අරුණි ශපීරෝ‍ වෙතින්

විකෘති ආශාවන් ඇති මානසික ලෙඩ්ඩු

Posted in Uncategorized by arunishapiro on ජූලි 25, 2012

“සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩි වේ” යන ලංකා ගොසිප් නිව්ස් කියපු විදියට සිකුරා මාරු වෙච්ච නිසා වෙන්නැති මේ වසංගතය පටන් ගත්තෙ. ඒ ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා, ප්‍රතිකාර ලබා දිය යුතු පිස්සන්ව ග්‍රහ මාරුවක් නිසා ‘විය හැකි’ දෙයක් ලෙස සාධනීය කරන්නට යනවා. මේ බීජය ඵල ලා දැන් උස්ව වැවෙමින් යන්නේ මැතිවරණය අත ළඟට එද්දී!!!!

මිනිස්සු තමන්ගේ වගකීම් බාරගන්නටත් යුතුකම් ඉටුකරන්නටත් පටන් ගන්නේ කවදා ද, අන්න එදාටයි මිනිසාගේ උන්නතිය ද, සමාජයේ උන්නතිය ද ඇති වෙන්නේ යැයි කිව්වාට ඒක කිසිම කිසි වැදගැම්මකට නැති වූවක් සේ බැහැරලනවා. ඇයි තමන්ටනෙ යමක් කරන්න සිද්ධ වෙන්නෙ.

මේවා ගුණයි උඹට, කාපන් ඔක්කොම කියා ආහාර පිඟානට බෙදනා දෙමාපියන් වෙතින් කැමැත්ත තීරණයට අයෙක් ඉගෙන ගන්නේ නැත. මෙයා හොඳයි උඹට, විවාහ වෙයන් කියා බන්ඳලා දෙන නිසා කැමැත්ත තීරණයට අයෙක් ඉගෙන ගන්නේ නැත.

යමකට ඇති කැමැත්ත/අකමැත්ත පැහැදිලිව කියන හැටි දරුවන් කුඩා කාලයේ දී ම ඔවුනට කියා දිය යුත්තකි. තමන් අකමැති යමකට කැමති යැයි අනුන් සතුටු කරනු සඳහා දරුවන් ලවා කීම හා කරවීම නතර කළ යුතුය. ඕනෑම අවස්ථාවක දී සිත වෙනස් කරගන්නේ නම් එය පිළිගන්නට හා එහි පාඩුව විඳින්නට අයෙකුට ඉඩක් ලබා දීම වැදගත් ය. මිල අධික බඩුවක් හෝ මිල අධික ආහාර වේලක් ඇණවුම් කළ පසු එපා යැයි කියන දරුවා නිසා මහත් පාඩු සිද්ධ වෙයි. එහෙත් ඊට අකමැත්ත කීමට වත් ඉඩක් නැත්නම් අයෙක් අකැමති වෙන දේවල් වලට අකමැති යැයි කියන්නට බිය වේ.

තමන් විවාහ වී ඉන්නා නිසා සහකරුවාගේ ලිංගික හිංසාවන්ට මුහුණ දිය යුතු නොවේ. එසේම හිංසාවට ලක් වූවාට නීතියෙන් සහනයක් ඉල්ලන්නට යද්දී නීතිය රකින්නට ඉන්නා අයගෙන් තවත් අතවර ඉල්ලන් කන්නට වීම ද මහත් අපරාධයකි.

අපරාධයක් ඇහෙද්දී එය වෙනත් හේතුවක ප්‍රතිඵලයක් සේ දැක්වීමට හේතු සෙවීම සහනය ගෙන දෙන්නකි. තුවක්කු වැඩි නිසා අපරාධ වැඩිවෙනවා!!! නැහැ නැහැ, අපරාධකරුවා තුවක්කුවක් ගෙන වෙඩි තිබ්බ නිසයි අපරාධය සිද්ධ වූයේ. ඊ ළඟට හදන්නෙ අපරාධකරුවා දුප්පත් නිසා අපරාධ කරන්නට පෙළඹෙනවා කියන්න. නැහැ නැහැ, දුප්පත් නිසා හෝ පෝසත් නිසා නෙමෙයි එයා අපරාධකාරයෙක් නිසයි අපරාධය කළේ.

ඊ ළඟට ඉන්නවා අපරාධකාරයන් අනුකරණය කරන අය. ඒක ඇහිච්ච ගමන්, මේ මාධ්‍ය නිසයි අපරාධ වැඩිවෙන්නේ කියනවා. නැහැ නැහැ, මාධ්‍යයෙන් ඇහෙන පෙනෙන දේවල් නොකරන අය ලොව බොහෝ සිටිනවා!!!!

අපරාධකරුවන් හා අපරාධකරුවන් අනුගමනය කරන අය කිසිවෙක් ඒවාට වැරදිකරුවෙක් නොවීමෙන් අපරාධ නතර වෙලා ද? නැහැ නැහැ, අපරාධ නැති කරනවා යැයි කියන එහෙත් එසේ කරත නොහැකි රෙගුලාසි ගෙනෙමින් ආණ්ඩු විතරක් බලතල වලින් තර වෙනවා.

කල්ලියක් විසින් කරන ලිංගික දූෂණයක දී එක් අයෙක් වත් ඊට වගකීමක් නොගැනීම දකින්නට හැකිය. සියල්ලෝ ම ඊට වරදකරුවා තමන් නොව තවත් අයෙක් යැයි සිතති. තම හැසිරීමට වගකීම නොගැනීම, ලිංගික දූෂණයක දී පමණක් නොව සමස්ත කල්ලිවාදයේ පැහැදිලි ලක්ෂණයකි. හැම කල්ලියක ම නායකයෙක් සේ කටයුතු කරනා අයෙක් හෝ පිරිසක් සිටියි. තම කල්ලිය විසින් දූෂණය කරනු ලැබුවාව දූෂණය කරන්නට මුල් පියවර ගත්තේ තමන් නොවන බව, එය, නායකයාගේ හෝ නායක පිරිසගේ අණ ක්‍රියාත්මක කිරීම යැයි එහි වූ සෑම සාමාජිකයෙක් ම විශ්වාස කරන්නකි.

මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරන්නට හදනා අයත් එලෙසම ය. එහි වගකීම ගන්නට කැමති නැත. වරදකරුවා වරද තමන්ගේ නොවනවා යැයි කියනා සේ මරණීය දණ්ඩනය ද දෙන්නේ වෙනත් කෙනෙකි. ඉන් අහිංසකයෙක් මරණයට ලක්වීම, එයින් තව තව බලතල ලබන ආණ්ඩුවක් තමන්ව ද අනාගතයේ මරණයට ලක් කිරීමට හැකියාව සොයා බැලීම තම වගකීමක් සේ නොදකියි.

පිරිමි පිරිමි හා සිද්ධ වෙන ලිංගික දූෂණයන් ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර වෙන ලිංගික දූෂණයන්ට වඩා වැඩියි. එහෙත් ඒවා ගැන අහන්නට ලැබීම පෙර අපර දෙදිගම ඉතා අඩුයි. ඉතින් ඇහෙන්නෙ ළමා අපරාධ හා ස්ත්‍රී දූෂකයන් ගැන විතරයි.

වයසින් අඩු අයෙක් හා ලිංගිකව හැසිරීම බාලයන් දූෂණය කිරීම සේ වර්ගීකරණය වෙද්දී සත්‍ය්‍ය ආදරය නිසා කැමැත්තෙන් එකතු වූ අයත් ඊට හසුවේ. තමන් ඉන්නා රටේ නීති වලින් අනුබලයක් ලැබුනත් මොළය වැඩිවියට පත් වී නැති අයෙක් ගොදුරක් වෙන අවස්ථා එහි දී වැඩියි. අන්තිමේ දී වෙන්නෙ නොදන්නකම නිසා අත ඇල්ලුවත් දූෂණය කළා යැයි වරදකරුවෙක් වීම. මාර වසංගතයක් තමයි පැතිරිලා යන්නෙ මෙහෙම ගියොත්!!!

ලිංගික දූෂණයේ දී 1. ලිංගික ප්‍රචණ්ඩත්වය ආයුධයක් කරගන්නා අරමුණ හා 2. කෝපය හා වදහිංසා දීම අරමුණු කරගත් නම් වූ කොටස් දෙකකි. ලිංගික ක්‍රියාව ආයුධයක් කරගන්නා දූෂකයා වැඩියෙන් නිරත වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් අනතුරක් කරන්නට ය. තමන් තුල වූ අඩුපාඩුවක් පිරිමසා ගන්නටත්, මෘගයෙක් සේ හදිසි ආශාව නිසා ලිංගික දූෂණයේ යෙදෙන්නේත් ඒ අයයි. වදහිංසා දීම අරමුණු කරගත් අය සැලසුම් ගසා දූෂණයේ යෙදෙන්නෝ වෙති.

රැකියාව අහිමි වීම නිසා ද හදිසියේ තම සහකරුවා රිදවා දූෂණයට පෙළඹෙන අය සිටිති. ඒ තමන් තුල ඇති අහිමිය නැමති අඩුපාඩුව පිරිමසා ගැනීමට කරන උත්සාහයකි. එය කතාබහෙන් හදා ගන්නට නොහැකිය. මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබත යුතු තත්වයකි.

අඩුවක් පිරිමසා ගන්නා ලිංගික දූෂකයෝ වනාහී තමන්ගේ ලිංගික ෆැන්ටසියක් සපුරා ගන්නට දුෂණයේ යෙදෙන අයයි. බොහෝ විට තමා බාල කාලයේ තමන් ලක් වූ අතවර වලින් දුක්විඳි නිසා ඒවාට පළිගන්නට තමන් අනුන්ව යටපත් කරගන්නට උත්සාහයේ යෙදෙන අයයි. නිරුවත පෙන්වීමකින් ඇතිවන උපහටයාගේ විස්මිත ඇස් නතු වීමක්/බියපත් වීමක්/එකඟ වීමක් යැයි සිතන මුලාවකින් එවැන්නා පසුවෙයි.

“මෘගයෙක් සේ හදිසි ආශාවකින්” හැසිරෙන්නේ කළින් සැලසුම් ගහනා කොටසයි. ඔවුන් තම ගොදුරට ඇති බිය හා වේදනාව කුමන ආකාරයෙන් ඇතිකරන්නේ ද යැයි දන්නා අයයි. ඒ ආකාරයෙන් බිය හා වේදනාව මිස වෙනස් ආකාරයකින් ලැබීමෙන් පිබිදෙන්නේ නැති අයයි. අනිකාගේ කැමැත්ත එයාට කිසිත් විදියකින් උවමනා නොවේ. දූෂණයට පිවිසෙද්දී ලිංගික පිබිදීමක් නැතිකම බොහෝවිට දකින්නට හැකිය. මෘගයෙක් සේ හැසිරීම වැඩිවෙද්දී අනිකාගේ බියෙන් හා වේදනාවෙන් එය ඇති කරගන්නෙකි. බොහෝවිට නිසිකලට කළින් සුරාන්තය ලබන්නෙකි.

“පරපීඩා ප්‍රීතිය විඳින්නා” (sadist) නම වැටෙන්නේ ඒ ගැන දිගු විස්තර ලියූ Marquis de Sade නිසා ය. යටපත් කරගැනීම, දරාගත නොහැකි තරමට ලැජ්ජාවට පත් කිරීම හා ප්‍රචණ්ඩත්වයෙන් අධික වීම එවැන්නාගේ ලක්ෂණයයි. අනිකාගේ වේදනාවෙන් පමණක් සතුටු විය හැක්කෙකි. කැත වදන් වලින් බැන වදිමින් ලැජ්ජාවට පත්කරයි. මෙවැන්නා උපහටයාගේ සහයෝගය ලැබුනොත් තවත් දරුණු ලෙස වියරු වෙන්නකි. සොයන්නේ අනිකා තුල දිස්වන වේදනාව නිසා එය පෙන්වන තුරා වදහිංසා දී මරා දමන්නට ද පෙළඹෙයි.

අයෙකුගේ හැසිරීම ගැන සැලකිල්ලකින් ඉන්නා අයෙකුට හොඳ හා නරක මිනිස්සු කවුදැයි මොළය අනතුරු ඇඟවීම් කරති. නිතර නිතර පුංචි පුංචි බොරු කියනා අය හිටි හැටියේ සුදනෝ වෙන්නේ නැත. හිටිහැටියේ ඔවුන් සිතුවාටත් වඩා නරක අය බව දැනගන්නට නම් බොහෝ ඉඩ ඇත.

ගමන් බිමන් යද්දී අවධානයෙන් සිටීම, නොදන්නා තැන්වලට තනියම නොයා කිහිප දෙනෙක් හා යෑම, අත්දැකීමක් ලබනු සඳහා නොදන්නා අය හා එක්ව අවදානමක් නොගැනීම යනාදියෙන් මෙවැනි මානසික ලෙඩ්ඩුන්ගේ ගොදුරු නොවී සිටීමට පුළුවන.

එහෙත් වැඩියෙන් ම ලොව අයෙක් ලිංගික දූෂණයට පත්වෙන්නේ තමන් දන්නා කියන අයෙකුගෙන් ම ය. ඒ බලහත්කාරකමට එපා කියන්නට නුහුරු හැදියාව නිසා ය.

වැඩිහිටියන් විසින් අයෙකුට තමන් අකමැති යැයි කියනා තම දරුවාව හැමවිටම විශ්වාස කරන්න පටන් ගත යුතුයි. ස්වභාවික වූ අවදානම් දැන ගත හැකි අකමැත්ත නැමති මානසික විජට්ටුව ළමා මොළයේ වර්ධනය වන්නට ඉඩක් දෙන්න. දරුවන්ගේ ආරක්ෂාව සැලසිය යුත්තේ වැඩිහිටියන් විසිනි.

ලැජ්ජාවක් නැති අනුන් කරන දෙයකින් ලැජ්ජා විය යුත්තේ තමන් නොවේ. එවැන්නක දී නිහඬව නොසිට කෑ කෝ ගසා ලොවට කියන කාලගෝට්ටියකින්, මුලාවූවන්ට, පීඩකයන්ට හා දූෂකයන්ට ඉඩක් නොදෙන, බියගුළු නොවූ ලෝකයක් හදා ගන්නට හැක්කේ තමන්ට ම ය!!!!

16 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජූලි 25, 2012 at 10:21 ප.ව.

    සමහර විකාර රූපී දේවල් ​වගේම, ඒවට කරන පෙළඹවීම් වලිනුත් යම් උත්තේජනයක් ලැබෙනවා විකෘති ආශා ඇත්තවුන්ට…

  2. indika27 said, on ජූලි 26, 2012 at 3:43 පෙ.ව.

    මේ දිනවල ලංකාවේ පුවත් වල තාවකාලික නවාතැන් පොලවල් වැඩිවීමත් ලිංගික හිංසා වැඩිවීමට හේතුවක් ලෙස පොලිසිය දකිති….නමුත් එය අවශේෂ හේතුවකි…

    මරණ දන්ඩනය ගැන ඔබ කියන අදහසට මා හට එකඟ විය නොහැක…එවිට සමහර විට ඇමති තුමා වෙනුවට එහෙය්යෙක්ට එල්ලීමට සිදුවනු ඇත..නමුත් එවිට වැරදි වටා කල්ලි ගැසීම..වැරදි දේට කල්ලි ගැසීම..වැරදි අයිනෙන් සිට ෂේප් වීම ආදිය සමාජයේ අඩු වෙනු ඇත…

    උදාහරණ ලෙස යම් අවස්ථාවක එක් කොල්ලෙකු තවත් කොල්ලෙකුට පහර දෙනවිට පහර කන්නා දුබලයෙක් නම්..තවත් වටේ ඉන්න ප්‍රබලයාගේ ආධාර කරුවන්ද පැන අර දුබලයාට ගසයි…නඩු අසා අවසන අර ප්‍රබලයා සමඟ ගුටි ගහන්නට සෙට් උන එකෙක් එල්ලුවොත් මා නම් ඌට අනුකම්පා කරන්නේ නැත…

    සැමට එක සමාන මොලයක් ඇත..එහි ධාරිතාව කුමක් වුවත් හරි වැරැද්ද යම්තම් හෝ අවබෝධ කරගන්න හැකියාව තිබිය යුතඅයැ….වැඩක් කරන්නට කලිං හරකුන් මෙන් හරි වැරැද්ද නොබලා එතුමා පස්සේ නොවැටී සිටින්නට මිනිසුන් වග බලාගත යුතැයැ….

    • arunishapiro said, on ජූලි 26, 2012 at 8:11 පෙ.ව.

      indika27,

      පාසැල් යන දරුවන් අතරමඟ දී උස්සන් ගිහින් දූෂණය කරලා මරලා කැලෑවේ දාලා යෑම උතුරෙන් හා දකුණෙන් ඇහෙද්දි නවාතැන්පොලවල් වැඩිවීම අවශේෂ හේතුවක් හැටියට මාත් හිතනවා.

      නැහැ එහෙයියෙක්ව එල්ලන එකම නෙමෙයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පටන් ගැනීම නිසා අද ස්ත්‍රී දූෂකයන්ට හා ළමා අපරාධකරුවන්ට එය ක්‍රියාත්මක වෙනු ඇත. හෙට දවසේ ආණ්ඩුවට විරුද්ධව යමක් කියන්නෙකුට සහ උසාවියට විරුද්ධව යමක් කියන්නෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම වළක්වා ගන්නේ කෙසේ ද? ඊට පස්සෙ ඒ විරුද්ධව කියුවා යැයි සැලකෙන දෙය ඇත්තෙන්ම නීතියට විරුද්ධ යමක් ද නැත්නම් එසේ යැයි හැඟෙන දෙයක් ද යන්නත් තීන්දු කරන්නේ කවුද? බලු කතාවක් කියූ නිසා හිරේ ගිය එස්. බී. දිසානායක ඇමතිවරයාව මතකයේ නැද්ද? පාලන බලයේ සිටි ඇමතිවරයෙක්ට උසාවියක් විසින් එසේ කළ හැකි නම් නිකං පාරේ යන මිනිහෙක්ට මොන සරණක් ද?

      මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිසා අපරාධ අඩු වූවා යැයි කියන්නේ කොහොම ද? නීති ගෙන ඒම හා කල්ලියකට පමණක් ක්‍රියාත්මක කිරිම නිසා අපරාධ අඩුවීමට වඩා නීතිය කුමක් දැයි දන්නා කම නිසා ඒ පැහැදිලි වූ, සරල වූ, හැමට එක සේ ක්‍රියාත්මක වෙන නීති නිසයි ලෝකයේ අපරාධ අඩු වී ඇත්තේ.

  3. Lalita Ranawana said, on ජූලි 26, 2012 at 3:54 පෙ.ව.

    meka lokaye hamadaama thibuna ekakne.issara kalema balahathkarakamai.dan minissu neethhi hadagena.aath hangeem edath adeth ekai.lingika ashawa avisseemakuth aniyam lesa kanthawangen wenawa.me hamoma rahasin ekathu wenna kemathi.bandata baa kiyala appuhamita haa kiyanawa.palamuwanna dhooshanaya dewannata mokuth naa.kamaththen indala waasi aragena passe paminilikarana ayath innawa.lingika ashawak awama eyata yanna thanak natnam elanga piyawarata yanawa.moothra bara aawama iwasainna puluwan thanak hoyagannakan vitarai.natnam paaredima karanawa.depaththatama karunu thiyenawa.

  4. Hush! said, on ජූලි 26, 2012 at 5:28 පෙ.ව.

    “We live in a society that teaches women to be careful not to get raped instead of teaching men NOT TO RAPE ”

    • arunishapiro said, on ජූලි 26, 2012 at 8:16 පෙ.ව.

      Hush!

      Has teaching men not to commit crimes been a success?
      Has teaching men not to steal been a success?
      Has teaching men not to lie been a success?
      Has teaching men not to waste time in idle talk been a success?

      YET
      my mother teaching me to be careful not to get raped has been a proven success now getting closer to half a century!!!
      I have travelled the world and will continue to do so while enjoying its beauty without fear.

  5. Amarasinghe Sujatha said, on ජූලි 26, 2012 at 8:04 පෙ.ව.

    තුන් පාරක් ඇවිත් ගියා මම. මේක ලියම්දෝ නොඉයම් දෝකියල. අපේ අක්ක කවදාවත් ඇයගෙ ලේලියගෙ ප්‍රශ්න පොලිසියට ගෙනියන්ට අකමැති උනේ ඇයගෙ උන්මත්තක කමෙන් ඒ අය ප්‍රයෝජන ගනී කියල බයට, හැබැයි බන්ඩාර කියල කෙනෙක් ඇයට හිතවත් උනා අන්තිමට දෙමව්පියො ගාවට යන කාලෙ වෙනකොට

    • arunishapiro said, on ජූලි 26, 2012 at 8:21 පෙ.ව.

      සුජාතා නංගි,

      ඉක්මන් වෙලා නොගිය එක හොඳයි කියල කියන්න සිද්ධ වෙන එක කණගාටුවට කාරණයක්. ඥාති සහෝදරියෙක්ව පැහැරගෙන යාමක දී පොලීසිය දැනුවත් කරන්න ගිය තනිව ජීවත් වූ දික්කසාද කාන්තාවකට සිද්ධ වුනේ මුළු රාත්‍රිය පුරා පොලීසියේ වාර්තාව ගත්තු එක්කෙනා විසින් දෙන අයුතු යෝජනා කෝල් වලට සවන් දෙන්නට. දුරකතනය විසන්ධි කර තැබුවාම නැවතුනාට ඒත් අර පැහැරගෙන ගිය කෙනාව හොයාගන්න තමන්ගෙ දුරකතනය අවශ්‍යනේ. කළින් දවසක ඒක දැම්මම ඒක දැකලා මට කතාවේ ඉතිරිය කිව්වෙ. අන්තිමේ දී හංදියේ ත්‍රී වීල් කාරයාව ගෙන්නා ගෙන එයා ලව්වා ‘ඔය කෝල් දෙන එක නවත්තනවා හලෝ මම මෙයාගෙ මහත්තයා මේ ගෙදර ඇවිත් ඉන්නෙ’ කියලා කියවා ගත්තට පස්සෙයි ඒක නැවතුනේ.

      මේක නීතිය ඇත්තේ කුමකට දැයි පොලීසියත් නොදන්නාකම.

  6. mobileman said, on ජූලි 26, 2012 at 10:26 පෙ.ව.

    මගේ කමෙන්ට් එක දිග වැඩි නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් හැටියට දැම්මා.
    http://mobile-mage-sithiwili.blogspot.com/2012/07/18.html
    මේ මාතෘකාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු එකක් කියලයි මං හිතන්නෙ. ඔබේ මතය නිවැරදියි. කළ යුතුයි. ඒත් ඒවා ක්රිායාවට නගන හැටි ගැන ටිකක් හිතන්න වෙනවා.

  7. chandi said, on ජූලි 26, 2012 at 9:08 ප.ව.

    සහතික ඇත්ත දෙමාපියන් විසින් දරුවාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම දැරිය යුතුයි. සමාජයට දරුවා යනවිට ඒ අයට ඒ ගැන අවබෝධයක් ලබා දීම තමන්ගේ යුතුකමක් හා වගකීමක් බව දැනගත යුතුයි. සමහර මානසික විකෘර්ති කාරයන් විවිධ ක්‍රම වලින් දරුවන් පෙළනවා. මා දන්නා පමණින් ඉස්සරත් සීයා කියකිය අපේ නිවෙස් වලට එන තමන්ගේම සීයා නොවන අය මේ විදිහට රහසඟ අතපත ගාමින් දරුවන් අපහසු තාවයන්ට ලක්කොට තියෙනවා. මේවා ගැන ඇත්තෙන්ම දරුවන් දැනුවත් කලොත් මේවා මඟ හැර ගන්නට පුලුවන්. මූලිකම දේ අම්මා තාත්තා ගැන දරුවාගේ විශ්වාසය ඇතිකර ගැනීමයි. දරුවෙක් තමන්ට යමක් කියන්නේ ඒ විශ්වාසය උඩයි. ඒවා හංගන්නෙ ඒ විශ්වාසය නැති තැනයි.

    මටම සිදුවූ සිද්දියක් මට මතකයි, මගේ මාමාගේ චූටි නංගිත් එක්ක අපි අනුලාවට යන කාලෙ, මම ඒ ලෙවල් කරනකොට ඇය පහ වසරේ වගේ පාසැලේ, අපි දෙන්නා නිවසට ඇවිදගෙන යනවා ඒ වෙලාවෙ හොඳ කිරිපාට කාරයක් නවතා පාරක් ගැන ඇසුවා. අපි දෙන්නා පාර අහවල් තැන කියල පෙන්වත්දි මම දැක්කෙ මේ මනුස්සයා එයාගෙ හැම දේම එලියට ඇදගෙන හිටියෙ කියලා. මට කරගන්න දෙයක් නැති උනාට මම ඒ වනවිට කිහිප පාරක් විදේශ ගතවෙලා හිටිය නිසා යම් දැනීමක් මට තිබුනා මේ මිනිසාට ඉංග්‍රීසියන්ම බනින්නට අර කුඩා දැරියට නොවැටහෙන ලෙස.
    මම ඔහුට බැන වැදිලා ගෙදර පැත්තට දැරිය ඇදගෙන දිව්වා. පසුව මම මාමාව දැනුවත් කලා මේ වගේ කෙනෙක් හිටියා කියලා ලැජ්ජාව පැත්තකින් තබලා. දින කිහිපයකට පසුව 120 පාරේම මගේ පංතියේ හෙයෙලියකටත් මේ සිද්දියටම මුහුණ දෙන්නට සිදු උනා. මම ඇයට මේ ගැන කියා තිබූ නිසා ඇයත් හොඳ දෙකක් කියා තිබුනා. පසුව දැන ගත්තා ඔහුව පොලීසියෙන් අල්ලා ගත් බව.

  8. buddie-බුඩී said, on ජූලි 27, 2012 at 3:12 පෙ.ව.

    //අඩුවක් පිරිමසා ගන්නා ලිංගික දූෂකයෝ වනාහී තමන්ගේ ලිංගික ෆැන්ටසියක් සපුරා ගන්නට දුෂණයේ යෙදෙන අයයි.// මෙ ෆැන්ටසිය පාලනයකරන්න තමා නීති ඕනේ. නීතිය වල්වැදුනොත් පාලනයක් නැති වෙලා, වසංගතයක් වෙලා තමා අවසානයක් දකින්න වෙන්නෙ.
    බූඩිත් මේ ගැන ලියන්න හිතාගෙන හිටියට කෝ වෙලා වක් නෑ නොවෑ, නියම ලිපියක් !!!

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:37 පෙ.ව.

      buddie-බුඩී,

      ස්තූතියි. ෆැන්ටසිය පාලනයට නීති දැනටමත් තියෙනවා, ඒවා හැමට එක විදියට ක්‍රියාත්මක කෙරෙන්නෙ නැතිකමයි නීතියේ රීතියේ බංකොළොත් බවට හේතුව.

      //කෝ වෙලා වක් නෑ නොවෑ// මේක තමයි ගොඩක් දුර්මත පැතිර යාමට හේතුව. කොපි රයිට් ගැන, පයිරසි ගැන ඕපන් සෝර්ස් ගැන දන්න අයට ඒවා ලියන්න වෙලාවක් නැතිකම 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න