පශ්චාත් අධිරාජ්‍යවාදී වද්‍යතාවය
නෑ නෑ සංචාරක සටහන් අතහැරලා ගිහින් නැහැ තාම!!
පුවෙර්තො රීකෝ හා ඇමෙරිකාවේ දේශපාලන සබඳතා වලින් වැඩි ලාභ ලබන්නෙ පුවෙර්තො රීකන් වැසියන් ය. මන්ද අද සංචාරක සේවා හැරෙන්නට එහි වෙනත් නිෂ්පාදනයක් නොකෙරෙන නිසා ය. බිලියන ගණනින් සමාජ සුබ සාධන ඔවුන් ලබන්නේ ඇමෙරිකාවෙනි. දූපත් වාසීන් වෙතින් ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩුවට ආදායම් බදු කපා නොගැනේ.
ඇමෙරිකන් පුරවැසිකම තිබීමේ අගය වැසියෝ මනාව දනිති. ඇමෙරිකාවෙන් වෙන්වීමට වෙහෙසන දේශපාලන පක්ෂයට ලැබෙන්නේ 5% ක චන්ද පමණකි. අද දූපතෙන් අවුත් ඇමෙරිකාවේ පදිංචි වී රැකියා කරන පුවෙර්තො රීක වැසියන් සංඛ්‍යාව මිලියන හතරක් පමණය. එනම් දූපතේ ජීවත්වන මුළු සංඛ්‍යාව හා සමාන වේ.
කතෝලික පූජකවරු සහ මිෂානාරීවරු සමූහයක් එදා ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් පිටුපසින් ආහ. පුවෙර්තො රීකෝ හි Taínos මුල් වැසියන් හා කළු වහල් ජනතාව කතෝලික ආගමට හැරවීම ඔවුන්ගේ අභිප්‍රාය විය. ෆර්ඩිනැන්ඩ් රජු තම මුදලින් ෆ්රැන්සිස්කන් ආශ්රමයක් හා තවත් පල්ලි ඉදි කරන්නට මුදල් පරිත්‍යාග කළේය. අළුතින් අල්ලා ගත් නව දේශයන්හි ඉඩම් තෑගි ලැබූ ප්‍රභූන් වෙතින් එවැනිම වූ පරිත්‍යාග රජතුමා බලාපොරොත්තු වූයේය.
ඔවුන්ගේ පරිත්යාතග වලින් කතෝලික පාසැල් ඉදිකර දිවයිනේ දරුවන්ට කියවන්නට, ලියන්නට, ගණන් කරන්නට ඉගැන්වූහ. ක්‍රිස්තියානි සොහොන් බිම් ගොඩ නැඟූහ. දිවයිනේ දෙමාපියන්ට තම දරුවන්ට පාසැල් යන්නට ඇඳුම් අරන් දෙන්නට වත්කමක් නැති බව දැනගත් ෆර්ඩිනැන්ඩ් රජු ස්පාඤ්ඤ රජුගෙන් වස්ත්‍ර සඳහා මුදල් ලබා දුන්නේ ය.
පුවෙර්තො රීකෝ දූපත ඇමෙරිකාව යටතට ගද්දී එහි 1/3 ක් ජනතාව මුලාටෝ නොහොත් කළු-සුදු මිශ්‍ර අය හා කළු වහල් සම්භවයෙන් ආ වූ අතර, ඔවුන් මුදල් හෝ ඉඩම් නැති ඉතා දුප්පත් අය වූහ. ජනගහණයෙන් 12% ක් පමණි ලියන්නට කියවන්නට දත්තේ. 8% ක් පමණි පාසැල් ගියේ. ස්පාඤ්ඤ ඉඩම් හිමි රදළයෝ දූපතේ 2/3 ක් අයිති කරගෙන සිටි ජනගහණයෙන් 2% ක් පමණ අතලොස්සකි.
කුලෙබ්‍රා දූපතෙහි සිට ආපසු එද්දී අප ආවේ Vieques (ව යන්න උච්චාරණය බ හැටියට) දූපත පසු කරමිනි. එය නිව් යෝර්ක් හි මෑන්හැටන් දූපත මෙන් දෙගුණයක ප්රමාණයකි. මෑන්හැටන් දූපතේ මිලියන එකහමාරකට වඩා ජනතාවක් ජීවත් වෙති. බියේකේස් දූපතේ ඉන්නේ දහදාහකි. ඔවුනට පොල් ගස් වලින් ආවරණය වූ සුදු වැලි වෙරළවල් 40 ක් සතුය. ඒ පැත්තෙන් රුවල් නැව යද්දී හරියට කොරෝනා දැන්වීමක දූපතක් සිහි කරවයි!
බෝවා නමින් කැප්ටන් ගාසියා අපට හඳුන්වා දුන් මුහුදු පක්ෂියා තමන්ගෙ ඡායාව දකිද්දී එය මාළුවෙක් යැයි සිතා මුහුදට පැන තම සෙවනැල්ල අල්ලන්නට තැත් කරනා හැටි අපි බලා සිටියෙමු. කට කතාවට කෙනෙක් බෝවා වගේ යැයි කියන්නේ ඒ වගෙ වැඩ කරන අයටලු!
බියේකේස් දූපතේ මදුරු බොක්කට ඇදෙන සංචාරකයෝ වැඩියෙන් මුහුදු වතුරට බහින්නේ රාත්‍රී කාලයේය. එය Phosphorescent Bay යනුවෙන් ද හැඳින්වේ. ස්වභාවික අරුමයක් වන මෙහි බෝට්ටුවක් ගිය මාර්ගය වතුරේ දිලිසෙයි. අතක් දමා වතුරේ දීප්තිමත් ආලෝකයකින් රටා ඇඳිය හැකිය. පිහිනන අය වටා දිළිසෙන නිවි නිවී පත්තු වෙන ආලෝක දිස්වෙයි. අතෙන් ගලා යන වතුර හරියට බැබළෙන කළාමැඳිරියන් පිරිසක් අත හැරියා වැනි ය.
මේ ස්වභාව ධර්මය අපූරුව කරන්නේ මිලියන ගණනින් එහි වාසය කරන ඇසට නොපෙනෙන තරම් කුඩා වූ dinoflagellates (pyrodunium bahamanese) නම් වූ ජීවින් ය. උන් ඉන්නා වතුරට බලපෑමක් සිද්ධ වූ කල උන් ලුසිෆරින් නැමති රසායනය නිකුත් කරති. එය ඔක්සිජන් හා ක්‍රියාකාර වී ලයිට් පත්තු කරති!
ස්පාඤ්ඤ ආක්රමණිකයෝ බියේකේස් දූපත රත්තරන් නැති නිසා වැඩකට නැති දූපත් las islas inútiles යැයි හඳුන්වා නොසලකා හැර දැමූවකි. එය ප්‍රංශ හා බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් අතටත් පසුව පුවෙර්තෝ රීකෝව එය 1854 දී තම අයිතියට පත්කර ගත්හ.
අමෙරිකන් හමුදා එහි අක්කර 26,000 ක් (හෙක්ටයාර් 10,522) 1941 දී තම නාවුක හමුදාව පුහුණු කිරීමටත් යුධ අවි පත්තු කර බලන පර්යේෂණ පැවැත්වීම සඳහා අයිති කරගත්හ. මෙය දූපත් වාසී ඉල්ලීම නිසා වසන ලද්දේ 2003 තරම් මෑතක දී ය.
සීනි හා අන්නාසි වගා භූමිවල සුන්බුන් අද එහි දකින්නට ඇත්තේ ඉහත කාලයක සරු කෘෂිකාර්මික ආර්ථිකය හුවා දක්වමිනි. බියේකේස් වැසියෝ අද මත්ද්‍රව්‍යයට මහත් සේ ඇබ්බැහි වී සිටිති. එහි රැකියා විරහිත පිරිස පුවෙර්තෝ රිකෝහි වැඩිම සංඛ්‍යාව යැයි කැප්ටන් ගාසියා අප හා කීවේය.
ඔවුන් තම දූපතට ඇමෙරිකන් නාවුක හමුදා වලින් සිදු වූ ‘අපහරණය’ සඳහා වන්දි ඉල්ලා නඩුවක් දමා ඇත. ඒ නඩුව සමාදාන කරන්නට එක බියේකේස් වැසියෙක් වෙනුවෙන් ඩොලර් 300,000 ක වන්දියක් ගෙවීමට ඇමෙරිකාව සූදානම් වුවත් ඔව්හු එය බාරගෙන නැත!?! 1992 දී මැක්ඩොනල්ඩ් උණු කෝපි කෝප්පය උකුලට හලාගත් ස්ටෙලා ලීබෙක්ට මිලියන 2.7 ක් දඬුවම් වන්දි ගෙවන්නට ජූරිය කැමැති වූ බව ඔවුනට ඇහුණා වන්නට ඇත!!! නැත්නම් සමහර විට 2010 දී ස්වදේශී ඇමෙරිකානු කෘෂිකාර්මික ජනතාවට (Keepseagle v. Vilsack) ඇමෙරිකන් රජය ගෙවූ මිලියන 680 ක වන්දිය ගැන ඇහුණා විය හැකිය!!!
මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ කුලල් කා ගන්නා හැටි දකින විට එයත් කුමන අධිරාජ්‍යවාදී බලපෑමක් පිටින් පටවයි දැයි බලා සිටිමි!! තීරශ්චීන විද්‍යාවන්ට තවමත් ගැල් වී සිටින, බඩ ගාමින් මිනිසෙක් තවත් මිනිසෙකුට වැඳ වැටෙන, අනුන්ට පහර දීමේ දී නැතිවන්නේ තම නිදහසම ද නොවේ දැයි නොදන්නා, නොදියුණු චින්තනයේ හැදියාව නොවේදැයි හිතන්නට උවමනාවක් නැතියාව විශ්මයක් නොව දුකකි.
එහෙම රටවල් හැර දා ආ අපි අද දියුණුව ලද හැක්කේ එකිනෙකා හා මතවාදීව විරුද්ධ වුවත් මනුෂ්‍ය හිතවාදීව කටයුතු කිරීමෙන් බව පුන පුනා දකිමු. එදා තිබි අධිරාජ්‍යවාදයට බැන වදිනා අයට අද මනුෂ්‍ය හිතවාදය අමතක වී ගොස් ය.
ඉතින් ඇමෙරිකන් ආර්ථිකයේ තමන් කල පව් ගැන පශ්චාත් අධිරාජ්‍යවාදී වද්යතාවයක් (post imperialist guilt) තිබූ කලක දී ඔවුන්ව වන්දි ගෙවන්නට පොළඹවා ගන්නට ඉඩ තිබුණත්, අධිරාජ්‍යවාදයට හසු වූ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් වැඩි අද ඇමෙරිකාවේ එවැනි වද්යතාවයක් ඇති වෙන්නට ඉඩක් නැත. මන්ද අපි අපේ ඈයෝ තනිවම නටනා රඟ දන්නා නිසාය.
කැප්ටන් ගාසියා හා අප බියේකේස් දූපතට ගොඩ වැදුනේ නැත. අපි තවත් එවැනි දිළිසෙන ජීවීන් වසන වෙරළක් බලා ගියෙමු. තමන් විසින් උත්සාහයක් නොගෙන අනුන් ගෙන් යැපෙන්නට පමණක් බලාගෙන ඉන්නා අයට මතක් නොවන්නේ ඔවුන් නැති වුවාට ලෝකය නවතින්නේ නැති බවයි.
අපි රාත්‍රිය ගෙවන්නට ගල්පර වලින් වට වූ වතුර මට්ටම අඩු තැනකට පිවිසියෙමු. රුවල් නැව් දැනටමත් තැන් අල්ලා ගෙන ය. වතුරේ පාවෙන බෝයාව (buoy) නැමති පතුලට බරක් දමා රඳවා තිබෙන්න අපේ නැංගුරම සේ පාවිච්චියට ගත්තෙමු. නැව් නවත්වා ඇති තැන්වලට ළඟා වෙද්දී වේගය අනුමත සීමාවෙන් නැව රැගෙන යා යුතුය. සුදුසු වේගයට වඩා වැඩියෙන් යන අය අශීලාචාර සේ පමණක් සිතති. ඊට දඬුවම් දෙන්නට හෝ අනිසි වේගයට ටිකට් කඩන්නට කවුරුත් නැත. එහෙත් සැවොම එක සේ නීතිය පිළිපදිති. මම අහවලා නිසා මම හයියෙන් ගියාට කමක් නැහැයි හැසිරීම් දකිනු නැත.
අප වටා වූයේ ප්‍රංශ කොඩි දමාගත් නැව් හතරකි. ඔවුන් එකිනෙකා හඳුනන අය බව දකින්නට වැඩි කාලයක් නොගියේය. ඩිංගියට නැඟි අයෙක් තවත් රුවල් නැවකට ගොඩවෙයි. ඉන් ඩිංගියට ගොඩවෙන දෙදෙනා තවත් රුවල් නැවක් කරා යති. රෑ පුරා ඔවුන් ඩිංගි වලින් එකිනෙකා හමුවන්නට එහා මෙහා ගියෝය. අපි ඒ කුඩා වරාය ප්‍රංශ කෙළවර (french corner) යයි නම් කළෙමු.
ඔන්න ඔහොම එන්න එපෑයා ඈහෑක් විදිහට ඈහෑකි දෙයක් කරගෙන. ITN හරි සිරස හරි වෙන්නෙ නෑතුව.
ඔයාගෙ කටෙත් පස් අපේ කටෙත් පස්.
අහස තරු වලින් පිරිලා කඩා වෑටෙන්න ඔන්න මෙන්න
නගරේ විදිලි බුබුලු දෑල්වෙනව සෑනකෙලි සිරි
ම් හ් ම්ම්ම්ම්ම් කරදිය සුවද
හිනියට ගත දෑවටෙන සිතල සුලග
තට්ටුව උඩ දිගා වෙලා….
හාවාන සුරුට්ටුවකට “මල්” ටිකක් කවලන් කරල ගත්තහම
දෑනෙන සනිපෙ….
තවුතිසාව ගෙදර ගෙනාව වගෙ
aravinda vindana, මගේ කටේ නම් රම්… 🙂
මුලු පොස්ට් එකම කියෙව්වා. තියාගන්න බැරි බොහොදේ හිත ඇතුලේ ඇති වෙමින් නැති වෙමින් යනවා.
අරුණි අක්කා මේ වගේ සංචාරයක් යන්න බැරි අපට දීල තියෙන්නේ වටිනා පටහනක්.
චාරිකාව තවම අවසන් නැතිව ඇති කියා හිතනවා….
Priyantha, තව විස්තර ලියන්නම්. කියවනවාට ස්තූතියි. හිතනවාට ඊටත් වඩා ස්තූතියි!!!
Seriously this is awesome…. I should start get sailing lessons..so someday..some glorious day I can sail across carribean 🙂
Grey,
ගිම්හානයේ ඩෙලවෙයාර් එන්න. මගෙ සුද්දාත් එක්ක රුවල් නැව් පදින්න ඉගෙන ගන්න.
නිවාඩු නෑනේ…ඇමරිකාවට එනවනම් සතියකටවත් එන්න ඕනේ.. මගෙ තව නිවාඩු 7යි මේ අවුරුද්දේම ඉතුරු.. 😦
ලබන අවුරුද්දේවත් බලමු 🙂
Hi dear,
i am working in Singapore. my company construction works at Pulau Tekong Island,
Now 2 and half years,usually every weekdays i am going to this Island by Boat and evening come back,
its nearly 12 km for one trip, some days around 16 or 17 km,
Now its very boring to me (traveling by boat,) but very good for sleeping
I think its new experience to you.
Good luck to you and your hubby
asela, හැමදාම දකින කකුල් කරමල සුදුයි කියනවානෙ!!
That’s True,
නියමයිනේ දවසක මමත් රුවල් නැවක් අරන් ඔය පැත්තේ යන්න ඔනේ.ඊට කලින් මේ පුංචි ලංකාවේ බලපු නැති තැන් ටිකත් බලන්න ඔනේ.ඩොලර් 300,000 ක කියන්නේ පොඩි ගානක් නෙමේනේ ඩොලර් මිලියන 2.7 කියන්න බින්දු කීයද රුපියල් වලින්.අපෙ දේශප්රේමිත් මේක අහලා බ්රිතාන්යෙන් වන්දී ඉල්ලයිද දන්නේ නැ.
//එහෙම රටවල් හැර දා ආ අපි අද දියුණුව ලද හැක්කේ එකිනෙකා හා මතවාදීව විරුද්ධ වුවත් මනුෂ්‍ය හිතවාදීව කටයුතු කිරීමෙන් බව පුන පුනා දකිමු. එදා තිබි අධිරාජ්‍යවාදයට බැන වදිනා අයට අද මනුෂ්‍ය හිතවාදය අමතක වී ගොස් ය.//
සහතික ඇත්ත අපේ මරා ගන්න කට්ටියට අමතක වෙච්ච දෙයක් තමා අපි ඔක්කොම මනුෂයෝ බව
//මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ කුලල් කා ගන්නා හැටි දකින විට එයත් කුමන අධිරාජ්‍යවාදී බලපෑමක් පිටින් පටවයි දැයි බලා සිටිමි!! තීරශ්චීන විද්‍යාවන්ට තවමත් ගැල් වී සිටින, බඩ ගාමින් මිනිසෙක් තවත් මිනිසෙකුට වැඳ වැටෙන, අනුන්ට පහර දීමේ දී නැතිවන්නේ තම නිදහසම ද නොවේ දැයි නොදන්නා, නොදියුණු චින්තනයේ හැදියාව නොවේදැයි හිතන්නට උවමනාවක් නැතියාව විශ්මයක් නොව දුකකි//
100% ඇත්ත. සිංහල බ්ලොග් අවකාශයේ උදවිය මේ දවස්වල එකසිය ගානට කුලල් කා ගන්නවා.
ඔයාගේ ගමනේ විස්තරෙත්(මීට පෙර පළකරන ලද ඒවාද ඇතුළුව) හරිම රසවත්!!
අපූර්ව, රස බෙදාගන්නට පැමිණියාට ස්තූතියි.