අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාව

බරක් ඔබාමාට ලැබුණු නොබෙල් තෑග්ග

බටහිරට කත් අදින, එහෙමත් නැත්නම් දක්ෂිණාංශ නැඹුරුවට බර නිසා නෝර්වේ වලින් නොබෙල් සාම තෑග්ග බරක් ඔබාමා‍ට දුන්නා කියල ලංකාවේ අය කියනවා. යුද්ධයක් ඉවර කරපු නිසා මහින්ද රාජපක්ෂට සාම තෑග්ග දෙන්න තිබුණනෙ කියලත් කියනවා. දෙවැනි කතාව ඇත්ත. ඒ දෙන්න ගෙන් නමි සුදුස්සා මහින්ද රාජපක්ෂ තමයි අවිවාදයක් නැතුව. මොකද බරක් ඔබමා තාම කරපු කෙංගෙඩියක් නැති නිසා. හැබැයි අර කලින් ලියපු මතය නම් වැරදි. ඇමෙරිකානු ඉතිහාසයටම එක්වෙන ඉතාමත් වාමාංශික ජනාධිපතිවරයා තමයි බරක් ඔබාමා. ඒක අද ඇමෙරිකාවෙ ඉන්න හැමෝම පිළිගන්න අදහසක්. එයා ඉදිරිපත් කරන අදහස්, කියන කතා, ඉදිරියට ගෙනෙන පුතිපත්ති සේරම බැලුවම වමේ අදහස් තමයි ඒ වල තියෙන්නෙ.  හැබැයි මෙතෙක් කාලයක් කිසිම කෙනෙකුට තමන්ගෙ අදහස් හා පවත්වපු කතා නිසා නොබෙල් තෑග්ග නම් ලැබුනේ නැහැ. ඉතින් බරක් ඔබාමා කළේ මොනවාද කියන එක හැමෝටම පුශ්නයක්. යුරෝපය වාමාංශිකයි කියන අදහස ඇමෙරිකාවෙ අය දරන්නෙ. මොකද සේරම සමාජ සේවා කටයුතු රජයේ බලපෑම යටතේ කෙරෙන නිසා. ඇමෙරිකාවෙත් ඒ වගේම රජයේ බලපෑම අනුව සමාජ සේවා කටයුතු කෙරෙනවාට යුරෝපය කැමති. ඒ වගේම සුපර් පවර් එකක් හැටියට ඇමෙරිකාව තමන්ගේ හිතුමතයට යුද්ධ කරන එකත්, බලවත් බව ලෝකෙට පෙන්නන එකත් යුරෝපයට රුස්සන්නෙ නැහැ. ඔබාමා ඒවට තිත තියන්න හදන නිසා තමයි යුරෝපය ඔබාමාට කැමති. ඇමෙරිකාවෙ අය නමි වොෂිංටන් වල ඉන්න ටික දෙනෙක් ඇරුණාම ඔය තෑග්ග ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. වැඩි මතය මෙහෙත් එයා සුදුසුස්සා නොවන බවයි.

තේ පාටි සංවිධානය

අද ඇමෙරිකාවේ දහස් ගණන් ජනතාව “තේ පාටි සංවිධානයන්ට” එකතු වෙති. සැප්තැම්බර් 12 වැනිදා වොෂිංටන් නුවරට එක්රැස් වූ ජනතාව මිලියන දෙකක් ලෙසින් ගණන් බලා ඇත. මෑතක දී ඇමෙරිකානුවන් සිය අකැමත්ත ප්‍රකාශ කරන්නට පෙළපාලියක් ලෙසින් රැස්වුනු විශාලතම ජන රැලිය එයයි.

තේ පාටි සංවිධානයේ මූලාරම්භය වූයේ බ්‍ර්තාන්‍යය අධ්රාජ්‍යය විසින් ඇමෙරිකානු යටත් විජිතයට පැන වූ බදු පද්ධතියයි. තමන්ගේ මතය නොවිමසා තමන්ට බදු පැනවීම ගැන එරෙහිව ඇමෙරිකාවෙහි වූ බ්‍ර්තාන්‍යය යටත් වැසියෝ මහා බ්‍ර්තාන්‍යයට එරෙහිව කැරළි ගැසූහ. තේ කොළයටත් බද්දක් පැනවීම නිසා බොස්ටන් නුවර 1773 දී ස්වදේශී ඇමෙරිකානුවන් ලෙසින් වෙස් ගත් බොස්ටන් නුවර වැසියෝ වරායේ වූ තේ ගබඩා කළ නැවි වලට පැන තේ පෙට්ටි මුහුදට විසි කළහ. බ්‍ර්තාන්‍යය ලංකාවට ගෙනා තේ ඒ අතර තිබූ බව සඳහන්ය. අදත් ඇමෙරිකාවෙහි තේ පානයට වඩා කෝපි පානයට ඔවුන් අතර වැඩි කැමැත්තක් ඇත්තේ මෙම සිද්ධිය හේතු කරගෙන බව සමහර අයගේ මතයයි.

පසුගිය කාල වකවානුව තුළ ඇමෙරිකානු රජය විසින් ජනතාවගේ කැමැත්ත අකැමත්ත විභාගයට නොගෙන හිතුමතයේ බදු පනවා රජය විසින් නොයෙකුත් සේවාවන් ජාතික කිරීමට ගන්නා උත්සාහයට හා රජයේ මහා පරිමාණ වර්ධනය හා රජයේ වැය ඉතා ඉහළට යෑම විරුද්ධව නැඟ එන මෙම තේ පාටි සංවිධානයේ ප්‍රධානියෙක් නැත. ඔවුන් පක්ෂ දේශපාලනයක නොයෙදෙති. ප්‍රාන්ත මට්ටමින් ගොඩනැඟී ඇති මෙම තේ පාටි ව්‍යාපාරයට දිනෙන් දින එක්වන සංඛ්‍යාව මහත්ය. ඔවුන්ගේ දැනට ඇති එකම අරමුණ රජය ජනතා‍වගේ හඬ අහන්නට නම්වා ගැනීම පමණකි.

ඇමෙරිකන් ඉතිහාසය නොදන්නා අය වෙත

නව ලෝකය සොයා ගිය ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් නොදන්නාකමට ඇමෙරිකානුවන්ට “රතු ඉන්දියානුවන්” යයි කීවේ තමා පැමිණියේ ලෝකය වටා ගොස් ඉන්දියාවට යයි සිතා ගෙනය.

බ්‍ර්තාන්‍යය හා ප්‍රංශය ඇමෙරිකාව අල්ලා ගැනීමට යුද්ධ කළේ “රතු ඉන්දියානුවන්” හා එකතුව වුවත් ඒ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් නොව තමන්ට රට අල්ලා ගැනීමටය. මේ කාලයේ ඇමෙරිකානුවන් කියා කොටසක් නොවීය.

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට යටත් වූ ඇමෙරිකාවට අප්‍රිකාවෙන් වහළුන් ගෙනෙන ලද්දේ ඉංග්‍රීසිකාරයා මිස ඇමෙරිකන්කාරයා නොවෙයි.

ඇමෙරිකන්කාරයා අප්‍රිකාවෙන් වහළුන් ගෙන ඒම නීතියෙන් නතර කළ ප්‍රථම රට වෙද්දී එකළ බ්‍ර්තාන්‍යය හා ප්‍රංශය තවමත් අප්‍රිකාවෙන් වහළුන් අල්ලා ගෙන යෑම කළහ.

අද ඇමෙරිකාවේ “ස්වදේශී ඇමෙරිකානුවන්ට” ඔවුන් උපන් භූමිය අයිතිය. බලපත්‍ර නොමැතිව නිදහසේ දඩයමට, මසුන් මැරීමට, බදු නොගෙවා ඉන්නට, සූදු කෙළියේ ආදායම් ලබන්නට, නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට යනාදී අනිකුත් ඇමෙරිකානුවන්ට නැති සහන රැසකි.

ලංකාවට හෝ ඉන්දියාවට කළින් ත්‍රස්තවාදී කොටි තහනම් කළේ ඇමෙරිකාවයි.

සුනාමියෙන් බැට කෑ ලංකාවට ආධාර දෙන්නට ලංකාව කොහෝදැයිවත් නොදන්නා ඇමෙරිකානුවෝ ඉදිරිපත් වූහ. එහෙත් 9/11 විපැත්තියේ දී ලංකාවෙන් නමි කිසිම කෙනෙක් ඇමෙරිකාවට උදවි කරන්නට තියා අනේ අපොයි කියන්නට වත් ඉදිරිපත් වුනේ නැත.

ඇමෙරිකාවට බනින කෙනෙක් සිටී නම් ඔහු හෝ ඇය දුරකතන, සෙල් ‍ෙෆාන්, රූපවාහිනිය, පෝලියෝ වැනි එන්නත් හා අන්තර්ජාලය භාවිතයෙන් වැළකිය යුතුය. මන්ද ඒ සියල්ල ලොවට දායාද කළේ ඇමෙරිකාව නිසාය.

ඇමෙරිකාවට බැනීම ස්ටයිල් එකක් වුනේ අද ඊයේ නොවේ. පිටරට ඉන්නා අය පමණක් ද නොවේ. තමන්ගේ රටේ ඉන්න බයට ඇමෙරිකාවට හොරෙන් ඇතුල් වී මෙහි ඇති මානව අයිතිවාසිකම් වලින් සුවසෙත සලසා ගෙන තම තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන ඇමෙරිකාවට දොස් කියන්නේ ප්‍රසිද්ධියේමය. ඒ හැම දෙයකටම නිදහසක් ඉතිහසායේ පටන් සලසා දී ඇති  ලෝකයේ එකම රට ඇමෙරිකාවයි.

47 Responses

Subscribe to comments with RSS.

  1. sujeewa said, on සැප්තැම්බර් 13, 2010 at 6:50 පෙ.ව.

    Aruni,

    Americava kiyala minissu baninne americave venath ratavalata vina karana deshpaalana haa hamudaamaya balayatayi.

    Man oya lankawe thiyena america wirodhaya nam dakinne vihiliuvak hatiyatra. Eth Nicaraguava, Cubava, Irakaya, Panamava, Equadoraya wage ratavala americava kala de kohethma anumatha karanna be. Thavath godak latin american and African ratavalath ehemayi.

    Ithiri tikata ogba haa ekangayi

    • arunishapiro said, on සැප්තැම්බර් 13, 2010 at 8:32 පෙ.ව.

      ඔව් සුජීව, ඇමෙරිකාව හැමදාම අනාගත්තෙත් අනාගන්නෙත් හමුදාව හා දේශපාලනයමය ඇඟිලි ගැසීම් ලොවට කරන නිසාමයි. මෙයට පසු සටහන් වල දී මා ඒ ගැන තවත් ලියුවා. ඒක ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාව ලියූ නිර්මාතෘ විසින් පැහැදිලිව ලියා තිබුණත් ඉතිහාසයේ හැම අවස්ථාවකම වගේ අදත් ඉතාමත් අනුවණ ආකාරයට ඇමෙරිකාව සිය විදේශ සබඳතා පවත්වනවා. පැහැදිලිවම ඇමෙරිකාවේ දුබලතාවය එයයි. ලංකාවේ අය අකැමැත්ත දක්වන්නෙත්, අගය කරන්නෙත් නිසි තොරතුරු විමසා බලා නම් නෙවෙයි. විහිළු තමයි ඒවා!

  2. pipi said, on නොවැම්බර් 18, 2010 at 1:41 පෙ.ව.

    a confession of a economic hit-man is not a fiction.

  3. nalin said, on නොවැම්බර් 23, 2010 at 1:40 ප.ව.

    Powerful countries always interfere with the internal issues of weak countries and weak ones always criticize this. If Sri Lanka were powerful and USA were weak, I don’t think there would be a difference.

  4. Nuwan said, on මැයි 20, 2011 at 12:53 ප.ව.

    Aruni,

    Yes you are absolutely correct Aruni. I completely agree with you. Most people don’t know correctly what is America! How America become a country like this from very few years. They only decide about America from the things they watch and listen from non-independent medias. No one think absolutely, everyone think relevantly. I can’t understand why people don’t use internet to understand about developed countries. Most people use it for find mean pleasure. Many people only know to blame America and they only give several facts but unfortunately they don’t know they are wrong. Because they don’t try to find the truth or there is no one to clarify. So I think if we think to remove western inventions(Most American) we should have to go to stone age. 😀 No one have right to blame America via internet because it also invented by America…By the way I’m friend of Ranith Udugampola. Your friend I guess. He told me to read your posts. They are so interesting…

    • arunishapiro said, on මැයි 20, 2011 at 1:18 ප.ව.

      Nuwan,
      welcome to my site. Glad to read your comment. You note is “spot on” when it comes to internet use. When I visited Sri Lanka I did a search on the web history of computers I used; campuses, internet cafes etc and alarming number of sites visited are definitely to find “means of pleasure”.

      Media moguls everywhere are only interested in making there purse bigger while pretending to distribute news and facts. So again, you notice what we have accomplish; how to find facts and truth from independent means.

      You seem to know already which train to take!!!! Train is leaving with people who like to go forward. Not everyone will come aboard. Train will depart without them. Such is life!!

      Best of Luck!

  5. Buddhika Thambugala said, on ජූනි 26, 2011 at 6:03 පෙ.ව.

    අරුණි, ඔබගේ බ්ලොගයට මම ඉතා අළුත් වෙමි. Oබගේ පෞඩ්ග්ලලික් තොරතුරු මෙන්ම මතවාදයන් ගැනඩ කිසිවක් නොදන්නෙමි.. එහෙත් ලක්දිව තුළ මා සිතන විදිහට බොහෝ සමාන ලෙස සිතන කෙනෙක් හමුවීම සතුටට කරුණකි..
    ලන්කාවේ මිනිසුන් ඇමෙරිකාවට බනින්නේ ඇමෙරිකන්කාරයන් ඉරාකය ආක්‍රමණය කිරීමවත් ඇෆ්ඝනිස්තාන්යේ සිවිල් වැසියන් ඝාතනය කිරීමවත් නිසා නොවෙයි.. ලෝකයේ මාධ්‍ය ආධිපත්‍යය ඇමෙරිකන් කාරයන් හිමි කරගෙන සිටියත් ලන්කාවේ කඩ්ඩ බැරි දුප්පත් මිනිසුන් කෙරෙහි ප්‍රචාරණ ආධිපත්‍යය පතුරන්නේ අයි.ටී.එන් සහ රූපවාහිනියත් ය. ඒවා පාලකයන්ගේ පිට කැසීමට හිතා මතා කරුණු විකෘති කරන බව මා නම් දන්නේ 5 ශ්‍රේණියේ සිටයි.. එබවින් ලන්කාවේ මිනිසුන් ඇමෙරිකාවට විරුද්ධ එහි පාලකයන් සහ ඔවුන්ගේ එහෙයියන්ගේ මතවාද කරපින්නා ගැනීම නිසා බව සෞඛ්‍ය සම්පන්නව නිගමනය කළ හැකිය.. පාලකයන් (ඇත්ත ලෝක්යේ කෙසේ වෙතත්) මයික්‍රොෆෝනය ඉදිරියේ නම් අමෙරිකන්-විරෝදී වන්නේ ඇයි-දැයි හොදින් පැහැදිලි ය.. අද පවතින බටහිර යුදෙව් නූතනත්වයේ ප්‍රායෝගික නියමුවා ඇමෙරිකාව වන අතර (මම නලින් ද සිල්වා ගේ ගෝලයෙක් නොවෙමි ) බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි විරෝධය බලයට එන්නන්ගේ ඩි-ෆැක්ටො වෙළද භාණ්ඩයයි.. ඇමෙරිකාව (පමණක් නොව ඊශ්‍රායලය පවා) ලන්කාවට බොහෝ උදවු කර තිබියදීත් (ඒ සම්බන්ධ අරුණි දක්වන කරුණු වලට 200%ක් එකග වෙමි ) ලන්කාවේ මෝඩ / නොමග යවන ලද මිනිසුන්ගේ මතවාදව වෙනස් නොවන්නේ එබැවිනි. මේ හැර ලන්කාවේ මිනිසුන් හට අසන්නට බලන්නට ලැබෙන්නේ එෆ්.එම් නාලිකා සහ පුවත්පත් ය.. එෆ්.එම් නාලිකා ඇත්තේ මතවාද ශාදනයට නොව සින්දු ඇසීමටය.. එකම කොම්පනියේ සින්හල පත්‍රය දැඩි ලෙස ඇමෙරිකන් විරෝදී වන අතර ඉන්ග්‍රීසි පත්‍රය ජාත්යන්තර ප්‍රභව වලින් පුවත් ගෙනහැර දක්වමින් මධ්‍යස්ත වීමට යත්න දරයි.. එහෙත් කරුමයට මෙන් මිනිසුන්ට ඉන්ග්‍රීසි බැරි ය.. ලන්කවේ චන්ධ්‍රිකා රූපවාහිනී සබදතා ගණන 150000 කි (ජනගහනයෙන් 0.75%). ඉන්ටෙර්නෙට් සබදතා ගණන 400000කි (ජනගහනයෙන් 2%).. චන්ද්‍රිකා රූපවාහිනිය ඇත්තවුන් පවා හින්දි චිත්‍රපටි බැලීම හැර ජාත්යන්තර ප්‍රවෘත්ති නැරඹීම සිදු කරන බවක් නොපෙනේ. බැලුවාට ඔවුන්ට ඒවා තෙරෙයි කියා සිතන්නද අමාරුය.. ගිය සතියේ ලන්කාවටෙ ගෙන ආ “ද ඉකොනොමිස්ට්” සගරා සන්ඛ්‍යාව 930ක් බවත් ගම්පහ නගරයේ එය මිලදී ගැනීමට එකම ස්තානයක්වත් නොතිබුණු බවත් සැලකීමෙන් ලන්කාවෙ ජාත්‍යන්තර සම්බන්දතා / දැනුම ගැන අදහසක් ගත හැකි යයි සිතමි..

    • ෂර්ලි said, on සැප්තැම්බර් 14, 2011 at 2:14 ප.ව.

      බුධ්ධික ගම්පහ ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව නෑ කියලා ලන්කාවෙ මිනිස්සුන්ගෙ දෑනුම ඒ අනුව මනින්න හදනවා කියන්නෙ ඔබගෙ දෑනුමත් කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්.ලන්කාව කියන්නෙ සින්හල රටක් මිසක් ඉන්ග්‍රිසි රටක් නෙවෙයිනි.ලන්කාවෙ මිනිස්සු වෑඩිපුර කියවන්නෙ තමන්ගෙ බාශාවෙන් තියෙන පත්තර.තමුන්ගෙ මනසට අනුව අනිත් මිනිස්සුන්ව මනින්න හදන්න එපා,ඒක මෝඩකමක්.ඔබ හිතනවට වඩා ඔබට වඩා ලෝකයේ වෙන්නෙ මොනවද කියලා දන්න මිනිස්සු ඕන තරම ලන්කාවෙ ඉන්නවා.

  6. arunishapiro said, on ජූනි 26, 2011 at 7:06 පෙ.ව.

    Buddhika Thambugala,

    ඉතා ස්තූතියි. ඇමෙරිකාව ගැන මම හිතන විදියටත් ඔබ හිතන විදියටත් හිතන සුළු පිරිසක් හෝ තවමත් ලංකාව ඇතුලත සිටීම ලංකාවේ භාග්‍යයකි.

    ඊයේ පෙරේදා රැස්වීමක දී IMF මුදල් ආධාර ගැන ටිල්වින් මහජන වේදිකාවේ රට්ටු රවට්ටන හැටි දැක බෙහෙවින් සන්තාපයට පත් වී සිටියෙමි. ලෝක ණය ආධාර වලින් තම වැය පිරිමසා ගන්නා ලංකාවට චීනයෙන් ලැබෙන වැඩි පොලි සහිත සහ IMF වලින් ලැබෙන අඩු පොලි සහිත ණය ආධාර නොමැති නම් ග්‍රීසියේ සේ ජනතාව මහපාරට කැඳවා ගෙන පෙළපාලි යන්නට ඉතා ඉක්මණින් ටිල්වින්ට හැකිවනු ඇත. සල්ලි වියදම් කරන්නට නම් සල්ලි හම්බ කළ යුතු බව නොදන්නා ටිල්වින් ද ණය වලින් ජීවත් වී, හේතුව ඒකාධිපතිවාදය යැයි කියා බැන වදිමින් රටේ බලය අල්ලා ගත් දිනයක, ඔහු ද ලෝක ණය ආධාර ඉල්ලා නොගත්තොත් ඔහුට ද විරුද්ධව තවත් විප්ලවාදියෙක් ඇවිදින් එයම කියා රටේ බලය අල්ලා ගනු ඇත. ටිල්වින්ගේ ආදායම් මාර්ගය යමක් නිෂ්පාදනය ද, නැත්නම් දේශපාලන වේදිකාව ද?!!! ජීවිතය රැක ගන්නට ඔහු ද ගිහින් ඇත්තේ එක්තරා දිනයක ඇමෙරිකන් එම්බසියටලු!!

    ඉදිරිය කෙසේ හෝ අතීතයට වඩා උවමනාව ඇති අයට ලබාගත හැකි තොරතුරු වලින් ගහණ වීම වළක්වා ලන්නට හැකියාවක් කාටවත් නැති වේවි. කමක් නෑ ගම්පහ ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව සොයා ගන්නට බැරි වීමෙන් කියන්නේ කුතුහලය ඇති ඔබ වැනි මිනිසා තතු සොයා යන්නට වෙහෙසක් ගන්නා බව නිසා එය අහන්නට ලැබීමත් ඉතා සතුටක්.

  7. Buddhika Thambugala said, on ජූනි 26, 2011 at 2:26 ප.ව.

    එය කිසි ලෙසකත් පුදුමයක් නොවෙයි.. පිලිපීනයේ සිටි ඇමෙරිකාව වහ කදුරු මෙන් වුනු ඒකාධිපති මාර්කෝස් මහතා, කුරෝසාන් අකිනෝ විසින් මෙහෙයවන ලද ජනතා නැගිටීම අවසන සිය ජනාධ්පති මන්දිරයෙන් ආරක්ෂිතව පිට වූයේ ඇමෙරිකන් ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ඇමෙරිකන් තානාපති කාර්යයාලය වෙත ය. (ඉන් පසු ඔහු ගියේ කොහි දැයි නොදනිමි ).. මුල සිටම අකිනෝ සහ ඔහුගේ සැමියාට හිතවත්ව සිටි ඇමෙරිකානු රජය මෙලෙස අකිනෝගේ මෙන්ම තමන්ගේ ද ප්‍රතිවාදියා ජීවිත තර්ජනයට ලක්ව උදවු ඉල්ලූ විට උදවු කලේය. විවිධ රටවල සිට ඇමෙරිකාවට සරණාගත වීසා ඉල්ලන දේශපාලන වින්දිතයන් තම පැත්තේ ද, නැතහොත් අනික් පැත්තේ දැයි බැලීමක් බොහෝ විට සිදු වන්නේ නැත. 80 දශක්යේ අන්ත සමාජවාදී මෙන් ම සින්හල ජාතිවාදී පක්ෂ වල සිටි බොහෝ දෙනෙක් සරණාගතයන් ලෙස ඇමෙරිකාවට ගියහ.. එලෙස යන්නවුන්ට සිය ඇමෙරිකන් විරෝධය එලෙසම පවත්වා ගැනීමට පමණක් නොව තව දුරටත් “ඔප් නන්වා ගැනීමටත්” සෙසු ඇමෙරිකන් විරෝධීන් සමග කල්ලි ගැසීමටත් ඇමෙරිකාව තුලම ඉඩ තිබීම දෛවයේම සරදමක් නොවන්නේද?

  8. ෂර්ලි said, on සැප්තැම්බර් 14, 2011 at 1:48 ප.ව.

    ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමෙරිකාවට අවිත් ඒ ඇමෙරිකාව නෙවෙයි ඉන්දියාව කියලා කීවෙ කලින් ඉන්දියාව ගෑන දෑනගෙන හිටපු නිසානි.ඉන්දියාව ගෑන නොදන්නවනම් ඒ ඉන්දියාව කියලා කියන්නෙ කොහොමද. අරුනිට ඇමෙරිකාව ගෑන හරි ආඩම්බරයි වගේ. ඇමෙරිකන්කාරයන්ගෙ හොද දේවල් තියෙනවා,හොද දේට හොදයි කියන්න ඕනා.උන් හොද 10ක් කරලා අනිත් 90 කරන්නෙ උන්ට් වාසි වෙන ඒවා විඅතඛ්හ්රයි.උන් දුප්පත් රටවල් සූරන් කන එක හොදයිද.මම හිතන්නෙ අරුනි තාම ”ආර්තික ගාතකයා” කියන පොත තාම කියවලා නෑතුව ඇති.ඒක ලියලා තියෙනෙ ලන්කාවෙ මිනිහෙක් නෙවෙයි ”ජෝන් පර්කින්ස්” කියන ඇමෙරිකන් කාරයෙක්ම තමයි.ඒක බෑලුවනම් අරුනිට ඇමෙරිකාව ගෑන මීට වඩා හොදට දෑන ගන්න පුලුවන් වෙයි.

  9. vajiradevi said, on සැප්තැම්බර් 24, 2011 at 10:34 පෙ.ව.

    නියමයි අරුණි… ඔබගේ ලිපි සියල්ල ඉතා ආශාවෙන් කියවූවෙමි.ඔබගේ ඇමෙරිකාව ලිපියටත් වඩා ඉහත සඳහන් කමෙන්ටුවට අගනේය.
    අනේ අම්මපා මේ ධර්මද්වීපේ මිනිස්සුන්ට තමන්ගේ පොල් පරාලේ පේන්නේ නෑ. ඇමෙරිකාවේ තියෙන පොල් කෙන්ද නම් පේනවා. පහුගිය 9/11 වෙනිදා ‘ඇමෙරිකාව හොඳටම බය වෙලා ඉන්නේ..හොඳ වැඩේ ඕකුන්ට අදත් ගහපිය බෝම්බයක්’ යැයි කිවූ ධර්මද්වීප වැසියන් ඕනෑතරම් විය..අනේ කතා කළොත් නම් බෞද්ධ රට…

    ඇමෙරිකාවට බැන්නාට මොකෝ මහින්ද රාජපක්ෂ මහා උජාරුවෙන් බරක් ඔබාමා සමඟ ගත් පින්තූර පත්තර වල පල කරයි. ඒ ගැන මහා ලොකුකමෙන් කතා කරයි.. හොඳ විහිලු!..මිදි තිත්තයි කියනවා නොවැ!

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2011 at 7:39 පෙ.ව.

      vajiradevi,

      ආයුබෝවන්! ස්තූතියි.

      ධර්ම ද්වීපය යැයි උදම් ඇනුවාට එය දහමින් පිරි පුරවැසියන් වාසය කරන රටක් වෙන්නෙ නැහැ. තුවක්කුව පුරවැසියා සතු ඉවත් කළ නොහැකි අයිතියක් යැයි සලකන, මත්පැන් හා මස් වෙළඳාමට ඉඩ දී ඇති ඇමෙරිකන් හැදියාව එක්ක ලංකාව වැනි දහම් ද්වීපයක් සංසන්දනය කරන්නේ කොහොමදැයි කියා ද හිතාගන්නත් බැහැ!!!! 😀

  10. Gotaimbara said, on ඔක්තෝබර් 22, 2011 at 3:05 ප.ව.

    americanu ithiyasaya gena hariyata beluwot kisima kaaleka wamanshika pettata bara nayakayek idala nee. barak obama kiyanne tawat eka rukadayak witarai. wesmuuna wans unaata wurkayaka wurkayamai.

    Barak obama awith karapu eka wenasak kiyanna 3weni looke ratawal wenuwen.. kalin tibunu piliwetha idiriyata aran giya miasak eeta pitin wedak karada..

    castro, Guerra, chavez, putin apita loku wenne american saha europiya eekadikarayata erehi wena prathi gami balawegaya nisai..

    Maadya gena kiwwot maadya palanaya karanne yudewwo (Jews). Un apee oluwalata purona dewal tamai api ganna oone. eeka nisa american maadya lankaawe nopenwana tarama hodai kialai mama hitanne.

    mama nam thee dawasak gena danne nee 4/20 nam samaranawa…….

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2011 at 9:52 පෙ.ව.

      Gotaimbara,

      ඔයා තේ දවසක් ගැන දන්නෙ නැහැ වගේ ම ඇමෙරිකන් ඉතිහාසය ගැනත්, අද ලෝකයේ වෙන්නෙ මොනා ද කියාත් දන්නෙ නැති බව පෙන්වනවා.

      ඇමෙරිකාවේ සමාජවාදී නැත්නම් වමේ පක්ෂයක් පටන් ගන්නෙ 1901 දී. Socialist Party of America (SPA) ඒ 1898 දී පටන් ගත්ත Social Democratic Party of America (SDP) සහ 1876 දී වැඩ කරන ජනතාවගේ පක්ෂය නොහොත් Workingmen’s Party නොහොත් ඇමෙරිකාවේ ප්‍රථම කම්කරු පක්ෂය වන Socialist Labor Party of America (SLP) ලෝකයේ ම පැරණිත ම දෙවැනි සමාජවාදී පක්ෂයයි.

      ඇමෙරිකාව ගැන එහෙම යැයි නොදන්නා විට ඔබ යුරෝපය ගැන ද නොදන්නා බව පෙනේ. අද ප්‍රංශයේ පැවැත්වෙන මුල් මැතිවරණ වලින් පිළිබිඹු කරන අන්දමට ඊ ළඟ ජනාධිපති වන්නට ජනප්‍රියත්වය ලබා ඇත්තේ Socialist Party යේ François Gérard Georges Hollande වෙයි.

      ඔබ කියන කැස්ත්‍රෝ, ගුවේරා, චැවේස්, පූටින් ලා ‘තඩි වර්ධනය කරන’ ධනවාදීන් මිසක සමාජවාදී අය නෙවෙයි. ඔවුන්ගේ පිළිවෙත් වලින් ඔවුන්ට පක්ෂපාතී අයට (ධනවතුන්ටත්) වාසිත් අපක්ෂපාතී අයට දඬුවම් ද ලැබෙනවා. උදාහරණ: යුක්රේන් වල Yulia Volodymyrivna Tymoshenko සහ රුසියාවේ Mikhail Borisovich Khodorkovsky විරෝධතා දක්වද්දී සිර දඬුවම් ලබන හැටි කියවන්න. ඔබ කැමති ප්‍රතිගාමී බලවේගය ඒවා නම් ඉතින් සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක් ද?!!!

      ඔබමා කරන්නේ සමාජවාදී නාමයෙන් තඩි වර්ධනය කරන ධනවාදයක්! සමහරු ඒක තඩි වැඩි කරන සමාජවාදයක් යැයි ද කියනවා!

  11. chamila said, on නොවැම්බර් 9, 2011 at 5:13 පෙ.ව.

    lipeye adangu karunu ihalinma agaya karami,

    buddhika,

    adahas ihalin agaya krannemi

    sharly,,

    wena kagewath chintanen hitanna epa,lankawe minissu danne tv ,paththare yana kunu rasayen pirichcha news vitarai,,,bohoma sulu pirisak vitarai atta mokadda kiyala dana ganne,,,mokadda aththa hewwat hoyaganna amarui lankawe,lankawe 80% minissunge jiwitha walata waga kiyanne hadahan karayo!!!nidahas chinthanayk athi wenna parisarak na,gethi manasikathwayak bihi wenne,,atta danna minissu aththa kiyanne na,vivechanayata baya nisa..hamuduru waru darmaye ataraman wela eka tawat gata gahanawa ,amaru karanawa,,,,serama giya athme paw kiya kiya sanasenawa,,,,me athme nishpanayak na,ratata salli ena system ekak na,,,palanaye inna minissu naya wevi kanna denawa,palanaye nokarana minissu ekata kagahuwath untat ratata salli ganna system ekak na,,lokaya vishwa gammanayak apen loketa dena deyak tibunoth vitarai ratak diyunu wenne….arthika prashna hari yaddi hugak samaja prashna hari yanawa…api thunweni loke ratak karagena inne api,americawa nemei,,,kawru monawa kiwwat ugatthu wadi unat,,,thamnge amma thaththage darshanen pawl darshanyen thorawa thamange buddiyata watahena de karana aya adu lankawe

    hadahan walata,,,thibune nathi giya athmawalata ,,,samawata karunu hadanne nathi buddiyen yuthu,tharkayen yuthi bahutarak lankawe bihi wewa!!!edata americawa apata tawat ratak vitarai!!!!!!!!!!!!!!!!!!

  12. Sudath Munasinghe said, on දෙසැම්බර් 1, 2011 at 2:39 ප.ව.

    ඇමරිකාවේ ගොඩක් ‍හොඳ වැඩපිළිවලවල් තියන බව ඇත්ත.
    බරක් ඔබාමාගේ ප්රතිපත්ති ටිකක් වෙනස් තමයි. ඒ වුනාට ඒක මවාපෑමක් හැටියටයි මටනම් පේන්නෙ.
    මොනවා හොඳ වුනත් ඇමරිකාව ගෙනියන යටත්විජිතවාදී ප්රතිපත්තියනම් අනුමත කරන්න බැහැ. අනිත් රටවල් වලට බලෙන ප්රජාතන්ත්රවාදය දෙන මුවාවෙන් සම්පත් කොල්ලකෑමේ නීච උත්සාහය වහාම නතර කරන්න.

