ඇමෙරිකානුවාට ජීවය උපදවන හැකියාව ඇත
පෙරළියට, ආන්දෝලනයට තුඩු දෙන පර්යේෂණ කරන්නට හපන් ඇමෙරිකානුවෝ එවැනි වෑයම් නවතා නැති බව අළුත්ම විද්‍යාත්මක සොයාගැනීමකින් නොබෝදා පෙන්වා දෙයි. විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ජීවයක් (life) උපදවන්නට හැකි වූ බව ඔවුන් ඔප්පු කරති. මෙතෙක් කාලයක් ජීවයක උප්පත්තිය සිද්ධ වූයේ ස්වභාව ධර්මයා හෝ “දෙවියන්වහන්සේ” වෙතින් පමණි. අද ඇමෙරිකානුවාත් ජීවය උපදවන්නට හැකියාව ලබා ඇත. ඉදිරි ලෝකය කොතරම් වෙනසකට පාත්‍ර වන්නේ ද යන්නත්, රෙගුලාසි පැනවීම හා ලෝක යුද්ධ කෙසේ ඇතිවේද නැතිවේද යන්නත් විවාදයට දැන් දොර විවෘතය. එසේම මෙතෙක් ලෝකය මැවූ “දෙවියන්වහන්සේ” විශ්වාසය කළ අයට මෙතෙක් එය විස්තර කළ ආකාරය වෙනුවට යළි නව උත්තර කලාවක් සොයාගන්නටත් සිද්ධ වන්නේය.
මනුෂ්‍යයාගේ මරණයෙන් පසුවත් නොනැසී පවතින විඥානයක් (consciousness) ඇතැයි ද යන්න බුදුරජාණන්වහන්සේ කතාබහට ලක් කල මාතෘකාවකි. ඩේවිඩ් කළුපහන රචිත A History of Buddhist Philosophy හි මරණයෙන් පසු නොනැසී පවතින්නා වූ විඥානය හේතු සාධකයක් ලෙස පිළිගැනීමට බුදුරජාණන්වහන්සේ කැමැත්ත දැක්වූයේ විඥානය ක්‍රියාකරන්නේ අභිරුචිය (interest) අනුවත් ඒ හා වූ මතකය (memory) නිසාත් යයි සඳහන්ය. කළුපහන දක්වන පරිදි උපනිෂද් චින්තකයෝ විඥානය යනු කුමක්දැයි අර්ථ කතනය කළහ. “කතාබහ කරන, දැනෙන, වෙනස් වෙනස් අවස්ථාවල හොඳ නරක අත්දකින “පුද්ගලයා” නියෝජනය කරන්නේ විඥානයයි. නැතහොත් කතාබහ කරන, හැඟීම් ඇතිවන, අත්දැකීම් ලබන මනසේ අයිතිකාරයා නොහොත් “ඇතුලත පාලනය කරන්නාය (inner controller-antaryamin).” ඉහත සඳහන් පොතේම කළුපහන විසින් “සබ්බේ ධම්මා අනත්තා” යන්න (all experienced phenomena are non-substantial) සංදිග්ධ නොවූ (unambiguous) සහ අපැහැදිලි නොවූ (unequivocal) බුද්ධ වදනක් සේ සලකයි.
නූතන මොළය පිළිබඳ විමර්ශනයේ දී දිනෙන් දිනම ඔප්පු වන්නේ ක්‍රි. පූ. 565 ගණන්වල දී බුදුරජාණන්වහන්සේ අවබෝධයෙන් කියා දුන් අදහස්ය. ඒ අවබෝධය ලබාගන්නට වෙහෙසෙනවා වෙනුවට ඔහුට කළින් වූ මත අත්නොහැර එය සත්‍යය යයි කියා ඒ අනුකරණයෙන් ජීවත් වන්නෝ එය බුද්ධාගම යයි කියන්නට ද ඉදිරිපත් වන්නෝය.
විඥානය අපට සිතන්නට ඉඩ පාදා දෙයි. එසේම ඒ සිතන අවස්ථාවේ දීම අප සිතන ආකාරය (thinking process) ගැන නිරීක්ෂණයට ද ඉඩ සලසයි. Consciousness නොහොත් විඥානය යනු අප ගැන (self) හා ලෝකය ගැන අප දරනා අදහස (our perception of the world) යයි අපි සලකමු. නමුත් අද දවසේ neuroscience හදාරන්නෝ විසින් තවත් බුද්ධියක් ගැන කතාබහක් පටන් ගැනී ඇත. එනම් ස්වාභාවික බුද්ධියයි (innate intelligence). භෞතික මොළය මඟින් ඉදිරිපත් කරන මේ ස්වාභාවික බුද්ධිය යනු ශරීරය තුල ඇති විශ්ව ඥානයේ (universal intelligence) ඉදිරිපත් කිරීමක් කියාය.
උඩු සිත, යටි සිත යන දෙකට අමතරව වූ මේ විශ්ව ඥානය ගැන සුමනදාස සමරසිංහ ද විස්තර කරන්නට උත්සාහයක් ගෙන ඇත. එහෙත් දැඩි බන්ධනයෙන් වූ අදහස් අල්ලා ගෙන ඉන්නා අයෙකුට එය වටහා ගැනීම සම්ප්‍රදායට එරෙහිව සිතන්න කීමක් වැනිය. ගැඹුරු වූ සේ පෙනුනත් මෙය සරලය. Occam’s razor නම් ගැටළුවකට පිළිතුරක් සොයා ගන්නා ක්රමයකි. එනම් සංකීර්ණ වූ පිළිතුරු හමුවේ වඩාත්ම නිවැරදි පිළිතුර නම් පහසුවෙන්ම අවබෝධ කරගත හැකි සරල වූ පිළිතුර වන්නේය.
උඩු සිත (subjective consciousness) පුද්ගලයාගේ නිදහස් සිතුවිලි (free will), යමක් ඉගෙනීම, ධාරණය, කුසලතාවක් වර්ධනය කරගැනීම, සිහින දැකීම, තෝරා ගැනීම හෝ තෝරා නොගැනීම කරයි. මෙය “මම” (self) වන්නේය.
බුද්ධිමත් අවධාරණයෙන් යුතුව අපට ජීවය දිනපතා ලබා දෙන්නේ යටි සිතයි (objective consciousness or subconscious). මෙම අවධාන ක්‍රියාවලිය (system of awareness) විඥානය ඇති මනසෙන් (conscious mind) බැහැර වූවකි. එය මහත් බුද්ධියෙන් යුතුය. නිසි අවධානයෙන් (mindful) යුතුය. සිතන මොළයෙන් බැහැරව එහෙත් මොළයේ අනිකුත් කොටස් හා එකතුව වැඩ කරයි. අපි එදිනෙදා ජීවිතයේ ලැබී ඇතැයි සිතා සලකන හදවත ස්පන්දනය, ආහාර දිරවීම, ලේ පිරිසිදු කිරීම, සෛල වර්ධනය, අපගේ DNA සංවිධානය වැනි සියල්ල කරනුයේ මේ සුවිසල් සීමා නොමැති යටි සිතේ ඇති විෂයමූලික බුද්ධියයි (objective intelligence).
විෂයමූලික බුද්ධියට අප අප ගැන දන්නවාට වඩා අප ගැන දැනුම ඇත්තේය. ලෝකය ගැන දැනුම ඇත්තේය. සියල්ල දන්නා ඥානයයි කියා හඳුන්වා දිය හැකිය. මෙය හැඳින්වීමට Zero Point Filed, the Source, සහ විශ්ව ඥානය (universal intelligence) යන වචන භාවිතා වී ඇත. Quantum ක්ෂේත්රය (field) භෞතික රූපයට ප්‍රවර්තනය කරන්නේ එයයි. ජීවයේ බලය එයයි. Quantum physics කියා හඳුන්වන්නේ මේ ක්ෂේත්රයේ හැකියාවන් සලකා බැලීමටය.
මනුෂ්‍යයෝ වශයෙන් අපට උඩු සිත හා යටි සිත දෙකම ඇත. මේ දෙකම එකිනෙක හා සම්බන්ධ කරනුයේ කවරක් ද? මොළයට විඥානයක් නැතිනම් එය ජීවයෙන් තොරය, වැඩක් කරනුයේ නැත. විඥානය පුද්ගලයාගේ මොළය හා ක්රියාකරද්දී මොළයේ මනසක් බිහිවේ. මනස යනු වැඩ කරන මොළයකි. මනස විසින් උඩු සිත හා යටි සිත උපකාරී කරගෙන ජීවිතය සාර්ථක කරගන්නේ මේ ස්වාභාවික බුද්ධිය නොහොත් විශ්වය පුරා පැතිර ඇති ඔබේත් මගේත් විඥානයෙන් බැහැරව ඇති බුද්ධියක ආධාරයෙනි. එයට ස්වභාව ධර්මයා යයි කිය හැකිය. කැමැත්තෝ ”දෙවියන්වහන්සේ” එය යයි කියා ගනු ඇත.
මෙය කාහටත් ඇති බුද්ධියකි. අළුත් අදහසක්, අළුත් ස්පර්ශයක්, දැකීමක්, ඇසීමක් වැන්නකින් අපගේ මොළයේ සෛල අවදි වනවා සේම, උඩු සිත හා යටි සිත එකතු වී ක්‍රියාකරන ආකාරය වටහා ගැනීම නිසා අපට මේ ස්වභාව ධර්මයා ක්‍රියාකරන ආකාරය ගැන ද දැනුමක් වඩවා ගත හැකිය. යමක වටිනාකමක් ඇත්තේ එය ගැන දැන සිටීමෙන් පමණක් නොවේ. එයින් සුභ සිද්ධියක් සලසා ගත හැකිනම්ය. උඩු සිත ගැන අප අද දනිමු. යටි සිත ගැන ද යම් තරමට අප දනිමු. උඩු සිතත් යටි සිතත් එක් කරන ස්වාභාවික ඥානය ගැන දැනුමක් ඇති කරගන්නා අයට ඒ දෙක එකතු වී කතාබහ කරනා ආකාරයත් ඒ දෙක එකතු වී ක්‍රියාත්මක කරනා ආකාරයත් දැනගත හැකියාව ලැබේ. මොළය කීතු කීතු කපා පර්යේෂණ කර ඇමෙරිකන් විද්‍යාඥයෝ සොයා ගන්නට උත්සාහ කරන්නේ එයයි. ජීවයක් අළුතින් බිහි කිරීම වූ සොයාගැනීම ඒ විශ්වය පුරා පවතින ස්වභාව ධර්මයෙන් වැඩ ගන්නා ආකාරය සොයා ගැනීමයි.
එය විශිෂ්ඨ වූ බුද්ධියක් නම්, සැමටම දායක වූ බුද්ධියක් නම්, අපිට පහසුවෙන් වටහා ගෙන අපේ දියුණුව සලසා ගත හැකි ප්‍රායෝගික වූ බුද්ධියක් නම් එයට පන්සල් පල්ලි සාදා, මල් පහන් පුද පූජා කර අල්ලස් දෙනුයේ කුමකට ද? බුද්ධිය කෙසේ වැඩ කරන්නේ ද යන්න වටහා නොගෙන එය උතුම් වූ බුද්ධිය යැයි කියා ඒ ගැන විස්තර සඳහන් වූ ගාථා ගිරව් සේ කියමින් වැඳ පුදා ගැනීමෙන් ජීවිතය දියුණු වන්නේ කෙසේද?
අනේ මංදා නෝනේ, මට හිතෙනදේ ඒ ලිපියෙම තිබුනා මේං මෙහෙම ” But critics worry that “playing God” could also have apocalyptic consequences.”
විද්‍යාවේ දියුණුව ගැන මගේ කිසිම අමනාපයක් නැත. මා විරුද්දවන්නේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කරන “scientific- adventures ” ගැන පමණි. අළුතින් “ජීවයන්” කෙසේ වෙතත්, සමහර රට වලට ආවේනික නොවන සතුන්/පැලෑටි හදුන්වා දීමේන් ඇතිවු වියසනම බොහොමයක් ඇත.
SiriBiris, මෙවැනි “playing God” ඉන්නවා යයි විශ්වාස කරන අයට ප්‍රශ්නයක් තමා. නමුත් ස්වභාවික වූ ඥානය හා විශ්ව ඥානය හැම විටම වර්ගයා වැඩි වර්ධනය කරන හා පවත්වා ගැනීමට උත්සාහයක ඉන්නා නිසා අළුත් වියසන වලටත් පිළියම් ලබාගනු නිසැකය. ඇහිල්ලක් බැලිල්ලක් කරනු පිණිස අපි ඉදිරිපත් විය යුතුය. අද සමාජය ඊට ඉඩකඩ ලබා දීම නිතැතයෙන් ඉටු කරයි.
හන්දියක් ගානේ තැපැල් පෙට්ටි (pillerbox) හයී කිරීමෙන් සිදුවිය හැකි වියසන ගැන ඒ කාලේ උදවිය මහා කල බැගෑනියක් කලා නොවැ.
කොලූ, ඒ වගේම අප්‍රිකාවේ සමහර උදවිය එන්නත් වලින් ලෙඩ බෝ වෙනවා කියලා විශ්වාස කරපු නිසා ළමයින්ට එන්නත් ලබා දුන්නෙ නැහැ. ඒත් බොහෝ දෙනා සමඟ ලිංගිකව හැසිරීම නිසා ඒඩ්ස් පැතිර යන බව පෙන්වා දුන්නත් ඒක පිළිගත්තෙ නැහැ. බුද්ධිය බලෙන් මොළයට ඇතුල් කරන්න බැහැ. ඒකටත් මොළය අයිති පුද්ගලයාගේ උවමනාවක් ඇති වෙන්න ඕන. අළුත් දේ විමසීමක් නොමැතිව වැළඳ ගැනීමත්, විමර්ශනයක් නොමැතිව අළුත් වූ පළියට එය බැහැර කර දැමීමත් දෙකම අනාගත අභිවෘද්ධියට මාර්ගය අවහිර කරයි.
Venter said his team had not created life.
“We created a new cell. It’s alive. But we didn’t create life from scratch,” he said
(J. Craig Venter)
Jana, creating a living creature, first of its kind since the beginning of creatures that has no ancestor, is or isn’t craeting a new life?! නමුත් විශ්ව ඥානය පවතී යයි පිළිගන්නා අය මෙය අළුත් ජීවයක් යයි පිළිගනු නැත. මන්ද ජීවය හැම තැනම පැතිර පවතින නිසාය. අල්ලා හසු කරගත් නව කූඩුවක් නිර්මාණය කළා පමණකි.
