අරුණි ශපීරෝ‍ වෙතින්

කොමියුනිස්ට්වාදයේ කළු පොත -තවත් කොටසක්

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2020

“විප්ලවයේ නාමයෙන් මරන්න” -වී. අයි. ලෙනින්

ලෙනින්ගේ ඡායාරූපයක් දිස්වෙන හැම තැනක දී ම, ඊට යටින් ලියැවෙන්නට අවශ්‍ය එයයි. ලෙනින්ගේ ඡායාරූපයක් දකින හැම අවස්ථාවක දී ම, සමාජවාදයට කැමති, අකමැති ඕනෑම කෙනෙකුට සිහිවිය යුත්තේ ඒ වාක්‍යයයි.

ලංකාවේ වාමාංශික පක්ෂ සාමාජිකයා යනු එම පක්ෂයේ දැඩි විනය නීති රීතිවලට අනුකූලව සිටින්නෙකි යන්න පොදු පිළිගැනීමයි. එසේම ඒ පිළිගැනීම තුළ ඒ සාමාජිකයා හොර, බොරු, වංචා නැතිව සිටින්නෙක් හැටියට, එනම් දේශපාලන පිවිතුරු බවක් සහ ශික්ෂණයක් ඇති අයෙක් හැටියට හුවා දක්වන්නට ගන්න උත්සාහයක්ද දකින්නට ලැබේ.

ඒත් හොර, බොරු, වංචා නොකිරීම යනු කුමක්ද? වෙනත් පුද්ගලයෙකුගේ වෙහෙසේ ඵලදාවේ ඇබිත්තකට හෝ අයිතියක් ඇතැයි විශ්වාසය හොරකම, බොරුව, වංචාව නොවන්නේ කෙසේද?

ශික්ෂණය (හොඳ දෙයට හුරුවීම) යනු කුමක්ද? ස්වෝත්සාහයෙන් වෙහෙසෙන්නට කැමති අයට එයට ඉඩකඩ අවහිර කරමින්, අනුන්ගෙන් අරන් තව කෙනෙකුට බෙදීම නීත්‍යානුකූල කරගැනීම ශික්ෂණය ද?

“රතු භීෂණය” සහ “අධම යුද්ධය” යන සිරස්තල යටතේ එන මේ කොටසට ඇතුලත් පරිච්ඡේද දෙක 1917 සිට 1919 පමණ තෙක් චෙකා නමැති රහස් පොලීසිය (වර්තමාන KGB හි ආරම්භක පද්ධතිය) විසින් කිසිදු අධිකරණ පටිපාටියක් නොමැතිව, වියවුල් කොංග්‍රසයක දී බහුතරයකගේ යෝජනා සම්මතයකින් පිහිටුවා ගත් ආයතනයක් විසින් ඉවක් බවක් නොමැතිව ගන්නා ලද මිනිස් ඝාතන හෙළි කරයි.

චෙකා පිහිටුවාගන්නට මූලික වෙන ලෙනින්, විප්ලවයේ නාමයෙන් මරන්න අවශ්‍ය විවිධ ජන කණ්ඩායම් වර්ගීකරණය කළේය. තමන්ට බලයට එන්න සහාය දුන් අයවම ඔවුන් මරා දැමූහ. ඒ ඩොන් නදිය අසල විසූ කොසැක් ජනතාවයි. එතැනින් නොනැවතී ඔවුන් මරන්නට අය හඹා ගියහ. රතු හමුදාවේ සොල්දාදුවන්ගේ මනස අපවිත්‍ර කරනවා යැයි කියා ගණිකාවන්ට වෙඩි තබා මරා දැමුහ.

කොමියුනිස්ට්වාදයේ කළු පොත ප්‍රකාශනය වූවාට පසුව ඒ ආශ්‍රයෙන් බිහි වූ අනෙකුත් විද්‍යාර්ථී පර්යේෂණ වලින් හෙළි වූයේ මිය ගිය මුළු සංඛ්‍යාව මෙහි සඳහන් සංඛ්‍යාවලට වඩා මහත් ගුණයකින් වැඩි බවයි.

ජීවිතය පවත්වාගෙන යන්නට තරම් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් තමන්ගේම රටවැසියන්ට ඔවුන්ගේම වෙහෙසෙන් නිෂ්පාදනයට අවසර නොදුන් ක්‍රමයට අදත් ප්‍රශංසා කරන අය සිටිති.

සමාජයේ යම් පිරිසකට විශේෂ වරප්‍රසාද තිබීම ප්‍රතික්ෂේප කරන අයවළුන්ම අදත් නියැළෙන්නේ විශේෂ වරප්‍රසාද ලැබිය යුතු කණ්ඩායම් සොයා ගන්නටයි. ඉතින්, තමන් පාක්ෂික ඒ “මානව හිතවාදී” යැයි කියාගත් ක්‍රමය ඔවුන් තරයේ විශ්වාස කරති.

2 Responses

Subscribe to comments with RSS.

  1. sandaruwan said, on මැයි 24, 2020 at 11:50 පෙ.ව.

    හොදි.හොද විවේචනයක්.නමුත් එක පර්ශවියි.

    • arunishapiro said, on මැයි 25, 2020 at 8:38 පෙ.ව.

      sandaruwan,

      මගේ සටහන “එක පර්ශවියි” යැයි දකින ඔබට,

      ලෙනින් ඇතුලත සිට කළේ සැලසුම් සහගතව කොසැක් සහ කුලාක් ඇතුළු විවිධ ජන කණ්ඩායම් තුරන් කර දමන සැලසුම් හැදීමයි. එසේම නගරවල නිර්ධන පංතිය පවා බඩගින්න නිසා නැඟී සිටිය දී ඔවුන්ව වෙඩි තබා මරා දැමීමයි. විරුද්ධ අදහස් කියන ඕනෑම දේශපාලන නායකයෙක්ට වෙඩි තබා මරා දැමීමයි.

      ඒ සම්බන්ධයෙන් ලෙනින් යවන ලිපි රුසියාවේ පුරාලේඛනාගාර වලින් උපුටන ඒවා. දකුණත අගට කොටස් වශයෙන් පරිවර්තනය කරලා එකතු කරන, “කොමියුනිස්ට්වාදයේ කළු පොත” කියවන්න ඕනකමක් තියෙන අයට ලෙනින් තුණ්ඩු යවන හැටිත්, ඒ අනුව නීති හැදෙන හැටිත්, ඒ නීති අනුව රහස් පොලීසිය කටයුතු කරන හැටිත්, ඒ අනුව මාධ්‍ය වාර්තා කරන හැටිත් අනුපිළිවෙලට කියවන්නට හැකි ලෙසට එය ලියන විද්‍යාර්ථීන් විසින් සටහන්ගත කරනව. ඔවුන් අතර තවදුරටත් සමාජවාදී දැක්ම වෙනුවෙන් පෙනී සිටින විද්‍යාර්ථීන්ද සිටිනව.

      ලෙනින් මිය ගියාට පසුව ඇතිවෙන යුද විරාම කාලය පැහැදිලිවම පෙන්වන්නේ “විප්ලවයේ නාමයෙන් මරන්න” කියන්න කෙනෙක් අවුරුදු පහක් වැනි ටික කාලයකට නැතිවීමයි.

      යමක් දිග හැරුණු හැටි ගැන ඇති මූලාශ්‍ර ගෙනැවිත් සනාථ කිරීම ‘ඒක පාර්ශවීය’ නම්, කිසිම දෙයක් ගැන සොයා බැලීමක් අවශ්‍ය නැහැ. කැමති ඕනෑම බොරුවක් පිළිගෙන අයෙකුට ජීවත්වෙන්නට පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: