වර්ජීනියාව ඩෙමොක්රැටික් පක්ෂයට අහිමි වූ හැටි
ඇමෙරිකාවේ මැතිවරණ දිනය ලෙසින් සැලකෙන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයට පසුව එන අඟහරුවාදා දිනයයි. කලින් වසරේ ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ නායකයා ඒ වෙද්දී කොතරම් ජනප්‍රියදැයි කියන්නටත් හැකියාව ලැබෙන්නේ දේශය පුරා විවිධ තනතුරුවලට කොතරම් පිරිසක් ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් ජයග්‍රහණය ලබනවාද කියා දැකගන්නට හැකියාව ලැබීමෙනි.
වර්ජීනියාවේ පාසැල් තුළ උගන්වන්නේ නැතැයි හිටපු ආණ්ඩුකාරයා දේශපාලන වේදිකාවල හඬගා කියන ලද විෂයයක් ඔහුගේ පරාජයට හේතු විය. ඔහු පරාජය ලබා වේදිකාවෙන් ඉවත්ව ගියේ නැටුමක්ද නටමින්.
ඇමෙරිකාවේ වාසය කරන වැඩිදෙනෙක් අසා නැති, නම දැන සිටියත් ඒ ගැන කිසිත් නොදන්නා බව පෙනී ගිය මේ විෂය කුමක්ද? එය විවේචනාත්මක ජනවාර්ගික න්‍යාය නම් වේ. ඒ ගැන කලින් දැමූ සටහනක් මෙතැනින් කියවන්නට පුලුවනි.
අපි කොමියුනිස්ට් නොවේ යැයි ලොවට හඬගා, අනතුරුව අවුරුදු 55 කට වැඩි කාලයක් මැතිවරණ නොමැතිව බලයේ රැඳී සිටිමින්, ඒ මුළු කාලයේ ම ජනතාවට තමන් අරගලයේ නායකයා ලෙසින් මවාපාන වස්ත්‍රයෙන් සැරසීගත් ෆිඩෙල් කැස්ත්‍රෝ තවමත් සමහර අයට වීරයෙකි. එලෙසින්ම තම සැබෑ ප්‍රතිපත්ති වසන් කර ජනතාව රවටන නායකයත්වයක් වර්තමානයේ අපිට ඇමෙරිකාවෙන් ද දකින්නට ලැබේ. නමුත් මැතිවරණ පැවැත්වීම සඳහා ඉඩකඩක් තිබීම නිසා මහජනතාව ඔවුන්ට දිගින් දිගටම රැවටී නොසිටින බව ද පසුගියදා පෙනී ගියේය.
පාසැල් වසාදැමීම නිසා ගෙවල්වල හිරවූ දරුවන්ට ගුරුවරුන් කියාදෙන දේවල් මොනවාදැයි දැනගන්නට දෙමව්පියන්ට අවස්ථාවක් ලැබීම මේ මැතිවරණයට මහත් සේ බලපාන ලද්දේය. සෑම විෂයයකටම පාහේ රිංගාගෙන ඇති විවේචනාත්මක ජනවාර්ගික න්‍යාය දැක දෙමව්පියන් ඒ ගැන විමසා බලන්නට පටන් ගත්හ. මෙය දේශපාලන අවියක් කරගත් සුලු පිරිසක් විසින් අධ්‍යාපන ක්ෂේත්රයට එකතු කරන ලද්දක් බව දැනගන්නට ලැබීමෙන් පසුව පාසැල් පද්ධතීන්ගේ නායකත්වයට දෙමව්පියන් වෙතින් දෝෂාරෝපණ එල්ල වෙන්නට පටන් ගැනිණ.
ඇමෙරිකාවේ පාසැල් සියල්ලේම මෙසේ ඉගැන්විය යුතු යැයි කියා පාඨමාලා නිර්දේශ කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් මෙරට නැත. ඒ ඒ ප්‍රාන්තවල ඇති ඒ ඒ කවුන්ටියේ (නැත්නම් වසමේ) පිහිටන පාසැල්වල බරපැණ ඒ අවට වාසය කරන ගෙවල් අයිතිකරුවන්ගේ නිවාස/ඉඩම් බදුවලින් පවත්වාගෙන යනු ලැබේ. පාසැල් ගැන තීරණ ගන්නට මැතිවරණයක් තුළින් තෝරාගන්නා පාසැල් මණ්ඩලයක් පත්වේ. ඉතින් ඔවුන්ගේ මුල්ම කාර්ය භාරය වනුයේ තමනට චන්දය දෙන ජනතාවගේ ඉල්ලීම් ගැන අවධානයක් දීමය. නමුත් පසුගිය කාලයේ දී බොහෝ පාසැල් මණ්ඩල තනතුරු දරණ අයට එය අමතක විය.
පාසැල් මණ්ඩල රැස්වීම් මහජනයාට විවෘතව පැවැත්විය යුතුයි. බදු ගෙවන ජනතාවට එහි දී තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. මෙය ඇමෙරිකාවේ දීර්ඝ කාලීනව පැවතෙන සිරිතකි. හොර රහසේ දරුවන්ට උගන්වන අලුත් න්‍යාය ගැන උරණ වූ දෙමව්පියන් මෙම පාසැල් මණ්ඩල ඉදිරියේ ඊට අකැමත්ත කියා පාන්නට යද්දී, වර්ජීනියාවේ එවැන්නක් නොවෙනවා යැයි කියන්නට බලයේ සිටි අය ගත් තීන්දුව ඔවුන්ගේ පරාජයට හේතු විය.
එපමණක් නොව, පාසැල් මණ්ඩලය ඉදිරියට පැමිණ විරෝධය දැක්වූ දෙමව්පියන්ගේ නම් FBI වෙතට ලබාදෙන්නට පවා ගන්නා ලද දේශපාලනීය වූ ක්‍රියාකලාපය නිසා පාසැල් ගැන කිසිදු උනන්දුවක් නොතිබුණ සෙසු ජනතාව ද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට පටන් ගත්හ.
නිව් යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයෙන් අපිට තවත් අපූරු සිද්ධියක් අහන්නට ලැබුණි. එය දිග හැරුණේ මෙහෙමයි. බලයේ සිටි ඩෙමොක්රැටික් නගරාධිපති මුල් මැතිවරණවල දී තම පක්ෂයේ අයගෙන් ලබන චන්දවලින් නාම යෝජනාව දිනාගන්නට අවශ්‍ය වැඩි චන්ද ප්‍රමාණය ලබාගන්නට අසමත් වූයේය. සමාජවාදී අපේක්ෂිකාව වූ ඉන්දියා වෝල්ටන් ඩෙමොක්රැටික් පක්ෂයෙන් ඉදිරිපත් වූවාය. නගරාධිපති සඳහා වූ මැතිවරණයේ චන්ද පත්‍රයේ අච්චු ගසා තිබි එකම නම ඇයගේ පමණි. ඒත් හිටපු නගරාධිපති තම නම චන්ද පත්‍රයේ අපේක්ෂකයෙක් හැටියට චන්දය දිනයේ දී ලියන්නට හැකියාව ලබාගැනීම සඳහා අවශ්‍ය තරමින් චන්ද දිනාගන්නට සමත් වීම නිසා ඉන්දියා වෝල්ටන් පරදවා නැවතත් බලයේ ඉන්නට ඔහුට හැකියාව ලැබිණ.
සමාජවාදයට ආවඩන අය සැබැවින් සිටින්නේ අල්පයකි. එවැනි අයගේ පවා ජීවන රටාව සොයා බැලුවොත්, ඔවුන් සියල්ලන්ම පාහේ ධනවාදයේ සැප සම්පත් භුක්ති විඳිමින් සිටින බව පෙනී යයි. එසේ ධනවාදයේ සැප සම්පත් විඳිමින් ඔවුන් ඒත් ධනවාදයට එරෙහි අරගලයක යෙදී සිටින බව රඟ දක්වති. වසර 55 ක් පුරා කියුබාවේ වැසියන්ගේ ආදායම් සියල්ල තීන්දු කළ ෆිඩෙල් කැස්ත්‍රෝ මෙන් අරගලයක යෙදී සිටින බව මවා පාති. යළි යළිත් අසාර්ථක වූ ක්‍රමයක් සඳහා වෙහෙසෙනවා වෙනුවට මේ අය ධනවාදය කුමක්දැයි කියා අවබෝධයට සැබෑ වෑයමක් ගන්නේ නම් ලෝකය කොතරම් සමෘද්ධිමත් සහ සාමකාමී වනු ඇත්ද!
ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ “WordPress” යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!
ස්තූතියි මහත්මිය.මං ඔබතුමියගේ ලිපි වගේම සමාජවාදයේ කලු පොත කියන එකත් හෙමිහිට
කියවගෙන යනව.ගොඩක් වටිනවා ලිබටේරියන් ගෲප් එකෙන් ලැබෙන දැනුමත්.නැවත වතාවක්
තුති.සුබ වේව
රසිත් විදුසර❤
rasithvithanage,
ජය!