අරුණි ශපීරෝ‍ වෙතින්

නීති විරෝධීව කොංග්‍රසයට කඩා පැනීම් මධ්‍යයයේ ජෝ බයිඩන් ජනාධිපති වෙයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 7, 2021

සාමකාමී උද්ඝෝෂණ වෙනුවට පෞද්ගලික දේපල සුනුවිසුණු කරන විරෝධතා පසුගිය අවුරුද්ද පුරා ඇමෙරිකාවේ දකින්නට ලැබුණි. මිනිස් ජීවිත අහිමි වූහ. කොංග්‍රසය විසින් ජනාධිපතිවරණයේ ප්‍රාන්ත ගෙනෙන දිස්ත්‍රික්ක ඡන්ද සම්මත කරන දිනයේ දකින්නට ලැබුණේ සාමකාමීව බලය ඊ ළඟට පත්වෙන්නාට මාරු වීම වළක්වන්නට සහ පොදු දේපල හානි කරන්නට කඩා වැදෙන ලද පිරිසකි. මිනිස් ජීවිත අහිමි වූහ. ඒ පිරිස් දෙකම තුළ එකම කල්ලියක අයත් යැයි කියන ඡයාරූප බෙදා හරින ලද අය ට්විටර් වෙතින් දකින්නට ලැබුණි. ඒත්, ඒ ගැන සැබෑ තතු අපිට කවදා දැනගන්නට ලැබේවිදැයි කියන්නට නොහැකියි. එසේම ජනාධිපතිවරණයේ කොපමණ නීති විරෝධී කටයුතු සිද්ධ වූවාදැයි කියාත් දැනගන්නට සෑහෙන කාලයක් යනු ඇත.

ඇමෙරිකාවේ උප ජනාධිපති වීමේ හැකියාව ලැබෙන්නේ ජනාධිපතිවරයා හැටියට තරඟ කරන්නට වැඩි ඡන්ද දිනාගන්නට සමත් වූවා විසින් කරන තෝරා ගැනීමක් අනුවයි. හමේ පාට වැදගත් නොවූ කාලයේ දී, බොහෝ විට තෝරා ගැනුණේ ජනාධිපති අපේක්ෂකයාගේ අඩුපාඩුවක් පියවන්නට හෝ වැඩි අගයක් එකතු කරන්නට සමත් වන අයෙකි. කිසිදා ඡන්දයකින් තෝරා පත් වෙන නිලතලයක් උසුලා නැති ඩොනල්ඩ් ට්‍රම්ප් තෝරා ගත්තේ ඉන්දියෑනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර තනතුර දැරූ මයික් පෙන්ස්. එයින් අගයක් ද ඊට අමතරව පෙන්ස් සමඟ ක්‍රිස්තියානි ආගම් අදහන අයගේ ඡන්ද ලබාගන්නා අඩුපාඩුව පියවා ගන්නට ද ට්‍රම්ප් සමත් විය.

ඇමෙරිකන් ව්‍යවස්ථාව නැවත වතාවක් ව්‍යාකූල තත්වයන් සමනය කරන්නට සමත් වූ බව පෙනී ගියේය. උප ජනාධිපති මයික් පෙන්ස් විසින් තම බලය ව්‍යවස්ථානුකූලව හසුරවමින් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉල්ලීම නොසලකා හැර ප්‍රාන්ත අයිතීන් ආරක්ෂා කරමින් ජෝ බයිඩන් ඊ ළඟ ජනාධිපතිවරයා යැයි සම්මතය ගෙනෙන්නට කොංග්‍රසයට සහාය වූයේය.

දේශපාලනයේ නියැළෙන ඕනෑම අයෙක්ගේ මූලික අභිප්‍රාය තම බලය තවත් වැඩි කර ගැනීමයි. ට්‍රම්ප් ඉවත් කර ගැනීමත් සමඟ ඇතිවෙන නායකත්ව තනතුර සඳහා තරඟය තුළ ඊයේ කාලගෝට්ටියේ දී රිපබ්ලිකන් පක්ෂයේ කැපී පෙනෙන ලද දෙදෙනෙකි. මයික් පෙන්ස් ට්‍රම්ප් නොවන රිපබ්ලිකන් පාක්ෂිකයන් හා එකතු වීමට සමත් වූයේය. ටෙඩ් කෲස් ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ප්‍රසාදය තව දුරටත් තබාගත් අය ලෙසින් ඉස්මතු වූයේය. උද්ඝෝෂණයට පෙර පැවති රැස්ව සිටි මහා ජනකායක් අමතා කතා කළ ට්‍රම්ප් ජනාධිපතිවරයා දුර්වල අපේක්ෂකයන් ඉවත් කරමින් නුදුරු අතරමැද මැතිවරණ වල දී රිපබ්ලිකන් පක්ෂය හැඩ ගසන ආකාරයක් ගැන කියා සිටියේය. ඒත් රැස්වීමෙන් අනතුරුව දිග හැරෙන තත්වයන් අනුව එයට එකතුවෙන පක්ෂයේ අය කොතරම් වේදැයි කියත නොහැකියි.

නාට්‍යමය ආකාරයෙන් දිග හැරෙන දේවල් අවසානයේ දී අහිතකර ලෙසින් බලපාන්නේ වේදිකා මත බෙරිහන් දෙන අයට නොවේ. වොෂිංටන් ඩී.සී. පොලීසිය විසින් වෙඩි තැබීම නිසා මිය ගිය නීති කැඩූ අය, පසුගිය වසරේ පෞද්ගලික දේපල හානි කරන්නට යද්දී පොලීසියෙන් වෙඩි තැබීම නිසා මිය ගිය අතරින් වෙනස් නොවෙති. ව්‍යවස්ථාව, නීතිය සහ විනය සැමවිටම ආරක්ෂා කරගත යුතු වෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: