අරුණි ශපීරෝ‍ වෙතින්

ඒබ්‍රහම් ගිවිසුම් සහ ලැප් ටොප් ගිවිසුම්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 29, 2020

දේශපාලනඥයෙක් නොවූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් කිසිදු පහළ මට්ටමක දේශපාලන නිලයක් නොදරා රටේ ඉහළම වූ දේශපාලන තනතුර වන ජනාධිපති පුටුව දිනා ගැනීම ජීවිතයේ වැඩි කාලයක් දේශපාලනයේ යෙදී සිටි ලෝකයේ බොහෝ අයට දරාගත නොහැකි තරම් සිත් කැළඹීමක් ඇති කරන ලදි. ලෝකයේ බොහෝ තැන් වලින් තවමත් ට්‍රම්ප් වෙත දක්වන ප්‍රතිචාර වලින් එය පැහැදිලිව පෙනී යයි. ජනාධිපති නිවහන වන වයිට් හවුස් හි පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡා වල දී ඔහුට “මිස්ටර් ප්‍රසිඩන්ට්,” කියා ඇමතීම සමහර මාධ්‍යකරුවන්ට දුෂ්කර වීම නිසා බොහෝ විට “මිස්ටර් ට්‍රම්ප්,” යැයි ඇමතීමත්, පිළිතුරු වලට නිති බාධා කිරීමත් දකින්නට හැකියි. එසේම, තමන්ගේ පණිවිඩය ජනමාධ්‍ය හරහා නොයවා ට්විටර් හරහා ඔහු ජනතාවට ඍජුවට දැන්වීම ගැන ද නොමනාපය අතිශය වුවත් දැන් වෙනත් රටවල නායකයන් පවා එම පිළිවෙතට බැස සිටිති.

බරක් ඔබාමා ‘කරන්නට යන දේවල්’ සඳහා නෝබෙල් තෑග්ගක් ලබාගත්තෙකි. පිටරට යුද්ධ නතර කරනවා යැයි චන්ද අපේක්ෂකයෙක් හැටියට කියා සිටියත් ඒත් ඔහුගේ පාලන කාලයේ දී යුද්ධ නතර නොවීය. බොහෝ දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් යුදකාමී නොවේ යැයි සලකති. ඒත් ඔහු විසින් ද කිසිදු යුද්ධයක් නිමා කර නැත. ඉරාන ජනරාල්වරයා ඝාතනය සඳහා ඩ්‍රෝන් ප්‍රහාරය ට්‍රම්ප් විසින් අනුමත කරන ලදි.

ට්‍රම්ප් විසින් උතුරු කොරියාවේ නායකයා හමුවීම් ගැන බයිඩන් විසින් දෙවැනි ජනාධිපතිවරණ විවාදයේ දී හාස්‍යයට ලක් කළේය. ඩෙමොක්‍රැටික් පක්ෂය යුද්ධයට අකමැති පක්ෂයක් ලෙසින් හුවා දැක්වීම පරිසිද්ධි වලින් ඔප්පු නොකරන්නකි.

එසේම නෝබෙල් තෑග්ග දිනූ ඔබාමා කළ කී දෙයක් නැතත්, ට්‍රම්ප්ගේ මහා හපන්කම, එනම් ඊශ්‍රායෙල් සමඟ බහ්රේන්, එක්සත් අරාබි එමයිරේට්ස්, සහ සූඩානය සමඟ අත්සන් කරන ඒබ්‍රහම් ගිවිසුම් ගැන ඇමෙරිකන් හෝ ලෝක මාධ්‍ය වැඩි ප්‍රසිද්ධියක් නොදීම නම් අරුම පුදුම හැසිරීමකි.

2009 සිට 2016 දක්වා කාලයේ දී ඔබාමා පාලනය විසින් ඇමෙරිකාවෙන් 3,066,457 ක් (මිලියන 3.2 ක්) සංක්‍රමණික නීති කඩ කිරීම යටතේ රටින් පිටකර ඇත. විසිවැනි සියවසේ දී සංක්‍රමණික නීති කඩකළ අය හැටියට වැඩියෙන්ම සංඛ්‍යාවක් රටෙන් ඉවත් කරන ලද්දේ ඔහු විසිනි. මායිම් ගැන දැඩි ලෙසින් කටයුතු කරනවා යැයි කියන ට්‍රම්ප් පාලනය යටතේ පසුගිය වසර හතරේ දී පිටමං කර ඇත්තේ 551,449 කි.

