අරුණි ශපීරෝ‍ වෙතින්

වසර 32 කට පසු හමු වූ උසස් පෙළ මිතුරියන්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 11, 2012

මාර්ක් සුකර්බර්ග්ගේ මුහුණු පොතට ස්තූති වෙන්න ලෝකය වටා ගිහින් තිබ්බ උසස් පෙළ මිතුරියන් නැවත හමුවෙන්න අවස්ථාවක් පෑදුණ. විශාකාවේ උසස් පෙළ පංතියේ හිටපු වසර දෙකේ දී අපි මොනවා ඉගෙන ගත්තා දැයි නම් සැකයි!!! හැබැයි අපි අත්විඳි සොඳුරු සිද්ධි නම් තවමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්.

ගෝල් ෆේස් හෝටලයේ High Tea කියන්නෙ එංගලන්තෙ ගන්න පුළුවන් එවැන්නකට වඩා අනගි වූවක්!!! හයි ටී වලට එන්න කිව්වොත් අහන්න ඕන නැහැ වෙලාව කීයට ද කියලා. හවස හතරට (“ලංකාවෙ වෙලාවෙන්” නෙමෙයි!!) දෙන රෑ කෑමක් තරම් කෑම වේලක්. අයිස් කෝපි සහ ටූනා මෙල්ට් කියන දෙක තමයිලු වඩාත් ම ප්‍රසිද්ධ කියලා කියන්නෙ මේ ඉන්න මගේ යෙහෙළියො.

වසර 32 කට විතර පස්සෙ කෙල්ලො ටික දැක්ක නිසා ලස්සනට රසට හදලා තිබිච්ච කෑම වල පින්තූර ගන්නත් අමතක වුනානෙ.

28 Responses

Subscribe to comments with RSS.

  1. Gordonia cyelanica said, on පෙබරවාරි 11, 2012 at 12:25 ප.ව.

    අත්තම්මට වගේ මටත් අවුරුදු 30 ගානකින් යාළුවො ටික හම්බෙලා බ්ලොග් එකක ලියන්න හම්බෙයි නේද? :)))

  2. Sudath said, on පෙබරවාරි 11, 2012 at 12:28 ප.ව.

    //වසර 32 කට විතර පස්සෙ කෙල්ලො ටික දැක්ක නිසා …………….//
    කෙල්ලො?
    වසර 32කට පස්සෙ අවුරුදු 16 කෙල්ලො ටිකක් හම්බවෙලා.

  3. Ishara said, on පෙබරවාරි 11, 2012 at 3:21 ප.ව.

    කෙල්ලො ටික! අම්මෝහ්!

  4. අබරන් සීයා said, on පෙබරවාරි 11, 2012 at 3:33 ප.ව.

    කෙල්ලො ටික?
    අරුණි (ඔයා ඇරෙන්න) අනික් ඔක්කොමල ආච්චිලා වගේ … LMAO

  5. praveena said, on පෙබරවාරි 11, 2012 at 4:24 ප.ව.

    අර කෑපු කෑමවල පින්තූර ටිකකුත් තිබුනා නම් හොඳයි තමා. 🙂

  6. dayal-bathee said, on පෙබරවාරි 11, 2012 at 5:12 ප.ව.

    ටෙ_ට් ටි_බ් බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යා හමුව

  7. සිරිසුමන said, on පෙබරවාරි 11, 2012 at 9:08 ප.ව.

    අපේ ආච්චිටත් මිට පස්සේ “ආච්චි කෙල්ල” කියන්න වෙයිද දන්නේ නැහැ මේක කියෙව්වොත්!

  8. arunishapiro said, on පෙබරවාරි 11, 2012 at 9:12 ප.ව.

    අනේ මෙතරම් අකාරුණික හදවත් ඇති මිනිස්සු, මෙච්චර ලස්සන කෙල්ලො ටිකක් (මම හැරෙන්න) දැකලා ඊර්ෂ්‍යා හිතිලා වෙන්නැති!!!!

  9. emailkavikaari said, on පෙබරවාරි 11, 2012 at 9:19 ප.ව.

    ඔතැන ඉන්න 1984 රූප සුන්දරී ගෙ සහෝදරයින් මා හඳුනනවා. ලංකාව පුංචි රටක්නෙ. කොළඹ ඊටත් ප්‍රසිද්දයිනෙ. අර දුකාගෙ අන්තිම පොස්ට් එකේ වාගෙ. කොහේ ගියත් හඳුනන අය……………

    මේ කෙල්ලන් නං සැබෑ හැඩකාරියන්ය. …………

    • arunishapiro said, on පෙබරවාරි 11, 2012 at 9:24 ප.ව.

      emailkavikaari,

      නංගියෙක් විතරයි අක්කලාගෙ ලස්සන දැක්කෙ!

      ඔව් ඇය තමයි රූප සුන්දරිය. ඒත් අනිත් අයත් දෙවෙනි නැහැ.

  10. ගෝල්ඩ් fish said, on පෙබරවාරි 11, 2012 at 11:50 ප.ව.

    හොඳ යාළවෝ ටිකක්….

  11. දුකා said, on පෙබරවාරි 12, 2012 at 1:57 පෙ.ව.

    අම්මෝ කස්ටියගේ මූනු වලින් උතුරන සන්තෝසේ . . .. ජොලි ෆුල් සන්ධ්‍යාවක් වෙන්න ඇති නේද . . .

  12. Ravi said, on පෙබරවාරි 12, 2012 at 5:09 පෙ.ව.

    වසර 32 කට පසු…..අවරෝහණ කාල ගණනය අනුව අදාල වසර නම් හරියටම හරි….ඔය යුගයේ විශාඛාව ගැන මගෙත් තියනව බොහොම සුන්දර ආවර්ජනයන් බොහොමයක්ම……..හෙහ්, හෙහ්,

    විශාඛා වජ්‍ර ජයන්තිය පැවැත්වුනෙ අරුණි ඔයිට වසර කීපයකට ඉහත නේද?

    • අමා said, on පෙබරවාරි 13, 2012 at 7:34 ප.ව.

      වජ්‍ර කියන්නේ 75 නේද ? හපොයි රවී අයිය ඉස්කෝලේ යද්දී ඔය ජයන්තිය තියෙන්ට ඇත්තේ. වසර කීපෙකට ඉහත නෙවි 😛

      • Ravi said, on පෙබරවාරි 14, 2012 at 3:11 පෙ.ව.

        ඔන්න ඕකනෙව උඹල එක්ක බැරි….ඉස්සෙල්ල ලියල තියෙන්නෙ මොකක්ද කියල හරියට තේරුං ගනිං බං…..මම කිව්වෙ ” ඔයිට වසර කීපයකට ඉහත….” කියලයි. ” වසර කීපයකට ඉහත ” කියල නෙවෙයි…..:) 🙂

        වජ්‍ර ජයන්තිය (Diamond Jubilee ) කියනව 60 වන සහ 75 වන සංවත්සර දෙකටම……….මම කියන්නෙ 60th Anniversery එක ගැන……

      • අමා said, on පෙබරවාරි 14, 2012 at 3:20 පෙ.ව.

        ආ අයිය කිව්වේ අවුරුදු 32 ට කලින් තිවුණු ජයන්තියක් ගැනද?
        හි හි
        අයිය හරි අයියේ හික්

        ප ලි – අම්මේ 1977 දීත් අයිය ඉස්කෝලේ යනවද ?

  13. දුමී said, on පෙබරවාරි 12, 2012 at 7:28 පෙ.ව.

    කෙල්ලෝ ටිකට ජය වේවා….! කෙල්ලන්ගේ සතුටු මූණු ටික දකිනකොට අපිටත් සතුටුයි…..!

  14. Hishan Melanga said, on පෙබරවාරි 12, 2012 at 10:31 පෙ.ව.

    ඇන්ටිල ටික දැක්කම සතුටයි. කෑම ටික දැක්ක නැති එක ගැන දුතයි 😦

  15. Kandyan said, on පෙබරවාරි 12, 2012 at 12:02 ප.ව.

    තාම ඉස්කෝලෙ යන කෙල්ලෝ වගේනේ 🙂

  16. chandi said, on පෙබරවාරි 12, 2012 at 12:53 ප.ව.

    හරිම සතුටුදායක අවස්තාවක් වගේ නංගි. මේ කොල්ලන්ට එන්නෙ පැහැදිලි ඉරිසියාව කෙල්ලොටික ලස්සනට ඉන්න නිසා.

  17. Chanaka Aruna munasinghe said, on පෙබරවාරි 12, 2012 at 2:12 ප.ව.

    කෙල්ලොන්ගෙ කෙල්ලො නැද්ද ?

  18. aravinda said, on පෙබරවාරි 13, 2012 at 3:26 පෙ.ව.

    I hope you are in Sri Lanka,Most welcome.
    Feel the diferrence.

  19. Ravi said, on පෙබරවාරි 14, 2012 at 3:31 පෙ.ව.

    @ අමා,

    / ප ලි – අම්මේ 1977 දීත් අයිය ඉස්කෝලේ යනවද ? /

    එහෙනං එහෙනං….උඹ හිතන්නෙ මම එසේ මෙසේ පොරක් කියලද?

    හරිනං මේ උඹල වගෙ ඊයෙ පෙරේද දෙකයි පනහෙ කෙල්ලො එක්ක කතා කරන්න වත් වටින්නෙ නෑ මම වාගෙ කෙනෙක්…….හෙහ්, හෙහ්,… ඇහුණෙයි?…:)


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න