2021 නිදහස් කණ්ඩායම
ලබන ජනවාරි මාසයේ දී කොංග්‍රසය වෙත පැමිණෙන රිපබ්ලිකන් නියෝජිතවරු දෙදෙනෙක් අපූරු ඉලක්කයක් බලාපොරොත්තුවෙන් සිටිති. ඒ වාමාංශික පැත්තට වැඩියෙන් බර වූ අය හා එදිරිව සිටින දක්ෂිණාංශ පැත්තට වැඩියෙන් බර කණ්ඩායමක් හැදීමයි.
දෙදෙනාම තේරී පත් වූයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙනි. එක් අයෙක් ෆ්ලොරීඩාවේ ජනාශ්‍රිත සහ විවිධ ජනවාර්ගිකයෙන් යුතු මයාමි-ඩේඩ් කවුන්ටියේ නගරාධිපතිව සිටි කාලෝස් ගිමෙනේස් වෙයි. හිටපු ටෙලිවිෂන් කලාවේදිනියක් වූ එල්වීරා සලසාර් අනෙක් තැනැත්තියයි.
දෙදෙනාම පත්ව සිටින්නේ කොංග්‍රසයේ නියෝජිත සභාවටයි. ඔවුන්ගේ අභිප්‍රාය ඇමෙරිකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ඇලෙක්සැන්ඩ්රා ඔකාසියෝ-කෝර්ටේස්, මිනෙසෝටා හි සූඩාන ඡන්ද වලින් පැමිණි ඉල්හාන් ඕමාර් වැනි වාමාංශිකයන්ට පිළිතුරු දෙන නියෝජිතයන් ලෙසින් කොංග්‍රසයේ කටයුතු කිරීමටයි.
ඩෙමොක්රැටික් පක්ෂයේ තනතුරු හොබවන ලද නියෝජිතයන් පරාජය කරන්නට සමත් වෙමින් අලුතින් පත්වෙන ලද රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් වෙතින් මේ කණ්ඩායම හැදීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත.
කියුබානු සම්භවයෙන් එන ඒ දෙදෙනාට එකතු වෙන තවත් අයෙක් නම් යුක්රේනය ස්වාධීන වෙන්නට පෙර සෝවියට් යුනියනය කාලයේ දී එහි දී හැදුණු වැඩුණු වික්ටෝරියා ස්පාර්ට්ස් නැමති ඉන්දියානා ප්‍රාන්තයෙන් එන කොංග්‍රස නියෝජිතවරියයි.
මැතිවරණයේ සමහර නිල ප්‍රතිඵල සඳහා ගොනු කළ තිබූ නඩු උසාවි විසින් විභාගයට ගැනීම බැහැර කරන ලදි. පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඒ ගැන පනවන ලද ඇපෑල ද ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රාන්ත එකින් එක ඡන්ද ප්‍රතිඵල අනුමත කිරීම් නිකුත් කරමින් සිටිති.
දෙසැම්බර් 8 වැනිදා: සියළු යළි ඡන්ද ගණන් කිරීම් සහ අනුමත කිරීම් ප්‍රාන්ත විසින් සමාප්ත කළ යුතුයි
දෙසැම්බර් 14 වැනිදා: ඡන්ද දිස්ත්‍රික්ක සාමාජිකයන් ඔවුන්ගේ ප්‍රාන්ත අගනගරයේ දී ජනාධිපති සහ උප ජනාධිපති වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරති
ජනවාරි 6 වැනිදා: නියෝජිත සභාව සහ සෙනෙට් සභාව විසින් දිස්ත්‍රික්ක ඡන්ද නිල වශයෙන් ගණන් කරති
ජනවාරි 20 වැනිදා: නව ජනාධිපති දිවුරුම් දෙනු ලබයි
කිසිවෙක් එතරම් අවධානයක් යොමු නොකළ ද, මිචිගන් සහ ජෝර්ජියා ප්‍රාන්ත සඳහා ඇති නඩු වලින් මැතිවරණය ගැන ඉදිරිපත් කර ඇති නින්දිත චෝදනා දැනගන්නට ලැබේ.
ජය පරාජය ලැබී වසර විස්සක් තිහක් පමණ ගෙවී යද්දී ඡන්දය ගුණ්ඩුවක් යැයි හෙළි වූ අවස්ථාවන් ඇමෙරිකන් ඉතිහාසයේ ඇත. ඒත් ඒ සම්බන්ධයෙන් එහි නියැළෙන අය වෙනුවෙන් දඬුවම් කළ හැකි ආකාරයන් ගැන ඇත්තේ ඇපැහැදිලි විස්තරයි. එසේම ඡන්ද පවත්වන ක්‍රමය ඉක්මණින් වෙනසකට ලක්වේ යැයි කියාද සිතිය නොහැකියි.
කෙසේ වෙතත්, ස්තූතිය පුදකිරීමේ උත්සව දිනයෙන් පසුව සාම්ප්‍රදායිකව ඇරඹෙනවා යැයි සැලකෙන නත්තල් සමය වෙනුවෙන් ඉන්ටනෙට් හරහා වාසිදායක බඩු මිල දී ගැනීමෙන් වාර්තාගත ඉහළ අලෙවියක් දක්වන්නට ඇමෙරිකන් ජනතාව සමත්ව සිටිති.
මුහුණු ආවරණ දැන් මාස ගණනාවක් සිට ලෝක වෙළඳපොලේ එමට දකින්නට තිබේ. අද ලෝකයේ ලොකු කුඩා සෑම පුද්ගලයෙකුට එයින් එකකට වඩා තිබෙන බව ගැනත් සැකයක් නැත. එසේම සමහර තැන්වල දී මුහුණු ආවරණයක් නැත්නම් නොමිලේ එය සපයනු ලැබේ.
තත්වය එසේ වෙද්දී අලුතින් නිර්මාණය වූ මුහුණු ආවරණයක් වෙළඳපොල ජයගන්නට සමත් වූවා බව ඔබ දන්නවාද?
ඒ ලංකාවේ ඇඟළුම් ව්‍යාපාරය ද මැහුම් කටයුතු වලින් සහාය සපයන ලූලූලෙමන් කොම්පැණියයි. එම මුහුණු ආවරණ අලෙවිය පටන්ගත් දවසේ ඔවුන්ගේ අලෙවිසැල් ඇතුළත වූ තොග සියල්ල පැය හයක දී මුළුමනින්ම විකුණා අවසන් කරන්නට ඔවුන් සමත් වූ බව අහන්නට ලැබුණි. එය මෙතෙක් වෙළඳපොල පැවති සියළු මුහුණු ආවරණ වලට වඩා සීඝ්රයෙන් ජනප්‍රිය වූව බවට පත්ව ඇත.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මනුෂ්‍යයයන් හත්දෙනෙක් සිටිය දී, පෘතුවියේ සිටින අපිට මුහුණු ආවරණ අලෙවිය ගැන සඳහන් කරන්නට සිද්ධ වීම ගෙවී යන 2020 වසරේ පරස්පරයයි.
leave a comment