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2011 at 10:16 පෙ.ව.

      Sudath Munasinghe,

      සම්පත් කොල්ලකෑමේ නීච උත්සාහය වහාම නතර කරන්න යැයි කියන්නෙ ට්‍රයි කරාට කොල්ල කන්න බැරිවෙලා ඒ නිසා ට්‍රයි නොකරන්න කියන එක ද? එහෙම නැත්නම් සම්පත් කොල්ල කාලා තියන හැටි, මොන රටවල් වලින් ද, මොන සම්පත් ද, කොච්චරක් ද, ඒ තොරතුරු ඔයා හොයා ගත්තේ කොහෙන් ද යනාදී විස්තර ලියන්නකො.

      • Sudath Munasinghe said, on දෙසැම්බර් 4, 2011 at 1:49 පෙ.ව.

        ඔබ වයෝවෘද්ධ නොවුනත් ළා බාල නැතැයි සිතමි.
        ඇමරිකාව සම්පත් කොල්ල කෑවේ මොන රටවලින් කවදා කෙසේද කීමට මා සතුව ඇති තොරතුරු සොයාගත්තේ කොහෙන්දැයි කීමෙන් වැඩක් නැත්තේ ඒවා ඇමරිකානු විරෝධීන්ගේ බොරු ප්‍රචාරයන් ලෙස ප්‍රතික්ෂේප කිරීමට ඔබ සූදානම්ව සිටින බව ඔබගේ ලිපිය කියවීමෙන් මට පැහැදිළි බැවිනි. සුනාමිය ඇති වූ අවස්ථාවේදී නොව දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සමයේ ද ඇමරිකාව ලංකාවේ මා ඇතුළු කුඩා ළමයින්ට “ඇදිහැස” බිස්කට් ලබා දුන්නේය. රොබින්හුඩ් හෝ සරදියෙල් මංකොල්ල කෑ ආකාරයට ඇමරිකාව සම්පත් කොල්ල කන්නේ නැත. බ්‍රිතාන්‍යය මෙන් හිරු නොබසින අධිරාජ්‍යයක් සාදා ගැනීමට ක්‍රියා කළේ නැත. පෘතුගීසීන් හෝ ලන්දේසීන් මෙන් බලකොටු සාදා යටත් කරගත්තේ ද නැත.
        ඇමරිකාව අවුරුදු තිහක් තිස්සේ වියට්නාමයේ කළේ කුමක්ද? ලංකාවට කර ඇත්තේ මොනවාද? ඉරාකයට කළේ කුමක්ද? සදාම් හුසේන් මැරුවේ ඇයි? ලිබියාවට කළේ මොනවාද?
        ඔබ තර්ක කරන්නේ “දුමින්ද කුඩු බිස්නස් කරපු තැනක් පුළුවන්නං පෙන්නන්න” කියා තර්ක කරන ආකාරයටයි.
        ඇමරිකන් ජනතාව කොහෙන්වත් සම්පත් කොල්ල කන්නේ නැති බව සැබෑවකි. බැරැක් ඔබාමා ලංකාවේ සම්පත් කොල්ල කන්නේ නැති බවත් සැබෑවකි. මා කතා කළේ අමෙරිකානු දේශය ගැන නොව ඇමරිකානු රාජ්‍යය ගැනය.

        • arunishapiro said, on දෙසැම්බර් 5, 2011 at 9:58 ප.ව.

          Sudath Munasinghe,

          දෙවැනි ලෝක යුද්ධයෙන් හා සුනාමියෙන් පසු ලංකාවට ඇමෙරිකාවෙන් දුන්නේ බිස්කට් විතරක් නොවේ. යමක් සොයා ගන්න උවමනාවක් ඇත්තේ නම් බැරිකමක් නැහැ. ඇමෙරිකාව ලංකාවට කර ඇති දේවල් මෙන්න:

          2005 සිට 2009 දක්වා USAID විසින් ඇමෙරිකන් ඩොලර් මිලියන 135 ක සුනාමි ප්‍රතිසංස්කරණ හා සහන වලට දී ඇත.

          ජීවන සහනාධාර 34,890 ක නිවාස වාසීන්ටත්, රැකියා සඳහා 8,800 ක් පුහුණු කිරීමත්, ණය නිවාස වාසී 2,000 කටත්, සමාජ
          සේවා හා ව්‍යාපාර 9000 කටත් ආධාර දී ඇත.

          Auditor General කාර්යාලයේ 250 ක් සාමාජිකයන් පුහුණුව සහ ඔවුන්ගේ සේවක 1200 ක් පුහුණුව සඳහා මිලියන 2.3 ක් දී ඇත.

          අරුගම් බොක්කේ පාලම සඳහා මිලියන 14 ක් වැය කර ඇත.

          පානීය ජලය සඳහා වතුර පිරිසිදු කරන මධ්‍යස්ථානයකට උල්ල හා පොතුවිල් පෙදෙස් වාසීන් 28000 කට මිලියන 8.2 ක් වැය කර ඇත.

          දකුණේ පවුල් 15.000 කගේ ජීවිත නඟාලීමට ධීවර ගම්මාන තුනක් ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 12.7 ක් වැය කර ඇත.

          වෘත්තීය පාසැල් 9 ක් සඳහා මිලියන 16.2 කින් ඉංග්‍රීසි හා කොම්පියුටර් තාක්ෂණ ලබා දී වසරකට 2000 ක් සහතික ලබන පුහුණු මධ්‍යස්ථාන හදා දී ඇත.

          සුනාමියෙන් විපතට ලක් වූ දිස්ත්‍රික්ක වල උද්‍යාන 87 ක් හදා ඒ පැතිවල ළමුන්ට මනෝවිද්‍යාත්මක උපදෙස් ලබා දී ඇත. සුනාමියෙන් බැට කෑ අයගේ ජීවිත යළි නංවා ලන්නට මිලියන 23 ක සුළු ආධාර ප්‍රාදේශීය සංවිධාන වලට දී ඇත.

          මයික්‍රොසොෆ්ට් කොම්පැණිය ලංකාවේ InfoShare කොම්පැණිය සමඟ එකතුව ICT මධ්‍යස්ථාන 40 කට වැඩියෙන් පිහිටුවා සිසු සිසුවියන් 11,250 ක් පුහුණුව ලබා දී ඇත. මයික්‍රොසොෆ්ට් කොම්පැණිය එක්ක ඩයලොග් ටෙලිකොම් හා කැල්කොම් වයර්ලස් සමඟ දුෂ්කර පළාත් වල අන්තර්ජාල පහසුකම් ලබා දෙන ස්ථාන 55 ක් විවෘත කර ඇත.

          IMF නම් ජාත්‍යන්තර අරමුදලට වැඩියෙන් ම මුදල් දාන්නේ ඇමෙරිකන් බදු ගෙවන ජනතාව විසිනි. අනිත් රටවල් එකක් වත් ඇමෙරිකාව අහලකටවත් එන්නට එහි මුදල් දමා නැත. 2009 දී ලංකාවට බිලියන 2.6 ක් ණය පොරොන්දු වුනි. පසුගියදා එයින් මුල් මිලියන 322 ලංකාවට දෙන ලදි. විස්තර හොයා ගෙන කියවන්න … චීනයෙන් ගන්න ණයට ගෙවන පොලී ද වැඩි නැත්නම් මේ ණයට ගෙවන්න ඕන පොලී ද වැඩි කියලා. චීනය දෙන ආධාර මොනවා ද ණය මොනවා ද කියලා හොයා ගන්න පුළුවන් වෙයි ද?!!!

          ඊ ළඟට ලෝක බැංකුව විසින් දුන්න ආධාර ගැන මෙතැනින් දැනගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ආධාර ගැන විස්තර මෙතැනින් දැනගන්න පුළුවන්. ඒ දෙක හා එක්සත් ජාතීන් සඳහාත් වැඩියෙන් ම මුදල් ලබා දෙන්නේ ඇමෙරිකාවයි.

          ලංකාවේ නිෂ්පාදන වැඩියෙන් ම මිල දී ගන්නේ ඇමෙරිකාවයි (22.1%). ඒත් ලංකාව වැඩියෙන් ම මිල දී ගන්නේ ඉන්දියාවෙන් (18.9%) චීනයෙන් (12.4%) ඉරානයෙන් (7.7%) සිංගප්පූරුවෙන් (7.5%) සහ දකුණු කොරියාවෙන් (4.8). කෝ ඇමෙරිකාව ඔච්චර ආධාර දීලා ත් මෙහෙන් ගන්න තරමින් පැත්තකින් යන්නවත් බඩු ඔහෙ අය මෙහෙන් ගන්නෙ නැති හැටි. ඒ ගැන ඇමෙරිකන් ආණ්ඩුව චෝදනා කරනවා කවදා හරි ඇහිලා ඇත් ද? ඒත් ඔයාලා විශ්වාස කරන්නෙ ගුප්ත ලෙසින් සිද්ධ වෙනවා කියන ඇමෙරිකන් කුමන්ත්‍රණ ගැන.

          ලංකාවේ භීෂණ සමයේ දී රටින් පැනගත් ජවිපෙ සහෝදර සහෝදරියන් කොපමණ දෙනෙක් ඇමෙරිකාවේ දේශපාලන සරණාගත බව ලබා ගත්තා ද යන්න ඔබ දන්නවා ද? මාක්ස්වාදී හෝ කොමියුනිස්ට්වාදී අදහස් ඇතියවුන් යැයි කියා ඔවුන්ව රටට වද්දා ගැනීම ඇමෙරිකාව තහනම් කළේ නැත. ධනවාදී ප්‍රේමදාස ආණ්ඩුවෙන් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරන්නට රටින් පැනගත් ඔවුනට මෙහි සරණාගත හා පසුව පුරවැසිබවත් ලැබුණු බව මා එවැනි අයට පෞද්ගලිකව උදව් කර ඇති නිසා දන්නෙමි.

          ඇමෙරිකාව වියට්නාමයට යන්න කළින් වියට්නාමයේ ඉතිහාසය කියවා ඇත් ද? ප්‍රංශය හා ජපානය ඇමෙරිකාවට කළින් වියට්නාමයේ කළේ මොනවා දැයි ඉතිහාසයෙන් කියවන්න.

          ඉරාකයේ සදාම් හුසේන් අහිමි කරපු ජීවිත සංඛ්‍යාව: Human Rights Watch: “twenty-five years of Ba`th Party rule … murdered or ‘disappeared’ some quarter of a million Iraqis”; New survey estimates 61,000 residents of Baghdad executed by Saddam; 180,000 Kurds k. in Anfal; 60,000 Shiites in 1991; Iraqi politicians: over a million; [These don’t include the million or so dead in the Iran-Iraq War.] Iran-Iraq War (1980-88): 700,000; සදාම් හුසේන්ව මැරුවේ ඉරාකයේ උසාවියෙන් නියම වූ මරණ දඬුවම අනුව ඔවුන් විසින් මිසක් ඇමෙරිකන් අය නෙමෙයි. ඊ ළඟට ඇමෙරිකාව ගිහින් 2003 සිට Iraq, American Invasion and Occupation (2003- ) මිය ගිය සංඛ්‍යාව: 150 000 දත්ත සියල්ල මෙතැනින්.

          හිට්ලර් පරාජය කරන්න 1945 ජර්මනියට ඇතුල් වෙච්ච රුසියානුවන් බර්ලින් වලින් පිට වී ගියේ 1990 දී එනම් වසර 45 කට පසුව ය. 2003 දී ඉරාකයට යන ඇමෙරිකානුවන් 2011 දෙසැම්බර් 31 දාට ඉරාකයෙන් පිටවනු ඇත. එනම් වසර 8 කට පසුව ය.

          ඇමෙරිකන් ආණ්ඩුව ලෝකයේ රටවල අහිංසක මිනිස් ජීවිත රකින්න අපේ බදු මුදලින් යුද්ධ කිරීමට එරෙහිව තමයි ඇමෙරිකන් ජනතාව ජෝර්ජ් බුෂ් ආණ්ඩුවෙන් පස්සෙ යුධ නතර කරනවා යැයි කියන ඔබාමාට චන්දය දෙන්නෙ. ඔහු යුධ නතර කළ නොබැවින් තමයි ඔහුගේ පාලන සමයේ දී ම, මැද මැතිවරණයෙන් ඔහුගේ බලය බිඳී ගියේ.

          ලිබියාවේ ආරවුල් පටන් ගත්තේ ලිබියන් වැසියන්. ඊට පිටතින් ආධාර දීම පටන් ගත්තේ මුලින් ම ප්‍රංශය ඊ ළඟට දස දහස් ගණනින් ලිබියන් ජනතාව රටින් පැන දුවන්නට ගත් නිසා ඉතාලිය හා බ්‍රිතාන්‍ය. ඇමෙරිකාව එකතු වීම ඇමෙරිකන් කොංග්‍රසය පවා අනුමත නොකරන ලද්දක්. මන්ද, ඔබාමාට ඒ අනුමැතිය ලබා ගන්නට නොහැකි තරමට ඔහුගේ බලය අඩු වී තිබෙන නිසා. මේ දවස්වල බජට් පාස් කරගන්නත් බැරි තරමට බලය අඩු වී ගිහින්.

          ඇමෙරිකානු ආණ්ඩුව ලෝකයේ ඇති බලයෙන් අඩු ම වූ ආණ්ඩුවයි. එහි ජනාධිපතිවරයා ද ලෝකයේ පාලකයෝ අතර බලයෙන් අඩු ම වූ පාලකයා ය. ඒ ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව පාලනය ආණ්ඩුව, සුපිරි උසාවිය, කොංග්‍රස යන තුනකින් බලය බෙදී යන ලෙස හැඩ ගැසී ඇති නිසයි. ඇමෙරිකාවේ බලය මහන්සි වී වැඩ කර බදු ගෙවන ජනතාවයි. ඔවුන් වෙහෙසී බදු නොගෙව්වොත් යුද්ධ හා විදේශ ආධාර සියල්ල නතර කරන්නට සිද්ධ වන දිනය වැඩි ඈතක නොවේ.

          ඇමෙරිකාවේ තියන තම මතය ප්‍රකාශ කිරීමේ නිදහස නිසා මෙහි සෙනෙට්, කොංග්‍රස් නැතහොත් පාලකයන් බලයේ සිටිය දී ම ඔවුන්ගේ ජාවාරම් ගැන අපිට කියවන්නට ලැබේ. ජනතාවට ඊ ළඟ මැතිවරණයේ දී වෙනත් අපේක්ෂකයන් තෝරා ගැනීමට ද හැකිවේ. ආණ්ඩු වලට හිතවාදී මාධ්‍ය විසින් ඒ බලය මෑතක් වන තුරු ඔවුන් සතු කරගත්හ. ජනතාව අතට අදහස් හුවමාරුවට ඉඩකඩක් ලබා දීම ගැන ද ලොවට මෙහෙයක් කර ඇත්තේ ද ඇමෙරිකානුවන් ම ය.

          ඔබ කියන අන්තිම වාක්‍ය හා මම සම්පූර්ණයෙන් ම එකඟ වෙමි. එනම්, ලෝකයේ කිසිම ආණ්ඩුවක් වැඩි බලයක් සතු වූවහොත් වැඩි දූෂිතයෙක් වෙන බවයි.

          කැමති නම් මා ලියූ මේ සටහන් ද කියවන්න:
          වටහා ගැනීම අභියෝගයකි
          හිතට සනීප බොරු බැහැර ලා ශෝකාන්විත සත්‍ය්‍යට මුහුණ දීමේ කාලයයි
          ඇමෙරිකන් මුලාව
          ඊජිප්ට් ලීබ්‍රේ

  13. Nuwan said, on දෙසැම්බර් 2, 2011 at 1:40 ප.ව.

    mama nam hithanne anith rata wala sampath kolla kana eka gana katha karanna kalin thamangema rate sampath kolla kana eka gana api hithala balanna one.mage adahasa nam anunge ratawal walata wada thamange rate ewa kolla kana ekai waradi. because eka thamangema rate ayata karana waradi wadak.mama mehema kiyanne ape inna hugak DEESA PREEMI kiyana aya karana wada walin hodatama penawa apema aya apema ayage money kolla kanawa kiyana eka. Apita university eke lecture ekakadi lecturer Southern express highway eke project profile eka pennuwa. eka baluwama penawa eka hadanna estimate ekata wada double prize ekak gihilla thiyenawa kiyana eka. Eke survey eka karala thiyenne ape university eke department ekaka.(Department of Management Technology Faculty of Engineering University of Moratuwa ). Apita economy side eke e department eken lecture ekak thiyenawa. Engineering in context kiyala. anna eke kiwwe. Eka double prize unath estimate ekata e highway eke waradi godak thiyenawa. E lecturer kiwwa e road eke kawadaawath yanne na kiyala. Aruni(mama aunt kiwwata kamak nadda danne na Ranith nam kiyanne ehemai 🙂 ) oya one tharan highway USA wala dakala athi ewa gana amuthuwen kiyala denna one nane 🙂 meke saahenna waradi thiyenawa.mama puluwan unoth e pictures daannam thawa ara report eka. eka Boardin eke mama dan gedara awa 😀 eka wadagath nisa mama liya gaththa. Mama wal pal kiwwada manda bt mata kiyanna one une menna mekai anunge sampath kolla kana eka eka waradi kiyanna kalin thamnge dewal thamange ayama kolla kana eka nawath wanna one. anna ekai waradi. Anika dan USA wala aya wena ratawal kolla kawa kiyamuko ehema karanne relatively e rate diyunuwata. ehema kolla kanawanam ehema karana eka waradi unath thamange ratema hodata bt ape aya kolla kanne rate neme e ayage diyunuwata.

    • arunishapiro said, on දෙසැම්බර් 5, 2011 at 7:11 ප.ව.

      Nuwan,

      ඔව් රනිත් කියන්නෙත් ඇන්ටි කියලා තමා, අරුණි ඇන්ටි කියන එක්කෙනෙක්වත් ඉන්න එක හොඳයි ඇන්ටි අරුණි අයත් ඉන්න නිසා!!!

      නුවන් හොඳ කාරණයක් ගෙනැත්. ඇමෙරිකාවේ ආධාර ලබන රටවල නායකයෝ තම වැසියන් කොල්ලා කෑමේ දී රටවැසියෝ නායකයන්ට බනින්න බයයි ජීවිතයට හානියක් වෙයි කියල. ඇමෙරිකාවට බනින්න රට ඇතුලෙ ඉන්න අයත් වෙන රටවල් වල ඉන්න අයත් පොඩ්ඩක් වත් බය නැහැ. ඇයි? ජීවිතයට හානියක් වෙන්නෙ නැහැනෙ. ඇමෙරිකාවට බැන්නයි කියලා තිබිච්ච දේපලක් නැති වෙච්ච කෙනෙක් ඉන්නවා ද? එක පැත්තකින් බැනලා අනිත් පැත්තෙන් අරහෙම කරන්නම් මෙහෙම කරන්නම් කියලා ආධාර ඉල්ලා ගෙන යන්න කිසිම ලැජ්ජාවකුත් නැහැ. මොකද ලැජ්ජා වෙන්නෙ ඒවා රටේ මිනිස්සු දැන ගත්තොත් විතරයිනෙ.

  14. Sudath Munasinghe said, on දෙසැම්බර් 6, 2011 at 6:31 පෙ.ව.

    ඇමරිකාවෙන් ලංකාවට කරල තියන උදව් ලැයිස්තුගත කරන්න ඔබට ‍හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මම මේ ලැයිස්තුව හොයන්න උත්සාහ කරන්නෙ නැහැ. හැකියාව ඇති රටක් නැති රටකට එහෙම උදව් කරන එක හොඳයි. බිස්කට් දීම සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවෙයි. ඇදිහැස කියල කිව්වෙ (ඉංගිරිසියෙන් CARE) “ඇමරිකන් දීමනාවන්ට හැමැතැනම සහයෝගය” කියන එකයි. අනිත් ඒක ඇමරිකාව යනු ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින්ම තිබෙන ර‍ටක්.

    වියට්නාමය ඉරාක‍ය වගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති මානව හිමිකම් කඩන රටවලට ගිහින් එහි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම අමෙරිකාවේ ප්‍රතිපත්තිය බවත් ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය හැමදාමත් තිබුනු නිසාත්, මානව හිමිකම් කඩ වෙලා නැති නිසාත් ලංකාවට ආධාර දෙන බවත් ඔබට කියන්න පුළුවන්.
    ඔය විදිහට තර්ක කරල හරියන්නෙ නෑ. විකිපීඩියා එකේ ලියල තියෙන්නෙ වියට්නාමය ගැන ලියපු කෙනාගෙ වර්ෂන් එක. ලෝකෙ තිබෙන ජනමාධ්‍යය එක්කො ඇමරිකාවට පක්ෂයි, නැත්නම් විරුද්ධයි. ඒ නිසා මධ්‍යස්ථ මතයකට එන්න බැහැ.
    රටකට උදව් කරපු පමණින් හොඳයි කියල කියන්න බැහැ. උදව් කිරීමේ අරමුණ හොඳ නැත්නං. දැන් බලන්න ලංකාවේ මිනිස්සුන්ට යුද බිය මරණ බිය නැති කරල දුන්න කියල ජනාධිපතිතුමා කරන සියලුම වැඩ වලට ලංකාවෙ මිනිස්සු පක්ෂපාති වෙන්න ඕනැ නැහැනෙ. දැන් ඇමරිකාව හෝ එහි ඇතැම් සංවිධාන විසින් ලංකාවෙ ආණ්ඩුව විවේචනය කරන එක සියයට සියයක් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. මානව හිමිකම් කොමිසම ලෝකෙ කොහේ තිබුනත් හොඳ දෙයක් තමයි කරන්නෙ.
    මාධ්‍යවලට ලිපි ලියනකොට මධ්‍යස්ථව සහ අගතියෙන් තොරව ලිවිය යුතුයි. ඇමරිකාව පිළිබඳව ලියූ ඔබගේ ලිපිය ඇමරිකාවට පක්ෂපාතව ලියපු එකක්. ඇමරිකාව කරන බොහෝ උදව් යටි අරමුනු සහිතයි. ඇත්තටම ඇමරිකාවට තිබුන ඉතියෝපියාවට තව උදව් කරන්න. ඒත් ඒ රටෙන් ආපසු ලබාගන්න දෙයක් නැහැ.

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2011 at 9:05 පෙ.ව.

      Sudath Munasinghe,

      //ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය හැමදාමත් තිබුනු නිසාත්, මානව හිමිකම් කඩ වෙලා නැති නිසාත් ලංකාවට ආධාර දෙන බවත් ඔබට කියන්න පුළුවන්.// නැහැ මම කියපු නැති දෙයක් එහෙම කියාවි කියා හිතන්න එපා. මම පැහැදිලිව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කඩවුනු කාලයක් ගැන ලියූ බව ඔබ අමතක කරලා.

      විකිපීඩියාව ලියන්නේ කාගේවත් වර්ෂන් එකක් නොවේ. එහි වැරදි ඇත්නම් ලෝකයේ ඉන්නා ඕනෑම අයෙකුට සාධක පෙන්වා වැරදි නිවැරදි කරන්නට මාර්ගයක් ඇති තැනක්. එහි ක්‍රියාවලිය අකමැති නිසා බොහෝ අය වැරදි නිවැරදි කරන්නට වෙහෙසක් නොගෙන එහි වැරදි අඩුපාඩු ඇතැයි දොස් කියනවා. ඒත් ඉන් එහි ඇති වැදගත්කම අඩු වෙන්නේ නැහැ. අද ලෝකයේ තියන වඩාත් ම මධ්‍යස්ථ වූ තොරතුරු පිරි අඩවියක් හැටියට එය ගන්න පුළුවන්.

      //දැන් බලන්න ලංකාවේ මිනිස්සුන්ට යුද බිය මරණ බිය නැති කරල දුන්න කියල ජනාධිපතිතුමා කරන සියලුම වැඩ වලට ලංකාවෙ මිනිස්සු පක්ෂපාති වෙන්න ඕනැ නැහැනෙ.// ඔව්, මේකට මම ඔබ හා 100% එකඟයි. මේ සටහන් පටන් ගත් දා සිට මම ලියා ඇත්තේ ලෝකය ගැන දාර්ශනිකව හා තාර්කිකව තමන් වටහා ගන්නේ කෙසේදැයි විමසීම ගැනයි. මගේ මතය කාගේවත් මතය කරන්නට නොවේ. මා දරන මත වලට සහමුලින් විරුද්ධ වූ මත දරනා අය මගේ දයාබර හිතවතුන් වෙනවා. ඒ මා ඔවුන්ගේ මත වෙනස් කරන්නට ද ඔවුන් මගේ මතය වෙනස් කරන්නට ද නොයන නිසා. එකම මතයක් ලොව හැමෝටම තීරණ වූ රටවල් වල, යුගයන් වල ලෝකය කොතරම් දුකින් පිරී තිබුණා දැයි, ආර්ථික කඩා වැටුනා දැයි ඉතිහාසයෙන් දැනගන්න පුළුවන්. ලෝකයේ ඉදිරි ගමන සිද්ධ වෙන්නේ පරස්පර මත දරනා අයට සාමකාමීව ජීවත්වන්නට හැකියාව ලැබෙන විට. එහෙම නැති කාල වල දී, අද ඇමෙරිකාවේ ද එයට බාධා පැමිණ ඇති කාලයක්, රටත් ජනතාවත් දුප්පත් වෙනවා.

      //ඇමරිකාව පිළිබඳව ලියූ ඔබගේ ලිපිය ඇමරිකාවට පක්ෂපාතව ලියපු එකක්.// ඔව්. මම ඇමෙරිකාව ජීවත්වීම සඳහා තෝරා ගත්තේ (ලංකාවත්, කැනඩාවත්, ජර්මනියත් අනිත් තෝරා ගැනීම් වශයෙන් තිබිච්ච සමයක) මෙහි ඇති නිදහස මම අගය කරන නිසා. ඒත් මම ඇමෙරිකාවේ වැරදි නොදකින්නට ඇස් පියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ වැරදි ගැන කියා ඇති බව මගේ සටහන් තුලින් කියවන්නට පුළුවන්. සිංහල කියවන්නා වැඩියෙන් දකින්නේ ඇමෙරිකාවේ වැරදි නිසා, ඕනෑම යුද්ධයකට ඇමෙරිකාව ආපු තැන පටන් නිසා, අනිත් රටවල් කරපු දේවල් ගැන මට වැඩියෙන් ලියන්න වෙලා.

      //හැකියාව ඇති රටක් නැති රටකට එහෙම උදව් කරන එක හොඳයි.// සහ //ඇත්තටම ඇමරිකාවට තිබුන ඉතියෝපියාවට තව උදව් කරන්න.// යනාදියෙන් පුළුවන්කම නිසා අයෙකුට උදව් කළ යුතුයි කීම තමන් ස්ව මහන්සියෙන් වෙහෙසී උපයා ගත් ධනය අනුන්ට බෙදා දීම හොඳ නිසා එසේ කළ යුතු යැයි කීම වැන්නක්. එය හොඳ වුන පමණින් එය කළ යුතු වෙන්නේ කෙසේද? ඇයි ඉතියෝපියාවට පමණක්? ඇයි බංගලාදේශයට? ඇයි සෝමාලියාවට? ඇයි ඉරිත්‍රියාවට? දුප්පත් නිසා ඒ ඒ රටට කොච්චරක් දෙනවා ද? ඒ දුප්පත් රටවල් ලංකාවට වඩා වැඩියෙන් දුප්පත් නිසා ලංකාවට උදව් නොකර ඒ රටවල් වලට පමණක් උදව් දුන්නොත් කමක් නැද්ද? ඇමෙරිකාවට ලෝකයේ තියන දුප්පත්කම නැති කරන්න බැහැ. ඒක නැති කරන්න පුළුවන් ඒ රටේ ඉන්න අයට පමණයි. ඇමෙරිකාව ඔවුන් ලෝකයේ ධනවත්ම රට වූයේ කෙසේද යන්න හංගලා තියා ගන්න රහසක් නෙමෙයි. පුද්ගලික නිදහස, පුද්ගලික අයිතිය, ආණ්ඩු බලය අවම වූ පාලන ව්‍යුහය, නිදහස් වෙළඳපොල යනාදියෙන් තමයි ඇමෙරිකානුවා ධනවත් වූයේ. තවමත් මාර්ක් සුකර්බර්ග් වැන්නන්ට ධනවත් වෙන්නට අවස්ථාව තියෙන්නෙ. ඒක සෙසු ලෝකයා සත්‍යයෙන් වටහා ගත් දාට ඔවුන්ට ද ධනවත් විය හැකියි. එක රටක් ධනවත් වූ පමණින් තවත් රටක් දුප්පත් වෙන්නේ ද නැහැ. එහෙම හිතන්නේ සම්පත් සීමිත හා මිනිස් මොළයේ හැකියාව සීමිතයි සිතනා අය පමණයි. මගේ සටහන් වලින් මම හැකි තරම් උත්සාහ ගන්නේ මේ කියවන අයට තමන්ගේ තත්වය වැඩි දියුණු කරගන්න, කිසිවකුගේ ආධාර නොමැතිව යහපත් කරගත හැකියාව ඇති අපූර්ව මොළයක් තමන් සතු යැයි පෙන්වා දෙන්නට. ඒත් ඒක බලහත්කාරයෙන් පොවන්න හදන දෙයකුත් නෙමෙයි. කැමැති කෙනෙක්ට කියවන්න මට නිවාඩු තියෙන විදියට, මගේ සිංහල බසින් මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න ලියන සටහන්.

  15. raigama said, on දෙසැම්බර් 25, 2011 at 1:34 පෙ.ව.

    මා දන්නා විදිහට ඇදීහැස කියන්නේ “ඇමෙරිකන් දීමනා හැමට සමසේ” කියන එකයි!

  16. jackson said, on ජනවාරි 10, 2012 at 11:07 පෙ.ව.

    ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න… ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යානටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

  17. madushan said, on අප්‍රේල් 10, 2012 at 4:26 ප.ව.

    oba godak dewal pahadili karala tiyanawa amarikawa gana eyata godak istuti mata danagana puluwanda ape rate manawa himikam gana amarikawe piliweta oba hitana vidihata harida waradida oba hitanne amarikawa harinam amarikawa visin sidukala iraka udaye saha libiya we sidukala uda aparada gana amarikawe kriya kirima harida

  18. දූපත් වැසියා said, on ඔක්තෝබර් 10, 2012 at 2:00 ප.ව.

    ඇමරිකන් සරනං ගච්චාමි. බොරු ඕනෑ නැත. චාන්ස් එකක් වැදුනොත් මමත් එක පයින් එමි.

  19. lakshman said, on පෙබරවාරි 5, 2013 at 10:58 පෙ.ව.

    mrs Aruni I agree with you. Any way who Are y. I wanna confirm you wether you have any kinship with S Samarasinghe

  20. dilsubha UOC said, on පෙබරවාරි 19, 2013 at 4:51 පෙ.ව.

    mat adahagannath baha,mama mage jeewithe goak garukarana kenek aruni akki oyage thaththa ,sumanadasa samarasinha sir.mage wayasath ekka mama eyawa nodakkata ,mama sirge poth godak kiyawala thiyanawa.mage jeewithe godak wenaskala potha” Wibagayen samathwenna” kiyana potha.aththamai mama dan university student kenek.mama illeemak karanna kamathiyi .puluwannam positive thinking gana lipiyak liyanna.

  21. dilsubha UOC said, on පෙබරවාරි 20, 2013 at 4:04 පෙ.ව.

    thank you akki.E lipy okkoma mage jeewitheta godak wadagathwewi.

  22. charuniyasodara said, on ජූලි 17, 2013 at 11:28 පෙ.ව.

    හොද ලිපියක්. සතුටුයි ඔබ නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම ගැන.
    බැනීම පරම්පරාගත සිරිතක් අපේ ඇත්තන්ගේ. එත් අඳුරට සාප කරනවාට වඩා ඉටිපන්දමක් වත් පත්තු කරන එක කවදා ඉගෙන ගනීද මන්දා.
    සුබ පැතුම් අරුණි. හැමදාමත් ඔයාගේ හරවත් ලිපියක් අනිවාර්යයෙන්ම කියවීමත් දිනචරියාවේ අංගයක් වෙලා.

  23. Bingun Menaka said, on අගෝස්තු 7, 2014 at 3:26 පෙ.ව.

    ඉතා හොද ලිපියක්. වමේ කතා මතක් වුණා….

  24. Suranga said, on මැයි 16, 2015 at 12:06 ප.ව.

    [[ලංකාවට හෝ ඉන්දියාවට කළින් ත්‍රස්තවාදී කොටි තහනම් කළේ ඇමෙරිකාවයි.]]]
    රජිව් ඝාන්ධි ඝාතනය කිරීමෙන් පසු ඉන්දියාව විසින් 1992 වසරේදී එල්ටීටීඊ සංවිධානය තහනම් කරනවා. එත් ඇමරිකාව එල්ටීටීඊ සංවිධානය තහනම් කරන්නේ 1997 වසරේ ඔක්තෝබර් 8 වැනිදා. 1998 වසරේදී ලංකාව එල්ටීටීඊ සංවිධානය තහනම් කරනවා, ඒ දළදා මාළිගාවට ප්‍රහාරය එල්ල වීමෙන් පසුව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න