අරුණි ශපීරෝ‍ වෙතින්

නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 23, 2014

ලංකාවේ දුම්රිය පොළක දී අහිංසක මගියෙකුට පොලීසිය පහර දුන් විඩියෝ පටය අන්තර්ජාලයෙන් ලෝකය පුරා ඉන්නා ශ්‍රී ලාංකිකයන් අතර පැතිර යද්දී නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටිත් අන්තර්ජාලයෙන් ලොව පුරා පැතිර ගියේය.

නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නොහොත් NYPD විසින් ට්විටර් මාර්ගයෙන් තමන් හා නිව් යෝර්ක් හි පොලිස් නිලධාරීන් සමඟ ගන්නා ලද ඡායාරූප #myNYPD යටතේ බෙදා ගන්නට යැයි ආරාධනා කරන ලදි.

ප්‍රසිද්ධියේ කතන්දර බෙදා ගන්නට යැයි ජනතාවට ආරාධනා කළ ඔවුනට ඔවුන් මහජනතාවට ප්‍රසිද්ධියේ සංග්‍රහ කරපු අවස්ථා අමතක වී තිබිණ.

සමාජ ජාල වෙබ් අඩවි වැඩියෙන්ම භාවිත කරන්නෙ තරුණ පිරිස් වීමත්, ඒ අය වැඩියෙන්ම ඇමෙරිකාවේ පොලීසිය හා ගැටෙන අය වීමත් නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට අමතක වී තිබිණ.

නිව් යෝර්ක් නගරයෙන් පටන් ගත් පොලීසිය හා ගැටෙන පින්තූර බෙදාගන්නා රැල්ල චිකාගෝ වැනි වෙනත් නගරයන් කරා ද පැතිරෙන්නට වැඩි කලක් ගත නොවුණි.

4 Responses

Subscribe to comments with RSS.

  1. […] නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටි […]

  2. dhanush_c said, on අප්‍රේල් 23, 2014 at 5:54 ප.ව.

    නියම වැඩේ… ඉල්ලගෙන කාලා !!

  3. Gold fish said, on අප්‍රේල් 24, 2014 at 1:01 ප.ව.

    ලංකාවේ නම් එහෙම එකක් තියන්න බෑ… පොලිසිය ඉන්නෙම මහජනයාට බෙදන්න බලාගෙන.


ප්‍රතිචාරයක් ලබාදෙන්න