගලික එකතුවන් තුල ඒ ඵෛතිහාසික ලියැකියැවිලි තවමත් දකින්නට ලැබේ.

ජනාධිපති පුස්තකාල හැදීමේ රැල්ල බිහිවූයේ 1939 දී ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් ඔහුගේ තනතුරේ සිටිය දී බිහිවූ පෞද්ගලික ලියකියැවිලි පවා ෆෙඩරල් ආණ්ඩුවට තෑගි කිරීමත්, ඔහුගේ හයිඩ් පාර්ක් වතුයායේ කොටසක් පුස්තකාලයක් හදන්නට වෙන් කිරීමත් සමඟයි. රූසවෙල්ට්ගේ හිතමිතුරන් ලාබ නොමැති සමාගමක් හදමින් පුස්තකාල සහ කෞතුකාගාරයක් සඳහා මුදල් එකතු කළහ.

නිව් ඩීල් ගෙනා රූසවෙල්ට් නිසා මහා අවපාතය තවත් දීර්ඝ ලෙසින් ඇදී ගියත්, අනුන්ගේ වත්කම් බෙදන්නට සහ රට ණය බරින් පුරවන්නට සමත් වූ ජනාධිපති රූසවෙල්ට් හිතුවේ ඔහු දුප්පත් අසරණයන් ගලවාගත්තෙක් හැටියටයි. තම නාමය ඉතිහාසයේ අමතක නොවන ලෙසින් පවතින්නට හේ සිය ලිපිගොණු සහ පොතපත ඇතුලත් ජනාධිපති පුස්තකාලය සංරක්ෂණය සහ පවත්වාගෙන යාම පිණිස ජාතික ලේඛනාගාරයට පැවරීය.

1950 දී හැරී එස්. ටෲමන් ද සිය ජනාධිපති ලිපි ගබඩා කිරීම සඳහා පුස්තකාලයක් හැදීය. 1955 දී ජනාධිපති පුස්තකාල පනත සම්මතයෙන් ඒ සඳහා පෞද්ගලික මුදලින් ඉදිකරන ෆෙඩරල් ආණ්ඩුවෙන් පවත්වාගෙන යන ජනාධිපති පුස්තකාල ක්‍රමය බිහි වූහ.

ඇමෙරිකන් ජනාධිපති පුස්තකාලයක් ඉදිකරන්නේ පෞද්ගලික මුදලින්. ඒත් ඉන් පසුව ඒ පෞද්ගලික සංවිධානය එම පුස්තකාලය ජාතික ලේඛනාගාරයට සහ වාර්තා පරිපාලන දෙපාර්තමේන්තුවට එය පවරයි.

තනතුරේ සිටියදී බිහි වූ වාර්තා සියල්ල ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේපල යැයි ජෝර්ජ් වොෂිංටන් සිට 1978 වර්ෂය දක්වා සියළු නීති වෘත්තීයවේදීන් සහ විද්‍යාර්ථීන් සැලකූහ. පසුව සම්මත කරගන්නා අතුරු පනත් වලින් ඒවා බහුතරය ජනාධිපතිවරයාගේ දේපල නොවී ඇමෙරිකන් රජයේ දේපල හැටියට වර්ගීකරණය විය. ජනාධිපතිවරයා සිය තනතුරෙන් ඉවත්වීමත් සමඟ ඒ වාර්තා සියල්ල ලේඛනාගාරයට අයිති වේ.

මුදල් ගෙවා යා යුතු LBJ පුස්තකාලයට ඇතුල්වෙද්දීම ඔහුගේ ගුණ වයන කෙටි වාර්තා චිත්‍රපටියක් දිග හැරේ. වියට්නාම් යුද්ධයට තරුණ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ මෙහෙයුම් අධික ලෙසින් වැඩිකළ නිසා, ඒ වෙද්දී රටපුරා ඇතිව තිබූ වියට්නාම් යුද විරෝධය හමුවේ LBJ නැවත වතාවක් චන්දය ඉල්ලන්නට ඉදිරිපත් වූයේ නැත. මෙම වාර්තාව තුල ඔහු තමන් ගත් පියවර ගැන කණගාටු වූ නිසා (ජනතා අප්‍රසාදය ගැන සඳහනක් නැත) නැවත චන්දය නොඉල්ලන සේයාවක් දක්වයි.

