අරුණි ශපීරෝ‍ වෙතින්

රෙදිපිළි වලින් ලෝකය හැදුවේ කොහොමද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 5, 2020


වර්ජිනියා පොස්ට්‍රෙල් (Virginia Postrel) ලියන ලද ශිෂ්ටාචාරයේ නිර්මිතය යන පොත දැන් නිකුත්ව ඇත. එය ලියද්දී ඇයට හමුවන්නේ තුර්කියේ පුරාවිද්‍යා කැනීම් භූමියකින් සොයා ගැනෙන කුනිෆෝම් පුවරු 23,000 ක් පරිවර්තනය කරන ලද ප්‍රංශ ජාතික ඇසිරියන් ශිෂ්ටාචාරය හදාරන සෙසිල් මිචෙල් ව.

පැරණි ඇසිරියානු පෞද්ගලික පුරාලේඛන යැයි හැඳින්වෙන මේ පුවරු, වසර 4,000 ක් පමණ පැරණියි. Kültepe නමින් දැන් කියැවෙන පුරාවිද්‍යා කැනීම් බිම එදා කනේෂ් (Kanesh) නගරයේ විගාමික වෙළෙන්ඳන්ගේ නිවහන් පැවති තැනයි. දියුණුවෙන් පැවති වානිජ සංස්කෘතියක පිළිවෙත් සහ හැඩ ලක්ෂණ මේ ලියුම් සහ නීතිමය ලේඛන වලින් ආරක්ෂිතවී ඇත. ඈත දුර වෙළඳාම සම්බන්ධයෙන් ඔවුන් සතුව ඇති පැරණිතම වාර්තා මේවා වෙති.

රෙදිපිළි වල ප්‍රධාන භූමිකාව සහ ආර්ථික හුවමාරුව සඳහා වූ නවෝත්පාදන ගැන මේ පුරාතන වාර්තා තෙස්තමේන්තු සපයන්නේ අද වානිජ ව්‍යාපාර මුහුණ දෙන ගැටළු සහ තීරණ අපිට පෙන්වමිනි.

මෙහි දී අැති නවෝත්පාදන පුරාතන වස්තු නොවේ, ඒවා “සමාජමය තාක්ෂණවේදන” වෙති: වාර්තා, එකඟතාවයන්, නීති, පිළිවෙත්, විශ්වාසනීය බව ඇති කරන ප්‍රමිති, වැඩි දියුණු කරන අවදානම්, සහ කාලය සහ දුර හරහා ගණුදෙනු වලට ඉඩදීම. සහශ්‍ර හතරකට පසුව, අපිට ඔවුන් සටහන් ගත කළ කටහඬවල් තවමත් ඇසිය හැකියි.

ඒ ඉල්ලීම් චපල යැයි පෙනුනත්, ලමාස්සි ඇයගේ අනගි වුලන් රෙදි සඳහා ඉල්ලුම පවත්වාගන්නට හැකි තරමින් වෑයම් කරයි. මුලින්ම ඇයගේ සැමියා රෙද්දේ ඇති වූල් අඩු කරන්නට යැයි කියා ඇත, අනතුරුව ඔහු එය වැඩි කරන්නට කියා ඇත. ඇයි ඔහුට එක තීරණයක් ගන්න බැරි? සමහර විට ඒ දුර රටක සිටින ඔහුගේ පාරිභෝගිකයන් නිසා වෙන්නැති. සමහර විට ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි කියා ඔවුන් නොදන්නවා ඇති. කෙසේ වුවත්, ඇයගේ අලුත්ම රෙදි තොගය, නැත්නම් එයින් බහුතර කොටස, වහාම ඒ දිහාට යැවෙනු ඇත. එය මඟ එනවා යැයි පූසු-කෙන්ට දන්වන්නට ඇයට උවමනායි. තම කාර්යය ඉටුකරනවා යැයි ඔහුට දන්වන්නට ඇයට උවමනායි. පුංචි ඇගයීමක් ඇයට උවමනායි.

ලමාස්සි අත් දෙකෙන් කුඩා මැටි ගුලියක් රෝල් කළාය, අනතුරුව වම් අල්ලේ රඳවාගෙන එය පැතලි කර කොට්ටයක හැඩය ඇති පතුරක් හැටියට පිළිවෙකට සුමට කළාය. ඇයගේ ස්ටයිලස් එක අරන් කූඤ්ඤ වැනි අකුරු හැඩයෙන් තෙත මැටි වල ඇය ලියන්නට පටන් ගත්තාය.

පූසු-කෙන් වෙත කියන්න, ලමාස්සි මෙසේ කියයි

කුලුමායා ඔබ වෙත රෙදි නවයක් අරන් එයි. ඉඩ්ඩින්-සින් ඔබ වෙත රෙදි තුනක් ගෙනෙයි. රෙදි කිසිවක් රැගෙන යාම එලා ප්‍රතික්ෂේප කරන ලදි සහ ඉඩ්ඩින්-සින් තවත් රෙදි පහක් රැගෙන යාම ප්‍රතික්ෂේප කළේය.

ඇයි ඔබ මට හැම විටම ලියන්නේ, “හැම සැරේම ඔබ මාවෙත එවන රෙදි හොඳ නෑ!” මම ඔබට එවන රෙදි පහත් කරලා කතා කරන මේ ඔබේ නිවසේ ජීවත්වෙන පුද්ගලයා කවුද? හැම වතාවකටම ඔබේ නිවසට අඩුම වශයෙන් රිදී ෂෙකල් දහයක්වත් ලැබෙන විදියට රෙදිපිළි ඔබට එවන්න මම මගේ උපරිමය කරනවා, මගේ වැඩ කොටස හැටියට.

ඇයගේ පණිවිඩය සම්පූර්ණ වූ පසුව, ලමාස්සි ඉර එළියේ පතුර වේලන ලද්දාය. පසුව එය ගෝස් රෙද්දක එතුවාය, එය උඩින් ඇය තුනී මැටි තට්ටුවක් ගෑවාය. මැටි ලියුම් කවරයේ ඇය සිලින්ඩාකාර සීල් එකක් තැබුවේ ලිපිය තමාගේ යැයි සලකුණු කරන්නටයි. පණිවිඩකරුවෙක් එය, කනෙෂ් හි ඇනටෝලියානු නගරයෙන් සැතපුම් 750 ක් ඈත සිටින ඇයගේ සැමියා වෙතට රැගෙන යනු ඇත.

ලමාස්සි ජීවත් වූයේ අස්සූර් හි ය, නූතන ඉරාකයේ මොසුල් අසල ටිග්‍රිස් ගඟ ඇති පෙදෙසේය. කනේෂ් නගරයට ඔවුන්ගේ කාන්තාවන් වියන රෙදි සමඟ රෙදිපිළි සහ බෙලෙක් නිෂ්පාදන මිල දී ගෙන ඒවා අපනයනය කරන අතරමැදියන් විසූ නගරයකි ඒ. වසරකට දෙවතාවක්, බූරුවන් අදින ගැල් කණ්ඩායමක් සති හයක ගමනේ යෙදෙති. බෙලෙක්ක ටොන් දෙකක් සහ රෙදි කෑලි සියයකටවැඩි ප්‍රමාණයක් යුතුව බූරුවන් තිස්පහක් සිටින එක ගැලක විවිධ වෙළෙඳුන් අටක් පමණ දෙනෙකුගේ නිෂ්පාදන රැගෙන යා හැකියි. බඩු වලින් කොටසක් බදු හැටියට ඒ නගර දෙක පිහිටන රාජධානි වලට යැවෙන්නේ ගමනේ ආරක්ෂාව සලසා ගන්නටයි. ඉතිරිය රිදී සහ රත්තරන් වලට හුවමාරු කර ගැනිණ.

ලමාස්සි ඇයගේ ස්ටයිලස් එක අතට ගන්නා කාලයේ දී, කුනිෆෝම් අකුරු වලට වසර දහසක් පමණ පිරී තිබුණි. ඒත් ඒ කාලයෙන් බහුතරය, ලිවීම, විශේෂයෙන් ඒ සඳහා පුහුණුව ලැබු ලියන්නන් කුඩා පංතියක ඒකාධිකාරයක් ලෙසින් පැවතිණ. මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් පුරා සැබැවින්ම සාක්ෂරතාවය ලැබුණේ අල්පයකටයි, රාජ්‍ය හෝ ආගමික ආයතන වල සේවය කරන පිරිමින්ටයි.

ඒත් අස්සුර් හි එසේ නොවීය.

එහි ජනතාවට ලියුම් යනු නැතිවම බැරි තාක්ෂණයකි. අස්සුර් සහ කනේෂ් අතර මෙන්ම, බෙලෙක්ක සහ රෙදිපිළි විකුණන ඔවුන්ගේ ඒජන්තවරුන් සිටි අවට නගර වලටත් උපදෙස් යවන්නට ඔවුනට අවශ්‍ය වූහ. ලැබෙන ඕඩර්, විකුණන ප්‍රමාණයන්, ණය, සහ අනෙකුත් තොරතුරු වාර්තා කරගැනීම ඔවුනට අවශ්‍ය වූහ. සාක්ෂරතාවයෙන් ලැබෙන සුනම්‍යතාවය සහ පාලනය ඔවුනට අවශ්‍ය වූහ.

කාලයාගේ ඇවෑමෙන්, මේ ප්‍රායෝගික වෙළෙඳුන් කුනිෆෝම් අකුරු සරල කළහ, ඒ ලිවීම ඉගෙන ගන්නට සහ ලිවීම පහසු කරන්නටයි. ලේඛන ඉක්මණින් කියැවීමේ පහසුව සඳහා ඔවුන් අලුත් විරාම ලකුණු සොයා ගත්හ. සමහරු හොඳින් ලිවූහ. සමහරු දුර්වල වූහ. ඒත් මේ දුර ඈත සමඟ වෙළඳාමේ යෙදුනු වෙළෙන්ඳන් බොහෝ දෙනෙක්, පිරිමි සහ ගැහැණු සාක්ෂරතාවයෙන් යුතු වූහ.

විශේෂයෙන්ම ව්‍යාපාරයේ අයිතිකාරයා හැම කේවල් කිරීමක්ම පෞද්ගලිකව නොකරන්නේ නම්, එවිට වෙළඳාම සඳහා පැහැදිලි සන්නිවේදනයක් අවශ්‍යයයි. පූසු-කෙන් ගැන සලකන්න. ඔහු මුලින්ම කනේෂ් වෙත ගියේ අස්සූර් හි පරණ වෙළෙන්ඳෙක්ගේ ඒජන්තවරයෙක් හැටියටයි. ඉතින් ඔහුගේම වූ ව්‍යාපාර වර්ධනය වෙද්දී පවා ඔහු ගමේ සිටින විවිධ වෙළෙන්ඳන් වෙනුවෙන් දිගටම සේවය කළේය. ඔවුන්ගේ රෙදිපිළි සහ බෙලෙක්ක කනේෂ් වෙත පැමිණ විට, ඒවා ගැන කුමක් කළ යුතුදැයි ඔහු දැන සිටිය යුතු විය. ඒවා නගරයේ පොලේ දී විකුණනවාද, කෑෂ් මුදල් වලට වහාම හරවා ගැනීමෙන් ලාභ බිල්ලට දෙනවාද? නැත්නම් එහා නගරයක වැඩ කරන ඒජන්තවරයෙක්ට ණයට දීමෙන් ඉහළ මිලක් සොයා ගන්නවාද? බඩු සමඟ ඔහුට කළ යුත්ත කුමක්දැයි පවසන ලියුම් පැමිණියහ.

අගය නොතකා අපි හුවමාරු කරගන්නා ලියුම් කොතරම් පරණ තාක්ෂණයක්ද? ඒත් ඒවා දුර ඈත වෙළඳාම සඳහා නැතිවම බැරි වූවකි. කාලය සහ දුර හරහා වානිජ්‍ය පැතිර යද්දී, ලියුම් හුවමාරුව—සහ ඒ සඳහා අවශ්‍ය සාක්ෂරතාවය ද— ඒ සමඟ ඇතිවෙන ලදි.

reason.com හි පළවූ Four Thousand Years Ago Textile Traders Invented a Basic Social Technology: Mass-Literacy නමැති ඉංග්‍රීසි ලිපියේ රළු පරිවර්තනයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: