දර්ශනය හා මනෝවිද්‍යාව
විෂයමූලිකවාදය
අයින් රෑන්ඩ් ඉදිරිපත් කළ විෂයමූලිකවාදය අද ඇමෙරිකාවෙහි නව පිබිදීමකින් හා ජනප්‍රියතාවයක් ලබා ගනිමින් නව සිසු පිරිසක් ද එකතු වෙන දර්ශනයකි. කුමක් ද මේ විෂයමූලිකවාදය?
අයින් රෑන්ඩ්ගේ වදන් වලින්ම මෙසේ එය සඳහන් කළ හැකිය.
විෂයමූලික නියතයක් ලෙසින් යථාර්ථය පවතී. කරුණු පිළිබඳව වූ සත්‍යය මනුෂ්‍යයාගේ හැඟීමි, ප්‍රාර්ථනා, බලාපොරොත්තු හෝ භය නිසා වෙනස් නොවෙයි. යථාර්ථය අවබෝධයට මනුෂ්‍යයාට පිහිට වන්නේ එකම ඥානයක් පමණි. එනම් තර්කානුකූල ක්‍රමවේද ඥානයයි. සියළු ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා තොරතුරු තර්කානුකූල ක්‍රමවේදය උපයෝගී කරගෙන මනුෂ්‍යයා යථාර්ථය කුමක්දැයි හඳුනා ගනී. ඔහුගේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකයා වන්නේ මෙම ප්‍රත්‍යක්ෂ දැනුම වෙයි. එසේම මනුෂ්‍යයාගේ පැවැත්ම රඳා පවතින්නේ ද මෙම දැනුම මතයි.
නියතයක් යනු කුමක් ද? යථාර්ථය නියතයකි. පැවැත්ම නියතයකි. දුහුවිලි අංශුවක් නියතයකි. එසේම මනුෂ්‍ය ජීවිතය ද නියතයකි. ඔබ ජීවත් වන්නේ ද මරණයට පත් වන්නේ ද යන්න නියතයකි. ඔබ පාන් කැබැල්ලක් කන්නේ ද නැතහොත් එය ඔබෙන් උදුරා ගත් අයෙකුගේ කුස පුරවන්නට ගියේ ද යන්න නියතයකි.
ඥානය යනු මනසින් අවධාරණය කර ගැනීමට හැකි ප්‍රත්‍යක්ෂ ඥානයකි. නිරීක්ෂණයෙන් අවබෝධ වන හෝ නිරීක්ෂණයෙන් ලැබෙන දත්ත වලින් උකහා ගන්නා තර්කානුකූල ක්‍රමවේදයෙන් ඇති වන්නේ ඥානයයි.
මනුෂ්‍යයා යනු ඔහුගේම අන්තය වෙයි. වෙනත් අය වෙනුවෙන් මනුෂ්‍යයා ජීවත් නොවන්නෙකි. මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ තමන්ගේම සුවසෙත සඳහාය. මනුෂ්‍යයා අනුන් වෙනුවෙන් බිල්ලක් නොවනවා සේම අනුන්ව බිල්ලකට ද නොගත යුතුය. තමන්ගේම වූ ස්ව-යථාර්ථවාදී උවමනාවන් හා තමන්ගේම සතුට සෙවීම මනුෂ්‍යයාගේ ආචාර ධාර්මික වූ විෂයමූලික අරමුණ වන්නේය.
සතුට යනු සාර්ථක වූ ජීවිත තත්වයකි. වේදනාව යනු මරණයේ ඒජන්තවරයෙකි. තමන්ගේ අගයන් මුදුන් පමුණුවා ගැනීම නිසා ඇතිවන සවිඥානය නොහොත් සචේතනික වූ ඥානය සතුට ඇති කරයි. සතුට යටපත් කිරීමට හෝ සතුට අත්හරින්නට යයි කියා දෙන න්‍යයායන් අචාර ධර්ම යන සංකල්පය නිෂේධනය කරති. අනුන් වෙනුවෙන් තම සතුට බිල්ලට දෙන්න යයි කියා දෙන ධර්මයන් ඔබගේ ප්‍රමිතිය කරවන්නේ මරණය යන සංකල්පයයි.
ජීවිතය හෝ සතුට ලබාගන්නට අඥාන වූ හුදු හිතුමතය නිසා කරන ක්‍රියා වලින් නොහැකිය. ස්වභාව ධර්මයා මනුෂ්‍යයාට ජීවත් වන්නට ඉඩ සලසා ඇත්තේ යම් ආකාරයකට ජීවත් වුනොත් පමණි. ඊට අනුකූල නොවී මනුෂ්‍යයාට ජීවත් වන්නට බැරිය. ස්වභාව ධර්මයේ නීති රීතීන්ට පිටතින් ජීවත් වන්නට යත්න දරන්නෝ සිටිති. ඔවුන් වැඩිකල් ජීවත් නොවන්නාක් මෙන්ම ස්ව-ආචාර ධර්මයන්ට අනුකූල නොවන සතුට සොයන්නට යන මනුෂ්‍යයාට ද සත්‍යය වූ සතුට ළගා නොවේ. නිසි ආචාර ධර්ම කියා දෙන්නේ මනුෂ්‍යයාට දුක් පීඩා විඳ මරණයට පත් වීමට නොව සතුටින් ජීවත් වීමටය.
විෂයමූලිකවාදයේ දේශපාලන ආර්ථික පද්ධතිය වන්නේ නිදහස් වෙළඳපොලය. එහි දී මනුෂ්‍යයා තවත් අයෙක් හා ගණුදෙනු කරන්නේ අපරාධයට ලක් වූ අය හෝ වධකයා ලෙසින් නොවෙයි. අයිතිකරැවන් හෝ වහල් වූවන් ලෙසින් නොවෙයි. නමුත් නිදහස් වෙළෙඳපොලේ සිය කැමැත්තෙන් ඔවුනොවුන්ගේ අභිමතයන් සපුරා ගන්නට ගණුදෙනු කරන අය ලෙසයි. මෙවැනි පද්ධතියක කිසිම මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුගෙන් බලහත්කාරයෙන් ශරීර ශක්ති බලය යොදා අගයන් ලබා නොගනී. එවැනි සමාජයක ශාරීරක දඬුවම් ලැබෙන්නේ ශාරීරික අතවර මුලින් කරන අයටය. අපරාධකරුවන් හෝ විදේශික ආක්‍රමණිකයන්ටය. සර්ව සම්පූර්ණ වූ නිදහස් ආර්ථිකයක (එවැන්නක් ලොව නැත) රජය හා ආර්ථිකය කිසිම සබැඳියාවකින් තොර වන්නේය. රජය හා ආගමික ආයතනයන් ද කිසිම සබැඳියාවකින් තොර වන්නේ කුමන හේතූන් නිසා ද අන්න ඒ හේතූන් නිසාම රජය හා ආර්ථිකය වෙන් වී සිටිය යුතුය.
1962 ටයිම්ස් මිරර් පත්‍රය අයින් රෑන්ඩ් හා කළ සාකච්ඡාවක කොටසකින් මෙම අනුවාදය ඔබ වෙතට.
දර්ශනය හා මනෝවිද්‍යාව ගැන කතා කරන්න බිලෝග් එකෙන් ඉඩක් හොයා ගත්ත. පුතිචාර කොහොමද බලමු. ලියන්න ලියන්න කියලා ඉල්ලන අය කියවන්න එයිද දන්නේ නැහැ. සමහර විට නව පාඨකයෝ එකතු වෙයි නේද?
මම අරුණි ශපීරෝ. ඉගෙන ගත්තෙ ලංකාෙවි. දැන් පදිංචිය ඇෙමරිකාෙවි. රටවල් දෙකක උගන්නලා, පොත් ලියලා දැන් බ්ලොග් වලට අත දාන්න බලන්නෙ. දන්න දෙයක් බෙදා ගනිමු.
ධනාත්මක චින්තනය ගැන ලියවුන කතා පළ කරන්නත් අදහසක් තියෙනවා.
බලන්නට ආවට ස්තූතියි.
ඔබේ ලිපියේ හරය අර්ථය කියවපු අයගෙන් කීදෙනෙක් ගත්තද කියන්න සැකයි.හේතුව මනෝවිද්‍යාවේ ඇති අපප්‍රසිද්ධ බව.කියවන අයත් මෙහි ඇති සාමාන්‍ය භාවිතයෙන් තොර වචන නිසා අපහසුතාවයට පත්වනවා.මමත් මනෝවිද්‍යාව ටිකක් හදාරපු හුගක් ඇලුම් කරන අයෙක්.ඔබේ දැනුමෙන් මා පෝශනය වීම හා මගේ අදහස් දැනගැනීම ඔබට අපහසුතාවක් නොවනු ඇතැයි මා සිතනවා.මට ඔබට ක්ෂනිකව ප්‍රතිචාර දැක්වීමට නොහැකියි හේතුව මා අන්තර්ජාලයේ සැරිසරන්නේ internet cafe එකකින් වීමයි.ඔබේ මේ මහගු කාර්යයට මාගේ සුභපැතුම්.
මටනම් ටිකක් සැර වැඩි වගේ. මෙයිට වඩා සරලව ලියන්න පුළුවන් නම් මම ගොඩාක්ම කැමතියි.
දාර්ශණික කරුනු බ්ලොග් හරහා සාකච්ඡා කිරීමට ඔබ ගත් උත්සාහය සහ අයින් රෑන්ඩ් හදුන්වා දීම ඉතා අගය කරමි. නිශ්චිත දාර්ශණික කරුනක් අරභයා ඔබගේ අදහස ඉදිරිපත් කලේ නම් ප්්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීමට මීට වඩා හොද ඉඩක් විවර වීමට ඉඩ තිබුනි.
විෂය මූලික නියතයක් ලෙස යථාර්ථය පවතී යන්න අරුම ප්‍රකාශයක් නොව එය සියළු භෞතික වාදයන් ගේ මූලික හරයයි. ප්‍රත්‍යකෂය හා ඥාණය සම්බන්දවද සම්භාව්‍ය අර්ථයෙන් අයින් රෑන්ඩ් වෙනස් වී ඇති බවක් නොපෙනේ (Refer philosophy of David Hume). ආර්ථික හා දේශපාලන කරුනු සම්බන්දව මීට වඩා පලල්ව සාකච්ඡා කල යුතුව තිබේ.
ඔබගේ ලිපිය අන් අයට නොවැටහීම සැලකිය යුතු කරුනක් නොවන්නේ දාර්ශණය යනු පාරිභාෂිත පද වලින් තොරව හැදෑරිය හැකි විෂයක් නොවන බැවිනි.
පිළිතුරු දී ඇති, නිශේධනය කර ඇති කරුණු නැවත නැවතත් උපුටා දක්වන්නේ කිමදැයි නොවටහේ. වඩ් විස්තර සඳහා kalya.org වෙත පිවිසෙන්න.
excellent writing, I like to read a lot , So much infomation from your letters. I live in USA maryland, Do you like mahamvnawa? We do have a sill event every month in the amarican univecity .
Thanks
luckmini, thanks. If you plan to visit the lower shore in the first state do get in touch. I know about Mahamevnawa programs thoughout the world but have not participated in any of them. I am sort of anti-establishment, any and all. Best always, Aruni
ධනාත්මක චින්තනය ගැන ලියවුන කතා පළ කරන්නත් අදහසක් තියෙනවා…..
ඔබතුමිය මේ වීශය ගැන ලිපියක් පල කරනකම් අපි බලන් ඉන්නවා……
ඔබතුමියගේ ලිපි හරවත් බවින් මෙන්ම රසවත් බවින්ද යුතුයි…………… දිගටම මේ ලිපි ,පෙල සමගින් රැදි සිටිමට බලපොරොත්තු වෙනවා…….
Good one.
i like it i am very interesting this field write more and if u can let me know more blogs about psychology
lankawata me kaleta ona phylosophy ekak eka hadaganna oyage lipi wedagath wey thawa liyanna sinhalen suba pathum///////…../////.
vajira kantha,
ආයුබෝවන්! ස්තූතියි.
Ayubhowan! mama hithanawa me lipy goak wadagathwewi lankawe ayata.digatma liyanna magen subha pathum.
Thanks dear.. keep up. all the best..
බොහෝම ස්තුතියි අරුණි මම මේ ලිපිය කියවීම තුල දකින්නේ පුද්ගලයා තම සතුට වෙනුවෙන් හුදකලා විය යුතුයැයි යන හැගීමක් එසේම සම්මුතීන්ට අනුකූල විය යුතුයියන හැගීමක්. සාමාන්‍ය සරළ යතාර්ථයට අනුව මෙන්ම සමාජ විද්‍යාත්මකවත් බලන කල නම් මිනිසා යනු සමාජීය සත්වයෙකි . එසේම ඔබ යෝජනා කරන පරිදි සමාජ සම්මුතීන් තුල ජීවත් වීමත් සාමූහික ප්‍රයත්නයකි.
මාගේ කිය වීම වැරදි වෙන්න පුලුවන් මොකද ඉතාමත් වේගයෙන් කියෙව්වේ වැරදි වැටහීමක් ඇති වී නම් කමා කල මැනව හා නිවරදි කල මැනව.
akda5050,
ඉක්මණින් කියෙව්ව නිසාම වෙන්නෙ නැතිව ඇති; එය මම සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගන්නා උත්සාහයක මුලින් ම ලියූ සටහන නිසා මගේ භාෂාව හැසිරවීමේ දුර්වලතාවය ද අදහස පැහැදිලි නොවීමට හේතුවක් විය හැකියි.
නැහැ, පුද්ගලයා තම සතුට වෙනුවෙන් හුදකලා විය යුතු යැයි කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ. මිනිසා සමාජයීය සත්වයෙක් යන්න පිළිගනිද්දී, ඒකීය මිනිසා සිය තෝරා ගැනීම් කරන්නේ සාමූහික මොළයකින් නොවන බව ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් නෙමෙයි.
තිරිසන් සත්වයන්ට වඩා මිනිස්සු වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන මේ සටහන කියවන්න.
එහි කියන මිනිස් ප්‍රාජක ගැන ප්‍රතිචාරයක ලියුවේ මෙහෙමයි.
සතුන්ට තියෙන ප්‍රාජක දෙක:
1. ජීවත්වෙන්න අවශ්‍ය දේවල් ලබා ගැනීමට, තම පැටවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමට
2. තර්ජනයකින් තමන්ව ආරක්ෂා කරගැනීමට, තර්ජනයකින් තම පැටවුන් ආරක්ෂා කරගැනීමට
මිනිස්සුන්ට තියෙන්නෙ ඉහත ප්‍රාජක දෙක සහ ඊට අමතරව තවත් දෙකක්:
3. දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට
4. තමන් ගැනත් ලෝකය ගැනත් අවබෝධයට, ඒ ගැන ඉගෙන ගැනීමට, නිර්මාණයට, අළුතින් දෙයක් සෙවීමට, තමන් හෝ ලෝකය හෝ ඇයි ඒ එහෙම වෙන්නෙ කියා විමසීමට
විචාරය සහ තෝරා ගැනීම යනාදිය සිද්ධ වෙන්නෙ ඔය 1, 2, 3, හා 4 යන සියල්ලේ ම එකතුවකින් ස්වභාවයෙන් හැදිච්ච මොළයේ prefrontal cortex යන්නෙහි තියෙන මෙහෙයුම් පද්ධතියකින්.
මෙහෙම: මිනිස් මොළය තමන් ඉදිරියේ ඇති යම් අවස්ථාවක දී “ඒ අවස්ථාව” ගැන අගැයුමක් කරනවා. ඊට දිය හැකි සියළුම ප්‍රතිචාර ගැන තක්සේරුවක් කරනවා. ඉන් අනතුරුවයි මොකක් ද වඩාත්ම හොඳ (best possible) ප්‍රතිචාරය කියා තෝරා ගන්නේ.
සත්තු ආහාරයෙන්, සංසර්ගයෙන්, සටන් වැදීමෙන් හා පළා යෑමෙන් තමයි ප්‍රාජක වලට මුහුණ දෙන්නෙ.
මිනිසා ආහාරයෙන්, සංසර්ගයෙන්, සටන් වැදීමෙන්, පළා යෑමෙන්, සබඳතාවයන් ඇති කර ගැනීමන්, යමක් වෙන්නේ කොහොම දැයි අවබෝධයෙන් (figuring out) තමයි ප්‍රාජක වලට මුහුණ දෙන්නේ.
සත්තු යම් අවස්ථාවක් ඉදිරියේ දී “ඒ අවස්ථාව” ගැන අගයැමුක් කරන්නෙ නැහැ. ස්වභාවයෙන් ලැබිච්ච 1 සහ 2 අනුව සහජ ගතියෙන් හැසිරෙනවා.
මිනිසා යම් අවස්ථාවක් ඉදිරියේ දී “ඒ අවස්ථාවට” අනුව 1, 2, 3, හා 4, සියල්ල ස්වභාවයෙන් ලැබිච්ච සහජ ගතියෙන් සලකා බලනවා.
ඒකයි සත්තු හැමෝම එකම විදියට හැසිරුනාට මිනිස්සු හැමෝම එකම සහජ හැදියාවක් නැත්තෙ. මිනිස්සුන්ට එකම විදියක ප්‍රශ්න විසඳන හැකියාවක් නැහැ, දැනුම නැහැ, දක්ෂතාවය නැහැ, විවිධ වූ බුද්ධිමය මට්ටම් (ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත) තියෙන්නෙ, ඒ වගේ ම මිනිස්සුන්ගේ ආවේගී මතකය නිසා විවිධ විෂම වූ තෝරා ගැනීම් වලට එළඹෙන්නෙ.
ප්‍රාජක හතරෙන් හිතන්න බැරි කොටසක් මිනිසුන් අතර ඉන්නවා, ඒ අය ගැන සටහන් ගණනාවක් ලියා තියෙනවා. මේ ඒවායෙන් කිහිපයක්:
විශ්වාස කළ නොහැකි මිනිස්සු
චපල කතා කියන බොරු මහන්තත්වයක් පෙන්වන්නා
අපරාධී මනෝව්‍යාධිකයා
ස්ටැන්ලි මිල්ග්‍රම්ගේ පර්යේෂණය
ඉක්මන් ප්‍රතිචාරයටත් කරුණු බොහෝමයක් සමගින් කල ඉදිරිපත් කිරීමටත් ස්තුතියි කියවන්නට ඇති කැමත්ත නිදිමත පසෙකලයි නමුත් අළුයම අවදිවිය යුතුයි අබැවින් ඉතිරිය කියවීම පසුවට කල් තබමි. ඔබට බොහෝමයක් ස්තුතියි
තව ටිකක් වාක්‍ය කෙටි කරන්න බලන්න.. එතකොට වඩාත් පැහැදිලියි. නැත්නම් එකදිගට වාක්‍යය කියවද්දි මුල කියපු දේ අගට යද්දි සම්බන්ධ කරගන්න අපහසුවක් දැනෙනවා.. නමුත් බොහෝ දේ ඉගෙන ගත්තා.. ස්තූතියි ඔබට.
Aruni mis denuma hoyana api wenuwen thawa liyanna thank you
පිංවත් ඔබට තෙරුවන් සරණයි .මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ 2017වර්ෂේ බෞද්ධ අධ්‍යයන ඩිප්ලොමා පාඨමාලාව හදාරණවා.මගේ විෂයයන්
1, ආදි බෞද්ධ දර්ශනය
2,බෞද්ධ සමාජ දර්ශනය
3,උපදේශනය හා බුදු දහම
4,ෞෞබෙෳද්ධ නිකාය විකාශනය
ඔබේ වටිනා කාලය ට යම් බාදාවක් උනානම් මේ කාලය මං ගත්තට ඒ ගැන අමනාප නෙවෙන්න.
මේ බ්ලොග් එකෙන් ඔය විෂයයන්ට වැඩක් වෙන්නෙ නෑ. ගිහින් නැත්තම්, ආ ගිය කතා බ්ලොග් අඩවිය කියවන්න. http://aagiyakatha.blogspot.com/
ස්තූතියි ධන චින්තනය ghana වින්දනයටත් අපි හුරු පුරුදු වුනේ සුමනදාසසමරසින්හ ගුරු පියානන්ගෙන් ඔබ තුමියට එතුමන්ගේ ආසිර්වාදය ලැබී තිබෙනවා අපට සින්හලෙන් ලිපි පලකරන්න
Harima arthavithai.