වාර්තා තබා ගැනීම ආරම්භ වීමත් සමඟ 1892 සිට 2018 දක්වා වසර 60 ක් බලයේ සිටින ලද්දේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපතිවරුන් විසිනි. ඔවුන් වසරකට සාමාන්‍යයක් හැටියට 76.635 ක් සංක්‍රමණික නීති කඩ කිරීම යටතේ රටෙන් පිටමං කරමින්, මිලියන 4.6 ක් ඇමෙරිකාවෙන් පිටමං කර ඇත. 1892 සිට 2018 දක්වා කාලයේ දී වසර 67 ක් බලයේ සිටින ලද රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරුන් විසින් ඇමෙරිකාවෙන් පිටමං කර ඇත්තේ මිලියන 3.7 ක ජනතාවකි, එනම් වසරකට සාමාන්‍යයක් හැටියට 54,670 කි.

ඇමෙරිකන් මෙන්ම ලෝක ජනමාධ්‍ය විසින් ද ඇමෙරිකන් ජනතාවට මෙන්ම ලෝක ජනතාවටත් පෙන්වන්නේ රිපබ්ලිකන් පක්ෂය සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණික නීති කඩකරන අය ගැන දැඩි ලෙසින් කටයුතු කරන බවයි. නමුත් දත්ත පෙන්වන්නේ වැඩියෙන්ම රටින් පිටමං කිරීම් සිද්ධ වී ඇත්තේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ පාලන කාලයන් තුළ දී කියාය.

ජෝ බයිඩන් ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ ෆුට්බෝල් ක්‍රීඩකයෙකු සහ සිසුවෙකු ලෙසින් සිටින ලද කාලයේ දී ඔහු විසින් කරන ලද අපරාධයක් ගැන හිටපු FBI ඒජන්ත සහ පොලිස් නිලධාරියෙක් විසින් මෙතෙක් දැරූ නිහඬ බවින් එළියට පැමිණ තතු හෙළිකරන ලදි. සංඥා පුවරු හොරාගෙන ඒවා තම ශිෂ්‍ය කාමරයේ තබාගැනීම නිසා ජෝ බයිඩන් නැමති තරුණ සිසුවාට විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමටත්, සිරබන්ධනය මෙන්ම කිසිදා මහජන තනතුරකට පත්වීමේ හැකියාවත් අහිමි වී යා අවස්ථාවකට මුහුණ දෙන්නට සිද්ධ විය. එහි දී බයිඩන්ගේ අත්වලට මාංචු දමා ඔහුව අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා වෙනත් ඉහළ නිලතල දරන ලද අයගේ මැදිහත්වීම සමඟ, තරුණ සිසුවාට හොඳ පුරවැසියෙක් වීම සඳහා යළි අවස්ථාවක් ලබා දීම සඳහා එම චෝදනා ඉවත් කරගන්නා ලදි. එසේම ජෝ බයිඩන් උප ජනාධිපති වෙද්දී ඒ ගැන මහජනතාවට නොකියා සිටින්නත් හේ පොරොන්දු වී ඇත. එම පුද්ගලයා ස්වාධීන පක්ෂ සාමාජිකයෙකි. නමුත් පසුගියදා සිදු වූ හන්ටර් බයිඩන්ගේ ලැප් ටොප් වලින් බයිඩන් පවුලේ දේශ ද්‍රෝහී භාවය හෙළිවීමත් සමඟ මේ හිටපු FBI ඒජන්ත සහ පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණ ඇත. ජනාධිපති තනතුරට පත් වුවත්, බයිඩන් පවුල චීනයෙන් මුදල් ලබාගත් බව ඔප්පු වෙන සාධක එන්න එන්නම වැඩිවෙමින් පැවතිය දී, බයිඩන් විසින්ම ගෙනෙන ලද නීති නිසා, දීර්ඝ කාලීන සිරබාරයට කෙසේ වෙතත්, ජනාධිපති වුවහොත් ඔහුව විශ්වාස භංග යෝජනාවකින් නිලයෙන් පහ කිරීමට හැකියාව පවතී.

හන්ටර් බයිඩන්, ජිම් බයිඩන් සහ ජෝ බයිඩන් විසින් හවුලේ කරන ලද චීන ගණුදෙනු ගැන ප්‍රවෘත්තිය පළ කිරීම නිසා නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතේ ට්විටර් ගිණුම අක්‍රිය කර ඇත. ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ද අක්‍රිය කළ අවස්ථා තිබුණ රටේ මෙය පුදුමයක් නොවේ. ට්විටර් CEO ජැක් ඩෝර්සි විසින් බයිඩන් ප්‍රවෘත්තියේ නොමඟ යවන තොරතුරු ඇතැයි කියා සාක්ෂි තමන් සතුව නැතැයි ද පිළිගෙන ඇත. මෙය ජනාධිපතිවරණයටත් වඩා අතිශයෙන් කුතුහලය දනවන ප්‍රවෘත්තියක් වුවත් ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේ ද ප්‍රධාන මාධ්‍යයන් ඒ ගැන තව දුරටත් නිශ්ශබ්දව සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: