අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනදා නායකත්වයේ සිටි රටවල් අද…

Posted in Uncategorized by arunishapiro on ජූනි 13, 2021

බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් දේශපාලනයේ දක්ෂිණාංශ හෙවත් ටෝරි පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නා වෙයි. ඇමෙරිකාවේ ජෝ බයිඩන් ඩෙමොක්‍රැටික් පක්ෂයේ වඩාත්ම වමට බර වූ අයවළුන් හා අත්වැල් බැඳගෙන සිටියි. බෙන්ජමින් නතන්යාහු තව දුරටත් ඊශ්‍රාලයේ අගමැතිවරයා නොවේ. G7 හමුවේ දී එකතු වූ “නායකයන්” නව දෙනාම චීනයට තරවටුවක් කරන්නට මොහොතක් පෙනී සිටියහ.

ලෝක ඉතිහාසයේ විවිධ අවදි විවිධ පැතිකඩ වලින් කියැවීමට අතිශය කැමැත්තක් ඇති මට වර්තමානය යනු ලෝකය මුහුණ දෙන ඉතා අවදානම් කාලයක් යැයි හැඟෙයි. තනි දේශයක් හැටියට සැලකිය යුතු කිසිදු යුද්ධයක් ජයගෙන නැති ප්‍රංශයත්, රටේ ආර්ථික කටයුතු නැවත පටන් ගැනීම කල් යවන කැනඩාවත්, චීනය සමඟ ආරවුලක පැටලී සිටින ඔස්ට්‍රේලියාවත් ගැන ලෝක ජනතාවට විශ්වාසයක් තබා ගැනීමට හැකියාවක් තව දුරටත් ඇත්දැයි යන්න සැකයකි. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පැත්තකට වූ හෝ නැත්නම් පසුබට වූ හෝ අවස්ථාවන් හී දී ලෝකයම දුක්විඳින ලදහ.

වර්තමානයේ ලෝක නායකයන් එකා මෙන් කළ යුත්ත වෙනුවට කිසිත් ලෙසකින් වැදගත්කමින් අඩු වූ දේවල් ගැනම කටයුතු කරමින් සිටිති. ලෝක ජනතාවට ඔවුන්ගේ නායකයන් ගැන යාන්තමින් බලාපොරොත්තු තබාගැනීම වෙනුවට තම තමන්ගේ ප්‍රගතිය සහ ආරක්ෂාව ගැන දැඩි සේ වෙහෙසෙන්නට අනිවාර්යෙන්ම සිද්ධවෙන කාලයක් ළඟදීම ඇතිවෙන හැඩයි!

2 Responses

Subscribe to comments with RSS.

  1. mdushanmalith said, on ජූනි 19, 2021 at 2:11 ප.ව.

    ඔබ 2012 පමණ ලියු යුදෙව්වමන් ගැන ලියු ලිපි දෙක මන් කියෙව්වා එය ඉතා වැදගත් උනා ස්තුතියි.මට දෙවන ලෝක යුද්දයේදි යුදෙව්වන් පිළිබදව තොරතුරු ට්කක් ආවශ්‍යයි මට සම්බන්ධ කර ගන්න පුලුවන් කොහොමද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: