අරුණි ශපීරෝ‍ වෙතින්

මේ වසරේ ලොව මිනිසුන් මියෑදුන හැටි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 2, 2020

මෙම වසර, එනම් 2020 පටන් ගෙන මාස තුනක් සහ එක දවසක් ගෙවී ගියේය.

මෙම සටහනේ දත්ත Worldometer.info නමැති ඇමෙරිකාවේ පිහිටන ආයතනයෙනි.

අප්‍රේල් 2 වැනිදා, බිලියන 8 කට ආසන්න මිනිසුන් (7,775,043,… අන්තිම ඉලක්කම් වේගයෙන් වෙනස්වෙන නිසා ඒවා තිත් හැටියට ලියමි.) සංඛ්‍යාවක් ජීවත්වන සමස්ත ලෝකයේම කෝවිඩ්-19 වෛරසය බෝවුනා යැයි හඳුනාගත් මුළු මිනිස් සංඛ්‍යාව මිලියනයට ආසන්න වීම හෝ එම අංකය පහුකරන දිනය හැටියට සටහන් විය හැකියාව ඉතාමත් වැඩියි.

මෙම මාස තුනේ දී උණ හෙම්බිරිස්සා කාලයේ උණෙන් මිය ගිය ලෝක සංඛ්‍යාව 122,9… කි. සෑම වසරක දී ම උණ හෙම්බිරිස්සා කාලයේ එයින් මිය යන පිරිස 290,000 ත් 650,000 ත් අතර වේ. එනම් දිනකට එයින් මිය යන ගණන 795 සිට 1,781 අතර වේ. මරණ අනුපාතිකය 0.1% ට අඩුවෙන් පවතී, එනම් උණ හෙම්බිරිස්සා කාලයේ එය බෝවෙන සෑම දාහකටම එක් මරණයක් දැකිය හැකියි.

මෙම මාස තුනේ දී ඒඩ්ස් ආශ්‍රිත රෝග නිසා මිය ගිය ලෝක සංඛ්‍යාව ලක්ෂ 4 ක් ඉක්මවා ඇත.

මෙම මාස තුනේ දී මැලේරියාවෙන් මිය ගිය ලෝක සංඛ්‍යාව ලක්ෂ 2 ක් ඉක්මවා ඇත. මෙතෙක් ලංකාවේ භයානකම වසංගතය හැටියට සැලකෙන්නේ 1934-35 කාලයේ පැතිර ගිය මැලේරියාවයි. මිලියන පහකට එය බෝවූවායි ඇස්තමේන්තු වෙන අතර එයින් මිය ගිය සංඛ්‍යාව 80,000 කට ආසන්න යැයි සැලකේ. මරණ අනුපාතිකය (Death rate per 1,000 population – ජනගහණයෙන් දාහකට එකක් බැගින්) සලකද්දී මරණ අනුපාතිකය 1934 වසරේ දී 36.1 ක් ද, 1935 වසරේ දී 87.5 ක් විය. (දත්ත මෙතැනින්). 1934 නොවැම්බර් සිට 1935 අප්‍රේල් දක්වා කාලයේ ඒ වසංගත ප්‍රදේශයේ මිය ගිය මුළු සංඛ්‍යාව 92,556 කි. ඊට පෙර වසර 4 ක් පුරා එහි මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 33,412 කි. (දත්ත මෙතැනින්).

මෙම මාස තුනේ දී සිගරට් බීම නිසා මිය ගිය සංඛ්‍යාව 1,264,4.. කි.

මේ මාස තුනේ දී මත්පැන් බීම නිසා මිය ගිය සංඛ්‍යාව 632,6.. කි.

මෙම මාස තුනේ දී රථවාහන අනතුරු නිසා මහාමාර්ගවල දී මිය ගිය සංඛ්‍යාව 341,4.. කි. (සංඛ්‍යාවේ අඩුවීම රටවල් බොහොමයක් වසාදැමීමේ ප්‍රතිඵලයකි.)

අද දවසේ දී පමණක්, කුසගින්න නිසා මිය ගිය සංඛ්‍යාව 11,6.. කි. මෙම වසරේ දී රටවල් බොහොමයක් වසාදැමීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම සංඛ්‍යාවේ වැඩිවීමක් දකින්නට ලැබෙනු ඇත. සමහර රටවල් බොරු කියන නිසා සැබෑ සංඛ්‍යාව ඊට මඳක් හෝ වැඩි යැයි සලකන්නට සිද්ධ වේවි.

වේගයෙන් පැතිර යන රෝගය පෙන්වා තම බලය වැඩි කරගන්නට කටයුතු කිරීම නිසා කුසගින්න නිසා පමණක් නොව වෙනත් අතුරු ආබාධ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වීමෙන් ලෝකයේ සමස්ත මරණ සංඛ්‍යාව මේ වසරේ ඉහළ යෑමක් සිද්ධ වෙනු ඇති.

චීනයේ බෙයිජින් නගරයෙන් 2002 නොවැම්බර් මාසයේ පටන් ගැනුණ SARS වෛරසය, 2003 ජූලි දක්වා කාලය තුල දී රටවල් 29 වෙත පැතිරිණ. එය බෝවූ සංඛ්‍යාව 8,096 කි. එයින් 774 ක් මිය ගියහ. මරණ අනුපාතිකය 9.6% ක් විය.

මැද පෙරදිගින් 2012 දී හටගත් MERS බෝවූ සංඛ්‍යාව 2,494 කි. එයින් 858 ක් මිය ගියහ. මරණ අනුපාතිකය 34% ක් විය.

චීනය කෝවිඩ්-19 සටන ජයගත් හැටි ගැන වැඩියෙන් ප්‍රශංසා කරන්නට වෙහෙසෙන, එය පැතිර යද්දී ඒ ගැන ලෝක ජනතාව දැනුවත් කරන්නට මාසයකට වඩා කාලයක් නිහඬව සිටි, ලෝක ජනතාවගේ බදු මුදලින් යැපෙන ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ්-19 නිසා ගෝලීය වශයෙන් සිදුවන මරණ අනුපාතිකය 3.4% ක් වේයැයි මාර්තු 3 වැනිදා කියා සිටියේය. ඊට කළින් එය 2% ක් වෙනු ඇතැයි WHO කියා සිටියහ.

මෙම වෛරසය ගැන මරණ අනුපාතික හදන්නට කළබල වෙන්න එපා යැයි කියූ විද්‍යාඥයන් ලොව බොහොමයකි. මන්ද වේගයෙන් බෝවෙන රෝගය වැළඳුන සංඛ්‍යාව කොතරම්දැයි ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්නා තෙක් එයින් මිය යන සංඛ්‍යාව ගැන අනුපාතිකය හැදීම නුසුදුසු නිසයි.

කෝවිඩ්-19 රෝගය වැළඳී ඇත්දැයි දැනගැනීමේ නොහැකියාවට අද ලෝකයේ අතිමහත් බහුතරයක් මුහුණ පා සිටිති. හඳුනාගන්නා ලද අය අනුව පමණක් ගණන් බලද්දී, Worldometer.info අනුව මෙහි දැනට දකින සමස්ත ලෝකයේ මරණ අනුපාතිකය මිලියනයක ජනගහණයකට අනුව එක මරණයක් බැගින්, 6.3 කි.

මෙය ලෝකය පුරා වේගයෙන් පැතිර යාම නිසාත්, එහි අවසන් ප්‍රතිඵලය මරණය නිසාත්, ඒ ගැන හදිසි මෙන්ම දැඩි තහනම් පනවන්නට ලෝක නායකයන් ඉදිරිපත් වූහ. නමුත් ඔවුනට තිබුණේ අනුමාන දත්ත පමණි. ඉක්මණින් ගත යුතු තීරණ සඳහා අවශ්‍ය නිවැරදි දත්ත එකතු වෙන්නේ ඉතා සෙමින්.

එහි දී වගකිව යුතු පුද්ගලයෙක් කටයුතු කළ යුත්තේ කෙසේද?

දිග හැරෙන තත්වය ගැන නිති සහ නිසි අවධානයෙන් යුතුව, හැකි තරමින් ඒ ගැන ලැබෙන සැබෑ තොරතුරු වලින් කළ යුත්ත සහ නොයුත්ත කුමක්දැයි කියා තෝරාගැනීමයි. ඊට ඉඩකඩ ඇති රටවල ජනතාව එය තෝරාගත් ආකාරය පැහැදිලි වී යයි.

එහි දී වගකිව යුතු දේශපාලනඥයෙක් කටයුතු කළ යුත්තේ කෙසේද?

දිග හැරෙන තත්වය ගැන නිති සහ නිසි අවධානයෙන් යුතුව ඒ ගැන සැබෑ තොරතුරු වලින් මහජනතාව දැනුවත් කරමින්, කෙටි කාලීන වූ ද, නිතර වෙනස්කළ හැකි වූ ද, මෙහෙයුම් ගෙන ඒමයි.

සමහර රටවල මිනිසුන් ඊට අසමත් වෙද්දී තවත් රටවල මිනිසුන් ඊට සමත්වෙන ආකාරය පෙනී යයි. සමහර රටවල නායකයන් ඊට අසමත් වෙද්දී, තවත් රටවල නායකයන් ඊට සමත්වෙන ආකාරය පෙනී යයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Jeewantha said, on අප්‍රේල් 3, 2020 at 11:46 පෙ.ව.

    “2002 නොවැම්බර් මාසයේ පටන් ගැනුණ SARS වෛරසය, 2003 ජූලි දක්වා කාලය තුල දී රටවල් 29 වෙත පැතිරිණ. එය බෝවූ සංඛ්‍යාව 8,96 කි. එයින් 774 ක් මිය ගියහ. මරණ අනුපාතිකය 9.6% ක් විය.” Methana podi pataleemak tiyenawa neda?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: