අරුණි ශපීරෝ‍ වෙතින්

හිතහතුරා, වෙබ්කොමික් හා කොම්බැට් පාර්කින්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 12, 2010

ඉංග්‍රීසි භාෂාවේ වචන උච්චාරණය කරන්නේ කොහොම ද සොයාගන්න මම නිතර ගොඩ වදින අඩවියක් තමයි Merriam-Webster. මම පුංචිකාලේ “ද්වේෂය” නමින් වූ ඉංග්‍රීසි චිත්‍රකතා පොතක් කියෙව්වෙමි. එය “හැට්-රෙඩ්” නොව “හේට්රඩ්” බව දැනගත්තේ කියවන පොතේ නම කුමක්දැයි අක්කාට කියන්න ගොස් ඇය විහිළු කළ නිසාය. ලියන විදියට උච්චාරණය නොවන වචන සමුදායක් ඇති ඉංග්‍රීසි භාෂාවේ වචන අද දිනයේ පවා ගූගල් වෙබ් සේම අක්ෂර වින්‍යාසය දත්ත ද වචන උච්චාරණය තවමත් ඉගෙන ගනිමින් සිටිමි.

අද ඉංග්‍රීසි භාෂා භාවිතයේ ඇති වචනයක් නම් -frenemy යන්නයි. එනම් යහළු බව පෙන්වන (pretends to be a friend) නමුත් හතුරුකම් කරන්නෙකි (but an enemy). මේ වචනයේ පටන් ගැන්ම 1977 පමණ යයි ඉහත වෙබ් අඩවිය සඳහන් කරයි. මා ඊට සිංහලෙන් “හිතහතුරා” යයි යොදා ගත්තෙමි. සිංහලටත් අළුත් වචනයක් එකතුයි නේද?!

මෙසේ මෑතක දී ඉංග්‍රීසි භාෂාවේ ව්‍යවහාරයට එක්වූ පදවහර කිහිපයක් එම වෙබි අඩවියෙන් ලබාගන මෙහි පහත සඳහන් කරමි. තව දැන ගන්නට කැමැත්තෝ මිරියැම්-වෙබ්ස්ටර් වෙත ගොස් (ඇමෙරිකන් හුරුවට බස් උච්චාරණය) සොයාගන්න.

චාටු බස් කියන්නට හපන් අය අප අතර බොහෝය. එහෙත් ප්‍රශංසා කරන්නේ එහෙමත් කෙනෙකි. බ්ලොග් සගයන් නම් හිත් පතුලෙන්ම ප්‍රශංසාවත් ගැරහීමත් දෙකම සිද්ධ කරනු දැකිය හැකිය. නමුත් සමහර අය ප්‍රශංසා කරන ගමන් ගැරහීමක් ද කරති. එයට අද ඉංග්‍රීසියෙන් complisult යයි කියති. උදාහරණයක් මෙසේය. from my aunt: “you gained some weight in your face. Looks nice.” —Sandeep Parikh on Twitter, Nov. 24, 2009 Submitted by: Diane Morris Bernstein, GA

අන්තර්ජාලය අද නව නිර්මාණ බිහිවෙන ස්ථානයකි. වෙබ්කොමික් යනු වෙනත් තැනක පළවන්නට පෙර අන්තර්ජාලයේ මුලින්ම පළවන කොමික් එකකි. කාටූනයකත් කොමික් එකකත් වෙනස දන්නවා ද? උදාහරණයක් මෙසේය. Great new idea for a webcomic: a couple of tech-savvy hipsters living in NYC. I’m gonna be rolling in t-shirt sales money! — Niko Anesti on Twitter, Apr. 4, 2010

Stabby යනු කුමකට හෝ අනින්ට හිතෙන කෝපය හෝ නිශ්ප්‍රභාව නිසා ඇතිවන චිත්ත ආවේගයයි. උදාහරණයක් මෙසේය. “Sovay” is my favorite Andrew Bird song so here it is in all its whistling divine glory. To this day he remains the only person whose whistling does not make me feel stabby. — Linda Park, Courier-Journal.com, Dec. 3, 2009 Submitted by: Ted C, TN

ඇත්ලාන්ටා මාස්ටර්ස් ගොල්ෆ් ක්‍රීඩා තරඟාවලියේ තරඟ වැද පරාජයට පත් වූ ටයිගර් වුඩ්ස් හා අනාචාර හැසිරීම්වල යෙදුනු කාන්තාවන් සියල්ලෝගේම ඡායාරූප එම තරඟාවලියේ ආරක්ෂක සේවකයන් ළඟ තිබුණි. ඒ සමාන හැඩරුවක් ඇති කාන්තාවක් ඔවුන් ගොල්ෆ් පිටියෙන් ඉවත් කර ද ඇත. ඇය ටයිගර් හා අනාචාරයේ යෙදුනු කාන්තාවන්ගෙන් කෙනෙක් ද නොවීය. ටයිගර් ක්‍රීඩා කරන අවස්ථාවල දී උසුළු විසුළු කරහොත් එවැනි නරඹන්නන් ද පිටියෙන් ඉවත් කරන්නට විධි විධාන යොදා තිබුණි. ගොල්ෆ් පිටියට අහසින් පියාඹා ටයිගර්ට අපහාස කරනු පිණිස බැනරයක් දමාගෙන ගිය අහස්යාත්‍රාවක ගුවන්ගමන දිනකට තහනම් කර ඇත. පිටියට කඩා පැන ටයිගර්ගේ මුහුණ සිඹින්නට කාන්තාවක් උත්සාහ කළා නම් ඇයට රියැලිටි රැල්ල හුරු කර ඇති මාධ්‍යජාලා වලින් සෑහෙන මුදලක් සොයාගත හැකිවුණි. ගොල්ෆ් සංවිධාකයන්ට ඇති බිය එයයි. අද ගොල්ෆ් පිටිය තහනම් වී ඇත්තේ අනාචාරයේ යෙදි ටයිගර්ට නොව ටයිගර් හා කම්සුඛ පැවැත්වූ කාන්තාවන්ටයි. මෙයත් ටයිගර්ගේ ප්‍රතිකාර ‍පිළිවෙතක් ද? නැතහොත් එය පෙරප්‍රතිකාර (Prehab) ක්‍රමයක් ද? Prehab යනු ඇබ්බැහිය හෝ වළක්වාගත නොහැකි චර්යාවක් වැළ‍ඳෙන්නට පෙර මඟහරවා ගන්නට දෙන නිවාරණ (preventive) ප්‍රතිකාරයයි. උදාහරණයක් මෙසේය. Charlie Sheen has checked into rehab as a “preventative measure.” Witness the ingenious invention of a new celebrity phenomenon: Prehab. — Maureen O’Connor, Gawker.com, Feb. 24, 2010

නිව් යෝර්ක් නගරයට මේ සතියේ එක් රොක්ව ඉන්නා ලෝක නායකයෝ බොහොමයකි. ඒ පරමාණු අවිබල ගැන කතාබහටය. තමන්ට අවි අඩු කරන්නට බලපෑමක් වෙනවා යයි දැනගත් ඊශ්‍රාලයේ බින්යමින් නතන්යාහු කළින්ම එන්නේ නැතිබව දැන්වීය. අනිත් අය අවුත් අවි අඩු කිරීම ගැන කතාබහ කර යනු ඇත. ඒ ගැන කිසිවක් නොකළත් කතා කිරිම සැලකිල්ලට ගැනෙන නිසා කතා නොකළ ද පැමිණීම වාසිදායකය. හරියට වැඩිහිටියන් දෙන අවවාද නිහඬව අසා සිටියාම වැඩිහිටියන් සතුටු කරත හැකි නිසා අවවාදයන් පිළිපදින්නට නොහිතන මුත් අවවාද අසා සිටින කුඩා දරුවන් මෙනි.

මේ රැස්වන ලෝක නායකයන්ට හා ඔවුන්ගේ නිල වාහන රියැදුරන්ට තානාපති බලතල ඇත. ඒ නිසා නිව් යෝර්ක් නගරයේ නීති කඩමින් වාහන ගාල් කරන තානාපති වාහන බොහොමයක් මේ සතියේ දැනගන්නට හැකිවනු ඇත. මෙසේ නායකයන් එක්වන එක්සත් ජාතීන්ගේ සමුළු යනාදියට එන ලෝක නායකයන් අතර ඔවුන් ඒ රට රටවල පවතින නීති අනුගමනය කරනා ආකාරය මෙහි දී ද දැකගත හැකිය. වැඩියෙන් නීති කඩන නායකයෝ සිටිනා රටවල නායකයන් ප්‍රවාහනය කරන නිල තානාපති වාහන වැඩියෙන් නිව් යෝර්ක් නගරයේ මාර්ග නීති කඩා ටිකට් ද ලබන්නෝය. නමුත් ඔවුනට තානාපති බලතල ඇති නිසා ඒ ටිකට් වලට වන්දි ගෙවීමට සිදුවන්නේ නැත. නීතිමය වශයෙන් ඔවුනට දඬුවම් ලැබෙන්නේ නැත.

වාහනය නවතන ස්ථානයට වාහනයේ පිටුපස දමා නතර කිරීම (the practice of parking a car by backing it into a parking space) හැඳින්වීම අද ‘Combat Parking’ නම් වෙයි. සාමාන්‍යයෙන් සාමාන්තරව වාහන ගාල් නොකරන රටාව ඇති ඇමෙරිකාවේ රථ ගාල්වල වාහන නතර කරන්නේ වාහනය පදවාගෙන ගොස් රථය ගාල් කරන සුදු ඉරිකඩ දෙක මැදට ඇතුල් වෙමිනි. එවිට එතැනින් ඉවත් වන්නට නම් රිවස් කළ යුතුය. එහෙත් “කොම්බැට් පාර්ක්” කරන්නා රිවස් එකේ ගොස් රථය ගාල් කරන්නේ ඉක්මණින් එතැනින් පිටවන්නට හැකි ආකාරයට සුක්කානම ඇති රථයේ ඉදිරි පැත්ත පාරට මුහුණලාය. උදාහරණයක් වශයෙන් ‘Combat Parking’ requires one to back in, so one can make rapid exit; just beep the horn before backing. — Anonymous, CarTalk.com, June 19, 2007