ඇමෙරිකන් ජනතාව යනු යුද්ධයට බෙහෙවින් කැමති පිරිසක් හැටියට නිරූපනය කරන බොහෝ තැන්වල දී ඇමෙරිකාව මැදිහත්වන යුද්ධ බොහොමයක් ආරම්භ කරන ලද්දේ සහ තව දුරටත් ව්‍යාප්ත කරන ලද්දේ සමාජවාදී පැත්තට බර වූ ජනාධිපතිවරුන් අතින් බව සඳහන්වීම මඟහැරී යයි. රටවැසියන්ට අනුගමනය කරන්නට සිද්ධ වූ, අනුගමනය නොකළ හොත් හිරබාරයට යන්නට සිද්ධ වූ, ඉහළින් ආ නියෝග කුමන අදහස් ඇති පුද්ගලයන් අතින් සිද්ධ වූවාදැයි නොපෙන්වනවා සේ ම, වෙනත් කිසිම රටක කිසිත් කලක දී දකින්නට නොමැති වූ තරම් ඇමෙරිකාවේ මහා ජනකායක් ඒවාට විරෝධය පෑවාදැයි යන්නත් දැක්වීම මඟහැරී යයි.

1964 චන්දය සඳහා LBJ යොදාගත්තේ රටේ මහා මාර්ග ඉදිකිරීම, පරිසරය සුරැකීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ, දුප්පත්කම සහ අපරාධ මර්ධනය යනාදී සියල්ල රැගත් “මහා සමාජය” යන සමාජවාදී චන්ද පොරොන්දුවයි. ආදීපීතෘවරු සකස් කළ රටේ ව්‍යවස්ථාව පහසුවෙන් වෙනස් කළ නොහැකි නිසා LBJ හදන්නට ගිය “මහා සමාජය” එවක මාඕගේ චීනයේ “මහා ඉදිරි පිම්ම” මෙන් දිගහැරුනේ නැත.

1937 වසරේ LBJ සහ ඇලිස් ග්ලාස් නම් කාන්තාව අතර අනියම් සබඳතාවයක් ඇතිවිය. ඇය LBJ ට දේශපාලන සහයෝගය දුන් ප්‍රධාන පුද්ගලයෙකුගේ බිරිඳයි. වසර 21 පුරා මැඩෙලින් බ්‍රවුන් නමැත්තියක් හා ඇසුරක් ද හෙළිවිය. LBJ ගේ බිරිඳ ඔහුට අනියම් සබඳතා තිබුණු බව දැන සිටියා යැයි කියැවේ. තමනට කෙනඩිටත් වැඩියෙන් කාන්තාවන් සිටියා යැයි සිය හිතවතුන් අතර LBJ පාරට්ටු බා ඇත්තෙකි. එහෙත් ඔවුන් ගැන කිසිදු සඳහනක් මෙම පුස්තකාලයේ නැත. LBJ පුස්තකාලයේ ඇති ඡායාරූප සියල්ලම දක්වන්නේ ඉතා ආදරබර යුගදිවියක් ගෙවන LBJ සහ ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙති.

සාමාන්‍යයෙන් කවුරු කා සමඟ අනියම් සබඳතා පවත්වනවාදැයි යන්නෙහි ඇති කිසිත් වැදගත්කමක් නැත. ඒත්, අනුන් අනුගමනය කළ යුතු, අනුගමනය කළේ නැත්නම් හිරේ යන නීති හැදීම ඉතා ඉහළින් අගයන අය අතරේ තමන් සමාජයේ සාමාන්‍ය පිළිගැනීම අනුව සිටියා යැයි පෙන්වීමට ගන්නා වෑයම් පුස්තකාලයක සහ කෞතුකාගාරයක පැවතීම ජනතාව නොමඟ යවන සුළු නොවේද?!

කළින් ලියූ සටහනක්: හොඳ සහ නරක ඇමෙරිකන් ජනාධිපතිවරු

2 Responses

Subscribe to comments with RSS.

  1. Raveen said, on පෙබරවාරි 19, 2019 at 5:39 ප.ව.

    Balan yanakota ape aya paradayi (MR)🤣🤣🤣🤣🤣


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: