අපි පව්කාරයන් ද?
ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් වූ පවිකාරයන් මැව්වේ කුමකටද?
ශුද්ධ වූ බයිබලයේ කියා ඇති පරිදි දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැව්වේ තමන්ගේ, එනම් දෙවියන්වහන්සේගේම ස්වරූපයෙනි.
එසේ නම් මිනිසා ද දෙවියෙකි. ඔහු පවිකාරයෙකු පමණක් නොවේ.
දෙවියන්ගේ ගතිගුණ මොනවාද? සැමට දයාව, කරුණාව දක්වන සාමය, සතුට පතුරුවන ඉවසීම හා නුවණ මෙහෙයවීමට ඇති හැකියාව යන ලක්ෂණ ඒ ගතිගුණ අතර වෙති. ඒ ලෙසින්, ඒ එක් ගුණයකින් කොපමණ වේලාවක් අපට සිටිය හැකිද? ඒ තරම් වේලාවක් යනතුරු මනුෂ්‍යයා ද දෙවියෙකි.
ඊට පටහැනි සිතුවිලි පවතින අවස්ථාවල, ඊට පටහැනි ගතිගුණ වලින් යුතු අවස්ථාවල මනුෂ්‍යයා සාතන් වන්නේය. වාසියේ දී එක විදියකට හා අවාසියේ දී තවත් විදියකට සිතුවිලි මෙහෙය වන්නා නුවණ මෙහෙයවීමට නොදන්නා අයෙකි.
පවිකාරයන් සේ නොසිතා දෙවියන් සේ සිතන්නට වූ කළ මනුෂ්‍යයාට තමන්ටත් ලෝකයාටත් වැඩක් පිණිස සුව සෙත සලසා ගත හැකිය.
ඔබ සැමට සුබ නත්තලක්!
God is a jealous God , God is a angry God.
සාර්ථකත්වයේ පරම සත්‍යය 2-සුමනදස සමරසින්හ(බින්දුව type කරන හෑටි තාම හොයගන්න බෑරි උනා.)..හි දෙවියන් වහන්සේ මෑවු දෙවියන් ගෑන නිවෑරදි අර්ථකතනය දෑක,බොහෝ සතුටු වුනෙමි.
mata obe thaththa mathak una me kathawa witharak obe thaththa ha samanai
විශිෂ්ටයි !