ජීවය (life) යන්න වටිනා ලිපියක් කිවවීමට ලැබීම ඉතාම අගෙයි. life යන්න විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගු කලක් විවාදයට බඳුන් වී ඇති කාරණාව කි. විවිධ ශාක වර්ග ද, විවිධ කෘමි සතුන් ද විද්‍යාගාර වල පරීක්ෂණ දීසි (petri dish) තුල නිපදවයි. In vitro meat හෝ animal cell culture මගින් ජීවී සෛල නිපදවීමේ හැකියා ව මැත කාලයේදී ඉමහත් දියුණුවක් ලැබූ අංශයකි. මෙම ලිපියේ සඳහන් වන පරිදි කෘත්‍රිම ජාන සෛල කවචයකට ඇතුළු කිරීමෙන් කෘත්‍රිම බැක්ටීරියාවක් සැදීම ක්ෂේත්රයේ ඉදිරි පිම්මකි.
නමුත් live life (or “life” life) යන්න තවම නිසි ලෙස සලකා නොබැලූ කාරණාවකි.
දෙවන පරිච්ඡේදයේ සඳහන් වන පරිදි “මනුෂ්‍යයාගේ මරණයෙන් පසුවත් නොනැසී පවතින විඥානයක් (consciousness) ඇතැයි යන්න” බුදුන් වහන්සේ දේශනා “නොකල” දෙයක් යන්නයි මගේ අදහස. මෙම අදහස සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනය විකෘති කිරීමකි. ඉහත කරුණ එක්තරා පොතකින් උපුටා ගෙන සාරාංශ කොට පළ කිරීමක් නිසා වරද කතෘට (අරුණි ශපීරෝ) නොයන අතර කතෘ ”අනාත්ම” යන සංකල්පය ගැන දැනීමක් නොමැති බව නම් තේරේ. බුදුන් වහන්සේලා ලොව පහල වන්නේ මූලික වශයෙන්ම අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්රිලක්ණය දේශනා කිරීම සඳහා ය. මරණින් පසු අනෙක් භවයට යමක් යනවා ය, නොනැසී පවතින යමක් ඇතය යන්න බුදුන් ප්‍රතික්ෂේප කල දෙයකි. “කතාබහ කරන, දැනෙන, වෙනස් වෙනස් අවස්ථාවල හොඳ නරක අත්දකින “පුද්ගලයා” නියෝජනය කරන්නේ විඥානයයි.” යන්නට ද මා එකඟ නොවේ. මා මේ ගැන ඔබේ අදහස දැන ගැනීමට කැමති.
සහන් තන්තිරිවත්ත, ලස්සන නමක් සහන්ට තියෙන්නෙ. ස්තූතියි ප්‍රතිචාරයට. පිළිතුර වටහාගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්න උත්සාහයක් ගන්නම්. ඔබ කියූ පරිදි “ජීවය” යන්න විභාගයට ලක් වූ මාතෘකාවකි. එහෙත් එය විමර්ශනයට ලක් වී ඇත්තේ ජීව විද්‍යාවෙන්, ආගම් වලින්, දේශපාලනයෙන්, නීතියෙන් වැනි විවිධ ක්ෂේත්‍ර විවිධාකාරයට අර්ථ කතනය දීමෙන් නිසා සාමූහිකව පිළිගැනීමක් සොයා ගැනීම අපහසුයි.
බුද්ධ ධර්මය අනාත්ම බව පැහැදිලිව සරලව විස්තර කර ඇත්තේ වල්පොල රාහුල හිමියන් විසිනි. ආත්මන් යන්න සංස්කෘතික වචනයකි. එය බුද්ධ ධර්මයට පෙර පැවතියකි. සමහර ආගම්වලට අනුව හැම පුද්ගලයෙකුටම තමන්ට යයි කියා වෙන් වූ (දෙවියන් විසින් මවන ලද) “ආත්මයක්” ඇත. මේ ආත්මය මිනිසාගේ මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ හෝ අපායේ (මැවුම්කාර දෙවියන්ගේ විනිශ්චය අනුව) සදාකාලිකව ජීවත් වෙයි. තවත් සමහර ආගම්වලට අනුව මේ ආත්මය විවිධ උප්පත්ති වලට භාජනය වෙමින් ලබාගන්නා පව් පින් අනුව පිරිසිදු වී අවසානයේ දෙවියන්වහන්සේ හෝ විශ්ව ආත්මය හා (එය පටන්ගත් තැනටම) එකතු වෙයි. මෙය මිනිසාගේ සිතුවිලි සිතන, සංවේදන විඳින, කරන ලද හරි වැරදි වලට ලාබ අලාබ ලබන ආත්මයයි. බුද්ධාගම ලෝකයේ ආගම් ලෙස සැලකෙන දහම් අතුරින් පැහැදිලිව වෙනස් වන්නේ මෙවැනි ආත්මයක් නැතැයි කීම නිසාය. මම ඒ වල්පොල රාහුල හිමියන්ගේ පැහැදිලි කිරීම නිවැරදි යයි සලකමි.
ඊ ළඟට, මොළය ගැන කතාබහේ දී උඩු සිත (subjective consciousness) යනු “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින සිතයි. මෙය මරණයෙන් පසු කොහේවත් තැනකට යන්නේ නැත. මොළයේ ක්‍රියාකාරීත්වය නතරවීමෙන් උඩු සිත ද ක්‍රියාවිරහිතය. යටි සිත (objective consciousness or subconscious) අපට හිමිය. අප ජීවත්වන්නේ හිතා මතා හුස්ම ගෙන, රුධිරය පිරිසිදු කරගෙන නොව යටි සිත විසින් ඉටු කරදෙන නිසාය. මෙයට “මම” ය “මාගේ” ය කියන හැඟීමක් නැත. “මම” යන පුද්ගලයාගේ දැනීමෙන් තොරව “මම” යන පුද්ගලයාව ආරක්ෂා කරයි. නමුත්, උඩු සිතක් නොමැති මොළයක යටි සිත කරන්නේ ශරීරය ක්‍රියාකාරීව පවත්වා ගැනීම පමණි. මොළයක් නැති තැන ඒ දෙකම නැත.
ක්‍රියාකාරී මොළයක මෙම උඩු සිත හා යටි සිත අතර සම්බන්ධය මෙහෙයවන්නේ ස්වභාවික බුද්ධියයි. එය විශ්වයේ පැතිර පවතී. මොළයක් උපදින විට (ක්‍රියාකාරීත්වය පටන් ගනිද්දී) එය මොළය තුළින් එළි දකියි. මොළය ක්‍රියාවිරහිත වීමෙන් එය එම මොළයේ නිමාව දකියි. එය පුද්ගලයා කළ හොඳ නරක හෝ පව් පින් ගණන් කරන, එකතු කරන, රැගෙන යන, පුද්ගලයාට සීමිත වූ, වෙන් වූ, බුද්ධියක් නොවෙයි. නමුත් ක්‍රියාකාරී මොළයේ නිමාව නිසා එය වෙනත් තැනක නැතැයි කීමට නුපුළුවන. ක්‍රියාත්මක වන මොළයට එය පිවිසෙන්නට එය කොහේ හෝ තැනක පැවතිය යුතුය.
මහ මුහුදේ පැන නඟින පෙන බුබුලකි. එය සුවිශේෂී වූ අනිත් පෙන බුබුළු වලට වඩා වෙනස් වූ, ඒකජ වූවකි. නමුත් එය මහ මුහුදෙන් බැහැර වූ එකක් යයි කිව නොහැක. එහෙත් එය මහ මුහුද යයි ද කිව නොහැක. පෙන බුබුලකට වඩා මිනිස් මොළය වෙනස් වන්නේ අනිත් සත්වයන්ට නැති විචාර බුද්ධිය ඇති කරන නිදහස් සිතුවිලි (free will) තිබීම නිසාය. ජීවත්වන කාලය තුල දී “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින්නේ අර ස්වභාවික බුද්ධියත්, ඉන් යා කරන උඩු සිත හා යටි සිත ඇති ක්‍රියාකාරී මොළයක ආධාරයෙන් ජීවත්වන පුද්ගලයාය. මේ ස්වභාවික බුද්ධිය ආවේ කොහෙන්දැයි යන්නේ කොහාටදැයි විමර්ශනයට කාලය වැය කිරීමට වඩා බුදුන්වහන්සේ නැවත නැවතත් වදාරන්නේ එයින් නිදහස් සිතුවිලි ඇති ක්‍රියාකාරී මොළයක් පවතින පුද්ගලයා තමාගේ ජිවිතය යහපත් කරගැනීමට සිත යොමු කරන ලෙසය.
ආවේ කොහෙන්දැයි යන්නේ කොහාටදැයි විමර්ශනයෙන් ඵලක් නැත්තේ එය ආ තැනක් ද යන තැනක් ද නැති පවතින්නා වූවක් නිසාය. නමුත් “වක් වූ අත දිගු කරන්නට පෙර පිටසක්වල පවා” යන්නට හැකි යුගයක තවමත් මිනිසා එකිනෙකා හා ඇණකොටා ගෙන, යුද්ධ කරමින්, විවිධ මතවලට භේද වී උඩු සිතත්, යටි සිතත්, ඒ දෙක යා කරන ස්වභාවික බුද්ධියත් මේ ජීවත්ව ඉන්නා සුළු කාලය තුල තමන්ගේ සුභ සිද්ධියට යොමු කර නොගෙන තැවෙති.
මට පොඩි ගැටලුවක් ආවා මේ සම්බන්දයෙන්. දැන් ඔය කියන විදිහට අපි නැවත ඉපදෙන්නේ නැත්ද? එහෙම නැත්නම් අපි කරන පින් පව් ඊලගට උපදිනකොට වගේ පල දීමක් වෙනවද?
මේ අහන්නේ මට දෙවැනි ජේදය හරියාකරව වැටහුනේ නැති නිසා.
Grey, මම යන පුද්ගලයාගේ නැවත ඉපදීමක් නැත. මම කරන පින් පව් පල දීම සිද්ධ වන්නේ මේ ජීවිතයේම පමණයි. මට කියා ආත්මයක් නැති නිසා, මට ඊ ළඟ උප්පත්තියක් නැති නිසා, ඊ ළඟ තැනකට ගෙනියන්න දෙයක් ද නැහැ. අළුතින් දාපු “ඇති සුගතිය හා නැති සුගතිය” සටහන කියවන්න.
බොහොම ස්තුතියි.. දැන්ම බලන්නම්.
budu dahame nawatha ipadimak natha,,,,ekala siti niganta natha puththage dahame nawatha ipadima gana kiyawe,,,anichcha dukka anathama yannehi anathma yanu ,athmayak nathi bawaya,,.budun wahansege darmaya anathma wadayaki.ada boho bikshun walmath wi atte metanaya,bahutarak atta danagattat,kiyanna tiyana bayaya samahara vita piliganna bayaya.mokada siyalu de plan kara atte ilaga athmayata bavini.meya tharka buddiyen awaboda karagata yuththakki….budu dhama vishishtai,modainta nowa,buddiya attaunta.ilaga athmayata bana kiyana eka boruwak unu dawasata mage satahana wadagath wanu atha…
“එය විශිෂ්ඨ වූ බුද්ධියක් නම්, සැමටම දායක වූ බුද්ධියක් නම්, අපිට පහසුවෙන් වටහා ගෙන අපේ දියුණුව සලසා ගත හැකි ප්‍රායෝගික වූ බුද්ධියක් නම් එයට පන්සල් පල්ලි සාදා, මල් පහන් පුද පූජා කර අල්ලස් දෙනුයේ කුමකට ද?”
සත්වයකුගේ බුද්ධිය තීරණය වෙන්නේ එම සත්වයාගේ භවාංග චිත්තයෙහි ඇති පැහැපත් බව අනුව බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. සංසාරය සත්වයාට සර්ව සාධාරණය ඉටු වන ස්ථානයක් නොවේ. නොලැබුන බුද්ධියක් ගැන තමා සමග හෝ ආගමක් ගැන අමනාප වීමෙන් පලක් නොවන බව ඔබට අවබෝධ වී තිබිය යුතුය. එක් එක් සත්ව කොටස් අතර හා එකම විශේෂයේ සතුන් අතරද බුද්ධි මට්ටම් වෙනස් වනුයේ ඉහත සදහන් කල පරිදි භවාංග චිත්තයෙහි ඇති වෙනස් කම් hethuweni ඉහත භවයකදී ඔබතුමිය විසින් කරන ලද කුසල කර්මයක් විසින් ඔබතුමියගේ භවාංග චිත්තය පැහැපත් ව සකසා ඇති බැවින් ඔබට බුද්ධිමත් කාන්තාවක ලෙස යම් යම් දේ සම්බන්ධව ගැබුරින් අවබෝධ කරගැනීමේ හැකියාවක් ලැබී ඇත. එසේ වුවද ඔබටද යම් යම් දේ අවබෝධ වනුයේ යම්කිසි සීමාවක් තුල පමණි . ඔබගේ සිමාව තිබිය හැකි එකම සිමාව නොවන බව ඔබ අවබෝධ කරගත යුතුය.
Gayan Madhawa,
ධම්මපදයේ එකසිය හැටවන ගාථාවේ (අත්ත වග්ග හතරවැනි ගාථාවේ) මෙසේ කියයි: අත්තාහි අත්තනෝ නාථෝ -තමාට පිහිට තමාම ය. ධම්මපදයේ කිසි තැනක සත්වයාගේ භවාංග සිතේ පැහැපත් බව අනුව බුද්ධිය තීරණය වෙනවා යැයි කියා නැත. මනසේ මූලිකත්වය කියන එම ගාථා සමූහයේ කියා ඇත්තේ “මනේ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝමයා ..” යනුවෙනි.
බහුංවෙ සරණංයන්ති
පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චෙත්‍යානි
මනුස්සා භය තජ්ජිතා
නේතං ඛෝ සරණං ඛේමං
නේතං සරණ මුත්තමං
නේතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති
ක්‍රි. පූ. 400 ගණන් වල දී මිනිස්සු බියක් ත්‍රාසයක් ඇති වූ විට ඉන් මිදීමට පර්වත, වන ආරාම, වෘක්ෂ සරණ යමින් බොහෝ දේවල් වලට පුද පූජා පවත්වනවා සිද්ධාර්ථ ගෞතම නීරික්ෂණය කරයි. එහෙත් ඒවාට වැඳීමෙන් පුද පූජා කිරීමෙන්, එළුවන් ගවයන් ගෙල සිඳිමින් බ්‍රාහ්මණ පූජකයන් සතුටු කිරීමෙන්, මිනිසාගේ සෙත සැලසෙනවා හෝ දුකින් මිදීමට හැකිවෙනවා යයි සිද්ධාර්ථ ගෞතම නොදකියි. අභිනිෂ්ක්‍රමණය කර නොයෙක් උගතුන්, පඬිවරුන් වෙතින් ඉගෙන, ඒ අය ඉක්බවා යමින් වසර 6 ක් තිස්සේ දුක්විඳ ඉගෙන ගන්නේ එසේ සරණ යාම උතුම් නොවේ, බුද්ධිය පාවිච්චියට ගත යුතු බවයි. ඒ බුද්ධිය කුමක් දැයි ලොවට කියා දී යමෙක් බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් සරණ යන්නේ නම් බියෙන් සන්ත්රාසයෙන් මිදීමට හා දුකින් මිදීමට හැකිවන්නේ යැයි කියා දුනි.
එහෙම කියා දී, කාලාමයන්ට සැකය හා විචිකිච්ඡාව ඇති වීම ස්වභාවික යැයි කියූ බුදුන් අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයෙන්, කවුරුත් කීවාට පිළිගන්නට එපා, මම කියන නිසා පිළිගන්න ද එපා තමන් ම සොයා බලා වටහා ගන්න යැයි කියා දී, පෙන්වා දී තිබිය දී බුද්ධ දර්ශනය නොදන්නා අය විසින් ලියන දහම් සරණ යාම සහ බුද්ධ දර්ශනය නොදන්නා සඟුන් විසින් වදාරණ දහමේ සරණ යාමත් කරනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මොළය පාවිච්චි කරන මිනිසා ය. ඊට පෙර භවයකින් ආපු චිත්තයෙහි ඇති පැහැපත් බවක් අවශ්‍ය නැහැ මේ ජීවත්වෙන කාලයේ දී ම තියන මොළය සෑහෙන්න ප්‍රමාණවත් පාවිච්චියට ගන්නවා නම් ඒ බුදුන් කියාදුන් අදහස් දෙක විතරක් වටහා ගන්නට. බුදුන් කියා දුන් ඉතිරියත් සරලයි, වටහා ගැනීම පහසුයි.
යො ච වන්න කසා වස්ස
සීලේසු සුසමාහිතො
උපතො දම සචෙචත
ස වෙ කසාව මරහති
-ධම්මපදය
යමෙක් කෙලෙස් ආශාවන් පාලනය කර සිල් රකිමින් ඉඳුරන් පාලනය කරමින් සත්‍ය වචන භාවිතා කරමින් වාසය කරයි ද ඔහු ඒකාන්තයෙන් ම සිවුරු දැරීමට සුදුසු වන්නේ ය.
අනික්කසවො කාසාචං
යෝ වත්ඨං පරිදහෙස්සති
අපෙතෝ දමසෙචෙචන
න සො කාසාවමරහති
-ධම්මපදය
යම් අයෙකු කෙලෙස් (ආශාවන්) සහිත ඉන්ද්රියයන් පාලනය කර ගැනීම පවා නොකර ඇත්ත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිවුරු දරයි ද ඔහු කිසිවිට සිවුරු දැරීමට සුදුසු නොවේ.
එසේම මෙසේ ද බුද්ධ වදනේ සඳහන් වෙයි.
ද්වෙ මේ භික්ඛබේ රෝගා
කායිකෝ ච රෝගෝ
චෙතසිකෝ ච රෝගෝ
කායික හා මානසික වශයෙන් රෝග දෙවර්ගයක් ඇති බවත්, කායික රෝග වලින් නිදහස් වීමට පුළුවන් වුනත් මානසික රෝග වලින් නිදහස් වීමට හැකියාවක් නැති බව.
අවබෝධයට සීමාවක් ඇත. ඒ මිනිසාගේ මනස කාලයාගේ ඇවෑමෙන් ඊට නිවසක් වූ මොළය තුල ජරාවට පත් වී මිය යන නිසා ය. එතෙක් අවබෝධ කරගත හැකි සියල්ල අවබෝධයට හිතන්න හැකි මොළයක් පාවිච්චියට ගන්නා අයෙකුට නම් මරණ මොහොත තෙක් සීමාවක් නැත.
අප්පමත්තෝ පමත්තේසු
සුත්තේසු බහුජාගරො
අබලස්සං ව සීඝස්සො
හිත්වා යාති සුමේධසෝ
-ධම්මපදය
ප්‍රමාද වූවන් අතර අප්‍රමාද වූ නිදන්නවුන් අතර බොහෝ නිදිවරන්නා වූ මහා ප්රාඥාවන්තයා දුබල අශ්වයෙකු පසුකර යන වේගවත් අශ්වයෙකු මෙන් ප්‍රමාද වූවන් පසුකර නිවනට යයි. -ධම්මපදය
එහෙම නම් බොහෝ නිදිවරා යමක් අවබෝධයට හැකියාවක් ඇත්නම්, එය නොකර, කලින් වූ සංසාර භවයකින් එන භවාංග චිත්තයක පැහැපත් බවක පිහිට පැතීම කුමකට ද?!!!!!!
අප්පමාදේන සම්පාදේත.
ඔබ බොහෝ පොත් පත් හා සුත්‍ර පිටකයේ බොහෝ තැන්ද කියවා ඇති බව පෙනේ ,එබැවින් මම පැවසු ඉතාම සරල කරුණ බිදහෙළීමට ඉහත සුත්‍ර පිටකය කියවා ඔබ විසින් ඔබට ගැලපෙන පරිදි සකසා ගත් බුදු දහමක් මගින් කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනේ. මහත්මියනි ඔබ පවසන ආකාරයට බුදුන් පවසන දේ සරලව වටහා ගත හැකිනම් ඔබද මේ වනවිට රහත් මෙහෙණියක් වන්නට බොහෝ ඉඩ ඇත. යම් කරුණක් කාගෙන් හෝ අසා දන ගැනීම හා තමාගේ ම පුද්ගලික අත්දැකීමෙන් දැන ගැනීම අතර විශාල වෙනසක් පවතියි . නිර්වාණය ඇති බව හා එයට පත් වන මාර්ගය කාගෙන් හෝ අසා දැනගත් පලියට කිසිවකුත් නිවනට පත් වන්නේ නැත. එයට හේතුවනම් නිවන ප්රත්යක්ෂ වශයෙන්ම දත යුත්තක් වන බැවිනි. ඔබ නිවන් නොදැකීමට හේතුව එයයි .
භවාංග චිත්තයෙහි පැහැපත් බව ඥානය කෙරෙහි බලනොපායි නම් තිරිසන් සතුන්ද නිවන් අවබෝධ කල යුතුය. ( අඩුම වශයෙන් කෑම මේසයකට පැමිණීම වලකා ගනු ඇත)
සුත්රපිටකයහි තමාට අවශ්‍ය ආකාරයට තැනින් තැන අහුලා ගත් අදහස් වලින් පමණක් බුදු දහම හෝ නිවන අවබෝධ කල නොහැක.
“ධම්මපදයේ කිසි තැනක සත්වයාගේ භවාංග සිතේ පැහැපත් බව අනුව බුද්ධිය තීරණය වෙනවා යැයි කියා නැත” ධම්ම පදයේ නැති බොහෝ දේ අභිධර්මහි සදහන් වේ.
ඔබ පවසා ඇති වැල් වටාරම් වලින් මට පැහැදිලි වන්නේ ඔබ අභිධර්මය පිලිබදව කිසිදු දැනුමකින් තොරව පොර ටෝක් දී ඇති බව පමණි. මා පැවසු කරුණ ගැන ඔතරම් දිගට පිළිතුරු දීමට සිදුවී ඇත්තේ එබැවිනි.
ඔබ සිතන ආකාරයට එකම බරකින් එකම ප්‍රමාණයකින් අසන්න වශයෙන් සමාන නියුරෝන ප්‍රමාණයකින් හා එකම ආකාරයේ සැකැස්මක් ඇති මොලයක් සහිත සියලුම මිනිසුන් එකම බුද්ධි මට්ටමකට ලගා විය යුතුය. එහෙත් එය එසේ නොවන බව ඔබ හොදින් ම දනී.එහෙත් ඔබගේ තර්කයට අනුව එය එසේ විය යුතුව ඇත. මේ පරස්පර විරෝදී භාවය ඔබ අදහන විද්‍යාවෙන් පැහැදිලි කල හැකි දෙයක් නොවේ.
Gayan Madhawa,
තුන් සරණයි කියන සමහර බෞද්ධයන් කැමතියි ධනපතියන්ට බනිනවා නම් ක්‍රිස්තියානි බයිබලය වුවත් උපුටා දක්වන්න. එයාලගේ ප්‍රියතම කොටස තමයි මැතිව් 19:24. ධනපතියෙක්ට දිව්‍ය ලෝකෙ යන්න ඔටුවෙක්ට ඉඳිකටු හිසෙන් යනවාට වඩා අමාරුයි කීම. ක්‍රිස්තියානි අය විතරක් නෙමෙයි යුදෙව්වන් ද අරාබිකාරයන් ද දෙගොල්ලම අතර ත් ඇති කියමනක් ඒ.
මම ඉන්න රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් ධනපතියෙක් යැයි සලකනු ලබන මට දිව්‍ය ලෝකේ යන්න කිසිම ආශාවක් නැහැ!!!!
මැරුණට පස්සෙ යන දිව්‍ය ලෝකයක් ඇතැයි කියාත්, ආයේ උපදියි කියලත් විශ්වාස කරන්නෙ නැති මගේ උත්සාහය ඇමෙරිකන් ව්‍යවස්ථාවේ කියා ඇති ජීවිතය, නිදහස, සහ සතුට සොයා යන්න (life, liberty and pursuit of happiness).
ඒ වගේ ම රහත් මෙහෙණියක් වෙන්නට ද කිසිම උවමනාවක් නැහැ. මගේ සුදු අප්පුහාමිට එහෙම දුකක් දෙන්න පුළුවන් ද?!!! නිවන් හොයන්නෙ නැතිව නිවන් දකින්න පුළුවන් ද?!!!!
සත්තුත් එහෙම වෙන්නැති, නිවන් මොකක් ද කියලා දන්නෙ වත් නැති නිසා නිවන් හොයන්නෙ නැති නිසා නිවන් දකින්නෙ නැතිව ඇති. මේ පැත්තෙ පාත්තයන්, හාවන්, කොක්කු ඕන තරම් ඉන්නවා. හැබැයි උන් නම් තම ජීවිතය අනික් සතෙකුගේ ආහාරයකට පුද කරන්න ගිනි ගොඩවල් වලට පනින අය නෙමෙයි. වතුර දිහා භාවනා කරනවා වගේ බලා ඉඳල මාළුවෙක් ඩැහැගෙන ගිලින කොක්කු තමා ඉන්නෙ. සත්තුන්ටත් නිවන්න දකින්න පුළුවන් යැයි කියන, නිවන් නොදැක්ක මිනිස්සු, නිවන් දැක්කා වගේ නිවන ගැන කියන එක තමයි පුදුම.
බුද්ධිය ඇතිවන මොළයේ සෛල ඇරෙන්නේ ඒකීය පුද්ගලයා මොළය පාවිච්චි කරන විදිය අනුව. හැමෝගෙම නිරෝගී මොළය එකම සැකැස්මකින් තිබුණට ඒකීය පුද්ගලයෙක් මොළය පාවිච්චි කරන විදියටයි එයාගෙ මොළයේ සෛල තොරතුරු අමුනා ගෙන එයා සොයන දේවල් වටහා ගන්නට හැදෙන්නෙ. හැම මිනිහෙකුටම එකම බුද්ධි මට්ටමකට එන්න බැරි 1. සමහර අයට උවමනවාක් නැති නිසා, 2. සමහර අයට තොරතුරු නැති නිසා, 3. සමහර අයට රෝගී වූ මොළයක් උප්පත්තියෙන් ම ඇති නිසාත් බැහැ.
“මම ඉන්න රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් ධනපතියෙක් යැයි සලකනු ලබන මට දිව්‍ය ලෝකේ යන්න කිසිම ආශාවක් නැහැ!!!!” ඇමරිකාවෙහි ධනපතියෙකු බව පැවසීමත් ඔබට ආඩම්බර වීමට හේතුවක් බව පෙනේ.
“මැරුණට පස්සෙ යන දිව්‍ය ලෝකයක් ඇතැයි කියාත්, ආයේ උපදියි කියලත් විශ්වාස කරන්නෙ නැති මගේ උත්සාහය ඇමෙරිකන් ව්‍යවස්ථාවේ කියා ඇති ජීවිතය, නිදහස, සහ සතුට සොයා යන්න (life, liberty and pursuit of happiness).”ඔබගේ ජීවිතය ඔබ ගතකිරීමට තීරණය කර ඇති ආකාරය පිලිබදව මට කිසිදු ගැටළුවක් නැත.
“ඒ වගේ ම රහත් මෙහෙණියක් වෙන්නට ද කිසිම උවමනාවක් නැහැ. මගේ සුදු අප්පුහාමිට එහෙම දුකක් දෙන්න පුළුවන් ද?!!! නිවන් හොයන්නෙ නැතිව නිවන් දකින්න පුළුවන් ද?!!!!
සත්තුත් එහෙම වෙන්නැති, නිවන් මොකක් ද කියලා දන්නෙ වත් නැති නිසා නිවන් හොයන්නෙ නැති නිසා නිවන් දකින්නෙ නැතිව ඇති. මේ පැත්තෙ පාත්තයන්, හාවන්, කොක්කු ඕන තරම් ඉන්නවා. හැබැයි උන් නම් තම ජීවිතය අනික් සතෙකුගේ ආහාරයකට පුද කරන්න ගිනි ගොඩවල් වලට පනින අය නෙමෙයි. වතුර දිහා භාවනා කරනවා වගේ බලා ඉඳල මාළුවෙක් ඩැහැගෙන ගිලින කොක්කු තමා ඉන්නෙ. සත්තුන්ටත් නිවන්න දකින්න පුළුවන් යැයි කියන, නිවන් නොදැක්ක මිනිස්සු, නිවන් දැක්කා වගේ නිවන ගැන කියන එක තමයි පුදුම.”
ඔබට රහත් වීමට ආශාවක් ඇති බව හෝ රහත් වී ඇති බවක් මා සදහන් කර නැත. මා රහත් වී ඇති බවක්ද සදහන් කාර නැත. thawada තිරිසන් සතුනට නිවන් දැකිය හැකි බවද මා සදහන් කර නැත. වෙනත් ලිපි වලදී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ඔබ මේ අවස්ථාවේදී මේ හැසිරෙන ආකාරය මා මවිතයට පත් කරයි. තමාට වැරිදි ඇති බව දන ගත විට බොහෝ අය හැසිරෙන සරල කපටි ආකාරයෙන් ඔබත් හැසිරෙන අයුරු මට පෙනෙනුයේ මගේ මෝඩ කමකට දැයි මම නොදනිමි.
නිවන ගැන පෘතග්ජනයින් කතාකිරීම පුදුම වීමට හේතුවක් කර ගත යුතු නැත මන්ද යත් බුදුරජාණන් වහන්සේ මිට වසර 2600 ට පෙර නිවනක් ඇතිබව දේශනා කර ඇති බැවින් හා බොහෝ දහස් ගණන් රහතන් වහන්සේලා එම මග ගමන් කර ඇති බැවිනි. මවිත විය යුත්තේ නිවන් නොදැක නිවන් දුටුබව කිවහොත් පමණි.
“හැම මිනිහෙකුටම එකම බුද්ධි මට්ටමකට එන්න බැරි 1. සමහර අයට උවමනවාක් නැති නිසා, 2. සමහර අයට තොරතුරු නැති නිසා, 3. සමහර අයට රෝගී වූ මොළයක් උප්පත්තියෙන් ම ඇති නිසාත් බැහැ.”
ඥානය හෝ බුද්ධිය යනු තොරතුරු දන්නා ප්‍රමාණය නොවේ උත්සාහයෙන් බුද්ධිමත් විය නොහැක නමුත් උගතෙක් බවට පත්විය හැක.
“තුන් සරණයි කියන සමහර බෞද්ධයන් කැමතියි ධනපතියන්ට බනිනවා නම් ක්‍රිස්තියානි බයිබලය වුවත් උපුටා දක්වන්න. එයාලගේ ප්‍රියතම කොටස තමයි මැතිව් 19:24. ධනපතියෙක්ට දිව්‍ය ලෝකෙ යන්න ඔටුවෙක්ට ඉඳිකටු හිසෙන් යනවාට වඩා අමාරුයි කීම. ක්‍රිස්තියානි අය විතරක් නෙමෙයි යුදෙව්වන් ද අරාබිකාරයන් ද දෙගොල්ලම අතර ත් ඇති කියමනක් ඒ.”
ඇතැම් බෞද්ධයන්ගේ පුද්ගලික වැරදි ඇති වන්නේ බුදු දහමේ ඇති වැරදි නිසා නොවන බව ඔබ වටහාගත යුතුය. ඔවුන් මෙන් ම ඔබද සිදු කරනුයේ දන්නා හා අසා ඇති කරුණු වලින් තමාට සුදුසු දර්ශනයක් ගොඩ නගා ගැනීමය.
ඔබගේ දෘෂ්ටිය ඔබට හා ඔබ වටා ඇති ඇමෙරිකන් ලෝකය ට ( ඔබ වටා ඇමෙරිකන් ලෝකය ගොඩ නැගී නැත ඔබ කර ඇත්තේ ඇමෙරිකන් ලෝකයට ඇතුල් වීමය) සාපේක්ෂව සත්‍ය ලෙස වැටහීම ඔබගේ සිත වසා ඇති මෝහයේ ප්‍රතිපලයකි.
ඔබටද නිසි අවබෝධයක් නොමැති කරුණු සත්‍ය කරුණු ලෙස පැවසීමට පෙර සොයා බැලීමක් කරයි නම් බොහෝ වටී.
Gayan Madhawa,
//ඇමරිකාවෙහි ධනපතියෙකු බව පැවසීමත් ඔබට ආඩම්බර වීමට හේතුවක් බව පෙනේ.//
අයියෝ ඒක කියපු මුල් වතාව නෙමෙයි මේ. ඔව් සැබැවින් ම කිසිම ලැජ්ජාවක් නැහැ. දැඩි ආඩම්බරයක් තමයි තියෙන්නෙ. ලැජ්ජා වෙන්න ඕන අනුන්ගෙ ආධාර මත යැපෙන, කන බොන හා ජීවිත රැකගන්න අය.
//මහත්මියනි ඔබ පවසන ආකාරයට බුදුන් පවසන දේ සරලව වටහා ගත හැකිනම් ඔබද මේ වනවිට රහත් මෙහෙණියක් වන්නට බොහෝ ඉඩ ඇත.// යැයි කියන්නේ ඔබයි. ඉන් අදහස් වෙන්නේ හැම ප්රාණියෙකුට ම රහත් වෙන්නට උවමනාවක් ඇති බවත්, එවැනි උවමනාවක් හැම ප්‍රාණියෙක්ට ම තිබුණාට, බුදුන් පවසන දේ සරලව වටහා ගත නොහැකි නිසා, අර භවාංග චිත්තයේ පැහැපත් බව නැති නිසා, රහත් වෙන්නට බැරි බවයි.
මට බුදුන් වදාල දර්ශනය සරලව වටහා ගන්න හැකියාව තියනවා. ඒත්, මට රහත් වෙන්න නම් කිසිම උවමනාවක් නැහැ. බුදුන් ධර්මය වදාලේ රහත් වෙන්න උවමනා අයට විතරක් නෙමෙයි.
//තමාට වැරිදි ඇති බව දන ගත විට බොහෝ අය හැසිරෙන සරල කපටි ආකාරයෙන් ඔබත් හැසිරෙන අයුරු මට පෙනෙනුයේ මගේ මෝඩ කමකට දැයි මම නොදනිමි.//
කපටි කවුද මෝඩ කවුද කියලා තෝරලා වෙන් කරගන්න පුළුවන් කියවන අය තමන්ට අවංක වුනොත්!!!!
//මහත්මියනි ඔබ පවසන ආකාරයට බුදුන් පවසන දේ සරලව වටහා ගත හැකිනම් ඔබද මේ වනවිට රහත් මෙහෙණියක් වන්නට බොහෝ ඉඩ ඇත.// යැයි කියන්නේ ඔබයි. ඉන් අදහස් වෙන්නේ හැම ප්රාණියෙකුට ම රහත් වෙන්නට උවමනාවක් ඇති බවත්, එවැනි උවමනාවක් හැම ප්‍රාණියෙක්ට ම තිබුණාට, බුදුන් පවසන දේ සරලව වටහා ගත නොහැකි නිසා, අර භවාංග චිත්තයේ පැහැපත් බව නැති නිසා, රහත් වෙන්නට බැරි බවයි.
“ඉන් අදහස් වෙන්නේ හැම ප්රාණියෙකුට ම රහත් වෙන්නට උවමනාවක් ඇති බවත්”
ඔය වාක්‍යයෙන් එහෙම අදහසක් ඔබට දැනෙනවානම් ඔබගෙන් ඩොලර් 300- 500 ගෙවල උපදෙස් ගන්න අයට දෙවියන්ගේම පිහිටයි. මට හොදටම විශ්වාසයි මේ ලිපියට මුලික වුනු සොයාගැනීම කරපු ( එනම් න්‍යෂ්ටිය ඉවත් කරන ලද බැක්ටීරියා සයිලයකට වෙනත් බැක්ටීරියාවකින් ගත් DNA ඇතුල් කර එම සයිලය වර්ධනය වීමට සැලැස් වීම) විද්‍යාඥයෝ වගේ අයනම් ඔබ වැනි අයගේ උපදෙස් නොගන්න බව.
Gayan Madhawa,
//මට හොදටම විශ්වාසයි මේ ලිපියට මුලික වුනු සොයාගැනීම කරපු (එනම් න්‍යෂ්ටිය ඉවත් කරන ලද බැක්ටීරියා සයිලයකට වෙනත් බැක්ටීරියාවකින් ගත් DNA ඇතුල් කර එම සයිලය වර්ධනය වීමට සැලැස් වීම) විද්‍යාඥයෝ වගේ අයනම් ඔබ වැනි අයගේ උපදෙස් නොගන්න බව.//
හොඳට ම විශ්වාසයි ද?!!!! ඒ විශ්වාසය ගොඩ නැඟුනේ මොන සාධක සැලකිල්ලට අරගෙන ද?!!!
“හොඳට ම විශ්වාසයි ද?!!!! ඒ විශ්වාසය ගොඩ නැඟුනේ මොන සාධක සැලකිල්ලට අරගෙන ද?!!!”
සරල වාක්‍යයක් තේරුම් ගැනීමට ඔබට ඇති නොහැකියාව, මෝඩයෙකුට වඩා සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට පහසුවෙන් වටහාගත හැකි වීම.
Gayan Madhawa,
අහෝ! බලාගෙන ගියා ම කපටි නැහැ 😀
සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙක් සාධක ලෙස සැලකිල්ලට ගන්නේ මේවා:
1. මොන විද්‍යාඥයන් ට ද උපදෙස් දීලා තියෙන්නේ?
2. මොන තරම් ගෙවීම් ලැබිලා තියෙනවා ද?
3. මොන තරම් කාලයක් තිස්සේ උපදෙස් සැපයීම කරනවා ද?
4. මොන තරම් ආදායම එන්න එන්න වැඩි වෙනවා ද?
5. මොන තරම් විද්‍යාඥයන් පිරිසක් තවත් විද්‍යාඥයන්ට මෙයාගෙන් උපදෙස් ගන්න යැයි නිර්දේශ කරනවා ද?
අන්න ඒවා මත තමයි සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙක් උපදෙස් දෙන අයෙකුගේ හැකියාව කොතරම් දැයි විමසා බලන්නේ. ඒ විස්තර සියල්ල නොදැන විශ්වාසයක් ගොඩනඟා ගන්නා අය සාමාන්‍ය බුද්ධිය පාවිච්චියට ගන්නේ නැති අයෙක්.
ඔය ප්‍රශ්න වලට උත්තර හොය හොයා ඉන්න අවශ්‍ය නැහැ මොකද නහය අල්ලන්න ඕනේ උනාම අපි ඔලුව වටේ ඇත දාල අල්ලන්නේ නැහැනේ. අනෙක මම ඔතන අදහස් කලේ මගේ බුද්ධි මට්ටම නෙවේ , ඔබගේ සේවාදායකයන්ගේ බුද්ධි මට්ටමයි.
Gayan Madhawa,
//තමාට වැරිදි ඇති බව දන ගත විට බොහෝ අය හැසිරෙන සරල කපටි ආකාරයෙන් ඔබත් හැසිරෙන අයුරු …// අහෝ, කපටි වෙන්නත් හදන්න එපා!!!
ඔබගේ ප්‍රතිරූපයට හානිකර කොමෙන්ට්ස් දාන්නෙ නෑ නේද? කපටි ඔබද මමද?
මම කපටි කමක් කර නැත . යම් තීරණයක් ගැනීමට ඔබ සිතන ආකාරයෙන්ම මාත් සිතිය යුතු බව ඔබ සිතනවා විය යුතුය , එයට හේතුව විය හැක්කේ ඔබ උපදෙස් දීමට පුරුදුවී ඇති නිසා විය හැක.
ඔබ සිතන ආකාරයට මමත් සිතන්නේ නම් මේ තරම් දුර මේ කතාව ගමන් නොකරනු ඇත.
Gayan Madhawa,ඔබ පාලි ඉගෙනගෙන සුත්‍ර කියවා තෙරුම් ගන්න බලන්න.හමුදුරුවරු කරන ලද පරිවර්තන වල පිහිට හොයන්න ගියාම ඔහොම වල්මත් වෙන එක ස්වබාවිකයි.ඔය කෙස් පැලෙන තර්ක එන්නේ අයේ ඉපදෙන්නේ නෑති බව විහිලුවටවත් හිතුනද?
අන්තිම වාක්‍යය නම් මට තේරුනේ නැහැ. මම ඔය කියල තියෙන්නෙ සුත්‍ර පිටකයේ තියෙන දෙයක් නෙවේ අභිධර්ම පිටකයේ තියෙන දෙයක්.
හාමුදුරු වරුන්ට ඔය විදිහට අපහාස කරන්න එපා. ඔබට වැඩිය හොඳට පාලි භශාව දන්න ස්වාමීන් වහන්සේලා තමයි පරිවර්තන කටයුතු කරන්නේ. එහෙම උනත් සමහර ස්වමින් වහන්සේලා තමන්ගේ පුද්ගලික අදහස් පොත්වල ලියන අවස්තා තියනවා, ඒත් එහෙම පොත් වලට වැඩි ආයුශක් නැහැ. මට පාලි ඉගෙන ගන්න ඔනෙ නැහැ මොකද මම කියවන පොත් ගැන මට සැකයක් නෑ ඉතාම නිරවුල්. අනෙක රෝදය එකපාරක් හොයාගත්තම ඇතිනේ.
ඔයා අරුණි නෝනගෙ අනුගාමිකයෙක් බව පේනව එහෙම උනේ ඇය කතාකරන හැම දෙයක් ගැනම ප්රත්යක්ශ දැනුමක් ඇතිවද?
ඔය මහත්තය පාලි දන්නවනම් පුලුවන්නෙ මම කිව්ව දේ ඇත්තද නැද්ද කියල හොයල බලන්න නිකන්ම අරුණිගේ යුද්ධයේ අන්ධ සොල්දාදුවෙක් වෙන්නෙ නැතිව.
අරුණි නෝන බෝහෝම උගත් කෙනෙක් බව පේනව හැබයි එහෙම උනා කියල එයා කියන හැම දෙයක්ම ඒවිදිහට පිලිගන්න ඕනෙ නෑ.
මම මේ බ්ලොග් එක බැලුවෙ අහම්බෙන්, වැරැද්දක් දැක්ක.
මේ ලිපිය දකින්න ලැබුණේ අහම්බෙන්. 1998 අපවත් වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක මාහිමියන්ද ඔබ නගන පැන වලට සමාන ප්‍රශ්න යොමු කළ කෙනෙක් බවයි මගේ හැඟීම. උන්වහන්සේ ජීවත්ව සිටි අවසන් වර තුන හතරේදී වරින් වර කීප දිනක් උන්වහන්සේ යම් යම් අයගේ විමසීම් වලදී කළ ප්රකාශයන්ට සවන් දීමට අවස්ථාව ලදිමි. ඒ අවස්ථාවන් හැරුන විට මෙවැනි විග්‍රහයක් දකින්ට ලැබුණේ අද තමා කියන එකයි මගේ හිතට එකඟව කිව හැකිව ඇත්තේ. ස්තුතියි අරුණි සපීරෝ
mppgunasinghe,
ඔව් අපේ ගෙදර බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මාහිමියන් ගේ පොතපත තිබුණා හොඳට මතකයි. ලංකාවේ හැදෙන වැඩෙන කාලයේ ඉංග්‍රීසි සිංහල පුවත්පත් වලින් ද නිතර කියවන්නට ලැබුණ ඒ අදහස් වලින් ආභාෂයක් නොවැරදීම එන්න ඇති ඒ නිසා.